අවි ගත් පිරිසක් විසින් පසුගිය 07 වැනි දින කුරුණෑගලදී පැහැරගෙන ගිය කුරුණෑගල පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරුන් දෙදෙනාගේ නිල ඇදුම් මීගමුව , තිඹිරිගස්කටුව ප‍්‍රදේශයේ නිවසක පුළුස්සා විනාශ කර දමා තිබිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විසින් අද (16) සොයා ගනු ලැබීය. එහි තිබී නඩු භාණ්ඩ රැසක් ද සොයාගෙන ඇත. සැකකරුවන් මෙම නිවස පසුගිය මාර්තු මාසයේ කුලියට ගෙන තිබූ බවත් අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් ලැබුණු තොරතුරු මත මෙම නිවස සොයාගත් බවත් අපරාධපරීක්ෂණ දෙපාර්තමේතුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර තුන්ඩු බෙදලා කඩවල් වහන කාලේ නම් මේ වගේ චන්ඩි,කුඩු බෙදා හරින එවුන් ,කසිප්පු විකුණන එවුන්, කප්පන් කාරයෝ,ස්ත්‍රී දුෂකයෝ බෙහෙතකටවත් හොයා ගන්න හිටියේ නැහැ.මොනවා වුනත් ඒ කාලේ නම් අපරාධ බොහෝ දුරට අඩු වුනා.ඔක්කොම අපරාධ කරන කට්ටිය ප්‍රාණ බයට අපරාධ නොකර හිටියා. (අ)
එකත් එකට සැකකරුවන් කුලියට ගත්ත ගෙදෙර හදපු බාස් උන්නැහේ වත් අත් අඩංගු ලයිස්තුවේ ඇති. හැමදාම අන්තිමට වතුර බහින්නේ මිටිතැනින්. (ස)
මේ නිවස රාජසංතක කරන්න දෙන්න එපා අාපසු හොරුන්ට කුලියට දුන්න නිසා. (ස)
පලවෙනි පින්තුරේ වේලිච්ච එකම කොලයක් පිචෙන්නේ නැතිව ඇදුම් ගිනිගත්තේ කොහොමද? මේක පොලිසිය ලැජ්ජාව වහගන්න කරන්න හදන මෝඩ වැඩක්. (ස)
ඇයි දැන් කාන්තා පක්ෂය වැඩිය අදහස් නොදමන්නේ ? කුසුම් ඇරෙන්න අනිත් හැමෝම පැත්තකට වෙලා වගේ. බන්දුල ගේ කට කැඩිච්ච කතා නිසාද දන්නේ නැහැ. (ස)
පොලිසිය මහත්වරුන්ට දෙපාරක් හිතන්න කාලය. මොකද මෙයාල අහල තියන ප්‍රශ්න පොලිසිය නිළධාරින් නිතරම කරන දේවල්.තමන්ගේ රජකාර්ය 100% නිවැරදිව කරන්න .අවංක නිළධාරියෙක් වෙන්‍ෙ. (ස)
බන්දුල කොහොමද කියන්නේ මෙතන අදහස් දමන උදවිය ජීවිත කාලෙම පිටරට හිටියා කියලා. ඒ උදවිය අදහස් දාල තියෙන්නේ ශුද්ධ සිංහලෙන් නේ. කට බොරු කිව්වත් දිව බොරු කියන්න නැහැ. (ස)
අදාළ පුවතට අනුව තමන්ගේ අදහස් දමනවා වෙනුවට සමහරු , අනිත් අදහස් දැමුනේ ලංකාවෙන් ද පිටරටින්ද කියලා බලන බවක් තමා පේන්නේ. (ස)
කව්ද කියන්නේ සිංගප්පුරුවේ තියෙන්නේ එ්කාදිපති පාලනයක් කියලා. කරුණ කරලා 2011 මැතිවරණ ප්‍රතිපල බලන්න මොන පාලනයක් ද තියෙන්නේ කියලා. අනේ ඉන්දික දන්නේ නැති දේවල් කතා කරන්න එපා නිකන් මිනිස්සු නොමග යනවා ඔයාගේ කතා අහලා.(නදී)
