කොක්කඩිචෝලේ කසිප්පු වැටලීමකට ගිය පොලිසියේ පිරිසක් සහ නිවැසියන් අතර ගැටුමකින් දස දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
කසිප්පු සමග සැකකාරිය අත්අඩංගුවට ගැනීමට යෑමේ දී උරණ වූ නිවැසියන් පොලිස් කොස්තාපල්වරයකුට පොල්ලකින් ගසා වාහනවලට පහර දුන් බවත්, ඔවුන් විසිරැවීමට අහසට වෙඩි තබද්දී තුවක්කු උදුරා ගැනීමට උත්සාහ කරද්දී දෙදෙනකුට වෙඩි වැදුණු බවත් පොලිසිය පවසයි.
ගැටුමෙන් තුවාල ලැබූ කාන්තාවෝ දෙදෙනෙක් (52, 24) හා පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් මඩකලපුව රෝහලට ඇතුළු කරනු ලැබූහ.
සුළු තුවාල ලැබූ නිවැසියෝ දෙදෙනෙක් හා පොලිසියේ සිව් දෙනෙක් ප්‍රාදේශීය රෝහලක ප්‍රතිකාර ලබති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොටම මුල පොලීසිය පක්ෂග්‍රාහීව කටයුතු කිරීමයි. අද මිනිසුන්ට පොලිසිය ගැන කිසිම විශ්වාසයක් නැහැ (නි)
ඇයි ඒ මිනිසුන්ට නිදහසේ බීලාවත් ඉන්න දෙන්නේ නැත්තේ ? (නි)
පොලිසිය කියන කතන්දරය විශ්වාස කරන්න පුළුවන් (නි)
දැන් කට්ටිය පිල්ලේ නෝනා ගාවට යයිද දන්නෙන නැහැ (නි)
ටෙලි නාටකයක ජවනිකාවක්ද? හැබෑවට මෙසේ විය හැකිද? (නි)
අද අපේ අය හින්දි චිත්‍රපටි බලනවා වැඩියි වගේ. (නි)
අයියෝ! තාමත් ලංකාවේ කසිප්පු තියෙනවද? මම හිතාගෙන හිටියේ දැන් ඕනෑතරම් කුඩු තියෙන නිසා කසිප්පු නැතුව ඇති කියලා. (නි)
අද පොලිසියට ජනතාව හසුරුවන්න බැහැ. ඒකට හේතුව පොලිසිය ගැන මහජන විශ්වාසය පිරිහිලා. මේකට පොලිසිය වගේම දේශපාලකයොත් වගකියන්න ඕනෑ (නි)
දේශපාලන සවියක් නොවන්නට පොලිසිය සමඟ කිසිවෙක් ගැටුමකට යොමු නොවේ. (නි)
කාන්තාවක් අල්ලාගෙන යන්න කාන්තා පොලිස් නිලධාරිනියක් හිටියේ නැද්ද ? (නි)
කසිප්පු කියලා මිනිස්සු බොන්නේ ජරාවක්.මේවා අපේ රටෙන් සම්පුර්ණයෙන්ම අතුගා දමන්න ඕනෑ. (නි)
පොලිසියට තිබෙන ගරුසරුවේ තරම මේකෙන් පේනවා. (නි)
මිනිසුන්ට කේන්ති නොයන ආකාරයට පොලීසියට හැසිරෙන්න උගන්වන්න ඕනෑ ඔක්කොටම කලින්. (නි)
රටේ නීතිය කාහටත් පොදුයි (නි)
පුදුමයිනේ? තුවක්කුත් උදුරා ගන්න හැදුවද? (නි)
ජපානයේ පොඩි වාහන අනතුරක් සිදුවුණත් පොලිසිය එන්නේ මෝටර් සයිකල්, පොලිස් කාර් වෑන් වලින් දහ දොළොස් දෙනෙක් පමණ. ඒ හැමෝටම පිස්තෝලත් තිබෙනවා. ලංකාවේ පොලිසියට මිනිස්සු දැන් බයක් පෙන්වන්නේ නැහැ වගේ. ඒ නිසා මේ වගේ දෙයකදී විශාල කණ්ඩායමක් යවන්න. (නි)
ගිනි අවි සහ ගිනි කෙළි බලලාවද්ද දන්නෙ නැහැ (නි)