ඉන්ටර්පෝල් ජාත්‍යන්තර පොලිසිය ඉතාලියේ දී අත්අඩංගුවට ගත් කොස්ගොඩ නඳුන් ශ්‍රී ලංකාවට රැගෙන ඒම කල් යන ලකුණු පහළ වී ඇත.
අද ඔහු ශ්‍රී ලංකාවට ගෙන එන බවට ඉතාලියේ වාර්තා පළවුව ද ඔහු ලංකාවට ගෙන ඒමට සති දෙක තුනක් යතියි දැනගන්නට ඇත.
කොස්ගොඩ නදුන් ලංකාවට ගෙන ඒමට ශ්‍රී ලංකා පොලිසිය මේ දිනවල ලියකියැවිලි සකස් කරන බව පොලිස් ආරංචි කියයි.
සොරකමක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් අනුව පසුගිය 20 වැනිදා ඉතාලියේ මිලාන්හි ගැරිබාල්දි වැනිත්තියා පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගත්තේය.
අම්බලංගොඩ ස්වර්ණාභරණ අළෙවි හලක් කොල්ලකෑමට යද්දී පොලිසියට කොටුවී නදුන් පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු තිදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් බලපිටිය උසාවියෙන් වරෙන්තු ලැබ සිටියේය.
පොලිස් ආරංචි කියනුයේ ඔහු මිනී මැරුම් සිද්ධිය රැසකට හා කොල්ලකෑම් රැසකට හවුල් බවට තොරතුරු ඇති බවයි.
ප්‍රදීප් දේව නදුන් ධර්මවික්‍රම හෙවත් කොස්ගොඩ නදුන් (42) අත්අඩංගුවට ගන්නැයි මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාව අන්තර් ජාතික පොලිසියෙන් ඉල්ලීමක් කර තිබිණි.
ශ්‍රී ලංකාවෙන් පැන ගිය කොස්ගොඩ නඳුන් සිංගප්පූරුවට ගිය අතර ඉන් ප්‍රංශයට ගොස් කලක් සිට ඉතාලියට ගොස් සන්නිවේදන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගියේය.
විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයෙක් වූ නඳුන් ධර්මවික්‍රම පාතාල සාමාජිකයන්ට අවි සැපයීමේ සිද්ධියක් මත 1997 දී මුලින්ම පොලිස් අත්අඩංගුවට පත් විය. එවකට ඔහු මඩකලපුවේ සේවය කරමින් සිටියේය.
පසුගිය වසරේ කොස්ගොඩ නඳුන් ලංකාවට එන බවට ලැබුණු තොරතුරක් අනුව පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අතර ඔහු ලංකාවට නොපැමිණියේය. ලංකාවට පැමිණි ඔහුගේ මිතුරකු ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට පත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දකුණට තැනක් නැහැ පුරාජේරුව විතරයි. ඉස්සර නම් බුද්ධිමතුන් සහ දක්ෂයින් සිටියා. නමුත් දැන් හොර තක්කඩියන් සහ මැරයින් ඉන්නේ.(නදී)
ශ්‍රී ලංකා එකමුතුව මිලානෝ කියන කට්ටිය , කන්නේ මම නම් හිතන විදියට ජරාව සහ තණකොළ.බොන්නේ පුන්නක්කු (නි)
