ගිරිඋල්ලේ බැංකුවක් මාසයකට පමණ පෙර කොල්ලකෑ බව කියන සැකකරු අල්ලා ගැනීමට කුලියාපිටිය පොලිසිය ගත් උත්සාහය අද අසාර්ථක විය.
සැකකරු ගමන් කළ රිය පිටුපස කුලියාපිටිය පොලිසියේ රියක් කුලියාපිටියේ සිට කටානේ දෙල්ගස් හංදිය දක්වා ලුහු බැඳ ආ නමුත් සැකකරු පළා ගිය බව දැනගන්නට ඇත.
පොලිස් රියෙන් සැකකරුගේ රියට වෙඩි තබා ඇතැයි ද, එම රිය අතුරු මාර්ගයක තිබී සොයාගෙන ඇතැයි ද, ඒ වන විට සැකකරු පැන ගොස් සිට ඇතැයි ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ පොලිස් (ස)
මේක තමා නුලෙන් බැරි වුනේ. අර 1971 දී බලපත්‍ර නැතිව රිය පැදවීමේ වැරැද්දකට පොලිසියෙන් සොයමින් සිටි දැනට අවුරුදු 83 ක කෙනා නම් පසුගියදා කිසිම අපහසුවක් නැතිව පොලිසියෙන් සොයා ගත්තා. (ස)
ඇල්ලුවත් වැඩක් නැහැ. එසැණින් ම ඇප දීලා එලියට ගන්න ඕන තරම් උදවිය ඇති. අන්තිමේ ප්‍රමාණවත් සාක්ෂි නැහැ කියලා නිදහස්. (ස)
මම කුඩා කල පටන්ම පුවත්පත් බලන කෙනෙක්. නමුත් අදහස් පළකිරීම් නම් කරන්නේ නැත. පලකරන අදහස් බලමි. බොහෝ කලක් අදහස් බැලීම පමණක් කල මට අද අදහස් පළකරන්නන් පිළිබද අදහසක් පල කිරීමට සිතුනා. ඒ වෙන කිසිවක් නොව අදහස් පලකරන බොහෝ දෙනෙක් නිර්මාණාත්මක අදහස් පලකරනවා වෙනුවට හා පල කරන පුවත අදාල කරගෙන මතු පරම්පරාවට රටට ජාතියට යමක් ලබා ගැනීම සදහා අදාල බලධාරීන්ට හෝ අදාල පුද්ගලයින්ට යෝජනා හා අදහස් ඇතිවන එමෙන්ම බලපෑම් එල්ලකළ හැකි මෙන්ම බලන අයට එහි වැදගත්කම තේරුම් යන අන්දමේ වැදගත් අදහස් ඉදරිපත් කරනවා වෙනුවට තම තමන්ගේ පුද්ගලික තරහවල් කෝන්තර මන්ද මානසික තත්වවල් වැනි ප්‍රයෝගික නොවන හුදෙක්ම මෝඩ චුන් අදහස් පලකිරිමෙන්ම විහිලු සැපයීම පිළිබදවයි. (නදී)
අදිකාරී, ඔබේ අදහස් පල කිරීමෙනුත් ඔබ කරලා තියෙන්නේත්, ඔබ කියන හදන දෙයමය. ඔබ ප්‍රකාශ කර ඇති මේ කොටසින් එය හොදට ඔප්පු වෙනවා. "තම තමන්ගේ පුද්ගලික තරහවල් කෝන්තර මන්ද මානසික තත්ව වල් වැනි ප්‍රයෝගික නොවන හුදෙක්ම මෝඩ චුන් අදහස් පලකිරිමෙන්ම විහිලු සැපයීම පිළිබදවයි".අදිකාරී, සිංහල දැනගත්තට විතරක් මදි. එය පරිහරණය කරන හැටිත් දැනගන්න. (නදී)
