විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියන්ගේ අනුසාශනාවෙන් ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඇසළ පොහෝදින පින්කම් මාලාව පැවැවිණි.
විහාරස්ථ උපාසක උපාසිකාවෝ විශාල සංඛ්‍යාවක් එදින අටසිල් සමාදන් වුහ. විහාර වාසී මහා සංඝරත්නයේ මෙහෙයවීමෙන් දවස පුරාම ශීල භාවනා වැඩසටහන් පවැත්විණි.
තක්සිලා කරුණාරත්න,භාග්‍යා සිලවා, සුමිත්‍රා විමලදාස සහ ප්‍රමොදිනී ලියන්වෙල යන පවුල් වල සාමාජිකයෝ වස් ආරාධනා කළහ.
වස්සාන පින්කමේ වටිනාකම විස්තරකරමින් ආචාර්ය හාඳුපැල්පොල මහින්ද හිමියෝ ධර්ම දේශනයක් පැවැත් වුහ. සෙත් පතා බැද්දේගම අගලිය ශ්‍රී ධර්මාරාම විහාරාධිපති රෑකඩහේනේ රතනසිරි හිමියන් ප්‍රමුඛ මහා සංඝයා ධම්ම චක්ක පවත්තන සුත්‍රය දේශනා කළහ.
කටින චීවර පුජා පිංකම ඔක්තොම්බර් 27 වැනි දින පැවැත්වෙන බවත් වස් කාලය පුරාවටම සෑම ඉරිදා දිනයකම විහාරස්ථානයේදී නව අරහාදී බුදුගුණ වන්දනා සහ සුමදුර ධර්මදේශනා පැවැත්වෙන බව පියදස්සී නාහිමියෝ පැවසුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වස් ආරාධනා කලාට කමක් නැහැ .හිර ගෙවල් වල ලගින වැඩ නොකර සිටීමට වග බලා ගත යුතුය .කින්ග්ස්බරි චරිත සහතිකය ඒ තරම්ම හොඳ එකක් නොවන බවට ඕනෑ තරම් සාක්ෂි ඇත්තේය . (නදී)
සාධු... සාධු... සාධු...! (නි)
ඉන්න සෙනග ටික දැක්කම "නන්ද" හරි ඇති කියලා හිතුනා. පිටරටවල පන්සල්වල වස් ආරාධනා වගේ පින්කම් වලට කට කපලා සෙනග එනවනේ....මොකද මෙහෙ බොහොම ටික දෙනෙක් කියලා මම බැලුවා. (නි)
හාමුදුරුවරු ලංකාවෙන් නොනැවතී පිට රටවලත් මේවා කරන එක හොදයි (නි)
එහෙත් සේනාවක් හදයිද දන්නේ නැහැ අපේ හාමුදුරුවෝ? (නි)
මේ දවස්වල යුරෝපයටම ග්‍රීෂ්ම ඍතුව ලබලා. බුදු හාමුදුරුවෝ වස් වැසුවෙත් ග්‍රීෂ්මයටද? දේශයේ හැටියට කටයුතු නොකර විහිළු කිරීම හොදද? මේක බෞද්ධ දර්ශනයට නිගාවක්.(නදී)
හැමතැනමත්,හැම එකක්මත් එකම විදියට වෙනවා යයි සිතීම මුලාවකි.හොද සහ නරක එකසේ මිශ්‍රව ඇති ලෝක දහමේ බුදු දහමට එකගව කිංස්බරි විහාරස්තානයේ සිදුවන කටයුතු කෙරෙහි අපි පැහැදිය යුතුය. නිමල් ජයසිංහ මහතා කියන විදියට කාලයට දේශයට අනුව යම් යම් දේ වෙනස් විය යුතුය.ඒවා ප්‍රාථමික කටයුතුය. බුදු දහම එනම් නිවන් අරමුණු කර ගත් ධර්මය වූ කලි ලොව කොතනටත් වලංගු හැම කලටම සමාන බුද්ධිමතුන් විසින්ම පමණක් අවබෝද කටයුතු මනාසේ දේශනා කර ඇති දහමකි. බුදු සරණයි! (නි)