කාලේ නස්තිකරන්න එපා. හන්ගාපු ආයුධ හොයන්න එක්කයන්. (අ)
පිටරට ඉන්න උදවියට ඔහොම බැන බැන ඉන්නකෝ. ඔය තර්ජන ගර්ජන නිසා මෙතන ස්වාධීන අදහස් දමන උදවිය අඩු වේවි කියල හිතන්න එපා. (අ)
මහා දවල් රත්රන් බඩු කඩ මංකොල්ල කනවා ගෑනියකුට තනි පංගලමේ පාරේ බැහැලා යන්න නෑ මාලයක් දාගෙන ගියොත් කඩාගන්නවා. හොර සල්ලි හැම තැනම. බැංකු පෙට්‍රල් ෂේඩ් මංකොල්ල කනවා. මිනිස්සු ළමයි උස්සලා කප්පම් ගන්නවා, ආගමික ස්ථාන වලට බලෙන් පැනලා කඩලා දානවා. මේව කරද්දී පොලිසිය බලාගෙන ඉන්නවා.(නදී)
දැන් මීගමුවත් තවත් චිකාගෝවක් වෙලා වගෙයි. මාසයක් වැනි කාලයක් ඇතුලත රන් අභරණ හල් තුනක් කොල්ල කෑවා. පොලිසිය සුක්ෂම ලෙස කොල්ලකරුවන් අත් අඩංගුවට ගත්ත. නමුත් ඒ කොල්ල කෑ මුදල් හා අභරණ හොයාගත්තද කියන්න නම්, මා දන්නේ නැහැ. මෙම මිනි මරුම එම කොල්ල කෑම්වලට වඩා භයානක යයි මා හට හැඟුනේ, මෙම සිදුවීම උනේ කුරුණැගල. දැන් නිල ඇදුම් හොයාගෙන තියෙන්නේ මීගමුවෙන් වහනය වෙන්නප්පුවේ. මොන තරම් භයානක තත්වයක්ද? රටපුරා ක්‍රියාත්මක වෙන මේ සංවිධානාත්මක මැර කල්ලි එකල ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී කණ්ඩායම් හා සමානයි. පොලිසිය නැත්නම් හමුදාව හෝ යොදා මේ තත්වය මර්ධනය කල යුතුයි. සමහරුන්ගේ අදහස් දැක්කම නම්, මේවා කිය කිය ඉන්න වෙලාවේ කට බිම උලා ගත්ත නම් මිට වැඩිය හොඳයි කියල වෙලාවකට හිතෙනවා. (අ)
සමන් රණවක, සිංගප්පුරුව කියන්නේ ස්වදේශීය ජනතාවක් නැති රටක්. ඒවගේ රටකට අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර භාෂාවකට මුල්තැන දෙන්න වෙනවා. ඒ ඇරෙන්න ඒ රටේ නීති පද්දතිය දියුණු උනේ එක හින්ද නෙවේ. එහෙ ඒකාධිපති පාලනයක් තියෙන්නේ. කලින් වැරදි වලට විශාල දඩ සහ දඬුවම් දුන්න. ඒ නිසා දැන් ඒ මිනිස්සු ඒවා කරන්නේ නැහැ. (අ)
බන්දුල පෙරේරා, ලංකවේ පොලිස් නිලධාරීන් ඝාතනය ගැන පිටරට ඉන්න මිනිසුන් කතාකරන්න ඕන නැද්ද? ඔබ ලංකාවේ අයිතිකරයනිසා ඔබට විතරද ඒ අයිතිය තියෙන්නේ? අනෙක් අයගේ අදහස ඔබට ඉවසන්න බැරි ලෙඩක් තියනවා වගේ පෙන්නේ. දේශපාලන මැරයෝ ආදර්ශයට අරගෙන තමයි අනිත් මැරයොත් පිස්සු කෙලින්නේ. පොලිසියට නිදහසේ වැඩ කරන්න දෙනවනම් ඔය සෙල්ලම් දන්නේ නැහැ කවුරුවත්.(අ)
