කුරුණෑගල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ සේවය කළ කොස්තාපල්වරුන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඔවුන්ගෙන් එක් අයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන ආරක්ෂක අංශ සමාජිකයන් ඇතුළු සිවු දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් අද (16) අත් අඩංගුවට ගනු ලැබූහ. ගුවන් හමුදා භටයකු, යුද හමුදාවේ හිටපු සෙබළුන් දෙදෙනකු ඒ අතර සිටින බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙකත් අහන්න. මේ අපරාධ මේ රටේ නවත්තන්න ජගතෙත් නැහැ නීතියෙ පවතින දුර්වලකම. (අ)
වැරදි කළා නම් උපරිම දඩුවම් දෙන්න නීතිය රකින ආයතන පසුබට වෙන්න එපා (නි)
අකමැත්තෙන් හරි කියන්න ඕන අපේ රටේ නීතිය හරිම දුර්වලයි. එ්ක නිසා හංගපු යුද උපකරණ පෙන්වන්න එක්ක යන්න (ස)
මේක දැන් හරියට මානුෂීය මෙහෙයුමක් වගේනේ.... (නි)
දැන්වත් නීතිය හරියට ක්‍රියාත්මක වෙයිද? පොලිසිය මෙකෙන්වත් පාඩමක් ඉගෙන ගනියිද? නිදා ඉන්න පොලිස් ලොක්කන් අවදි වෙයිද? මිනිස්සු මේ වගේ වැඩ කරන්නේ ඇයි කියලාවත් සොයා බලයිද? (අ)
මේ හතරදෙනා කොපමණ මරණ භයකින් පසුවෙනවා ඇත්ද ? කළකම් පලදෙන්ට තමන් බිහිසුණු ආවුද සගවා ඇති තැන්වලට අදහෙටම අරගෙන යන බව සිතමින් මේ සසරේ භයානක කම සිතා මරනයට පෙර මරණ ස්මෘතිය වඩා අපාගතවීම වලක්වා ගන්න . (අ)
මේ රටේ නැහැයි කියන මරණ දඩුවම ක්‍රියාත්මක වන ආකාරය කට්ටියට බලාගන්න පුලුවන් අද හෙට.එදා ඉදලම හිතට වද දෙන ප්‍රශ්නයක් තියෙනවා පුලුවන්නම් දන්නා කෙනෙක් විසදලා දෙන්න.ග්‍රීස් යකාගේ විගඩම රග දක්වපු කාලේ පුත්තලමේදී නිරායුධ පොලිස් භටයෙක් මහා දවල් කපලා කොටලා මරල දාල නීතියට කොටු වුනු නාගරික මන්ත්‍රී ඇතුළු පිරිසට වුනු දෙය පැහැදිලි නැහැ. ඔවුන්ට නඩු ඇහුවද?දඩුවම් ලබුනදා? ආයුධ පෙන්නුවද කියනා එක දන්නා කව්රු හරි ඉන්නවනං කියන්න.කිසිම පුවත් පතක මේ සිදුවීම ගැන පසු විපරමක් තිබුනේ නැහැ මම දන්නා විදියට.(අ)
මේ හතර දෙනාත් බැරි වෙලාවත් ඇමති කෙනෙකුගේ සම්බන්ධීකරණ නිළධාරීන් වුනොත් නිකම්ම ගොඩ.(අ)
දැන් සිදුවන බොහෝ අපරාද වලට රණවිරුවන් හෝ හිටපු රණ විරුවන් සම්බන්ද වීම සුලභව දැක ගත හැක. යුද විරුවන් කියා නිදහස් නොකොට සැමට නිතිය ක්‍රියාත්මක කරන්න . (අ)
වැරදිකරුවන්ට දියහැකි උපරිම දඩුවමක් දෙන්න (නි)
එක මකුනයි ළමයෝ කන්නේ ඇයි ඔක්කොම මකුණෝ මරන්නේ කියලා කියමනක් තියනවා නේද? එ්ක නිසා අපි නීතියට ඕන දයක් කරන්න ඉඩ දෙමු.(නදී)
හැකි ඉක්මනින් අවි ආයුධ සොයා ගන්න.(නදී)
රටේ සාමාන්‍ය ජනතාවට නිදහසේ ජීවත් වීමට අවශ්‍ය පරිසරය ගොඩ නගා දෙන්ඩ නීතියේ ස්වාදීනත්වය ඇති විය යුතුයි.(නදී)
