ශ්‍රී ලංකාවේ ද මීනීමැරුම් ඇතුළු අපරාධ රැසකට අවශ්‍යව සිටි කොස්ගොඩ නඳුන් පී ධර්මවික්‍රම හෙවත් කොස්ගොඩ නඳුන් ඉතාලියේ සිට සිකුරාදා (28) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය.
ඉතාලි හා ඉන්ටපොල් පොලිසිවලින් ඔහු අත්අඩංගුවට ගත්තේ පසුගිය බ්‍රහස්පතින්දා ය.
ඔහු නිදහස් කර ගැනීමට ඉතාලියේ මිලානෝ ඇතුළු නගරවල ඔහුගේ හිතවත්හු යුරෝ දහස් ගණන් වැය කර නීතීඥ සහාය ද ලබා ගත්හ.
ඉන්පොල් ජාත්‍යන්තර පොලිසියෙන්ම ඔහු ශ්‍රී ලංකාවට රැගෙන එන බව ඉතාලි හා ශ්‍රී ලංකා ආරංචි කියයි.
වසර කිහිපයක සිටම නඳුන් ඉතාලියේ පදිංචිවී සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාතාලයට සපෝර්ට් දෙන අය ගැනත් සොයා බලන්න වේවි. මොකද බොහෝ පාතාල කාරයන්ගේ නිජබිම ඉතාලිය නිසා අහිංසක ජීවිත විනාශ කළ අයට ඉන් ගැලවීඹක් නැහැ.(නදී)
අපි ඕනෑම කෙනෙකුට අබියෝග කරනවා නදුන් පුලවන් නම් ලංකාවට යවන්න කියලා.අපි මිලානෝ ඉන්නකම් කවදාවත්ම ඒකට ඉඩ දෙන්නේ නැහැ.සිකුරාදා බලමු වෙන්නේ මොනවාද කියලා. නදුන් ලංකාවේ මොනවා කලත් මිලානෝ හිටියේ හොද කෙනෙක් විදියට.අවසාන වශයෙන් කියන්න තියෙන්නේ නදුන් ලංකාවට යවන එක බොරු හීනයක් විතරයි. නදුන් ට ජයවේවා! මිලානෝ ඉන්න සියලු දෙනා ඔබ සමගය (නි)
ධනුෂ්ක, මෙයා නිසා මැරුණු හා මෙයා නිසා විදවන අදටත් නොමැරි මැරෙමින් ජීවත් වෙන අයගේ මානව හිමිකම් ගැන මොනවද හිතන්නේ. (නි)
මේ පිටිගල මිලානෝ. කියන මාමා මේ සිද්දි කිසි දෙයකට අදහසක් දන්නේ නැහැනේ. මටනම් හිතෙන්නේ එතුමත් නදුන්ගේ ගෝලයෙක්ද?(නදී)
සමහරු හිතන් ඉන්නේ මෙයා ලංකාවේ ඉදන් කෙලින්ම ඉතාලියට ගිය කියලා, නැහැ. ඒක නිවැරදි කිරීම අපගේ යුතුකමක්. මුලින්ම මෙයා අම්බලන්ගොඩ වසන්තා ජුවලර්ස් මංකොල්ල කාලා සිංගප්පුරුවට පැනගත්තා. ඊට පස්සේ ගියේ ප්‍රංශයට. හේතුව මෙයාගේ යාලු සුද්දියෙක් හිටියා ප්‍රංශයේ. එයා ඔහුගේ ලගම හිතවතියක්. ඒ සුද්දී තමයි මෙයාට ප්‍රංශයේ රිෆුජී හදලා දෙන්න හැදුවේ. නමුත් මෙයා සල්ලි වලට තියෙන කෑදර කමටම ඉතාලී ගියා. ඒක මෙයාගේ අවසානයත් ලග කරා.(නදී)
හරි බලමුකෝ. නදුන් ලංකාවට ගෙනාවොත් නදුන් ලංකාවට එන පොටෝස් දාලා පෙන්වන්න.එතකොට තමයි අපි පිළිගන්නේ නදුන් ලංකාවට ගේනවා කියලා. එහෙනම් හරි නේද? (නි)
කොස්ගොඩ නදුන් කියන්නේ අලියෙක්ගේ නමක් වගෙයි (නි)