මම අපේ ගෙදර සවි කරලා තිබුන සැටලයිට් ඇන්ටෙනා එක හොරෙන් ගලවලා අරන් ගිහින් විකුනපු හොරෙක් ගැන පොලිසියට පැමිණිලි කරලා බඩුත් එක්කම පොලිසියට අල්ලලා දුන්න. හොරා සුමානයක් විතර රිමාන්ඩ් එකේ ඉඳලා ඇවිත් දැන් ගෙදර ඉන්න අයට චන්ඩි පාට් දානවා. මම ලංකාවේ නැහැ, ගෙදර ඉන්න අය රෑ දවල් දොරවල් වහගෙන බයේ ඉන්නවා. හොරාට හිරේ හිටියත් එළියේ හිටියත් දෙකම එකයි. පොලිසියට පැමිණිලි කල එකෙන් අපි ඉල්ලන් කාලා කියල දැනුයි තේරෙන්නේ. ගේ ඉස්සරහට ඇවිත් පිහියෙන් බිම හාර හාරා කුණු හරුප කියන කොට 119 කතා කලාම එන්නේ පැයකට දෙකකට පස්සේ, එතකොට හොරා ගිහින්. පිහියෙන් අැනලා ගියත් පොලිසිය එනකොට සේරම වෙලා ඉවරයි. පොලිසිය ඇවිත් ආයෙත් ආවොත් කෝල් එකක් දෙන්න කියලා යනවා. පොලිසිය ගිහින් විනාඩි 5 න් අයෙත් එලියට ඇවිත් කෑ ගහනවා. හේරත් කියපු එකම තමයි දැන් අපට වෙලා තියෙන්නේ. බැරි වෙලාවත් අපේ ආරක්ෂාවට අපි මොනවා හරි කලොත් පොලිසිය කියන්නේ තමුසෙලාට එහෙම නීතිය අතට ගන්න දෙන්න බැහැ අපි ඉන්නේ ඒවාට තමයි කියලා. දැන් අපි කියන්නේ කාටද? කරන්නේ මොකක්ද? මට දැන් රස්සාවත් දමලා ගෙදර යන්නයි වෙලා තියෙන්නේ. අපි රට විරුවොලු. ඒ අපේ සල්ලි ගන්නකම් විතරයි.(නදී)
මිනිස්සු බය නැතිව වැරදි කරන්නේ නීතියේ තියෙන දුර්වල කම නිසාය දඬුවන් මදි හොරෙක් පොලිසියට අහුවෙලා නිදහස් උනාම නැවත නැවතත් හොරකම කරනවා හොරකම විතරක් නෙවේ හැම අපරාදයක්ම බය නැතිව කරන්නේ එක නිසා.....මරණ දඬුවම ක්‍රියාත්මක කරොත් අපේ රට බේරගන්න පුළුවන්.(අ)
ගාමිණී, තංගල්ලේ බ්‍රිතාන්‍ය ජාතිකයව මරලා පෙම්වතිය දුෂනය කරපු අය කොච්චර කල් ජීවත් වේවිද? (නදී)
පොලිසිය කියලා මොනවා කරන්නද? හොරුන්ව මිනිමරුවන්ව අල්ලලා හිරේ දැම්මත් ටික දවසකින් ආපහු නිදහස් වෙනවා. ඉන්පස්සේ ගෙවල් වල අය ඉන්නේ බයෙන් මිරිකි මිරිකී.(නදී)
ඉන්දික, ඇයි 1988-90 ? 1971,1948 ට පෙර ,ලන්දේසි ,පෘතුගීසි ,රාවණාගේ කාලය , ගොඩක් තියේවි නේද සංසන්දනය කරන්න. අතීතයේ එල්ලිල ඉන්නේ නැතිව ,පටු දේශපාලන අදහස් අතහැරලා ඇත්ත කතා කරමු .පොලිසියේ මහත්වරුනව මේ තතත්වෙට ඇද දැම්මේ 1948 න පස්සේ සිටි බල ලෝභී දේශපාලකයින් .එංගලන්තේ පොලිස් නිළධාරියට ඇති තත්වය අපේ නිලදරින්ට නති කළේ දේශපාලකයින් එයාලගේ වාසියට. ඇත්ත කතා කරනවිට පට කන්නාඩි ද ගත්ත ඊනියා දේශප්‍රේමීන්ට රිදෙනවා .සිංගප්පුරුව දියුණු වුනේ ආගම්,ජාති බේද නැතිව ඉංග්‍රීසියට මුල් තැන දීපු නිසයි. (අ)
