මනුශ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වරෙන්තු නිකුත් වූ සැකකරුවකු වන නදුන් පි ධර්මවික්‍රම හෙවත් කොස්ගොඩ නදුන් ශ්‍රි ලංකාවට ගෙන්වා ගැනිම සදහා අවශය කටයුතු සුදානම් කර අවසන් බව විදෙශ කටයුතු අමාත්‍යංශ ආරංචි කියයි.
මේ වන විට මිලානෝ නුවර පොලිස් අත් අඩංගුවේ පසුවන කොස්ගොඩ නදුන් ලංකාවට ගෙන්වා ගැනීම සදහා පොලිස්පතිවරයා නීතිපති උපදෙස් පතා ඇති අතර මේ වන විට නීතීපති උපදෙස් විදේශ කටයුතු අමාත්‍යංශයටත් ලැබී ඇතැයි ද, අවශ්‍ය උපදෙස් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලබා දීමට කටයුතු කරන බව ද විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විස්කි බෝතලයට නයට කහින අය මෙතැන කමෙන්ටස් දාන බව හොදට පේනවා අනන්ද ජයමාන්න ලකී සෙවන් වගේ අය.(නදී)
මේකාව හිරේ යවන්න නං වෙන්න නෑ ලංකාවට ගෙනාවොත්. ඒක ෂුවර්. මෙයාගෙන් වැඩ ගත්තේ රට ඉහලම මැති ඇමති වරුන් ඒ දවස් වල. හිරේ යවන්න හැදුවොත් ඒවා එලි කරාවි. එළියට ආවොත් ගාල්ලේ අවුරුදු තුන හතරක් වැඩිය සද්දයක් බද්දයක් තිබුණ නැති පාතාලේ වැඩ ආයේ පටන් ගනීවි.(නදී)
පාර්ලිමේන්තු ඇමති කෙනෙක් කරන්න සුදුසුයි.මොලේ තියෙන ජනතාව මෙයට ඡන්දය දෙන්න. (අ)
නදුන් ඔබට ජය නියතයි ! (දී)
ආනන්ද මහත්තයෝ මේ ලංකාදීප පුවත් වලින්ම අපි දුටුවා මෙම පුද්ගලයට ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර ඇති බව. ඒ අනුව මොහු දැන් කෙතරම් හොඳින් හිටියත් කලින් කර ඇති වැරදි වලට අදිකරණයට ඉදිරිපත් කර දඬුවම් විඳ ඉන්පසුව නිදහස් මිනිසෙක් ලෙස සමාජගත විය හැකි බවයි මගේ අදහස. ඔබ කරුණාකර මෙම වරෙන්තුව මොහුට නිකුත් වී ඇත්තේ කුමන අපරාද සඳහා දැයි සොයා බලා කටයුතු කරන්න.(නදී)
ආනන්ද ජයමාන්න මිලානෝ ගේ අදහස මරු. එහෙනම් අපි හිර ගෙවල් වල ඉන්න අයත් නිදහස් කරමු. මොකද ඒ අයත් හොදට ඉන්නවා නේ. මේ කථා කරන මහත්තයා මහත්තයෙක්ද?(නදී)
මම මෙහේ! ඉතින් වරුණ මොකක්ද මේ අරුණි කියන්නේ? ඇත්තද? (දී)
මිලානෝ අපි මේ වගේ බහු වචන දාල ලීවට එහෙම කට්ටියක් නැහැ මේ වගේ අයට සුදු හුණු ගාන්න එපා.(නදී)