මෙයා ඉතාලියට ඇවිල්ලා රස්සාවක් කරගෙන තමන්ගේ පාඩුවේ හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැ.මෙහෙ ඇවිල්ලා බොරු ගණන්කාරකම් පෙන්වලා , නඩු විසදන්න ගිහිල්ලා තමා අනාගත්තේ. සමහරු අදහස් දාලා තිබුනා මෙයා හිත හොද මිනිහෙක් කියලා. මෙහෙම කෙනෙක් ගාව තිබෙන හිත හොඳකම මොකක්ද ? (නි)
බලමු බලමු ලබන චන්දෙ ගැන... (නි)
ඕක මොන චන්ඩ්ද අපි ගැහැව සිග්පුරේදී (අ)
මිනිසෙකුට මේ තරම් දුරට දාමරික වෙන්න ඉඩ සලසා දෙන්නේ රටේ පවතින පවතින නීතියයි.කව්රුන් හෝ කරන පළමු වරදටම නිසි ක්‍රියා මාර්ග නීතිය විසින් මුල් වතාවෙම ඍජුව ක්‍රියාත්මක කරනවා නම් කාටවත් මෙලෙස දාමරිකයන් වෙන්න බැහැ.කරුමෙක මහත වෙන්නේ අනෙක් පැත්ත.....මොවුන් ලවා බලවතුන් ඔවුන්ට අවශ්‍ය මැරකම් කරගන්නවා. අවසානයේ හිරිකිත නමක් පට බැදෙනවා.සොත්ති උපාලි,මදාවි සෝමේ,වලහා,මුගටියා ආදී වශයෙන්... පුදුමය නම් මේ දාමරිකයන් රටේ ප්‍රසිද්ධ වන්නේ ඉන්පසු වීරයන් වශයෙන් වීමනේ. (නි)
අපි නදුන්ව යවන්නේ නැහැ. (නි)
අසේල වාස් මහත්තය ඔයාගෙන් කීයක් කප්පම් ගත්තද ?(නදී)
ක්‍රිස්ටි කියන ඒවා ගණන් ගන්න එපා. මොකද එයාට පචරත්නගේ පුතා කියලා ගමේ කියන්නේ.(නදී)
නදුන්ට සිදු උන අසාදාරන කම් ගෙන කව්රුවත් කතා නොකරන්නේ අයි ...? ඒ ගැන ගොඩක් දේ තියෙනවා කියන්න. සමාජය විසින්ම නදුන් පාතාලයට තල්ලු කරලා පස්සේ ගරහන එක වැරදි නේද .(අ)
නදුන්ට කඩේ යන නදුන්ගෙන් පිනට කන කොටසක් ඉතාලි වල ඉන්නවා . ඔවුන්ට හරි රිදුමක් වෙන්නේ නදුන් ලංකාවට පිටුවහල් කළොත්. ඔවුන් දැන් පිස්සුවෙන් මොර දෙනවා. (නි)
ගම අම්බලන්ගොඩ මාදම්පේ.(නදී)
කොස්ගොඩ නදුන් ලංකාවට සිකුරාදා ගේනවා කියලා තිබුනට ආවේ නැහැනේ. (නි)
නදුන්ගේ අම්මගේ ගම මාදම්පේ , තාත්තගේ ගම තොටගමුව. තව මොනවා හරි දැනගන්න ඕනා අය ඉන්නවා නම් බොරු ලියන්නේ නැතිව අපෙන් අහන්න.(නදී)
නියමඊ......මේ ප්‍රශ්නයෙන් වාස්ගේ ප්‍රශ්නේ මොකද වෙන්නේ බලමු ....(අ)
ඊළඟ මැතිවරණයට මුන්නැහේව පාවිච්චි කරන්න කට්ටිය පොර කනවා ඇති දැනටමත්.(අ)
නොමිලෙම ඇවිත් කාගේ හෝ අතකොළුවක් වෙලා සැපටම ඉදලා නිදහස් වෙයි.(නදී)
අනේ ආව ගමන් කොස්ගොඩ දිහා හංගපු ආයුද පෙන්නන්න එක්ක යන්නී තියෙන්නේ (අ)
ලංකාවට ගෙනාවට පස්සේ නිකන්ම මේ වගේ අයට නිදහස හම්බ වෙනවා. මිනිහ සතුටින් ඇති ලංකාවට එවනවට. ආශ්චර්යයේ හැටි එහෙම තමා (නි)
