IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


කොළඹ - ගම්පහ පෞද්ගලික බස් අද නෑ

කඩවත - කිරිල්ලව, ගම්පහ සහ නිට්ටඹුව සිට කොළඹට ධාවනය කැරෙන සියලු පෞද්ගලික බස් රථවල සේවකයෝ අද (31) පෙරවරුවේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කළේය.

මෙම බස් රථ සේවකයෝ පසුගිය බ්‍රහස්පතින්දා (28) සවස ද වර්ජනයේ නියුතු වූ අතර දුර ගමන් සේවා බස් රථ අතරමගදී මගීන් නංවා ගනිතියි ඔවුහු චෝදනා කරති. මේ හේතුවෙන් බස් රථ කිහිපයකට පහර දීමක් ද සිදුවිය.

ගැටලු සාකච්ඡා කිරීම සඳහා අද පෙරවරු 10ට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේදී සියලු පාර්ශව සමග සාකච්ඡාවක් ලබාදී තිබියදී අද එක්වරම පෙරවරුවේ මෙම බස් වර්ජනය ක්‍රියාත්මක කර ඇතැයි මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති නුවන් වනිගරත්න මහතා පැවසීය.

පසුගියදා පැවැති වර්ජනයට සහාය නොදුන් බව කියමින් නිට්ටඹුව - කොළඹ බස් රියකට දෙදෙනකු පහරදී ඇති බවත් ඔවුන් කිරිඳිවැල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් කියති.

ඒ අනුව කඩවත - කොටුව, කිරිල්ලවල - කොටුව (138),  ගම්පහ - කොළඹ (200) සහ නිට්ටඹුව - කොළඹ (180) පෞද්ගලික බස් රථ අද පෙරවරුවේ ධාවනය නොවීමෙන් උදෑසන රාජකාරී සඳහා යන බොහෝ මගීහු දැඩි අපහසුතාවයට පත්වූහ.

මගීන් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා ලංගම බස්රථ වැඩි වශයෙන් යෙදවීමට ඉල්ලීමක් කර ඇති බවත් අනෙකුත් අතුරු මාර්ගවල ධාවනය වන බස්රථ පොලිස් ආරක්ෂාව යටතේ ධාවනය කරවීමට යෙදවීම සඳහා කටයුතු කරන බවත් වනිගරත්න මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ දුර ගමන් සේවා හා කෙටි ගමන් සේවා බස් රථ සේවකයන් අතර දිගු කලක් තිස්සේ මෙම ගැටුම පවතින බවත් ඊට ප්‍රධානතම හේතුව බලධරයින්ගේ දුර්වලකම බවත්ය. නිසි පරිදි නැවතුම්පළවල් සාදා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් අද දිනයේ සාකච්ඡා මට්ටමින් මෙම ගැටලුව විසඳා ගැනීමට කටයුතු යොදන බවත් ඔහු කීවේය.



අදහස් (0)

කොළඹ - ගම්පහ පෞද්ගලික බස් අද නෑ

පසිඳු Monday, 31 October 2016 04:54 AM

මගී ප්‍රවාහනය යනු මහජන සේවාවකි, එම සේවය වර්ජනය කිරීම නීතියට පටහැනි නිසා, එම සේවකයන්ගේ බලපත්‍ර අහෝසිකය. එම බස් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ගෙන, සියලු නඩත්තු කටයුතු මණ්ඩලය මගින් කරමින් බස් රථ අයිතිකරුවන්ට අවුරුදු 5ක් මසකට අදායම් ලබාදී, එම බස් වලට සේවකයින් මණ්ඩලය මගින් විනය නීතියට ගරුකරන විදේශ පුහුණුවක් ලබාදෙමින් කටයුතු කළොත් මහජන සේවාවත් මණ්ඩලයත් රැකෙනු ඇත (ම)

:       0       0

මහේන් Monday, 31 October 2016 05:01 AM

මමත් අද උදේ වැඩට අවේ 9.30 පහු වෙලා. දවස් බාගෙක නිවාඩු දැම්මා. මෙ වර්ජනය කරන බස් වල රූට් පෙර්මිට් කැන්සල් කළානම් හරි. මේ ස්ට්‍රයික් කරපු බස් වලට නඩු දාලා ලොකු දඩයක් ගහන්න ඕනේ. මිනිස්සු දුර බස් වල නගින්නේ මේවා කොට කොට යන නිසා. මේ බස් කාරයෝ මිනිස්සුන්ගේ වෙලාව ගැන පොඩ්ඩක් වත් හිතන්නේ නැ. (බ)

:       0       0

ගාමිණී Monday, 31 October 2016 05:13 AM

200 ගම්පහ කොළබ බස් ගුණසිංහපුරෙන් පෙරවරු 2.00 පිටත්වෙන බස් එක ඕල්කට් මාවතට 02.15 , ටෙක්නිකල් හන්දියට 02,25 පංචිකාවත්තට 02.35 ඉන්පසු අාමර්වීදිය , සුගතදාස ,ඉගුරුකඩ ,අලුත්පාලම පැලියගොඩ ට ළගාවනවිට 03.15 මෙහි ගමනේ වේගය බස් ගැමුණු සතුය . ගම්පහට ළගාවනවිට පෙරවරු 05.30 පසුවේ මගින් ට වෙන වැඩ නැද්ද ? කොටුව සිට මිරිස්වත්ත ට විනාඩි 50 කින් යන බස් එකට මගින් නගින එක පුලුවන්නම් නවත්තන්න කියා මම බස් ගැමුණුට අභියෝගකරමි (බ)

:       0       0

චන්දික Monday, 31 October 2016 07:57 AM

ඔය බස් නැති එකමයි හොඳ . තිබුනත් ඔය කාලේ කන බස් වල අපි යන්නේ නැත .(බ)

:       0       0

දහම් Monday, 31 October 2016 08:56 AM

මේ පුද්ගලික බස් කාරයන්ව නිසි විදිහට ආම්බාන් කරන්න එකම ආණ්ඩුවකටවත් බැරි වුණු හැටි. (අ)

:       0       0

ප්‍රසන්න Monday, 31 October 2016 09:40 AM

අපි 138 කොට කොට යන බස්වලට නගීන්නේ නැත .(ම)

:       0       0

වටවලගේ Monday, 31 October 2016 04:36 AM

ඔය කොටකොට යන බස් නිසා මගින් අර බස් වලට නගින එක ස්ට්‍රික් කරලා නවත්තන්න බෑ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 552 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1112 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 715 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 247 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1183 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 807 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39780 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25847 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 80 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 387 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site