ලංකාවේ තියෙන තත්වෙටම ඉතාලියත් පත් වෙලා, කොහේ ගියත් අපේ අයමනේ මැරයන්ට තක්කඩින්ටම ගිහිල්ලා තියෙන්නේ. එහෙත් මොහුව හිරේට අරන් ගියේ වරන්තු ආවේ ආශාවටද දන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදසක් පක්ෂය කියන්නේ රටේ නිතිය නෙවේ. මෙහෙත් වෙන්නේ ඔය වගේ සතෙක් හිරේට ගියාම අසික්කිත වැඩක් කරලා උසාවියේ එලියට එන්නේ මල් මලා දාලනේ. වැරදි කාරයන්ට හුණු ගලා බේරගන්න යන්න එපා. රටේ නමත් කැත කරනවා මේ අය එහෙ ගිහින්. එහෙම බල්ලට ගියපු රටක් මේක දැන්. කුලියට කරන අය වැඩියි. හොදාකාරවම දන්නවා නදුන් කියන්නේ මිනි මරුවෙක් කියලා ඕන කෙනෙක්. ලෙස්ලි විජේසිංහ මහත්තයාගේ කතාවට මාත් එකගයි.(නදී)
ලකී,ආනන්ද, මිලානෝ අපි,විශේෂයෙන් කියන්න ඕනෑ ආනන්ද එයාගේ මෝඩකම නම් මොනවට පැහැදිලි කරලා තියනවා. ලෙස්ලිගේ කතාව හරි. අපි බලමු ඊලගට මොකද වෙන්නේ කියලා (දී)
නදුන්ට විරුද්ධව ඇති මිනීමැරුම් නඩු කීපයක් ඔහු නැතුව අහලා ඔහු වරදකරු කරලා අවසානයි. තවත් නඩු ඇසෙමින් පවතිනවා. මිලානෝ අපි වැනි මිනිසුන්ට කටවහගෙන පැත්තකට වෙලා ඉන්න කියලයි මම කියන්නේ. උසාවි වරෙන්තු ඇති වරෙන්තුකරුවන්ට රැකවරණ සැපයීම , ලංකාවේ නිතිය අනුව දඩුවම් ලැබිය හැකි වරදක්. මිනිමැරුම් චෝදනා ඇති කෙනෙක් කොහොමද හිත හොද මිනිහෙක් වෙන්නේ ? (දී)
මිලාන් වැසියෝ,ආනන්ද ජයමාන්න මිලානෝ නුවර, ලකී සෙවන් රෙස්ටුරන්ට් මිලානෝ,මිලානෝ අපි ඔක්කොම එකම බස් වහරින්ම ලියන්නේ.මේ ඔක්කොම එක්කෙනෙක්. නේද? කාවද මේ රවට්ටන්න හදන්නේ? (දී)
ජනතාව ඇත්ත දන්නවා. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ (දී)
ඔහු වැරදිකරු නම් මරණ දඩුවම හිමි වේවා! මගේ පැතුම එයයි (දී)
ඉතින් ඉතාලියේ ඉන්න මේ වගේ සබපතිවරු පත්කර ගත්තේ කවුද? අපිද? (දී)
මොලේ කඳුලක් සහ ආත්ම ගරුත්වයක් ඇති කෙනෙක් උසාවියක නීතියක බලය අනුව කරන කියන දේවලට මේ වගේ අඥාන අදහස් දැමීමෙන්ම ප්‍රසිද්ධ කරන්න උත්සාහ කරන්නේ තමනුත් ඉන්නේ ඒ නාරාවලේම තමා කියලා නේද? (දී)
මම ඔය නිසා තමා සැලුන් දැම්මේ මිලානෝ ඔය නැතුව මම කොහොමද මිලානෝ දැන් ඉන්නේ හොඳ මිනිහෙක් වගේ (අ)
ආනන්ද ජයමාන්න,මිලානෝ අපි,ලකී සෙවන් රෙස්ටුරන්ට්,මේ ඔක්කොම එක්කෙනෙක්ද කොහෙද කියලයි මට නම් හිතෙන්නේ. මෙහෙම මිනිසුන්ට සුබ පතන්නේ,රැකවරණය සලසන්නේ ප්‍රතිලාබ ලබන ගොල්ලන් පමණයි. අපේ ලස්සන රටත් කාලා,රටේ නමත් කාලා දෙලොවටම වැඩක් නැති මෙහෙම අය යවන්න ඕනෑ දංගෙඩියට නොවේද? (දී)