මෙයා හංගපු ආයුධ එහෙම මේ පැත්තෙ ඇති. ආපුගමන් ඉක්මනට ඒවා හොයා ගන්න එක්කරගෙන ගියා නම් නේද හොද? (නි),
මේ ගමන ඡන්දෙ ඉල්ලයිද කියලයි මම මේ බලාගෙන ඉන්නේ.මොකද වෙන්න බැරිද මම අහන්නේ ? (නි)
කරුණාකර මිලානෝ ඉන්න ඉතාලියේ අනිත් පාතාලයන්ගේ සියලු විස්තර මෙම පිටුවට දන්වන්න. (නි)
ලංකාදීප මම ඔයාලට ස්තුති කරනවා මේක දැම්මට. නමුත් නදුන්ව ඉතාලියෙන් සිකුරාදා ලංකාවට ගේනවා කියන්නේ ඇත්තද කියන එකයි දැනගන්න ඕනෑ හරියටම. මේක බොරුවක් නෙවෙයි නේද? නදුන් කොයිතරම් මිනීමරුවෙක් අපරාදකාරයෙක් වුනත් ඔහුටත් මානව හිමිකම් තියෙනවා. (නි)
ඔය පාතාලයා ලඟින්ම සොයිසා කියන පුද්ගලයා ඔහුගේ වැඩ කටයුතු කරන්න යන බවයි ආරංචිය.(අ)
වාස් මහත්තයා එක්කම දාන්න පරණ යාලුවෙක්ද දන්නේ නැහැනේ.(අ)
හිත හොඳ මනුස්සයෙක් නදුන් කියන්නේ ... (නි)
මොහුව බේරගන්න වියදම් කළ කට්ටිය ගැන දන්නවා නම් මෙම පිටුවට දන්වන්න. ඔවුන් ළඟ පාතාල මුදල් ගැවසෙනවා ඇති. පොලිසියටද මේ ගැන සැක සහිත බව දන්වන්න. (නි)
නදුන් මල්ලි, අපිලා ඔක්කොම ඔබ එනකන් තමා බලන ඉන්නේ (නි)
ඔහු වරද කරු බවට ඔප්පු කරන්න සාදක මදි ඌවෙන් නිදස්වේවි ...? හසිත මඩවල මරපු කෙනෙකුත් නැහැනි දැන් ...(අ)
තාම එල්ලුවේ නැද්ද ? (අ)
මෙය කීයාපු රටට ඇවිල්ල ඉන්නේ ඔයාව බේරගන්න කට්ටිය දැන් පොරකනවා ඇති ? (අ)
ගොඩාක් සතුටුයි.ලංකාදීපෙට මල් මිටක්.මිනිහෙකුට වරදිනවට අපි කැමති නැහැ.මිනිසෙකු අතින් වරදක් උනහම එම මිනිසාට හැදෙන්න උත්සහ කවස්තාත් ඕනතරම් තියෙනව.වසර 10 ත් වඩා වැඩි කාලයක් වැරදි මගේම ගියා මිස හොද මිනිසෙකු වෙන්න උත්සහ කලේම නැහැ.අනෙක සෙල්ලම් වැරදි නෙවේ.කුලියට මිනීමැරුම් ,අනුන්ගෙන් මුදල් කප්පම් ගැනීම ,ස්ත්‍රී දූශන මංකොල්ල.මෙයාට තියෙන නඩු සුලු පටු නොවේ.(අ)
මොන දේ කලත් මොන අපරාදේ සොයා ගත්තත් දඩුවම් කලත් මේ රටේ නීතියක් නැහැ කියලා පෙන්නන්න හදන පිරිසක් ඉන්නවා. මුන් අද ඊයේ අම්මලාගේ බඩවල් වලින් එලියට අපු එව්වෝ වගේ කතා කරන්නේ. අපරාද දැක්කේ මේ ආණ්ඩුව ආවට පස්සේ කියල පෙන්නන්න හදන්නේ. අහන කියන එව්වෝ කොන්ඩෙ බැදපු චීන්නු කියල හිතාගෙන වෙන්න එති. මේක තමයි මංගල තියරිය. ඒවා දැන් වලංගු නැහැ මල්ලිලා. ඒවා වලංගු උනානම් අද ජනාධිපති පොන්සේකා.(නදී)