කළුතර බෝධි භාරකාර මණ්ඩලය කළුතර හා ගාල්ලේ ප්‍රාචීන විභාගයට ඉගෙන ගන්නා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ 108 නමකට ශිෂ්‍යත්ව ප්‍රදානය කළේය.
උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේය.
බෝධි භාරකාර මණ්ඩලයේ සභාපති අජිත ද සොයිසා හා ලේකම් තිලක් ද සොයිසා මහත්වරු මේ පින්කම සංවිධානය කළහ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි,ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ සභාපති දොඩම්පහල චන්ද්‍රසිරි නා හිමි, හුණුපිටිය ගංගාරාමාධිපති කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක ගලබොඩ ඤානිස්සර නාහිමි, මාදුළුවාවේ සෝභිත හිමියෝද වැඩම කළ සංඝරත්නය අතර වූහ.
]

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනතරම් ලස්සනද? (නි)
ෂා මොනතරම් ලස්සනද මේ වෙසක් මාසේ. කළුතර බෝදියත් දැකගත්තා හරිම ලස්සන දර්ශනයක්. (කළුතර බෝදිරජා නමදිමි බැතින්) ලන්කදීපෙට ගොඩක් පින් මැදපෙරදිග ඉන්න අපිට මේ වගේ දේ දැනගැනීමට දැකගැනීමට සලස්වානවාට.(නදී)
අපේ මහා සංඝරත්නය ගෙන අපිට ආඩම්බරයි. (නි)
බුදු සසුන බැබලේවා ! (නි)
ඉතා හොද වැඩක්
සාධු…සාධු…සාධු…
මම හිතෙනවා මේ ශිෂ්‍යත්ව ලබා දෙන්න ඇත්තේ බුදු දහම පිළිබඳව ප්‍රගුණ කිරීමට විනා වෙනත් විෂයයන් (ආර්ථික විද්‍යාව වගේ) හදාරන්න නොවෙන්න ඇති කියලා. (නි)
සාදූ සාදූ සාදූ සාදූ! (නි)
කොතරම් ලස්සනද මේ දසුන?මට හරි ආඩම්බරයි.ශ්‍රී ලංකාවට බුදුසරනයි (නි)
මහා පුන්‍යකර්මයක්. ඒ සඳහා මුල් වෙන්නේ සිත පමණයි. ඉතාම හොඳ වැඩක්. (නදී)
ලැබෙන ආදායමෙන් සසුනේ යහපතට වැඩ කෙරීමට තව තවත් මේ එයට පින් සිත් පහල වේවා!..........සාධූ !..සාධු !...සාධූ !.......(නදී)
බොදු බල සේනා . සංවිධානයට ස්තුති වේවා !(නදී)
තෙරුවන් සරණින් මෙවන් උතුම් කාර්යන් තව තවත් කිරීමට ශක්තිය දිරිය ලැබේවා! (ත)
මේ පින්කමේ උතුම්ම කාර්ය වන්නේ කිසිම දය්ශපාලනඥයෙක් සම්බන්ධ නොකර ගැනීම. (ස)
පින්තූර ටික නම් ලස්සනයි. සාදු ! සාදු! සාදූ ! (ස)