මේ හතර දෙනා තව උපරිම සතියක් ජීවත් වෙයි. "විඳින කලට දුක් දැඩි වෙයි ගිණිසේ" (නදී)
පහන් ඔය කියන සිංගප්පුරුව තියෙන්නේ කොහෙද? අර ලංකාවේ තියන කොරියාව වගේ එකක් කියල හිතුවද සිංගප්පුරුව.ඔය කාවද අන්දන්න යන්නේ? ඕව ගිහින් කියන්න ලංකාවේ මායිම් ගම්මාන වලටත් එපිටින් ඉන්න පත්තරයක් වත් කියවන්න පහසුකම් නැති මිනිස්සුන්ට ඔය කෙබර මෙතනට හරියන්නේ නැහැ. අපිට තියෙන්නේ ලංකාවේ තියන වෙන ප්‍රශ්නයක් නොවේ . (ස)
මෙහි අවසානය කුමක් වේද? (නි)
සහන් , ඉපදුනු රට නොවේ වැදු මවගේ වුවද වැරැද්දක් වේ නම් චන්ද,දෝස,භය ,මෝහ යන සතර අගතියෙන් තොරව සත්‍ය ප්‍රකාශ කිරීමට ආත්ම සංයමයක් මට ලැබුනේ මගේ ආගම වන බුදු දහමින් . ශ්‍රී ලංකාවේ සිදු වන බොහෝ අපචාර සහ අපරාධ වැළැක්වීමට නොහැක්කේ ඔබ වැනි අය ඒවා සාධාරණිකරණය කිරීමට ජාතිවාදය ,දේශපාලන පාක්ෂිකත්වය යොදා ගැනීම නිසයි. (ස)
සමන් රණවක, ඇමරිකාවත් එක්ක සංසන්දනය කලාම ලංකාව හොඳයි. ලංකාවෙ ඝාතන ප්‍රතිශතය 3.6. ඇමෙරිකාවෙ 4.8. තමන් ඉපදුනු රටට ගරහන්න එපා. (ස)
දැන් මේ සිද්ධියට ඉදිරියට මොනවද වෙන්නේ? (නි)
නොම්බර් තහඩුත් පිත්තල බොත්තමුත් අලුවෙලාද? (නදී)
මෙච්චර දුර හොයන්න පුළුවන් දක්ෂ නිලදාරීන් අපිට ඉන්න රටේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහත්තය මහා දවාලේ මහා පාරේ මැද මරල දැම්ම අය හොයා ගන්න බැරි එකනේ පුදුමේ.(ස)
ලංකාවේ තියෙන දේශපාලනේ නිසා තමයි පොලීසියට හරියට වැඩක් කරන්න බැරි. (ස)
නීතිය හොඳින් ක්‍රියාත්මක වෙනවා කියන්නේ ලංකාවේද? මේ ඉන්දියන් සාගරයේ තියෙන ලංකාවේද?(ස)
මම රටවල් ගණනාවක සේවය කරපු කෙනෙක් ඒත් මෙැවැනි දේවල් නම් මම අහලා නැහැ.(නදී)
මම කියපු දේවල් වලින් ඔයගොල්ලන්ගේ හිත රිදුනා නම් සමාවෙන්න. මම තේරුම් ගත්තා මම ගොඩක් වැරදි දේවල් කිව්වා කියලා. මම නැවත වරක් ඔයගොල්ලන්ගෙන් සමාව ඉල්ලනවා. මට සමාවෙන්න.(නදී)
මේ ගොල්ලන්ව ගඟක් ළඟකට හෝ කැළයකට එක්කගෙන ගිහින් අර අවි පෙන්නන යද්දී වුන වගේ දෙන්න. නඩු එපා බොරුවට කලේ නාස්ති කරන්න එපා. දෙන්න වැඩේ අල්ලපු ගමන්ම. රටේ කාගෙවත් අනුකම්පාවක් මේ යට ලැබෙන්නේ නැහැ (අ)
අපි බන්දුල මහත්තයා කියන දේ පිළිගනිමු.(නදී)