ඒකනේ පොලිසියේ මහත්වරුන් ට මම ඒ දවස් වල යෝජනා කළා අර නයිට් රේස් එකේ වත් ගිහින් පුරුදු වෙන්න. එහෙමනම් මේ සැකකරුවා ව අල්ලනවා.(නදී)
නිතිය,මිනිස් ජිවිත ගැන නොසලකන අපරාද කරුවකුත් නිතිය ,මහජන ආරක්ෂාව ගැන සලකන පොලිස් නිලධාරියෙකු ත් අතර රිය පැදවීමේදී ඇති පරතරය ඉතා විසාලය.(දිල්)
සිද්දියට අනුව පොලිස් දෙපාර්තමේන්තුවේ අඩුපාඩුවක් තමයි දැකිය හැක්කේ. ජංගම දුරකථන, රේඩියෝ තාක්ෂනය, හා ලුහුබැදීම කල දුර ප්‍රමාණය අනුව සැකකරුට පලායාමට අවස්ථාව උදාවීම සිද්දියට සම්බන්ද නිලධාරීන්ගේ අඩුපාඩුවක් ලෙස සිතීමට පුළුවන්. (නදී)
"අදිකාරි" ඔයා අකමැතිනම් කියවන්නේ නැතුව ඉන්න මහත්තයෝ. (නදී)
එයාව අල්ලලා සැඟවුණු ආයුධ පෙන්නන්න එක්ක යන්න (නදී)
කුලියාපිටියේ ඉදල කටාන දක්වා පස්සෙන් එළෙව්වනම් ඇයි කටාන හා අවට තියෙන පොලිසි වලට කිව්වේ නැත්තේ පාර අවහිර කරලා සැකකරුව අත්අඩංගුවට ගන්න උදව් කරන්න කියල මොන තරම් පොලිසි තියනවද එ් අවට අනෙක වෙඩි තැබුවානම් කොහමද පලා ගියේ අහසට ද වෙඩි තැබුවේ මගේ හිතේ පොඩි සන්දර්ශ=නයක් පෙන්වන්න ඇති පොලිසිය. වෙඩි තියන්න අවසර තිබුනානම් මොකටද යන්න දුන්නේ අනේ මෙහෙම ත් වැඩ අපරාදේ පෙට්ටිරෝල් ටික සමහර විට මේක අවරුදු උත්සවයක කොටසක්ද දන්නේ නැ ? (ස)
සමන් මහත්තයෝ මගේ අදහස් දැක්වීමේදී අඩුවක් සිදුව ඇත්නම් සමාවන්න. '' වැනි හා ප්‍රයෝගික '' යොදාගන්න. සිංහල අපට වැරදිලා තියෙන්නේ ඔතන තමා. ජපානය දියුණුවෙන්න හා ක්‍රමවත් වෙන්න අදහස් අරන් තියෙන්නේ අපේ කෙනෙක් කල ප්‍රකාශයකින්. ඒ ප්‍රකාශයේ ඉස්පිලි වල පාපිලි වල වැරදි ජපානය හොයල නෑ.ගතයුතු දේවල් පමණක් අරන් තියෙනවා. (අ)
හැමදාම උනදේනේ මේක (දී)
ඇයි අප්ප රෝඩ් බ්ලොක් දාල මගදි අල්ල ගන්න එපායැ එච්චර දුරක් පාරෙ විහිලු නටන්නෙ නැතිව. (දී)
කුලියාපිටියෙන් පටන්ගත්තානම්, කටානට එනකම් ලංගම බස් එකකින්ද ගියේ. ඔය රාළහාමිලා ළඟ ජංගම දුරකතනයකවත් නැතිවද. පන්නල්, ගිරිඋල්ල,දන්කොටුව,දිවුලපිටිය,කටන පොලිසි කීයක්ද. එකකටවත් මෙස්සෙගේකක් දෙන්නට බැරිඋනද.නැතිනම් පාරේ කඩයකට ගිහිල්ලවත් ටෙලිපොන් පණිවිඩයක් කොහාටහරි දෙන්න තිබුන නොවේද. (අ)
පිටිගල ඔය කියන සියලු දේ ඇත්ත රටේ නිතිය රකින නිලදාරින්ට කියන ඔක්කොම ටික දීල එයාලට හොඳ අවබෝදයක් දෙන්න ඕනි රටේ සම පුර වැසියෙකුටම ආත්ම ගරුත්වයක් දීල කතා කරන්න .පොලිසියේ ඉන්න නිලදාරීන් නිතිය ක්‍රියාත්මක කරද්දී කතා කරන්නේ හරිම පහත වචන වලින්.ට්‍රපික් රාලහාමිලත් මානුසිකව ක්‍රියාකරනවානම් ගොඩක් හොඳයි ඔය ජීප් එකේ ගිය පොලිසියේ නිළධාරින්ට තවත් පොලිසියක උදවු නොගත් එක විස්මයට කරුණක් දුරකතනයක් වත් ළඟ තිබුනනං අපුරුවට ඔය හොරු අල්ලන්න තිබුන.මන් කියන්නේ බොරුද හා (අ0
පැනල ගියේ සෙල්ලම් ලම්බෝගිනියකින් වෙන්න බැරිද. හා අපි අල්ලන්නන්.. අපි අල්ලන්නන් කියාගෙන සෙල්ලම් පිස්තොලෙකින් වෙඩි තිය තියා පස්සෙන් ගියේ පැනල ගිය කට්ටියගෙම අය වෙන්න බැරිද? (ස)
පස්සෙන් පන්න ගෙන ගිහින් හොරෙක් අල්ල ගන්න බැරි නම් පොලිසියට වෙනත් කටයුතු පවරන්නැයි තියෙන්නේ. මල් වැවීම, කේක් සැදීම, රුප ලාවන්‍ය කටයුතු වුනත් කමක් නැහැ. (නදී)
ඔය හොරු අල්ලන්න යන්නේ නැතුව කොස් කැඩීම, වලන් සේදීම, කඩේ යාම වගේ දේවල් කරගෙන හිටියනම් ඉවරයිනේ. (දී)
මේකේ කොමෙන්ට් දාන මහත්වරුන්ට සතියක් ඔය යුනිෆෝම් එක අන්දවන්න තියෙන්නේ බලන්න. එහෙම වුනොත් හොරු කුඩුකාරයෝ හරක් හොරු ඒ සතියෙන්ම අල්ලලා දෙයි.(නදී)
බය වෙන්න එපා. අනිවාර්යෙන්ම සැකකරු කරු සාක්ෂි ගොඩක් ඉතිරි කරලා ගිහින් තියෙන්නේ. එයා ජිවතුන් අතර හිටියොත් ඔය දමන සෙල්ලම් වලටත් එක්කම දඬුවම් ලැබෙයි අනාගතේ.(නදී)
පොලිස් වෙඩිපහර අහිංසකයන්ට නොවැදීම ගැන සතුටු වෙනවා (නදී)
එම අවස්ථාවේ පොලීසියට බලය ඇති නමුදු නුවන මඳය , සොරාට බලය මඳ නමුදු නුවන නම් බොහෝය, මීට වඩා ඉවසිලි වන්තව කල්පනා කාරීව තියුනු නුවනැති වූවෝනම් එක සොරෙක් වෙනුවට සොරුන් බොහෝදෙනෙක් වුවද සොයා ගන්න තිබෙත් ⁉ මක් නිසාද මේ අවස්ථාවේ පොලීසියේ ඇත්තන්ට ඇතිවී ඇත්තේ ආවේගසීලී [ කෝප ]සිතක් එනිසාවෙන් ගිනිඅවි දැල්වූවා නොවේද , මෙයින් වන්නේ සොරුන් තව තවත් සැගවීම පමනකි . (අ)
ඒ කාලේ බලපු බයිස්කෝප් වලත් මැද හරියේදී ඔහොමයි. අන්තිමට තමයි හොරු කන්නේ මාරු කෑමක්! (අ)
ඉන්දියන් වාහන වලට වඩා වේගයෙන් බල්ලොත් දුවනවා. (නදී)
"කුලියාපිටිය පොලිසියේ රියක්" කියන්නේ අර ලඩි ජීප් එකක් වෙන්ඩ ඇති. කෑලි හැලෙනවා පාරේ යද්දී, වැඩිහරියක් තල්ලු ස්ටාර්ට්. (අ)
කටානට යනකල් පන්නගෙන ගිය එකම ලොකු දෙයක් නේ. අපේ පොලිස් වාහන වල තත්වය අනුව උසස් වීමක් දෙන්න රියදුරුට.(නදී)
ලංකාවේ පොලිසිය හොඳයි නමුත් පොලිස් සේවයට ඇත්තේ කුඩම්මාගේ සැලකිලි. පොලිසිය ඉන්නෙත් අපි වගේ මිනිස්සු ඒ අයත් ඒ රැකියාව කරන්නේ අනික් අය ජීවත් වීමටයි. ඒ එක්කම සේවයක් ඉතින් ඒ අයටත් වෙඩි වැදුනොත් මැරෙනවා ගැහැව්වොත් වදිනවා, මොකද මේ රටවල වගේ ඒ අයට ඇති ආරක්ෂාව මදි ,මෙහෙ රාජකාරි කරන ඕන වෙලාවක සම්පූර්ණ ඇඟ ආරක්ෂක පැති ආයුද, මාංචු කතා කිරීමේ පහසුකම් ඇතිව තමයි. අනික වාහනේ එන්නේ දෙන්නයි , ඒ අය ගාවට කාටවත් කිට්ටු වෙන්න බෑ, පමණක් දුර සිට තමයි කතා බහ පවා ,නීති තදයි ,අනික රටේ ලොකු අයට සහ වැරදි කරන්නන්හට ආදී සුකොපබෝගී හයියෙන් යන වාහන තියෙනවා , මේ රාජකාරියක් කරන අයට පොඩි වාහන ඉතින් පුලුවන්ද පසුපස හඹා යන්න ,එ්කට ඉස්සර පෙර්ජෝ ,මිට්සුබිෂි ,පැජෙරෝ වගේ වාහන. මෙහෙම කොහොමද නීතිය කරන්නේ අද රටේ තත්වය වැරදි කරන්නා දිනයි නීතිය කරන්නා පරදියි.(නදී)
සෑහෙන දුරක් ඇවිත්නේ, අපේ දක්ෂ රාළහාමිලාගේ වැඩ කොහොමද ? (නදී)
ඔය මංකොල්ලකාරයො වගේ පොඩි සීන් වලට අපේ පොලිසිය අත දාන්නෙ නෑ. (නදී)
ඉන්දියන් ජරා වාහන වලින් කොහොමද අනේ මේ හොරු තියා පුසෙක් වත් අල්ලන්නේ. නියම ජපන් වාහන දුනොත් නම් අල්ලයි. (නදී)
බලය අවම ලෙස පාවිච්චි කිරීම ගැන අපේ ප්‍රණාමය (දී)
පොලිසිය හොඳ තත්වයේ තියා ගන්න නම් මෙන්න මේවා ගැන පොලිස් ලොක්කන්ගේ අවධානය යොමුවිය යුතුයි. මමත් පොලිසියේ කාලයක් සිටි නිසා මෙය ලියමි.."" පොලිසියට ශක්තිමත් තරුණයන් බඳවා ගත යුතුයි. සාමාන්‍ය ගැලපෙන අධ්‍යායාපනයකුත් තිබිය යුතුයි.( අනුන්ට ආචාර සීලීවීමට ඒ අධ්‍යාපනය ඉවහල් වේ.)සොරුන් ගෙන් හෝ මහා ජනතාවගෙන් ගුටි නොකා සිටීමටත් සොරුන් දාමරිකයන් මෙල්ල කර ගැනීමටත් විශේෂ ආත්මාරක්ෂක සටන් ක්‍රම ඔවුන්ට ඉගැන්විය යුතුයි. නායකත්ව පුහුණුවක් අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි. දේශපාලකයින්ට නොනැමී සේවය කිරීමට ඉඩ ප්‍රස්තා ලබා දිය යුතුයි. එසේ වූ අවස්ථාවල ඔවුන් ආරක්ෂා කරගත යුතුයි. ඉහල නිලධාරීන් දේසපාලන පක්ෂයන්ට නොනැමී සිටීම නම් අනිවාර්ය වෙයි. දියුණු ආරක්‍ෂිත මෙවලම් ( ජීප් රථ, තුවක්කු, පිස්තෝල, සහ බලය ) ඔවුන්ට ලබා දිය යුතුයි. වැරදි වලට දඬුවම් ලබා දිය යුතුයි. සේවයට සරිලන වැටුපක් ලබා දිය යුතුයි. ගෙවල් වල වලන් සේදීම ගස් නැගීම වැනි පහත ක්‍රියා වල ඔවුන් නොයෙදිය යුතුයි. පොලිස් නිලධාරීන් ට තමන් කෙරේ අභිමානයක් ඇතිවෙන පාඨමාලා වල ඔවුන් ප්‍රගුණ කල ය්යුතුයි. පොලිස් නිලධාරියා යනු සැබවින්ම මහා ජනතාවගේ මිසක දෙසපලකයින්ගේ ආරක්ෂකයන් නොවිය යුතුයි. මේ කරුණු ප්‍රධාන වශයෙන් රාජ්‍ය මට්ටමෙන් ඉටු කල හොත් වීර සිංහලයන් ලෝකයේ ප්‍රසිද්ධ පොලිසියක් ලංකාවේ ඇති කරනු සහතිකය. අපේ කොල්ලෝ සිංහයෝ වැනිය. ඔවුන් පහත තත්වයට ඇද දමා ඇත්තේ දෙසපාලකයන් විසින්ය. (දී)
අනේ අපේ පොලිසිය! එයාලට රේඩියෝ පණිවිඩ වගේ දේවල් නැතිලුද? ඔය ගිය පාරේ තව පොලිසි කීයක් තියෙනවද. ඒවාට පණිවිඩ දීල වටකරලා අල්ලගන්න මොලේ තිබිල නැද්ද? සමහර විට තනියම වීරයෝ වෙන්න හැදුවද දන්නෙත් නෑ. කොහොම වුනත් පොලිසියට දීල තියෙන මහේන්ද්‍ර ජීප් නම් අන්තිම ජරාවක් ඒවායින් ගිහින් හොරු අල්ලන්න බෑ. යන අයගේ ජීවිත ආරක්ෂාව අතින් ලංකාවේ මයික්‍රෝ ජීප් ඔයිට වඩා ගොඩාක් හොඳයි. අයි පොලිසියට ඒවා නොදෙන්නේ. (ස)
පිටිගල මාමේ., ඔයා පොලිස් සේවයේ දී සිටියදී වෙච්ච (අමතක නොවෙන) සිද්දියක් කියන්න පුලුවන්ද ...? (ස)
පිටිගල අයියේ ඔයාගේ කතාව මසුරන් වටිනවා. මමනම් කියන්නේ අපි සියලුම දෙනා දැනුවත් කරතිබිය යුතුයි ඉස්සරහට එන ඡන්දය හොරුන්ට මනාපය දීමෙන් වලකින ලෙසට තම දරුවාගේ අනාගතය සුරක්ෂිත කරන්න පුළුවන් සුදුසු පුද්ගලයෝ පමණක් මිනිසාට පමණක් නොවේ ගහ කොළ සතා සිව්පාවට ආදරය කරුණාව දක්වන පුද්ගලයෝ ඇරෙන්න මුදලාලිට නම් මනාපය දීමෙන් වලකින ලෙසට (ස)
පොලිසි වල ඇති අන්තර් සබදතාවයේ දුර්වලකම හොදින්ම පේනවා.ඇහුවොත් කියයි පොලිසියට අවරුදු 130 කියල.කොහොම උනත් ආවුධ පෙන්නන්න යන දවස කල් ගියා. (ස)