IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කුලියාපිටිය සිසුවකුගෙන් විශ්මිත නිර්මාණයක්

(දිනේෂ් උපේන්ද්‍ර)

ලොව පුරා කෝටි සංඛ්‍යත රෝගීන් සෙමෙන් සෙමෙන් මරාදමන ඇඳ කුෂ්ට නොහොත් එක්තැන්ව ඇඳේ දිගුකලක් නිසොල්මන්ව සිටියදී ඇතිවෙන තුවාල මගහරවන ක්‍රමවේදයක් ලොව ප්‍රථම වරට කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ සිසුවකු විසින් සොයාගන ඇත.

ඇතැම් විට මරණය පවා සිදුවිය හැකි ලොව වෙසෙන රෝගීහු කෝටි සංඛ්‍යාතව පීඩා විඳින සුලබ රෝගී තත්වයකට එසේ පිළියම් සොයාගෙන තිබුණේ එම විද්‍යාලයේ උසස් පෙළ ගණිත අංශයෙන් ඉගෙනුම ලබන චිරාත් ආදිත්‍ය බිම්සර සේනානායක සිසුවායි.

එහිදී මෙට්ට කවරයක ආධාරයෙන් එම යන්ත්‍රය නිපදවා තිබූ අතර පරිගණක දත්ත විශ්ලේෂණ පද්ධතියකින් විශ්ලේෂණයක ඇඳෙහි වැතිර සිටින රෝගියාගේ උණුසුම් ප්‍රදේශ සම්බාහන ක්‍රමයකින් සිසිල් කර එම දද කුෂ්ට ඇතිවීම වළකාලීම මෙම නිර්මාණයේ විශේෂත්වයයි.

එමෙන්ම මෙම නිර්මාණය ජාත්‍යන්තර තරගයකට සූදානම් කරමින් ඇති බවත් විද්‍යාලයේදී එම නිර්මාණය ප්‍රථම වරට මාධ්‍යයට අනාවරණය කරමින් ක්‍රියාත්මක කරවීමේදී විදුහල්පති චමින්ද රන්දෙණි මහතා පැවැසීය.

විදුහල්පති චමින්ද රන්දෙණි මහතා පැවැසූවේ චිරාත් සිසුවාගේ මෙම නිර්මාණය විද්‍යාලයේ පමණක් නොව ලොවම ලැබූ ජයක් බවයි.

ඉලෙක්ට්‍රොනික් දත්ත ලබාගෙන වෙනම ක්‍රමවේදයකින් නැවත රෝගියාට පිළිසරණක්වන ක්‍රියාදාමයක් මේ නිර්මාණය තුළ පවතින බව ප්‍රායෝගිකවම තමන් දුටු බව පවසන විදුහල්පතිවරයා මෙම නිර්මාණය ලොව ප්‍රථම වරට ඉදිරිපත්වූ නිසා ලෝක නව නිර්මාණ තරගයක් වෙනුවෙන් මෙසේ දරුවා ඇමරිකාවේ පැවැත්වෙන තරගයට සුදුසුකම් ලද බව ද පැවැසීය.

සාරානාත් විද්‍යාලය නිරන්තරයෙන් දරුවන්ගේ නව නිර්මාණ අගයන අතර සාරානාත් විද්‍යාලයේ අනුග්‍රහයෙන් චිරාත් සිසුවා ලොස් ඇන්ජලීස් නුවර ලබන මස 11 පැවැත්වෙන ලෝක තරුණ විද්‍යාඥයා තේරීමේ තරගයට ඉදිරිපත්වන බවත් ඉන් ජය ලදහොත් නාසා ආයතනය අලුතින් සොයාගන්නා තාරකා මෙම තරුණ විද්‍යාඥයන් නමින් නම් කරන බවත් පැවැසීය.

මෙම තරගයට යාම සඳහා රුපියල් මිලියනයක් පමණ වැයවෙන බවත් පැවසිය.

මෙ‍ම මෙට්ට කවරය ශරීරයේ කොටස් 6කට බෙදා වෙන්කර වෙනවෙනමම එම කොටස් සඳහා එම සායනික උපකාරය කළහැකි අන්දමින් එම මෙට්ට කවරය නිපදවූ බව චිරාත් ශිෂ්‍යයා පවසයි.

තම නැන්දනිය රෝහලේ සේවය කරමින් ලද අත්දැකීම් හා තම සීයා එම ඇඳ තුවාල මගින් පීඩා විඳීම ආදී හේතු තමන් එවැන්නක් නිපදවීමට පෙළඹවූ බව ද චිරාත් සිසුවා පැවැසීය.

එසේම එකම මෘදුකාංගයකින් වාට්ටුවක පවත්නා ඇඳන් 50ක වුවත් මෙට්ටා මතට යොදවන මෙම ආවරණය මගින් එක් එක් රෝගියාට අවශ්‍ය සම්බාහනය සහිත සිසිල් කරවීම එකම අවස්ථාවක සිදුකළ හැකි අතර ඒ හා සම්බන්ධ දින ගණනාවක් පසුපසට වුවද වාර්තා ලබාගැනීමේ හැකියාව ඇති බව චිරාත් සිසුවා තම නිර්මාණය පිළිබඳව පැවැසීය.

