(අමදෝරු අමරජීව)

ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම නිසා වරෙන්තු ලැබ සිටින ය බළන්ගොඩ කස්සප හිමි මහේස්ත්‍රාත්වරයාට හා අධිකරණයට අපහාස වන ලෙස ප්‍රකාශයක් සිදු කිරීම හෙළා දකිමිණි ත්‍රිකුණාමල අධිකරණ සංකීර්ණයේ නීතිඥවරු අධිකරණ සංකීර්ණය ඉදිරිපිට අද පෙරවරුවේ නිහඬ විරෝධතාවයක නිතර වූහ.

ප්‍රශ්නගත හිමිනම මාධ්‍ය හරහා කළ ප්‍රකාශයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් සිදු වී ඇති බවත් මහේස්ත්‍රාත් නිකුත් කර ඇත්තේ නඩුවකට පෙනී නොසිටීම නිසා නීත්‍යනුකූල නියෝගයක් බවත් නීතිඥවරු මෙහිදී ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ත්‍රිකුණාමල ශාඛාවේ සභාපති නීතිඥ ඒ.එස්.එම් රපීස් මහතා පැවසුවේ ත්‍රිකුණාමල මහේස්ත්‍රාත්වරයාට හා අධිකරණයට හිමිනම කළ ප්‍රකාශය තරයේ හෙලා දකින බවත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කල යුතු බවත්ය.