සිංගප්පුරුව පුරවැසිකම දෙන්නේ චීන ජාතිකයන්ට මුල් තැන දෙමින්. ලී ක්වාන් යු රටට සේවයක් කල නිසා මැලේ සහ දෙමල ජාතිකයන් ඉවසා සිටිනවා. එහෙත් ඔහුගේ මරණයෙන් පසු යම්කිසි වෙනසක් රටේ සිදුවේවි. කරගන්න දෙයක් නැතිකමට මම සිංගප්පුරුවේ වැඩකලා. ඒ රටේ මිනිස්සුන්ට අයිතිවාසිකම් නැතුව අපිට ලැබෙයිද ? (නදී)
ඇත්තටම නෙලුම්, අර ඔය කියපු මනුස්සයා තමන්ගේ අම්මා, සහෝදරියන් පුවත්පත් නොබලන නිසා වෙන්න ඇති ඒ විදිහට ලියන්නේ. මටත් හිතෙනවා තමයි මේවා ලියල මොනවටද අපි මෙහෙම නොමිනිසුන්ගෙන් ජරා කතා අහන්නේ කියලා. කුසුම් ලියා තියන අන්තිම ටික දැක්කහම ලියන්න ආපු එකත් අමතක උනා. නිලූ ඔයත් මොනවා හරි ලියන්න.(නදී)
සිංගප්පුරුවේ කොහෙද ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ. මැලේ සහ දෙමල මිනිසුන්ගෙන් අහල බලන්න එයාල මොන තරම් පීඩනයකින්ද ඉන්නේ කියලා. වරාය,එස් .කිව්,සින්ග් ටෙල්,ස්ටාර් හබ් කාටද අයිති කියල හොයල බලන්න බැංකු ගැන මම ලියන්නේ නැහැ ඒවත් එහෙමයි. කිසිම සේවක අයිතිවාසිකමක් නැති රටක්. රජය විවේචනය කල නොහැක. එස් කියන පාස් එකට මම සිංගපුරුවේ අවුරුදු 5 වැඩකලා. මම හිටපු නරකම රට.(නදී)
නිල ඇදුමෙ නම් අලුවත් ඉතුරු උනා.(නදී)
චමින්ද 2014-05-17 16:06:13 අර තුන්ඩු බෙදලා කඩවල් වහන කාලේ නම් මේ වගේ චන්ඩි,කුඩු බෙදා හරින ,කසිප්පු විකුණන අය , කප්පන් කාරයෝ,ස්ත්‍රී දුෂකයෝ බෙහෙතකටවත් හොයා ගන්න හිටියේ නැහැ. ඒ කාලේදී හැමෝටම පොදු නීතියක් තිබුනනේ.(නදී)
කුසුම් 2014-05-17 15:48:30. රත්තරන් බඩු සල්ලි මංකොල්ල කන්න ඉඩ දීලා ඒ රත්තරන් සියල්ලම රාජ සන්තක කරනවා කියන එකෙන් අදහස් වෙන්නෙත් එල්.ටී.ටී එකේ රත්තරන් වලට, හැමදාම ගුවන් තොටුපලේ අල්ල ගන්න රත්තරන් වලට සිද්ද වෙන දේ වෙනවා කියන එක නේද? .(නදී)
මොන සංවර්ධනය කරා ගියත් , අපේ රට මෙහෙම ගියොත් කොලොම්බියාව සුඩානය වැනි රටවල් ගණයට වැටෙනවා. කෝ අර තංගල්ලේ විදේශීය බවලතා දුෂණය කර , සහකරුවා මරපු නඩුව තවම පාවී පාවී යනවා. කවදාද මේකේ තීන්දුව දෙන්නේ ? (නදී)
අර කවුතුකාගාරයේ කඩුව වගේ තමයි මේකත්.(නදී)
නීති තද කරන්න,කාටත් එක නීතිය ක්‍රියා කරන්න අහිංසක මිනිස්සුන්ට සාධාරණය පොලිසියෙන් ඉටුවෙනවා හොඳටම මදි පොලිසියේ ඇතුලේ වැරදි කරන අය ගැන හොයන්න වෙනම නිලදාරීන් කණ්ඩායමක් පත් කළොත් හොඳයි. (ස)
දැන් ඉතින් හොද උණු පාන් ගෙඩියක් ලඟ තියාගෙන ඉන්න.ලඟදීම පරිප්පු ලැබෙනවා. (ස)