මොකෝ ආනන්ද ජයමාන්න ,ලෙස්ලි විජේසිංහ ගේ අබියෝගය පිළිගන්න අකමැතිද?අදහස් දක්වන පාටක අපිත් බලන් ඉන්නවා ඔබගේ පිළිතුර දැනගන්න (දී)
සෑම්,ඔයාගේ අදහස හරියට හරි ,අපි එයාලට සමාව දීල වැඩකට යොදා ගනිමු (අ)
චන්දි, ආනන්ද ජයමාන්න අභියෝග භාර ගන්නේ කොහොමද එයා කවුද කියල නිකම් ඔප්පු වෙලානේ එය දාපු ප්‍රතිචාරයෙන් ඒක ඔප්පු වෙලා නේ (අ)
මිලානො වැසියෝ,ආනන්ද සහ නදුන් වෙනුවෙන් අදහස් පලකල සැමට.... නීතිය සහ අනෙකුත් කිසිම සමාජ දැනුමක් නැති ඔබලාගේ දැනුම සහ සමාජ මෙහෙවර ගැන මුලු ලෝකයාම ඔබලාගේ අදහස් තුලින් දැන් දැන ගත්තා.ඔබලා කොතරම් අදහස් දැම්මත් පලක් නොවන බව කිව යුතුයි.හේතුව මොනතරම් හොද කෙනෙකු වුණත් වරදක් කලොත් දඩුවම් ලැබිය යුතු බව ලෝක සම්මතයයි.ඔහුගේ දරුවා ගේ මානව හිමිකම් ගැන අහන ඔබ ඔහු අතින් ගාතනය වුන අහිංසකයන්ගෙ දරුවන්ගෙ මානව හිමිකම් ගැන අහන්නෙ නැත්තේ ඇයි? ඔහු නිවැරදි කෙනෙක් නම් ලංකාවට ගිහින් නීතිය ඉදිරියේ නිවැරදිකරු නොවන්නේ ඇයි? අපි සැවොම බලන් ඉන්නෙ නදුන්ගෙන් පීඩා වින්ද මිනිසුන්ගේ මානව හිමිකම් ඉටුවෙනකම්ය. (නි)
ද සිල්වා බෙර්ලින්, මොහුව ගෙන්නවා ගන්න හදන්නෙ ඇයි කියලා දන්නවද? (නි)
මෙම පණිවිඩය ආනන්ද ජයමාන්න මහතාටයි. ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන ලද ඉස්තරම් වර්ගයේ නැවුම් පුන්නක්කු තොගයක් මිලානෝ වියලේ සාරා ලංකා ෆුඩ් සෙන්ටර් හි විකිනීමට ඇත.(නදී)
ඇති යන්තම් උපදෙස් හම්බ වුනා. ඒත් දැන් නදුන් ඉතාලියෙන් වෙන කොහෙට හරි රටකට ඍදී වෙන්න ලංකාවේ හිටපු කාලේදී මිනිහගෙන් වැඩ ගත්තු කට්ටිය සියලු කටයුතු සකසා දීලද දන්නෙත් නැහැ (නි)
මේ වගේ මිනි මරුවන් ලංකාවට ගෙනාවට වඩා හොදයි නැති කරන එක.(නදී)
එතකොට නදුන්ගේ ඉතාලියේ ඉන්න දරුවාගේ බිරිදගේ මානව හිමිකම් වලට ගරුකිරීමක් වෙන්නේ නැද්ද? ඉතාලි අදිකරණයකින් ඒ ගැන සිතීමක් නැද්ද? නදුන් ලංකාවට ගෙනාවොත් සාමාන්‍ය විදියට මරලා දාවි නේද? මම නම් කියන්නේ නදුනුත් සාමාන්‍ය මිනිසෙක්. ඔහුටත් හිමි මානව හිමිකම් ගැන සිතුවොත් හොදයි. එසේ නැත්නම් අපි තවත් දියුණු ලෝකයා ඉදිරියේ පසුපස්සටම යනවා අනිවාර්යයි.(නදී)