පාතාලයට චරිත සහතික දෙන අයත් ඒ වගේම පාතාලයන් වෙන්න ඇති. (නි)
එක් කෙනෙක් කියනවා නදුන් හොද බෞද්ධයෙක්ලු , තව කෙනෙක් කියනවා බොන්නේ සෙනසුරාදට විතරයිලු. හොද බෞද්ධයෝ බොනවද? (නි)
මෙයා ලංකාවට ගෙනල්ලා හංගපු අයුධ හොයන්න ඉස්සෙල්ලම අරන් ගියානම් හොදයි නේද? (නි)
නදුන්ගේ ඉතාලි ඉන්න දරුවාගේ මානව අයිතිවාසිකම් නිසා නදුන්ව ලංකාවට බාරදීමට ඉතාලි රජයට හැකියාවක් නැහැ. ඉතාලි රජය හොදට මානව හිමිකම් වලට ගරුකරනවා. ඒකයි ලංකාවයි ඉතාලියයි අතර වෙනස. ඒක අහසයි පොලවයි වගේ. නදුන් කියන්නේ හොද දක්ෂ මිනිහෙක්. කවදාවත් කිසිදෙයක් මෝඩ විදියට කරන්නේ නැහැ. නදුන් දෙයක් සැලසුම් කරන්නේ ගොඩක් දුරදිග හිතලා. (නි)
නදුන් විතරද මිනිස්සු මරලා තියෙන්නේ? ලොකු ලොකු ලුටුවල වැජඹෙන අය මිනිස්සු කි දෙනෙක් මරලා තියනවද? ඒ ගැන කතාකරන්න කිසි කෙනෙක් නැහැ. නදුන් කියන්නේ හොද මනුස්සයෙක් (නි)
නදුන් මල්ලි, ඔයාට කවුරු මොනවා කිවුවත් මමත් ඔයාට හිතවත්. මිතුරන් ඔයා ලගින් ඕනෑම දෙයකට ඉන්නවා. (නි)
ඇත්තට අවංකව කතාකරන්න. මිලානෝ පාතාලේ නැති කලේ නදුන්. කරුණාකරලා එක පැත්තක් ගන්න එපා.නදුන් නැතිවුනොට් මිලානෝ පරණ පාතාලේ ආයෙත් පටන්ගනීවි. අංගුලිමාලත් මහන වුනා කියන එක අමතක කරන්න එපා. (නි)
මේ අදහස පලකරන මම නදුන්ගෙ විරෝධියෙක් නොවේ.නදුන්ගෙ ගම සහ මගේ ගම අතර විශාල දුර ප්‍රමාණයක් තියෙන අතර මම වසර 20ක් විතර දිනපතා පුවත්පත් බලන අයෙක්.සමාජ දැනුම සහ සමාජයේ හොද සහ නරක දෙකම කරන අප රටේ ව්තරක් නොව ලෝකෙයේම හොද සහ නරක මිනිසුන් ගැන මම අසා ඇත්තෙමි. වැරදි නොකළා නම් මේ තරම් බිය වෙන්නේ ඇයි?රටින් පැන ගියේ ඇයි? පොලීසියෙ හිටිද්දි මංකොල්ල කෑවෙ අසාදාරනයට එරෙහිවද? මේවට පිලිතුරු දෙන්න මෙයාව ලංකාවෙ උසාවියට ඉදිරිපත් කරන්න. එම නිසා අපරාධකරුවන් වෙනුවෙන් හඩනගා තමන්ගෙ පහත් වුවමනාව රටට පෙන්වන්න එපා (නි)
ලැජ්ජයි ,ලැජ්ජයි ! මීට දින කීපයකට ඉහතදී බකපණ්ඩිත වදන් වලින් එසැනට අදහස් පලකළ ඉතාලියේ මිලාන් නගරයේ පුහු වීරයින් අද කෝ? අද වනවිට ඔවුන් අංශභාග රෝගීන් වී ඇති බව පෙනේ.අත් අඩංගුවට පත්වී ඇති පුද්ගලයා නිදොස් යැයි අදහස් දක්වන නොයෙකුත් සංවිධාන හා පුද්ගලයින් ගැන ඇති වන්නේ පිළිකුලකි.මොවුන්ගේ එකම කාර්යය වන්නේ ඉතාලියේ රැකියාවක් නොකොට ලාංකික ජනතාවට පුහු ජාති ආලයක් පෙන්වමින් මොවුන් විසින් අටවාගත් සංවිධාන වලට අරමුදල් රැස් කිරීමයි .ඒ හරහා ලාංකිකයින්ගේ මුදල් කොල්ලකෑමයි.කෙසේ වුවත් නදුන් නැමැත්තා වැරදි කර නැත්නම් නිදොස් වේවි .වැරදිකර ඇත්නම් දඬුවම් ලබාවි .එය නීතියට අයත් කාර්යයකි . (නි)