එතකොට පොලීසිය අහිංසකයෝ කි දෙනෙක්ට ගහල මරනවද ? (ස)
ඩුබායි තිලක්, දවසක් දෙකක් අමාරුවෙන් හරි ඔලුවෙන් හිටගෙන ඉන්න පුළුවන් නම් අඩුම තරමෙ ලෝක සිතියමේ ලංකාව තියන තැනවත් හොයා ගන්න පුළුවන් වෙයි.අපට නම් ඔයා වගේ අය ගැන දැනෙන්නෙ පුදුම අනුකම්පාවක්.!! (ස)
ගයාන්, නීතිය තියෙනේ තද කරන්න නෙමයි. ක්‍රියාත්මක කරන්න, සියලු දෙනාටම එකවගේ. හැකි නම් මේ සිද්ධිය පිලිබඳ තව විස්තර හොයල බලන්න, සම්බන්ද අය කව්ද කියල ඔයාට තේරේවි. (ස)
ඇත්තටම මේ අයට මොනවද ලැබුනේ මේ අපරාධය කරලා ? (ස)
මිනීමරු ප්‍රභාකරන් රජ කරපු කාලේදී වුනත් අපි බියක් සැකක් නැතිව ලංකාවට අාව ගියා.අද ලංකාවට යන්න කියල ගුවන් ටිකට් එක අතට ගනිද්දී පුදුම බියක් දැනෙනවා.(ස)
ඉදිරියේදී කැසිනෝ ආවම ලංකාව තව තවත් සුන්දර වේවි. අපිට අපේ දරුවන් සමග ජීවත් වෙන්න පිට රටවල් හොයා ගන්න සිද්ද වේවි. (ස)
අද පොලිසියේ ඇදුමවත් අර්රක්ෂා කර ගන්න බැරි වෙලා.අපි පුදුම වෙන්නේ නැහැ.(ස)
ලංකාවේ පොලිසියේ ඇදුම් ගලවල ගොඩාක් කල්නේ.තවත් ගලවන්න තරම් ඇදුමක් ඉතිරි වෙලා නැහැනේ.(ස)
නිමල් වගේ වැරදි කාරයන්ට කොහොමත් පොලිසිය පෙන්න බැහැ තමයි.වැරදි කරනකොට පොලිසියෙන් බේරෙන්න බැහැනේ. (ස)
පොලිසියේ ඉන්න වැඩි දෙනෙක් ගැන පැහැදීමක් නෑ. (ස)
පොලිසිය කරන දේවල් නිසා සාමාන්‍ය මිනිසුන්ට පොලීසිය ගැන දැඩි කලකිරීමක් තියෙනවා. (ස)
මෙම අපරාධය කල අපරාධ කාරයෝ පොලිස් අත්අඩංගුවට පත්වුනොත් අධිකරණයට ඉදිරිපත් කරන එකක් නැහැ,(ස)
මට නම් ලංකාවේ ඉන්න පොලිසියේ අයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ (නි)
මිනීමරු ප්‍රභාකරන්ට අවුරුදු 35 කදී කරන්න බැරි වුණ විනාශයක් මේ අවුරුදු 3-4 ඇතුළතදී වෙලා තිබෙනවා.අද හෙට වෙනකොට ඇඳගෙන යන ඇඳුම වුණත් උස්සාගෙන යන කාලයක් එයි. ප්‍රාඩෝ වලට ආවඩන අය මිසක් මොළේ තිබෙන අය මේ වෙන දේවල් හොඳයි කියලා කියන්නේ නැහැ. (නි)
අපරාධ කාරයන් ටික හෙට අනිද්දාම එළොව යයි. (ස)
නැද්ද හංගපු ආයුධ එහෙම ? (ස)
මම එවන අදහස් කෙටි කරන්නෙ ඇයි. මගෙ අදහස් වලින් සමාජයට යහපත් දෙයක් වෙන්නෙ නැතිද. කරුණාකරල මම පලකරන අදහස් නරක නම් මම එවන අදහස් සම්පූර්ණයෙන්ම අයින් කරන්න. ටිකක් විතරක් පල කරන්න එපා. මොකද මම නිතරම ඔබේ පුවත් පත කියවන පාඨකයෙක්. එ් නිසා මගෙ අදහස් මේ වගේ කෙටි කරන්න එපා. (ස)