දැන් වෙලා තියෙන්නේ හොරා කවුද පොලිස් කවුද කියලා ලංකාවේ අපි කාටවත් හිතාගන්නත් බැරි වෙලා තිබෙන එකයි. (නදී)
දැන් මේ මරා දැමුනේ සාමාන්‍ය කෙනෙක් නම් සැකකාරයන් දේශපාලනයට සම්බන්ධ නම් මෙච්චර ඉක්මනට සැකකරුවන් සොයා ගනීවිද? (ස)
රටක නීතියක් තියෙනවා, නීතිය නිසිලෙස ක්‍රියාත්මක වීම තුලින් රටක ගෞරවය වගේම සිස්ඨ සම්පන්න මනුෂ්‍යත්වය ප්‍රකාශ වෙනවා. "ආයුද පෙන්නන්න අරන් යන්න "අදහස් දාන ඔබ, ඔබගේ පලිගැනීමේ ස්වබාවය සහ මනුෂ්‍යයා මනුෂ්‍යයාට ගෞරව කිරීම මොනවට පැහැදිලි වෙනවා.(නදී)
මේවා පශ්චාත් යුද ගැටුම් වල ප්‍රතිඵල. හමුදාවෙන් පැන ගිය අයත් සම්බන්ධයි. පොලීසියෙත් වැරදි තියෙනවා. (ස)
මිලානෝ ජයන්ත, ඔබ හරි. නීතියට පිටින් ආයුධ පෙන්නන්න එක්ක ගිය එකේ ප්‍රතිපල වෙන්න පුළුවන් මැරුණ කොස්තාපල් පිටින් ගියේ. අපේ අයට ඕන එ්ක තවත් වැඩි කරන්න. තවමත් මේක තේරුම් ගන්න බෑනේ මේ අයට.(නදී)
සැකකරුවන් "අනේ බුදු මහත්තයෝ අපි කිසිම ආයුදයක් හංගල නැහැ, අපිට මාංචු පිටින් පීනන්නත් බැහැ, ඒ නිසා අපිව උසාවි ගෙනියල නීතියෙන් දඬුවම් කරන්න බුදු බව අත්වෙයි" (ස)
ඒ වුණාට කියන්නේ නම්, "මේ සිංහල අපගෙ රටයි..." (නි)
මේ හතර දෙනා කියලා සහතිකයි නම් ඉක්මණට ආයුධ හංගලා තිබෙන තැන අහගන්න. (නි)
අපි අපිවම මරා ගන්නේ මොනවා ගන්නද ? (ස)
උල තියන්න ඕනේ. (ස)
මේ අයව ආයුධ පෙන්නන්නනම් අරන් යන්න එපා තවම හරියට ඔප්පුවෙලා නොමෙති නිසා (ස)
අපේ රටේ සිදුවෙන හැම අපරාධයකටම ගුවන්,යුධ හමුදාවලින් පැනපු කෙනෙක් හවුල්වීම විශේෂයකි.(ස)
පශ්චාත් යුද උරුමයන්. මානසිකත්වයන් වර්ධනය නොකර ආයුධ අතට දීමේ අනිසි ප්‍රතිඵල. ආදරණීය රණ විරුවනි, ඔබේ උතුම් බව කෙලෙසෙන්නට ඉඩ නොතබන්න.(ස)
මංජුල කියන එක හරි. මේ තිරිසනුන් ඉවර කරන්න ඕනේ. (ස)
ආරක්ෂක අංශ සාමාජිකයින්ට වුණත්, හිතුමතේ ගිනි අවි කඳවුරු වලින් රැගෙන යන්නට දී තිබීම වැරදියි නේද? (නි)
මේ හතර දෙනාට කොයි තරම් බල පුළුවංකාරයෝ ගෑවිලා හිටියත් නීතිය හරියට ක්‍රියාත්මක කරලා ජනතාව තුල නීතිය ගැන විශ්වාසයක් ඇති කිරීමට බලධාරීන් වග බලාගතයුතුයි.(ස)
සිංහල ජාතියේ අවසාන කාල පරිච්ඡේදය මේ යන්නේ. ර(ස)
මම නම් ප්‍රචණ්ඩත්වයට කැමති නැහැ. මොන පාර්ශ්වයෙන් කලත් වරද වරදමයි. (ස)
මේගොල්ලන්ට රුපියල් පන්සීයක් මුදලින් සහ ශරීර ඇප මත එලියට දමාවි. නීති ක්ෂේත්‍රයේ ඉහලම කෙනෙක් දින කීපයකට පෙර අපරාධකරුවන් ට ඇප දී එලියට දැමීමේ අගය කිව්වා. හැම පුවත්පතකම තිබුනා නේද? (ස)
අපි නම් කිසිම දෙයක් කියන්නේ නැහැ. ඔය හතරදෙනා නිවැරදිව හඳුනා ගත්තා නම් ඉක්මණින්ම සඟවා ඇති ආයුධ ඔවුන්ට කියා සොයාගන්න (නි)
වැරදිකරුවන්ට නිසි දඩුවම් දෙන්න (නි)
කවදාද සඟවපු අවි සොයන්නෙ? (නි)
අවිගත්තෝ අවි සොයන්න රැගෙන යමු (නි)