අහවල් සිල්වාගේ සපොර්ටර් කෙනෙක් ද දන්නේ නැහැ. සමහර විට ඉතාලියේ තානාපති කරාවී.(නදී)
ආනන්ද ජයමාන්න මහත්තයෝ කුරකුහුබියෙකුටවත් වරදක් නොකරපු ඔබේ ළමය නදුන් ඇයි ලංකාවට එන්න බය. පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද? (අ)
ඉතාලියේ නෙවෙයි දිව්ය ලෝකේ ගියත් මෙයාල අපුරුවට අපේ කම සහ ලංකියත්වය මොනවට පෙන්වනවා. මිනිස්සුනේ වෙන රටක, කුළල් කන්නේ නැතිව, එකමුතුව පිළිවෙලට ඉන්න බැරිනම් රටේ නම විනාස නොකර ලංකාවට ඇවිල්ල හිගා කාපල්ලා .... ඒකත් අපි ඉපදුන අපේ රටට කරන ගෞරවයක් (අ)
මිට කලින් නදුන්ව පට්ට ගහපු කට්ටිය දැන් හරියට එයා බෝ පැලයක් විදියට කතා කරන්නේ. අනේ, ඉතින් ඔයාලා ඉතාලියේම තියාගන්නකෝ. අර සභාපතිට වැඩ ගන්නත් පුලුවනිනේ. මට හිතෙන්නේ නදුන්ට ඔය ඉතාලියේ යාලුවන්ගෙන් ප්‍රවේශම් වෙන්ට කියලා.(නදී)
ආනන්ද ජයමාන්න. ඔබ තුමා සභාපති කෙනෙක්ද? සභාපතිලා ගැන අපි හොදට දන්නවා හැම ජරා වැඩක්ම කරන්නේ සභාපතිලා තමයි ඔබ තුමා අදහස් දානකොට ඔය සභාපති පට්ටම නැතුව අදහස් දණ්ඩ තිබුනේ. කමක් නැහැ මොනවා කරන්ඩද. හරි මහත්තයෝ ඔබ තුමා කියනවනේ නදුන් කියන කෙනා කුරා කුබියෙකුටවත් වරදක් වෙලා නැහැ කියලා එතකොට පොලිස් නිලදාරී දෙදෙනෙකු සහ රියදුරු මහතෙකුවයි ඝාතනය කරපු එකට මොකද කියන්නේ? ඔබ තුමා මේ සිද්දිය දන්නවද? නැතිනම් නොදන්නවා වගේ ඉන්නවද? අනේ සභාපති තුමෝ ඔබ තුමා ආරක්ෂාවට නදුන්ව තියාගත්තට නැතිනම් බියගුළු කමට නදුන්ට එරෙහිව කතා කරන්නේ නැතිකමට අපට කරන්ඩ දෙයක් නැහැ. මේකයි සභාපතිතුමෝ මම කියන්නේ අපේ රටේ සමහරක් මිනි මරුවන්ට, දුෂකයන්ට, කප්පන් කාරයන්ට,අනෙකුත් සියලුම අපරාද කාරයන්ට පක්ෂව කඩේ ගියත් අපි ඉන්නවා විරුද්දව ඒක මතක තියාගන්ඩ.(නදී)
තමුන්ට ඉස්කෝලේ යන්න බැරිවුනාට බුද්දිමත් රට වැසියන්ට නිගා කරන්න එපා.මේ යකා අහිංසක පොලිස් කාරයෝ දෙන්නෙක්ට වෙඩි තියලා ජීවිත නැති කරලා තියෙන්නේ. ඒ පොලිස් නිළදාරියෝ සාමය ආරක්ෂා කරන්න ගිහිනුයි මැරුම් කෑවේ.ඒගොල්ලන්ගේ දරුවන්ට තමුසෙලා මොනවාද කියන්නේ? ඉතාලියට ගිහින් මිනී මරන්ඩ නිදහසක් නැති හින්දා හොඳයි. ඔය යකා ගෙනත් එල්ලන්දයි තියෙන්නේ.(අ)