නිදහසක් දෙන්න වටින්නේ නැ (ස)
අනේ ඇත්තටම මේ වගේ අපරාධයක් නොකළා නම් මේ මිනිස්සු කොච්චර නිදහසින් සහ සතුටින් ඉන්නවද? දැන් ඉතින් පවුල් වල අයටවත් කිසිම සැනසීමක් නැහැනේ. මේ අපරාධය කළ මිනිස්සු බලාපොරොත්තු වුණ දේවල් දැන් ලැබුනද? (නි)
තිබුණා නම් කොහොමද? (ස)
සමන්රණවක, ජපානේ එක්ක සංසන්දනය කරන්න ඉස්සෙල්ල මේ රටේ ඉස්සර කලේ (UNP කාලේ / 1988-90) එක්ක සංසන්දනය කරන්න. එකපාරක ජපානේ වගේ වෙන්න බැහැ. ටික ටික තමයි වෙන්න පුළුවන්. ප්‍රයෝගික වෙන්න. ලෝකේ කොහෙවත් එක පාරට එහෙම වෙලා නැහැ. සිංගප්පුරුව උනත් ටික ටික තමයි ඒ තත්වෙට ආවේ. (අ)
ගිහාන්"ප්‍රභාකරන් ඉන්නකොට වඩා දැන් ලංකාව ගැන බයයි කියලා කියන මිනිස්සු ලංකාවේ අද තත්ත්වය ගැන කොහෙත්ම දන්නේ නැතුවා වගෙයි."අද ලංකාවේ අපරාදවලින්,කපල කොටලා මිනි මැරීම් වලින්, ස්ත්‍රී දූෂණවලින්,කප්පන් වලින්,ළමා අපචාර වලින්,කුඩු වලින්,ඉතොනොල් වලින්,කැසිනෝ වලින්,රක්ෂිත වනාන්තර වලට කරන විනාශයන්ගෙන් විශාල දිණුවක් ලබල තිබෙනවා කියල අපේ අස්ස වලින් දැක බල ගත්ත. (අ)
හොද වැඩේ (අ)
තිලක් ඩුබායි ලංකාවට යන්න භය නම් දුබායි වලට වෙලා ඉන්න පොලිසිය නැත්නම් වෙනදේ ගැන ටිකක් හිතන්න. (අ)
තිලක් ඩුබායි, ඔය ඇයි ලංකාවට එන්නේ. පින් සිද්ද වෙයි ඔහාටම වෙලා ඉන්න. මෙහෙ ඉන්න මිනිස්සු දන්නවා ඉස්සර තිබිච්ච නිදහසයි දැන් තියෙන නිදහසයි ගැන. (අ)
තිලක් මහත්මයාගේ අදහස් සම්බන්දව ඉතාමත් කණගාටු වෙමි.ඔබ අපහාස කරන්නේ රට වෙනුවෙන් දිවි පිදු වීරයන්ටය.
කිසි දිනක දියුණු රටකට පා තබා නැති ළිං ගෙම්බන් වැනි දේශප්‍රේමීන්ට මේ රට තරම් නීතිය හරියට ක්‍රියාත්මක වන කේතුමතී පුරයක් තවත් නැති බව පෙනේ .අපි සංසන්දනය කල යුත්තේ සිම්බාබ්වේ , ස්වාසිලන්තය ,උගන්ඩාව වැනි රටවල් සමග නොව දියුණු යුරෝපය ,ඇමෙරිකාව ,ජපානය වැනි රටවල් සමගය. පටු දේශපාලනය අත් හරින්න , වැරැද්දට වැරදි යයි කීමට පිටකොන්දක් ඇති පිරිමියකු වන්න .ශ්‍රී ලංකාව මතු පරපුරට යහපත් තැනක් කල හැක්කේ එවිටයි. (අ)
අවුරුද්දකට අලුත් පත්වීම් කීයක් නම් පොලිසියට පත්වෙනවද? හැබැයි පොලිසිය දවසින් දවස පහළට ගිහින්. දැන් අන්තිමට මිනිස්සු පොලිසියට ගහන්න නිලධාරීන් උස්සලා මරන්නත් පටන් අරන්.අර කොට කලිසම් ඇඳපු කාලේ පොලිසියට තිබුන උසස් තත්ත්වය ගැන හිතා බලන්න ලොකු මහත්වරුනි. (නි)
