IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


“කිසිම නාලිකාවකට සාමය නැති කරන්න දෙන්නේ නෑ’’

(ඩයනා උදයංගනී)

කිසියම් මාධ්‍ය නාලිකාවක් රටේ සාමය නැති කිරීමට හෝ ජාතීන් අතර අසමගිතා ඇතිකිරීමට උඩගෙඩි දෙමින් කටයුතු කරනවා නම් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට මාධ්‍ය ඇමතිවරයා ලෙස තමා පසුබට වන්නේ නැතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

එවැනි මාධ්‍ය සම්බන්ධයෙන් නීතියේ රාමුව තුළ ව්‍යවස්ථාවට ගරු කරමින් කටයුතු කිරීමේ වගකීමක් තමාට පැවරී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය. මාධ්‍ය නාලිකා යනු ජනතාවගේ දේපලක් මිස කාගේ හෝ පෞද්ගලික බූදලයක් නොවන බව ද අමාත්‍යවරයා කීවේය.

එමෙන්ම සාවද්‍ය පුවත් ප්‍රචාරය කරන වෙබ් අඩවි සම්බන්ධයෙන් පැහැදිළි නියාමනයක් අවශ්‍යය බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ‘මාධ්‍ය ආයතන, නාලිකා මගින් ජනතාවට තොරතුරු ලබාගැනීමේ අයිතිය පාලනය කරන්න යන්නේ ඇයි?’ යනුවෙන්මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

මෙවැනි මතයක් රට තුළ ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ විපක්‍ෂනායකතුමා පාර්ලිමේන්තුවේදී දැඩි ස්වරයකින් කළ ප්‍රකාශයක් බව කී ඇමතිවරයා මාධ්‍ය සම්බන්ධයෙන් නීතීඥවරු ගෙන්වා රහසිගත සාකච්ඡාවක් පැවැත්වූ බවට ඔහු එහිදී සඳහන් කළ බව ද කීවේය.

නීතීඥවරු ගෙන්වා සාකච්ඡා කරන්නේ නීතිගරුක විය යුතු නිසා යැයි කී ඇමතිවරයා නීතිය තුළ ක්‍රියාත්මකවීමට ඇති ප්‍රතිපාදන භාවිතා කර නීතිය තුළ කටයුතු කිරීම නීතීගරුක පුරවැසියකුගේ ලක්‍ෂණයක් බවත්, එය රහසිගත කටයුත්තක්, ජාතික අපරාධයක් හෝ කුමන්ත්‍රණයක් නොවන බව ද පැවසීය.

පාතාල සාමාජිකයින් ගෙන්වා සාකච්ඡාවක් පැවැත්වූ බව කීවේ නම්, කුරුඳුපොලු කණ්ඩායම් ගෙනත් හෝ අරලියගහ මන්දිරයේදී පෞද්ගලික හේතු මත යම් යම් අයට නඩු පැවරීම ගැන සාකච්ඡාවක් කළේ නම් ඒ ගැන විමර්ශනයක් කළ යුතු බව කී ඇමතියවරයා වර්තමාන රජය එම ක්‍රමවේදය සම්පූර්ණයෙන් බැහැර කර තිබෙන බව සඳහන් කළේය.

 



අදහස් (8)

“කිසිම නාලිකාවකට සාමය නැති කරන්න දෙන්නේ නෑ’’

විජිත් Tuesday, 13 July 2021 04:01 PM

"මාධ්‍ය නාලිකා යනු ජනතාවගේ දේපලක් මිස කාගේ හෝ පෞද්ගලික බූදලයක් නොවන බව ද අමාත්‍යවරයා කීවේය..." ඒ කාලයේ මාධ්‍ය ආයතනයකට අයිති "GI බට" වගයක් විකුණපු කතාවකුත් තියෙනවා. ඒ කාලයේ ටෙලි නාට්‍යයක් රජයේ රුපවාහිනී ආයතනයකට ලබාදෙන්න මූලිකම සුදුසුකම වුනේ ඒ නාට්‍යයේ ප්‍රධාන නිළිය..., ඒ දවස්වල ඔබ හිතාගෙන හිටියේ මාධ්‍ය ආයතන ඔබගේ පුද්ගලික බූදලයක් කියලා නේද..? ඔබේ ඔය කුණු හෝදන රස්සාවට වඩා හොඳ නැතිද ටින් එකක් අරගෙන හන්දියක් හන්දියක් ගානේ හිඟා කෑවා නම්...!!!