අනේ මාර්ටින් ඔය එක්කෙනෙක් කරපු දේවල් වලට දකුණ කියන වචන ලියන්න එපා, මොකද ලංකාවේ අනිත් පැති වල ඉන්නේ ඔක්කොම සුද්ද වන්තයෝද, කවදත් දකුනෙනේ තමයි රටට හොඳ පුරවැසියෝ බිහි උනේ, ඒක නිසා ඒක ඉල්ලා අස්කරගන්න.(නදී)
කිසිකෙනෙක් ෆ්ලැට් ගාමිණි , ප්‍රදීප් ගෙන කතා කරන්නේ නැද්ද ? මේ දේවලුත් මිනිසුන්ට බලන්න දාන්න. ඒ ගොල්ලෝ තමයි සර වල කප්පම් ගත්තේ. නදුන් තමයි ඒ අයව නැවැත්තුවේ. මේ දේවලුත් දාන්න.(නදී)
නදුන් වගේම තවත් පාතාලයෝ කීප දෙනෙක් ඉන්නවා මිලානෝ වල. ඒ ගැන විස්තර සියල්ල මෙහි පල කරන්න. (නදී)
අපිත් ඉන්නේ ඉතලියේ, වරදක් නෙතුව කිසි කෙනෙක් ඉන්ටපෝල් එකෙන් අල්ලන්නේ නැහැ. එහෙමනම් ඉතින් අපිවත් අල්ලන්න ඕනා. කරුණාකරලා මිලාන් වල ඉන්න අය මෙයාට කඩේ යන්න එපා.(නදී)
හරි ඉතින් වරදක් නැත්නම් ශ්‍රී ලංකා අධිකරණයෙන් මොහුව නිදහස් කරයි. මොකෝ මේ ඔක්කොම කලබල වෙලා?(නදී)
ඔය එකමුතුව කියන්නේ නදුන්ගෙන් පින් අඩි ගහපු සෙට් එකක් වගේ. දැන් ඉතින් අඩන් නැතුව වෙන කව්රුහරි අල්ලගන්න බලන්න.(නදී)
ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තුමාට මම කියන්න කැමති කරුණාකරලා පක්ෂයේ නම විකුනන්න එපා. අපිත් එම පක්ෂයෙන්ම තමා. මොහු මිනීමරුවෙක්, මංකොල්ල කරුවෙක් හරියට ලංකාවේ දැන් අපේ ප්‍රාදේශීය සභාව වගේ. (නදී)
හරි දැන් ඔය නඳුන්ගේ බත් බැල කණ්ඩායම කියන්න බලන්න ඔයාලා කියන තරම් ඔය මනුස්සයා සත්ගුණවත්, සිල්වත් සෙනසුරාදට විතරක් බොන බෞද්ධයෙක් නම් මිනී මැරුම් කිහිපයකට වරෙන්තු තියෙන්නේ ඇයි? ඔය කියන තරම් සිල්වන්ත මනුස්සයෙක් නම් ඇයි රටින් පැනල ඉන්නේ? මෙයා වරදක් කරලා නැත්නම් ඔය බත්බැල කණ්ඩායම ඇයි මෙච්චර කලබල වෙලා? (නදී)
ගරු සභාපති තැන්පත් ජයමාන්නට නම් මෙම අසාධාරණයේ බරපතල කම හොඳින් වැටහී තිබෙන බව පැහැදිලියි. දින හයේම එළකිරි පමණක් පානය කරන සෙනසුරාදා හවස පමණක් සුරා පොදක් තොලගාන මේ ළදරුවා අත් අඩංගුවට ගැනීම ජාතික වීරයින් බිහිවීම වලක්වන ජාත්ත්‍යන්තර කුමන්ත්‍රණයක් විය නොහැකිද ? අයුක්‌තිය ඉදිරියේ පමණක් හඬන ළදරුවන් අත් අඩංගුවට ගැනීමට බලය දුන්නේ කවූද ? මේ සඳහා පියවරක් ගැනීමට කප්පන් එකතුකිරීමේ නව පනත අනුව අරමුදලක් එකතුකිරීමට වහා ක්‍රියාකරන්න .මේ ගැන වැඩිදුරටත් සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කරන ලෙස ලංකාවේ සිටින ඔබේ බලධාරීන් උනන්ඳු කරවන්න. ඔබට ශුභ අනාගතයක්.(නදී)