මම නම් කියන්නේ නඩුවලට කාලය නාස්ති කරන්න එපා කියලයි (නි)
පුර්ණ,ඔබගේ කතාවට මට හරිම සතුටුයි. ලංකාවේ ඉපදිලා, ලංකාවෙන් ටිකක් හරි අධ්‍යාපනය ලබලා, ඩුබායි වගේ රටක ඉඳගෙන ලංකාවටම පහත් කරන මේ මිනිස්සු දිගටම පැරදි පැරදී එකතැනම පල්වෙනවා. ප්‍රභාකරන් ඉන්නකොට වඩා දැන් ලංකාව ගැන බයයි කියලා කියන මිනිස්සු ලංකාවේ අද තත්ත්වය ගැන කොහෙත්ම දන්නේ නැතුවා වගෙයි. (නි)
සගවා තිබු නිල ඇදුම් සොයන්න එක්කරගෙන ගිහිල්ල, නිල ඇදුම් හොයාගෙන ඒවා සැකකරුවන්ගේ නහයට අල්ලපුවහම මියගිහින්. (ස)
අවිගත්තෝ අවියෙන්ම නැසෙති. (නි)
මම පොලිසියේ සමහර නිලධාරීන්ට අකමැතියි. නමුත් මම තේරුම් අරගෙන තියෙන්නේ අද කාලේ අපේ අම්මලා සහෝදර සහොදරියන්, දුවා දරුවන්ගේ ශරීරයවත් පොලිසිය නැතුව ආරක්ෂා කරගන්න බැරිබව (නි)
වැරදි කළ අය ළඟදිම හමුවෙයි. ඒ අයට ලැබෙන්න ඕනෑ දඩුවම් ලැබෙයි.පොලිසියේ මොන වැරදි තිබුණත් ඒ දෙන්නා මැරුනේ රාජකාරි කරන වෙලාවෙනේ. එයාලා නීතිවිරෝධී දෙයක් කරන්න ගිහින් නෙමෙයිනේ. මට තවත් දෙයක් කියන්න තියෙනවා. මේ අදහස් පළකර තියෙන අය පොලිසියට බනින්නේ එයාලා මොකක් හරි වැරැද්දක් කරලා පොලිසියෙන් දඩුවම් ලබපු අය වෙන්න ඇති. (නි)
නිමල් පොලිසියෙන් ගුටිකාලා ඇති.ඒකයි පොලිසියත් එක්ක මෙච්චර තරහා.දවසක් පොලිස් දෙපාර්තමේන්තුවටම නිවාඩු දීලා බලන්න.එදාට පොලිසියේ අගය තේරෙයි. (නි)
මේ අදහස් දමන සමහරු ප්‍රභාකරන්වත් ප්‍රභාකරන් කරපු විනාශයවත් දැකපු අය නම් නෙමෙයි.ජීවිත කාලෙම පිටරටකට වෙලා ඉන්න කෙනෙක්ද කොහෙද?සර්ව සම්පුර්ණ කිසිම දෙයක් නැති ලෝකේ නීතිය ක්‍රියාත්මක කරවන්නන්ගෙන් වන සුළු සුළු අඩුපාඩු තිබුනත් මේ රටේ හොඳින් නීතිය ක්‍රියාත්මක වෙනවා. (නි)
ඔවුන් අල්ලාගෙන ඔවුන්ගේ ඇඳුම් ගලවා ඔවුන්ටම කියා පුලුස්සවා මහපාරේ එල්ලා තබා ,,මිනිසුන්ට කියන්න දඬුවම් දෙන්න කියා.(නදී)
අන්තිමට මේක කාගේ පිටින් යයිද දන්නෙ නැහැ (නි)
මට නම් පෙනෙන්නේ ආණ්ඩුව සහ පොලිසිය අස්ථාවර කරන්න කිසියම් සංවිධානාත්මක කල්ලියක් කළ වැඩක් වගේ? (නි)
පොලිසියේ සමහරු ගැන මටත් එතරම් පැහැදීමක් නැතත් පොලිසියක් ලංකාවේ නොතිබුනා නම් තත්වය කොහොම වේවිද? පොලිසියට බනින සමහරුන්ට පොලිසිය මතක් වෙන්නේ තමන් කරදරේකට වැටුනහම. අනික පොලිසියට බනින වැඩිදෙනා නීති ගරුක අය නොවේ. මගේ අදහස නම් පුද්ගලයන්ගේ වැරදි වලට ආයතනයකට ගැරහීම නොසුදුසුය. (නදී)