චිරාත් සිසුවා තම නිර්මාණය පිළිබඳව මෙසේ පැවැසීය.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පැවැත්වුණ නව නිපැයුම් තරගාවලියෙදී සෞඛ්‍ය අංශය වෙනුවෙන් මා මේ කළ නිර්මාණය දෙවැනි ස්ථානය දිනාගත්තා. මේ වනවිට මේ නිර්මාණය හරහා අන්තර්ජාතික විද්‍යා හා ඉන්ජිනේරු තාක්‍ෂණ ප්‍රදර්ශනය සඳහා තේරී තිබෙනවා. නදීජ ප්‍රතිභාන, හර්ෂ මඩවල යන කොළඹ තර්ස්ටන් හා නාරම්මල මයුරපාදයෙ සහෝදර සිසුන් දෙදෙනකු සමගින් ඇමෙරිකාවෙ පැවැත්වෙන එම තරගයට සාර්ථකව මූණදෙන්න සූදානමින් ඉන්නෙ. එතැනදී මම ඉදිරිපත් කරන නිර්මාණය වෙන්නෙ මෙට්‍රස් වෙන්ටිලේශන් සිස්ටම් එක. මේක ලෝකෙ ප්‍රථමවරට හොයාගත් බව තහවුරු වුණා.

මම කැමැති ප්‍රදර්ශන භාණ්ඩයක් විදිහට මේ දේ තබා නොගෙන නිෂ්පාදනයක් ලෙසින් හඳුන්වා දීල අඩුම මුදලකින් අපේ මේ සම්බන්ධව පීඩා විඳින අයට පිළිසරණක් වෙන්නයි යැයි ද කීය.



අදහස් (10)

කුලියාපිටිය සිසුවකුගෙන් විශ්මිත නිර්මාණයක්

Sachith Sunday, 28 April 2024 08:56 PM

ඉතාම හොඳ නිර්මාණයක්. ලංකාවේ ඉන්න පාලකයින්ට මේ වගේ නිර්මාණවලින් මූල්‍යමය වාසි ගන්න ඕනෑ විදිහට දියුණු කරන්න උනන්දුවක් නැහැ.

:       0       18

Ajantha Sunday, 28 April 2024 09:33 PM

ඔබේ ඉදිරි ගමන සාර්ථක වේවා .ලක් මාතාවගේ නම බැබලේවා ශක්තිය දෛර්ය ලැබේවා .තෙරුවන් සරණයි පුතේ

:       0       27

රෝයි ෆෙඩ්රික්ස් Monday, 29 April 2024 04:10 AM

මෙවැනි අසාමාන්‍ය දස්කම් ඇති අයගෙන් පල ලබා ගැනීමට අපේ සම්පත් නොයොදවන්නේ කුමනවූ අභාග්‍යක් නිසාද? එකෙක් ඩොලර් මිලියන ගණනක් මහජන මුදල් වැයකර යැවූ අජටාකාශ යානය ක්ෂිතිජයේ අතුරුදන්වූයේද? නොඑසේනම් ඒ අති විශාල ධනස්කන්ධය පමණක් අතුරුදහන්වූයේද? ඌ දැන් සුනඛයන් ඇති දැඩිකරමින් සුවසේ කල්ගත කරයි. පිං බතා. උගේ පරම්පරාවම බලුවැඩලට ඉමහත් ප්‍රසිද්ධියක් දරයි.

:       2       24

නිමල් Monday, 29 April 2024 04:31 AM

සාර්ථක උත්සාහයක් . ඔබට සහ රටට ජය.

:       1       21

ජයරත්න වික්‍රමාරච්චි Monday, 29 April 2024 07:09 AM

සුබපැතුම් පුතා ඔබ අපිට සමපතකි ඔබව දිරිමත් කිරීම රැක ගැනීම වගකිව යුත්තන්ගේ වගකීමකි

:       0       25

Nuean Monday, 29 April 2024 07:55 AM

මේක නිෂ්පාදන මට්ටමට ගේන්න තව සෑහෙන වැඩ කොටසක් තියනවා. ඒක කරන්න පුළුවන් ආයෝජකයෙක්ට කතා කරන එකත් පේටන්ට් බලපත්‍ර ලබාගැනීමත් ඉතා වැදගත්. සායනික උපකරනයක් නිසා ආරක්ශාරී බව සහ ප්‍රමිතිය ඉතා වැදගත්. ලෝකෙ කොහේ වුණත් නිර්මාණ වෙලදපොලට ගේන එක අභියෝගයක්. එහෙම කරන්න පුළුවන් මිනිස්සු බිහිකරන්න රටට අවශ්‍යය්.

:       2       22

සමිත සේනක අලුත්ගමගේ. Monday, 29 April 2024 08:24 AM

මේ විශිෂ්ඨ නිර්මාණ කරුවාට සැමගේ ප්‍රණාමය .. !!! ජයෙන් ජය වේවා .. !!!

:       1       23

himal Monday, 29 April 2024 08:32 AM

නිමැවුම අගය කරන්න ඕන. ඒත් මෙහේ තිබ්බ තරගයේ මේ නිමැවුම දෙවන තැන නම් පළමු තැන දිනා ගත්ත නිමැවුම ගැනත් කියන්නේ නැත්තේ ඇයි?

:       2       23

Senarath Monday, 29 April 2024 09:27 AM

විශ්මිත නිර්මාණයක් ඔබට අපේ සුබ පැතුම්.... ජයෙන් ජයම වේවා...

:       0       21

Nikalanka Milan Monday, 29 April 2024 09:33 AM

ඉතාම විශිෂ්ඨයි

:       1       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 879 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 411 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 894 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3237 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 591 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 229 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38102 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site