මිලානෝ නගරයේ ඇති ශ්‍රී.ල. නි. පක්ෂයේ ගරු සභාපති තුමා ලෙස මා හට කියන්න තියෙන්නේ මෙම නදුන් නමැති කෙනා පිලිබදව අප සියලු ආයතන සහ විදේශ අමාත්තයංශය දැනුවත් කර ඇති බවය. මෙම නදුන් තමුන්ගේ මහන්සියෙන් මිලානෝ නගරයේ ව්‍යාපාරයක් කරගෙන යන අතර මේ ගැන ඉරිසියාව ඇති යම් යම් පුද්ගලයන් පිරිසක් විසින් කුමන්ත්‍රණ කාරී ලෙස මොහුව ලංකාවට යැවීමට උත්සාහා ගන්න බව පෙනී යනවා. ලංකාවේ මොන වරෙන්තු තිබුනත් මොහු මිලානෝ වල ඉතාමත් සාමකාමී ලෙස ජිවත් වන බව මිලානෝ ඉන්න සියලු දෙනාම දන්නා කරුණකි. මම ඉතාම වගකීමෙන් කියන්නේ මොහුව ලංකාවට යවන්නේ නැති බවය. අප ප්‍රධාන ශාකාව මේ ගැන ආණ්ඩුව වෙත කරුණු ඉදිරිපත් කර ඇත. පාදොවා නගරයේ හෝ වෙරෝනා නගරයේ හෝ මිලානෝ නගරේ කඩාකප්පල් කාරින්ට නදුන්ව ලංකාවට යැවීමට අප සිටින තුරු නොහැකි බව .අවදාරනයෙන් පවසා සිටින්නෙමු. සුබ අනාගතයක් ලංකාදීප ඔබ සැමට.(නදී)
ඉක්මනට ගෙන්වමු ඡන්දෙට වැඩගන්න පුළුවන්. ඔබට ආශිර්වාද කරන්න අය ගොඩක් මෙහේ ඉන්නවා. යාළුවෝ පාර්ලිමේන්තුවේ ඇති නේද?(නදී)
නදුන් ශ්‍රි ලංකාවට ගෙන්වා ගැනිම කියන්නේ හීනයක් විතරයි. තව මාසයකින් නදුන් නිදහස් වෙනවා. මිලානෝ සිටින ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය නදුන්ව නිදහස් කර ගැනීම වෙනුවෙන් සියලු කටයුතු කර අවසානයි. නදුන් අපි සියලු දෙන ඔබ සමගයි. අපේ ශක්තිය ඔබ පමණි.(නදී)
නදුන් ඔබ නියම මිතුරෙක් ..හොද හදවතක් .....අපි ඔබ නිදහස් කර ගන්න තුරු ඉවසන්න...ඉන්ට පොල් මොට්ට පොල් වන තුරු පමණයි..ඔබ හිර ගෙදර සිටින්නේ.(නදී)
පිළිගන්න ගුවන්තොටුපලට යන්න මැති ඇමතිවරුන්ටත් අවසර දෙනවද? අඩු ගානේ යවන්න උදවු කරපු අයටවත්? (නදී)
අපේ ජෙනරාල් තුමා ටෙන්ඩර් වරදකට අවරුදු 2 හිරේ හිටියනම් , මේ මිනිහ කුලියට මිනි 10 කට වඩා මරා ඇත , කොටි ගණනාවක් මංකොල්ල ක ඇත , දුෂණය කරන ලද කාන්තාවන් ගණන 10 කට වැඩි මොහුට හිමි වන දඩුවම ගැන අපි සැලකිල්ලෙන් බලා සිටිමු , මොහුට ඇපනම් දෙන්න එපා.(නදී)