මෙයා හරිම තණ්හාව තියෙන මිනිහෙක්. සල්ලි වලට ගොඩක්ම කෑදරයි. කොයි තරම් අත ගෑවත් එපා වෙන්නේ නැහැ. ඔය තණ්හාව නිසා තමයි ඔක්කොම නැති කරගත්තේ. මෙයා කොහේ ගියත් වීරයා වෙන්න හදන්නේ. ගම්මුලාදැනියෙක් වෙන්න හදනවා. එයාට කොස්ගොඩ ටොම් මහත්තයා චුටි මහත්තයා වෙන්න බැහැ. මෙයා ඒ පවුල් වල නම්බුවත් කනවා. මෙයාට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. පවු ඒ දරුවෝ හරි අහිංසකයි. ඒ දරුවොන්ට තාත්තා නැහැ. ඔහුගේ බිරිද හරි වැදගත් නිහතමානී හොද කෙනෙක්. ඒ කෙනාත් මෙයා නිසා අසරණයි. මෙයා කොස්ගොඩ පරම්පරාවම නැති කලා. ඒකයි අපිට දුක. ඉතාලියේ ඉන්න මිනිස්සු මෙයා ගැන හොද ලියන්නේ හරි දේ නොදැනයි. මොහුට කඩේ යන්න එපා. මොහු එයාගේ නියම විවාහක බිරිදටයි දරුවොන්ටයි දෙන ගින්දරට දඩුවම් ලැබිය යුතුයි.(නදී)
මෙම 'අහිංසකයා' ට වන මෙමෙ අසාධාරණය නවත්වන්න අපි ලංකාවේ උසාවියකටම බාර කරමු.(අ)
මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිලානෝ ප්‍රධාන ශාඛාවේ සභාපති ආනන්ද ජයමාන්න, මෙහි මම කිසිම අවස්ථාවක අදහස් සටහන් නොකල බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමි. සැබෑ අනන්‍යතාවය සඟවමින් පුද්ගල නාම භාවිතා කිරීම වරදක් ඔබ නොසිතන්නේ ඇයි.(නදී)
"ශ්‍රී ලංකා එකමුතුව මිලානෝ " කියන කට්ටිය කන්නෙ මොනවද දන්නෙ නැහැ (නි)
වසර 25 කාටවත් හිරේ යවන්න ඕනේ (අ)
ගෙනාවේ නැහැ කියල අපි දොස් කියන්නේ නැහැ.ඔය වගේ අයගෙන් මෙහෙට අඩු පාඩුවක් නැහැ. (අ)
අනේ දේව , දර්ම වගේ නම් දාපු එකට තලන්න්න තියෙන්නේ ඔක්කොටම කලින් (අ)
දැන් පාතාලයේ අනිත් උදවියත් බය වෙලා ඇති නේද? (නදී)
නදුන් ඔබ හිත හොද මිතුරෙක්. හොද සමාජ සේවකයෙක්, හොද බෞද්ධයෙක්. හැම තිස්සෙම අනුන්ට පිහිට වුන ඔබ කාටවත් බයේ දුවන කෙනෙක් නොවේ. හැම තිස්සෙම ගියේ යාළුවන් ගේ දුක සැප හොයන්න. මිලානෝ වලට ඔබ ඉන්නම ඕනෑ. ඔබට තෙරුවන්ගේම පිහිට පතමි. (නි)
අයියේ, ඔයාට අපි ඉන්නවා. බයවෙන්න එපා (නි)
නදුන් කියන්නේ මිලානෝ වලට වීරයෙක් නිකම්ම වීරයෙක් නෙමේ දකුණේ වීරයෙක්. අපේ ජනාධිපති තුමා වගේ හරියට. මිලානෝ පාතාලය තිබුනේ නදුන් මිලානෝ වලට එන්න පෙර. නදුන් ආවම තමා ඔය කියන පාතාලය නැති උනේ. මොකා කොහොම ලීවත් කීවත් නදුන් ලංකාවට යවන්නේ නැහැ නැහැ.(නදී)