:       1844       1552

Nuwan Tuesday, 13 July 2021 04:26 PM

අනේ ඇත්තද?

:       433       72

Demuni Uduwara Tuesday, 13 July 2021 05:00 PM

අවසන් ඡන්දෙ කාලේ වර්ගවාදය, ආගම්වාදය පැතිරුවේ කුමන නාලිකාවලින්දැයි ජනතාව වඩාත් හොඳින් දන්නවා.

:       413       509

තැනේ හැටියට Tuesday, 13 July 2021 05:32 PM

ඒක ඇත්ත. ඊළඟ මැතිවරණය ලං වෙනකොටවත් ඔය සිංහල බෞද්ධ කියමින්, වඳ පෙති, වඳ කෑම යන වර්ගීකරණයන් කරන, ළමයි ඇති, නායකයින් නැති නායකයින් යන පහත් වර්ගීකරණයන්ද හදන ගෝත්‍රික සමාජයට ගැලපෙන දෑ පවසන නූගතුන්ටත් දඬුවම් දිය යුතුයි.

:       391       320

pradeepa Tuesday, 13 July 2021 05:44 PM

ආණ්ඩුවේ හොරකම්, දූෂණ, නීතිවිරෝධී වැඩ පෙන්වලා දෙන නාලිකාවන් අවලංගු කරන්න යනවා කියන්නේ... ආණ්ඩුව කලු ගලේ ඔලුව ගහගත්තා වගේ...

:       136       37

පප්ප Tuesday, 13 July 2021 06:46 PM

ඕස්ට්‍රේලියාවේ කොටු පනින්න ගිහිල්ලා කකුල කඩාගෙන... ඒකට ජනාධිපති අරමුදලින් කෝටි ගණනකට වැඩේ දුන්නා. පස්සෙ ටොන් පචයක් කෙලියා... එරට ආණ්ඩුවට විරුද්ධව නඩුදානවා කියලා එම අනතුරට අාණ්ඩුව වගකියන්න ඕනෑ කියලා. ඔය යෝධයාගෙන් දැනගන්න කැමතියි ඒ නඩුවට මොකද වුනේ කිය‍ලා...

:       84       140

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 13 July 2021 07:29 PM

නොදියුණු යැයි සැලකෙන ලොව ඇතැම් රටවල සමහර දේශපාලකයින් තමන්ගේ පිරිහීමේදී හා අසාර්ථක බව වසාගැනීමට අවශ්‍ය වූ අවස්ථාවලදී එරට ජනමාධ්‍ය පාලනයට හා ඒවාට හිරිහැර කරදර ඇති කළ අවස්ථා ඉතිහාසයේද සිදුවී ඇත.

:       110       143

Bamunuarachchi Wednesday, 14 July 2021 05:53 PM

ජොබ් එක සිල්වාට බාර දෙමු නියමෙට කරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොහාන්ගේ රිය ගැන තවත් තොරතුරු එළියට
2024 නොවැම්බර් මස 04 564 0

නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්


වලානෙන් හිටපු මන්ත්‍රී සේමසිංහගේ නිවෙස පරීක්ෂා කරයි
2024 නොවැම්බර් මස 04 761 0

එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ


පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක්
2024 නොවැම්බර් මස 04 249 0

ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි


හිටපු දේශපාලකයන් 4ක් රජයේ බංගලා බාරදී නෑ
2024 නොවැම්බර් මස 04 642 0

හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු දෙනකු රජයේ බංගලා තවමත් බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන


ජාජබ ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා පමණයි
2024 නොවැම්බර් මස 04 645 0

ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී අද


’’විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය නෑ’’
2024 නොවැම්බර් මස 04 662 0

විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනය


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 388 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 685 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site