දෙහිඅත්තකණ්ඩිය හෙන්නානිගල හිටපු ආදී වාසී නායක තාලාවරිගේ කළු අප්පු (114ට වැඩි) අභාවප්‍රාප්ත විය.
දරුවන් 10 දෙනකුගේ පියකු වු ඔහු පරම්පාරා හතරක මුණුබුරු,මිනිබිරියෝ 105 දෙනෙක් දුටහ.
හික්පොත්තෙන් හා ගැටකිරිවැල් ආධාරයෙන් සෑදූ පෙට්ටියක දේහය බහාලනු ඇත.
අවසන් කටයුතු ඉරිදා (04) හෙන්නානිගල දී සිදුකිරීමට නියමිතය. ආදිවාසී නායක දඹානේ වන්නිල ඇත්තන් හා හෙන්නානිගල ආදිවාසී නායක ගුණබණ්ඩියා අවසන් කටයුතු සංවිධානය කරති.
දඹානේ සිටි කළුඅප්පු අතුලු පිරිස මහවැලි ඉඩම් ලැබ හෙනානිගලට පැමිණයේ.ගාමිණි දිසානායක අභාවප්‍රාප්ත මහවැලි ඇමැතිගේ ඇරියුමිනි.
දඩයමෙන් ජීවත් වු ආදී වාසීන් කෘෂිකර්මයට යොමු කිරීමට හිටපු ඇමැතිවරයා සමත් විය
(ඡායාරූප සහ වීඩියෝ රංජිත් කරුණාවීර)
(හෙන්නානිගල නායක කළු අප්පු වමේ. මිය ගිය තැපැල් බණ්ඩියා දකුණේ)
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදිවාසි නායකයට නිවන්සුව පතමි. අවසන් කටයුතු චරිත්‍ර දකින්නට සලැස්සුවට ලංකාදීපයට ප්‍රණාමය. (අ)
ගන්දර සයිමගේ මොළය අවුල් වෙලා වගේ.කණේ ඉඳන් අඟ කන රටට ගරහන නිවටයෝ නම් කොතෙක් සිටීද අප රටේ? (නි)
මට මතක්වෙන්නේ වෛද්‍ය ආර්. එල් . ස්පිටල් මහත්මය. ලංකාවේ වැඩි දෙනෙක් නොදන්නා ආදිවාසීන්ට අවංකවම සේවයක් කරපු වියතෙක්. ලංකාවේ අයට කියා දිය යුතු චරිතයක් . (ස)
හිතවත් ගන්දර සයිමොන්, අඳුරේ ඉපදී, අඳුරේම අතපතගාන, අඳුරේම යන අයට ආලෝකය ගැන කවර කතාද? (නි)
ඔබට නිවන් සුව ලැබේවා. (ස)
ඔබට නිවන් සුව !!!! (ස)
ආදිවාසි ඈත්තන්ට නිවන් සුව පතමු! (ස)
ගන්දර සයිමන්ට නම් ඇමරිකාව හොඳයි වගේ ලංකාවට වැඩිය. ඉපදෙන්න හොඳ වුණාට ජීවත් වෙන්න ලංකාව හොඳ මදි අය තව කොතෙක් ඇත්ද? මේ වගේ අය නම් ඒ රටවලම ඉපදේවා. (ස)
ගන්දර සයිමන් කට් වෙලා (ස)
ආදිවාසි ඈත්තන්ට නිවන් සුව පතමු (අ)
ඔබට නිවන් සුව! (නි)
නිවන් සුව !! (ස)
ආදිවාසී ඇත්තන් යළිත් ඉපදී නිවන් සුව පසක් කර ගනිත්වා. ලංකාදීපයට ස්තුතියි. (ස)
පුද්ගලික රෝහල් කරා නොගිය ඔබ, සැම දෙනාටම දුන්නේ ආදර්ශයක්. (නි)