අපි දැනන් හිටියා කොහොමත් යවන්නේ නැහැ කියලා (නි)
කුමාර සහ ශ්‍රී ලංකා එකමුතුව මිලානෝ, ඔයාලගේ ඔය වීරයා පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු තිදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් බලපිටිය උසාවියෙන් වරෙන්තු නිකුත් කරලා තියෙන්නේ... ඒ ගැන මොකද කියන්නේ? ඒකද ඔය නදුන් කරපු වීරකම? (නි)
මට පේන්නේ කුමරලාටත් හොරකම්වලින් කොටසක් ලැබෙනවා.(නදී)
ඔය ඉන්නේ තව දකුණේ අයියෙක්...කරන කරන හැම මගඩියම කරන්නේ දකුණේ අප්පුලා තමයි බලපුවහම (නි)
ත්‍රස්තවාදී කාලේ කරවල වෙළෙන්දියක් අත්අඩංගුවට ගත්තම ගොඩක් අය විරුද්ධ වුනා. ඒත් පස්සේ බැලුවම එයා තමයි හොද මූණ පෙන්නගෙන ත්‍රස්ත ක්‍රියාවලට මුල් වෙලා තිබුනේ. ඒ වගේ තමයි මෙයත්.(නදී)
අනේ අනේ අශාන්, වරෙන්තු ඕනෑ තරම් නිකුත් කරන්න පුළුවන්. සදුනි, ඔය දැක්කේ නැති දේවල් වලට කට දාන්න එපා.ඔබලා කී දෙනක් නදුන් දැකලා තියෙනවද ? නදුන් කරපු එකම වරද තමා අයුක්තියට ඉඩ නොදීපු එක.නදුන් හරියට වීර පුරන් අප්පු වගේ.යහළුවන් ගේ දුකට බෙල්ල ගියත් ඉදිරිපත් වුන කෙනෙක් නදුන් කියන්නේ (නි)
ලංකාවට නොඑවන තරමට තමයි හොඳ. බලපිටියේ අපිනේ දන්නේ එයාගේ හැටි. (නි)
එයාගේ නම නදුන්ද නැත්නම් සදුන්ද මොකද වැඩවල හැට්යට හැට්යට ඔඩම නම සදුන් . (අ)
චන්ද්‍රිකා, ඔයා මොනවත් ලියන්න එපා. කොහොමත් නදුන් හොදබව අපි ඔක්කොම දන්නවා (නි)
ස්ත්‍රී දූෂකයන්ට පක්ෂව පෙලපාලි ගිය එකේ ,මේ වගේ අයව රකින අය ඉන්න එක ලංකාවේ අපට පුදුමයක් නොවේ. (නි)
දැන්වත් නදුන්ට තමුන්ගේ පාඩුවේ ඉන්න ඉඩ දෙන්න. අවසාන වශයෙන් අපි මුළු ලෝකෙටම කියන්නේ නදුන් කියන්නේ යහපත් ශ්‍රී ලාංකික පුරවැසියෙක් කියන එකයි (නි)
මේක හරි වැඩක්නේ .ලංකාවේ පොලිසිය කියනවා නදුන් මිනිමරලත් තියනවා කියල මිලාන් කට්ටිය කියනවා බබා කියල කව්ද (අ)
"දී කිරට බළල්ලුත් සාක්කිලු " තමන් හට නැති පෞරුෂය අනුන්ගෙන් පිරිමසා ගන්න හදන ලංකාවේ පිරිමි බොහොමයි.ඔය නදුන් කියන නැමැත්තාගේ හයිය අරගෙන පිම්බුණ අයට දැන් උණ ගැනිලා වගෙයි පෙනෙන්නේ. විශේෂයෙන්ම පිටරටක ජිවත් වෙද්දී සැවොම ලාංකිකයින් ලෙස නොසිතා ,ලංකාවේ පළාත් වලට බෙදී පොර අල්ලමින් අනෙකුත් පළාත් වල අයට අපහාස කරමින් සිටින පුහු මිනිසුන් දැන් වෙවුලනවා ඇති .හුඹස් බිය නැති කර ගෙන සිතට එකඟව වැරැද්ද ,වැරැද්දක් ලෙස දකින්න පුරුදු පුහුණු වෙන්න මිනිසුනේ . (නි)
