කොළඹ නගරයේ සිටින බල්ලන් ලියාපදිංචි කිරීමේ නීතියට පණ දීමට කොළඹ මහ නගර සභාව සැරැසේ.
බල්ලකුට රුපියල් පහක් ද බැල්ලියකට රුපියල් හතයි පනහක් ද ලියාපදිංචි ගාස්තු ලෙස අය කෙරේ.
කොළඹ නගරයේ පහළොස්දහසක් පමණ බල්ලන් සිටිතියි කියති එයින් දස දහසක් ම ලියාපදිංචි නොකළ බල්ලන් බවත් දැනගන්නට ඇත.
පසුගිය පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුලු සමයේ අයාලේ ගිය බල්ලන් තුන්සීයක් පමණ අල්ලා කොළඹින් ඉවත් කැරිණි.
පසුගිය අයවැයේදී බල්ලන්ගේ කෑමට අය කරන බද්ධ අඩු කැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රතු අයියේ, බහිමු පාරට. (නදී)
අනේ මෙහෙම ගියොත් බල්ලන්ටත් බෝවීම පාලනය කරන්න සිද්ධ වේවි. (නි)
බල්ලා කියන්නේ ආදරය පුද කරලා ජිවත් වන සතෙක්. ඌ වයස තරාතිරම නොබලා ස්වාමියට ලෙන්ගතුයි. අපි උන්ගේ දේවල් බාල කරන්න හොඳ නැහැ. උන්ව හොඳ විදිහට පාලනය කරන්න ඕනෑ (නි)
ඇත්තටම හොඳයි. මෙහේ නම් අහස උසට බල්ලන්ට බදු (නි)
බැල්ලියන්ට ගාන වැඩි කළත් බල්ලෝත් අත්‍යවශ්‍යයි (නි)
කලකට ඉහතදී සමාජ විද්‍යාව ආරෝපණය කරගත් මහා ඇදුරෙක් ලිපියක ලියලා තිබුනා මිනිස්සු ගැන අධ්‍යයනයක් කරනවා නම් එය බල්ලන් ගැන කරන අධ්‍යයනයකින් ඇරඹිය යුතුයි කියා. මෙවැනි අධ්‍යයනය කින් තේරුම් ගන්න හදන්නේ රටේ පාලකයින්ද නැත්නම් පාලිතයින්ද කියා පැහැදිලි නොකරම ඔහු එලොව ගියා. නමුත් මහජනයා දැන් තේරුම් අරගෙන ඉවරයි, බල්ලන් යොදාගෙන එවැනි පර්යේෂණයක් කල හැක්කේ කවුරුන් ගැන කරන අධ්‍යයනයක දී කියා. ඒකනේ "බල්ලොත් එක්ක බැහැ " කියලා නාට්‍ය පවා කරළියට ආවේ. (නි)
ගමේ ගෙදරකට සෙනේහයෙන් සිටින බලු කුක්කට මොන බදුද අනේ? (නි)
මොකද මේ බැල්ලියො ගණන් වැඩි! (නි)
පව් අප්පේ, දැන් උන්ගේත් පඩි වැඩි කරන්න වෙයි. නැත්නම් උන් කොහොමද මේ ගණන් ගෙවන්නේ? (නි)
ඔන්න බලන්ට මෙයා. මිනිස්සුන්ට අපේ අගේ වැඩි වෙලා. අයවැය පරතරය පියවා ගන්ට අපිට බද්ද ගහපු ගමන්ම හරිලු.(නදී)
මෙදා පාරත් බස්නාහිර දිනවමුද? (නදී)
මම නම් කියන්නේ බල්ලන්ට බද්දක් ගහනවා නම් බල්ලාගේ වටිනාකමට ගැහුවා නම් හොදයි කියලා. හේතුව ධනවත් අය ගාව ඉන්න බල්ලන් මිලෙන් ඉහළයි. දුප්පත් සාමාන්‍ය පන්තියක ඉන්න කෙනෙක් ගාව ඉන්නේ කොහෙන් හරි තමන්ගේ ආසාවට ඉල්ලා ගත්ත මිලෙන් අඩු හෝ වටිනාකමක් නැති බල්ලෙක් හරි තමන්ගේ ගෙදරට නිකන්ම ආව බල්ලෙක් හරි තමයි ඉන්නේ (නි)