බොරුවට අණ බෙර ගසන්නේ නැති හරිම චාම් අවමගුල් චාරිත්‍ර. ඔබට නිවන් සුව ! (ස)
ආදිවාසී ඇත්තාට නිවන් සැප ලැබේවා! (නි)
ආදිවාසී ඇත්තාට නිවන් සැප ලැබේවා (ස)
නිවන් සුව පතමි! (නදී)
කලුඅප්පු අදිවාසියට නිවන් සුව පතමි !!!! (ස)
මෙම වයස අනුව ඔහු දොස්තර ස්පිට්ල් සහ වන්නකු තිසාහාමි මුණ ගැසී ඇතිවාට සැකයක් නැහැ.එකල ආදිවාසීන් ගල් වැදී හා ගම්වැදී ලෙසින් දෙපාර්ශවයක් තිබුණා. වන සරණ (savage sanctuary ) පොතෙහි මෙය සඳහන් වෙනවා!! (ස)
නායකයාණෙනි, ඔබට නිවන් සුව..! (නි)
නුඹට නිවන් සුව !!!!!(අ)
පියාණෙනි ඔබට නිවන් සුව පතමි.මට ආර්.එල් ස්පිට්ල් දොස්තර මහත්තයා ලංකාවෙි ආදිවාසි ජනතාව ගැන ලියපු වනගත ලංකා පොත මතක් වෙනවා.(ස)
පියාණෙනි ඔබට නිවන් සුව! (ස)
නිවන් සැප ලැබේවා! හොඳ ආදර්ශයක් දී තිබෙනවා අපටත්, පරපුර වැඩි කිරීමෙන්. මෙයයි විය යුත්තේ. (නි)
ඔබට නිවන් සැප ලැබේවා! (නි)
කලු අප්පු මතු කාලෙක යුරෝපයේ හෝ ඇමරිකාවේ උපදීවා! (නි)
අවංක අහිංසක අපේ මිනිස්සු! (නි)
ඔබට නිවන් සැප ලැබේවා! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
තම සනුහරේ අතරේම උපදීවා.... ! (ස)
අනගාරික ධර්මපාල තුමා කියල තියෙන්නේ කළු සුද්දෝ ගැන.ගන්දර සයිමන් එහෙම පොරක්.යුරෝපේ එවුන්ට කන්න බොන්නවත් නැහැ හරියකට.එත් මෙතුමා අවුරුදු 114 ජීවත් වෙලා මැරිලා තියෙන්නේ.නිවන් සැප ලැබේවා. (ස)
ඔබට නිවන්සුව (ස)
විශ්වෙයේ සුන්දර කාලයක උපත ලැබූ ඔබට නිවන්සුව (ස)
නිදහස් නිවහල් ජිවිතයක් ගතකර නිදහසේ පියාසර කල ඔබට නිවන් සුව පතමි . නැවතත් ඔබ අපේ රටේම ඉපිදෙවා පතමි (ස)
සීයා තාත්තට නිවන් සැප ලැබේවා! මමත් ආත්මයක් ලංකාවේ ඉපදෙන්න පතනවා.(නදී)
දෙහිඅත්තකණ්ඩිය හෙන්නානිගල හිටපු ආදී වාසී නායක තාලාවරිගේ කළු අප්පු ඇත්තන්ට නිවන් සැප ලැබේවා! (නදී)
අවුරුදු 114 ක් ජිවත් වන්නට ඔහුට වාසනාව ලැබුනේ ඔහු ජිවත් වූ පරිසරයත් ඔවුන්ගේ ආවේනික කෙම් බිම සහ ජිවන රටාවත් නිසා. නගරවල ජිවත් වන අයට මේ වගේ වාසනාව අඩුයි. නිවන් සුව අත් වේවා ආදී වාසි කළු අප්පු මහතාට.(නදී)
කළු අප්පුට නිවන් සුව! (නි)