ඇයි අද නේද නදුන් එක්කගෙන එනවා කිව්වේ? (නි)
මම තමා මිලානෝ ශ්‍රී. ල. නි .ප. ශාකාවේ ප්‍රධාන සභාපති. මම මිලානෝ වලම වසර 30ක් ජිවත් වෙන කෙනෙක්. නදුන් මිලානෝ වල වසර 5 ක් විතර ඉන්න කෙනෙක් ඔය ළමයාගෙන් කුරා කුබියෙකුටවත් වරදක් වෙලා නැහැ. එකම වරද තමා අසාධාරණයට විරුද්ධ වෙන එක. ඒ නිසා අපේ රජයට මම ඉතාම වගකීමෙන් ප්‍රකාශ කර සිටින්නේ නදුන් ගැන පත්තර වෙල තියෙන ප්‍රකාශ ඔස්සේ නොගොස් අපිව දැනුම්වත් කර විස්තරයක් ලබා ගන්නා ලෙසයි. මෙහෙ නීතියට අනුව ගහෙන් ගෙඩි එන විදියට මොන වරද කලත් මෙහෙ ජිවත් වන කිසිම ලාංකිකයෙක් ලංකාවට බාර නොදෙන බව අපි සියලු දෙනා දන්නා කරුණකි. කෙනෙක් හොද මගට ගැනීම අප සියලු දෙනාගේ වගකීම බව මම අවධාරණය කර සිටිමි.(නදී)
නදුන් දැකල නැද්ද? ටිකක් මහතයි, තල එලලුයි. හැම තිස්සෙම හිනා මුසු මුහුණින් ඉන්නේ. ජිම් එකට හිටපු ගමන් යනවා. සිගරට් බොන්නේ කලාතුරකින් කතා කරන්නේ හෙමින්. සෙනසුරාදා විතරයි බොන්නේ. නදුන් එක්ක තරහා මිලානෝ වල නදුන් එන්න පෙර හිටපු හාල්පාරු කාඩ් බෝඩ් ටික විතරයි.(නදී)
නදුන් නදුන් නදුන් හරි කරදයක් උනානේ. ඉතාලියේ මොනවා හරි දැක්කොත් මේ නදුන් ගැන මොනවා හරි. මම නම් හිතන්නේ මේ ඔක්කොම ඉරිසියා කාරයෝ හොදට සැලසුම් කරලා කරන වැඩක්. කරන්න තියෙන එකම දෙය මේ බොරු ලියන කට්ටිය ඔක්කොටම කුපන් වාලෝ තමා හොද.(නදී)
මේ මිනිහ 2006 අවුරුද්දේ අම්බලන්ගොඩදී පොලිසියේ අහිංසක නිරායුද නිලධාරීන් දෙන්නෙක්ව වෙඩි තියල මරල දැම්මේ දෙනෝ දාහක් බලන් ඉන්නකොට. එහෙම කරලා මෙයාගේ කට්ටිය එක එකා මැරෙන්න ගන්න කොට තම මෙය රට පැන්නේ. පොලිස් නිලදාරීන් දෙන්නට අමතරව අහිංසක ත්‍රී වීල් රියදුරෙක්ටත් වෙඩි තිබ්බා. මෙයාව නම් ආයේ මෙහෙ එවන්න එපා.(නදී)
මෙහෙ නිතිය අනුව ඉතාලියේ වසර දෙකක් නිත්‍යානුකුලව සිටි කෙනෙක් යවන්න මෙහෙ තියෙන ඉහල උසාවි අංක 2 විසින් පනත් 1996/22 බිස් කියන නීතියට යටත් විය යුතුයි. නදුන් ගිය සතියේ මෙහෙට හොරෙන් ආවා නම් අද යවන්න තිබුනා (නි)
නදුන් වැනි අයටත් කඩේ යන කොටසක් ඉතාලි වල ඉන්නවා (නි)
බොරු කියන්න එපා විහග අයියේ. බලන් හිටපු ඔක්කොම ඔයා කිව් ජාතියද? මම දන්නේ නැති නිසා අහන්නේ.(නදී)