පොදු රාජ්‍ය සමුළුව වෙලේ අල්ලන් ගිය බල්ලන් වෙනුවෙන් පෙනී සිට (රටේ කන්ඩ නැතිව දුක් විදින, අපචාර වලට ලක්වන දරුවන් ඕනෑ තරම් සිටියත්. නොදැක්ක වගේ ඉන්න) මහා ලොකු ප්‍රචාරයක් කරමින් දේශපාලන උන ප්‍රදර්ශනය කරමින් කෑ කෝ ගැසූ අර නෝනලා දෙන්න මේ දඩාවතේ යන බල්ලන්ගේ බලු බද්ද ගෙවනවද ? (නදී)
ඉතාම හොදයි. දඩාවතේ යන බල්ලන් අඩුවේවි. බල්ලන් හැදුවට සලකන්නේ නැහැ. පාර දිගේ යන්න හරිනවා. (නදී)
බලු අමාත්‍යංශයක් හදල ඇමති කමකුත් දීලා දාමු.රට පෙරට. ආසියාවේ ආශ්චර්ය. (ස)
චන්දිම, බැල්ලියන්ව කවදාවත් විශ්වාස කරන්න බැහැනේ.ඒ නිසා වෙන්නැති ? (ස)
මේක හොඳ වැඩක්. මිනිස්සු ඉන්න තැනක තිරිසන් සත්තු ඇති කරද්දී කවුරු හරි ඒකේ වගකීම ගන්න ඕනා.(නදී)
බල්ලෝ විතරක් නෙමෙයි,ගෙවල් වල ඇතිකරන සියලු සතුන් ලියාපදිංචි කරන්න.බදු අය කරන්න.එසේම එම සතුන් පිළිබඳ එම පවුල් වලට දැනුම ලබා දෙන්න.රෝග පිළිබඳව,අනතුරු පිළිබඳව දැනුවත් කරන්න.එසේම අසල්වාසීන්ට කරදර නොවෙන ආකාරයට සුරතලුන් ඇති කරන්න හැකි විදියට නීති ගෙනෙන්න. නිකරුනේ යන සියලු සතුන් සත්ත්ව සුරැකුම් මධ්‍යස්ථානයකට හෝ අභය භූමියකට හෝ මුදා හරින්න. (නි)
දැන් බලපුවහම සුද්දන්ගේ යටතේ ඉන්න කාලේ වගේනේ, ඇඟ බද්දකුත් එයි ඔහොම ගියහම. දැන් බදු නැත්තෙ මොනවටද? සුරතල් මාලුන්ටත් ගැහුවා නම් හරි. (නි)
කොහොමහරි සල්ලි හොයන්න යන්නේ (නි)
මේ වැඩෙන් බල්ලෝ බලු වෙලා බැල්ලියෝ උඩ යනවා. රු පහක් අය කර ගන්න ලිපි ලේඛන වලට කොතරම් මුදලක් යනවද ??? (ස)
සාගර, ඔබ විසින් යෝජනා කරන බලු අමාත්‍යංශයට ඇමති කෙනෙක් තෝරා ගැනීමේදී විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවෙනවා. මොකද හොඳ අත්දැකීම් ඇති දේශපාලඥයින් ගණනාවක් ඔය සඳහා තරඟ වදින නිසා. (ස)
ආරියසේන කියන්නේ මොන වර්ගයේ බල්ලෝ ගැනද? (නි)
අර රේස් මේ රේස් වලට කොහෙන් හරි සල්ලිත් හොයන්න එපයි ? (ස)
එතකොට කකුල් හතරට වඩා අඩු ගණනක් තියෙන අය? (නි)
බල්ලා මිනිසාට ඉතා ප්‍රයෝජනවත් සතෙක් නිසා බලු කෑම වල මිල අඩුකළ බව අපේ කියනවා. මෑතදී හොරුන් බිඳී බෝතලේ වලව්වේ බල්ලෙකු සිටියා නම් මොන තරම් හොඳද කියාත් හිතෙනවා ඇති නේද? (නි)
බල්ලෝ සුරතලට ආරක්ෂාවට ගෙවල් වල හදනවා කියන්නේ තමන්ගේ නිදහස සම්පුර්ණයෙන්ම නැතිවීම.බල්ලන්ට වෙලවාට කෑම දෙන්න ඕනෑ ,වෙලාවට එලියට දමන්න ඕනෑ.සමහර දවස් වලට තම ස්වාමියා ගෙදරින් දවසක් එළියට ගියොත් වතුරවත් නොබී ශෝකයෙන් බලාගත් අතේ ඉන්නවා.වෙනත් අය කෑම දුන්නට කන්නේ නෑ වතුර දුන්නට බොන්නෙත් නෑ.පවුලේ සියලු දෙනාට එකට කොහෙවත් යන්න බෑ. කෑම වතුර දෙන්න ගෙදර පවුලේ සාමාජිකයෙක් ගෙදර ඉන්න ඕනෑ. (නි)
ඔය ගණන නම් මදි. ