කොස් කැඩීමට දාහතර හැවිරිදි සිසුවකු පාසල් වත්තේ කොස් ගසකට නැංවු බව කියන ගුරුවරියක කහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පැල්මඩුල්ලේ පාසලක මෙම සිසුවා පසුගිය (26) වැනි දා පාසල් වත්තේ කොස් ගසට නංවා ඇතැයි ද ගසින් වැටුණු සිසුවා පැල්මඩුල්ල රෝහලට ද එතැනින් රත්නපුරයට ද පසුව කොළඹ ජාතික රෝහලට ද මාරු කර යවා ඇත. දැඩි සත්කාර ඒකකයේ සිටින සිසුවා යන්ත්‍ර ආධෘරයෙන් හුස්ම ගන්නා බව රෝහල් ආරංචි කියයි.
ගුරුවරිය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාව නම් ටක් ගාලා අත්අඩංගුවට අරගෙන. එතකොට ඇඹිලිපිටියෙ කට්ටිය තාම එළියෙ. මේ මොකද වෙන්නෙ? (නි)
අපේ කාලයේ ගස් උඩමයි හිටියේ, කිසි අවුලක් නැහැ. දැන් ගහකට නැගගන්න කොල්ලෙකුත් නැහැ. හිටියත් නගින්නත් බැහැ. නැග්ගොත් බැහැගන්න දන්නේ නැහැ. දුවන්න පනින්න දන්නෙත් නැහැ. කොලුකමෙන් ඇති වැඩේ මොකක්ද? (නි)
අනේ මෙහෙම ගුරුවරු? මේ ගැන ජෝසප් ස්ටාලින් මහත්මයා කියන්නේ මොනවාද? හේතුව වැටුප් විෂමතාවද? (නි)
දරුවා සුවපත් වේවා! (නි)
ඉතා ඉක්මණින් මේ දරුවාට සුව වේවා. ඒවාගේම නිසි ක්‍රියාමාර්ග ගත්තු පොලිසියට ස්තුතිවන්ත වෙනවා (ම)
ඇත්තටම ඔබ අපි සැමෝම අපේ දරුවන්ව පාසලට යවන්නේ උදේ. අනාගත දහසක් බලාපොරොත්තු ඇතිව ඒ පාසල සහ සියලුම ගුරුවරුන් වෙනුවෙන් ඇති අපිරිමිත විශ්වාසයෙන්.අපේ දරුවන් පාසලේදී ගස් යවල බිමවැටිලා රෝහලක මියැදෙන්න පණ අදිනවා කියල ආරංචියක් අපිට කොහොමද ඉවසන්න පුළුවන්.? ඔබ අපි අපේ රටේ අසරණ සියලුම දරුවන් වෙනුවෙන් රටේ නීතියක් ගැන. පාසලේදී පාසල්. දරුවන්ව ගස් වලට බඩගාවන හැම. ගුරුවරයෙකුගේම වැඩ තනමකට ලක් කරනවානම් තම රැකියාවටවත් බයේ මේවා සිදුනොවෙයි? (බ)