තරුණයකුට පහර දුන්නැයි කොටවෙහෙර මකුළුගොල්ලේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන නැකැත්ගම විමලධර්ම හිමි නිකවැරටිය මහේස්ත්‍රාත් දීප්ති කොඩිතුවක්කු මෙනවිය විසින් රුපියල් දෙලක්ෂයක ශරීර ඇප මත මුදා හරිනු ලැබීය.
කොටවෙහෙර පොලීසියට පැමිණිලි දෙකක් ලැබී තිබිණි.
විමලධර්ම හිමියන්ගේ පැමිණිල්ලෙන් කියැවුණේ තම නිවසේ සිටි තරුණයකු තම පෙජරෝවට හා ට්‍රැක්ටරයට ගිනි තබා තෙමහල් ගොඩනැගිල්ලට ද අලාභ හානි කළ බවයි.
තරුණයා කළ පැමිණිල්ලේ සදහන් වනුයේ හිමියන් ඔහුට පහර දුන් බවයි.
ඒ හිමියන්ගේ වත්තේ කළුකම්බිලි දේවාලක් ද ඇත.
රුප්පාගොඩ හිමියන් නමින් හැදින්වෙන මේ හිමියන් යක්කල සිට සතියකට දෙවරක් කොටවෙහෙරට එන බව පොලිසිය කියයි.
මකුළුගොල්ලේ තේක්ක වගාවක් මැද හුදකලාව පිහිටි මෙම ගොඩනැගිල්ලට ඇතුළු විමට පොලීසියට ඉඩ නොදුන් බව දැනගන්නට ඇත.අලින්ගෙන් ආරක්ෂාවීම සඳහා තේක්ක වගාව වටා අලි වැටක් ද ඉදි කැර තිබේ.
ගොඩනැගිල්ලේ වීදුරු ජනෙල් කිහිපයකට අලාභහානී වී ඇතැයි ද අත්අඩංගුවට ගත් තරුණයාගේ අතක් වීදුරු වලට කැපී ඇතැයිද රෝහල් ආරංචි කියයි.
රෝහලේ ප්‍රතිකාර ලබන තරුණයාද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඡායාරූප ප්‍රියානි මංගලිකා






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කුමන්ත්‍රණයක් කියලා කියන්න කවුරුවත් නැද්ද? (නි)
චීවරයක් දරාගත් පමණින් බෞද්ධ ස්වාමින් වහන්සේ කෙනෙක්යැයි පැවසීම සුදුසු නොවේ. අතීතයේත් චීවරය හැඳි බෞද්ධ නොවන අය සිටියා. (නි)
දැන් එන්න එන්නම හාමුදුරුවරුන්ට තිබුණ ගෞරවය නැතිවෙනවා. (නි)
මෙහෙම අයට හාමුදුරු කෙනෙක් කියලා කියන්න පුළුවන්කමක් නැහැනේ. (නි)
එයා ගැන යක්කල අයගෙන්ම ඇසුවා නම් තමයි හොඳ. (නි)
පළමුව මෙවැනි දේවල් තමයි නවත්වන්න ඕනෑ (නි)
අනේ ඇත්තට මෙහෙමත් වැඩ? (නි)
මේ ඔක්කොම වෙනතුරු කලුකම්බිලි දේවතාවා සිටියේ කොහේද? (නි)
ඕනෑම අයෙකුට තමන්ට කැමති දෙය කළ හැක. වරද ඇත්තේ හුදු මිත්‍යා දෘෂ්ටියට යටත්ව භෞතික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් මෙවැන්නන් පෝෂණය කරන මෝඩයන්ගේය. (නි)
මේ වගේ අය ගැන බොදු බල සේනාවේ ඤාණසාර හාමුදුරුවන්ට දන්වන්න ඕනේ(අ)
අපේ ගම් වලත් ඔවැනි දේවල් වෙනවා.(අ)
බුදු දහම නසන්නේ බුදු සසුනට රිංගාගෙන සිටින මෙවැනි අය විසින් නොවේද? මේ ව්‍යාපාර ගැන වගකිවයුත්තන් දන්නෙම නැද්ද? (නි)
ප්‍රථමයෙන්ම කළ යුතු දෙය නම් මහනායක ස්වාමින් වහන්සේලා එකතුවී බුදු දහම රැකගැනීමට කටයුතු කිරීමයි. මහණවී ඇත්තේ සියලු සැපසම්පත් වලින් මිදීමට නම්, දේවාල හදාගෙන, බංගලා වල පදිංචි වී ජනතාව රවටා මුදල් ගැරීම හරිද? (නි)
මොකක්ද මේ ශාසනයට වෙන්නේ? (නි)
ලංකාවේ බුදුදහම නිර්මලව රකින හාමුදුරුවරු 100 ක් හොයාගන්න එකත් දැන් කාලයේ අමාරු කටයුත්තක් වෙලා (නි)
බුද්ධික ,ඔබ හරියටම හරි (නි)
ඔය යන්ත්‍ර මන්ත්‍ර කරන එක නම් හොඳ දෙයක් නෙමෙයි. බොරුවෙන් ජනතාව මුලාකරන එකට පස්සෙන් වැඳගෙන යන අයටත් එක්කම නඩු දැම්මා නම් හරි.මේ වගේ තාක්ෂණය දියුණු කාලෙ සැබෑ බුදු දහම දන්නා කෙනෙක් ඕවට යයිද? (නි)
කෝ අර එක එක සේනා? (නි)
හාමුදුරුවෝ කොහොමද ගුරුකම් කරන්නේ? (නි)
පේනවනේ අර ඈතින් පෙනෙන මන්දිරය? ලංකාවේ උදේ හවස කෝච්චියේ බස් එකේ යන මිනිසුන්ට හිතන්නවත් පුලුවන්ද? (නි)
අපි දුක් මහන්සියෙන් හරිහම්බ කරලා කාවවත් කොටි,ප්‍රකෝටිපතියෝ කරන්නේ මොකටද?දුප්පත් කන්න අඳින්න නැති කෙනෙකුට සළකනවනේ. (නි)
මෙයාලා ගැන හරියට හොයලා බැලුවොත් ඇත්ත දැනගන්න පුලුවන් (නි)
ඊළඟ භවයක් ගැන නොසිතාද මෙලෙස හැසිරෙන්නේ? (නි)
සිවුරු පොරවාගත් මෙවැන්නන්ගෙන් ශාසනය ආරක්ෂා කරමු (නි)
සිත මහණ නොකළ ගත පමණක් මහණ කල කාමභෝගී මේ අය මගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ලෙසට පිලි නොගනිමි. සිවුරු දරා ගෙන මෙහෙම වැඩ නොකර උපැවිදිව කරන දෙයක් කරගන්නවා නම් උත්තරීතර මහා සංඝයාට අපහාස සහ අපහසුතා වෙන්නේ නෑ. සාසනයේ පරිහානිය සාසනය තුලින්ම වෙනවා. මේක නතරකරන්න හැමදෙනාම කටයුතු කරන්න. (නදී)
මේ හාමුදුරුවෝ ගෙන දැනගන්න යක්කල නගරයේ ඉඳල නුවර දෙසට කිලෝමීටරයක් විතර යන්න එ්ක පන්සලක් නෙවෙයි බංගලාවක්. අලියෙකුත් ඉන්නවා. ඔය ජීප් එකට වැඩිය ඉතා සුකොපබෝගී වාහන තියනවා. මේ සියල්ලට සල්ලි දෙන්නේ අපේ රටේම කොන්දක් නොමෙති ගුරුකම් පස්සේ යන ගොන් මිනිස්සු. (නදී)
මේ ස්වාමීන්වහන්සේ කෙනෙක්ද ? (නදී)
තෙමහල් ගොඩනැහිල්ලක්, පෙජරෝවක් සහා ට්‍රැක්ටරයක් ගැන කියවෙනවා. එතකොට මේ හිමිනම පැවිදි බික්සුවක්ද නැතිනම් පැවිදි වෙසින් සිටින ගිහියෙක්ද? (නදී)
අද හාමුදුරුවරු බහුතරයක් ව්‍යාපාර වලට බැහැලා. (නි)
මේ හිමිනම කුමනාකාරයක කෙනෙක්ද මන්දා? (නි)
"චරත භික්කවේ බහුජන හිතාය බහුජන සුඛාය" කියන බුද්ධ වචනයට මේ දේවල් අදාළ වේද? ඇයි ස්වාමින් වහන්සේලා මෙලෙස හැසිරෙන්නේ? (නි)
මේවා හාමුදුරුවන්ට කරන්න පුලුවන්ද? මාළිගාවක් වගේ ගේකුත් හදාගෙන? මේවා තමා පළමුව නවත්වන්න ඕනෑ (නි)