නදුන් නිසා තමා අපි පොරවල් උනේ. අපි අහිංසකයන්ට ගහන්න ගියේ නදුන් ගේ හයිය අරගෙන. අපි නිසා තමා නදුන්ට මේ ටික උනේ. නදුන් ලංකාවට අරගෙන ගියොත් අපිට තමයි පාරේ බැහැලා යන්න බැරි වෙන්නේ. අන්තිමට මේ ඔක්කොටම වන්දි ගෙවන්න උනේ නදුන්ට. හෙන ගහන්න ඕන අපිට තමා.(නදී)
මිලාන් වැසියෝ, මිලානෝ අපි, ලකී සෙවන් රෙස්ටෝරෙන්ට්, ආනන්ද ජයමාන්න , කරුණාකර ලංකාවේ ඉන්න චන්ඩි , රස්තියාදු කාරයෝ , මිනීමරුවෝ ටික ඉතාලියට ගෙන්න ගන්න. අපි ටිකෙට් වලට සල්ලි දෙන්නම්. (නදී)
මිනීමරුවෙක් හොරෙක් මංකොල්ලකාරයෙක් සුදනෙක් කරලා සුදුහුණු ගාලා නිදොස් කරන්න අයිතියක් කාටවත් නැහැ. ලංකාවේ පොලිසි වල උසාවි වල මෙයට විරුද්ධව නීතිමය කටයුතු සිද්ධ වෙනවා. (නි)
ඉක්මනට ගෙන්වාගෙන ඉදිරියේ එන ඡන්ද වැඩවලට පාවිච්චි කරන්න වගේ හදන්නේ. ඉන්පසු ඇමති ලේකම් කෙනෙක් වෙයි. නඩුවෙනුත් නිදොස් කොට නිදහස් කරයි. පාර්ලිමේන්තුවටත් එයි.(නදී)
අවි ගත්තෝ අවියෙන් නසී (නි)
කවුද මේ තමන්ටම ගරු කියලා දා ගෙන ලියන සභාපති මේ වගේ අපරාදකරුවන්ට සුදු හුණු ගාන ඔබත් නුගත් මදාවියෙක් වග බව පේනවා ඔබ අ පො ස පෙළ වත් සමත් ද අඩු ගානේ සම්පුර්ණ නමවත් ඉංග්‍රීසි භාෂාවෙන් ලිය ගන්න පුලුවන්ද මේක අභියෝගයක් පුළුවන් නම් පිළිතුරු දෙන්න (අ)
ලංකාවෙන් ඉතාලි ගිහින් ඉන්නේ වැඩි හරියක් නුගත් අය. ඒකත් ගිහින් තියෙන්නේ බෝට්ටු වල. ඉතාලි ආර්ථිකය දැන් වැටිලා තියෙන්නේ (නි)
මෙවන් මිනිසුන් අන් අයගේ කාලය කාදමන්නන්ය (නි)
ඔන්න වරුණ ආයිත් 2කේ පන්තියේ ඒවා කියනවා. අවිශ්ක කෝ ඔයා? (නි)
මට හිතෙන්නේ දැන් ලංකාවෙ පාතාලයේ මැරයෝ ඔක්කොම ඉන්නේ ඉතාලියේ වගේ.එයාලා ආරක්ෂා කරන්නත් කට්ටියක් පෙනී සිටිනවා වගේ.කටිටියත් එක්කම ජන්දයට ගෙන්වන්න ලැහැස්ති වගේ තමා පේන්නේ. (නි)
මොකද සිරිපාලගේ අදහස අයින් කලේ....?(අ)
මිලාන් වැසියෝ, මිලානෝ අපි, ලකී සෙවන් රෙස්ටෝරෙන්ට්, ආනන්ද ජයමාන්.මට නම් හිතෙන්නේ මේ ඔක්කොම එක්කෙනෙක්. (අ)
සංජීව කියන එක හරියටම හරි. අපරාධකාරයන්ට උල්පන්දම් කට්ටිය ඉන්න තුරු ඉතාලියත් ඉවර තමා. ලංකාවේ හිටියත් ඉතාලියේ හිටියත් අපරාද කරලා තියනවා නම් ප්‍රතිවිපාක වලට මුනදෙන්න ඕනෑ. (නි)
අරුනිට අවිශ්ක නැතුව බෑ වගේ නේද? හා... හා.... කාට හරි හරියනවනම් මට ඒ ඇති.(නදී)
අවිශ්ක ඉන්න තැනකින් එන්නෝ... අරුණි ඔයාව හොයනෝ.... (දී)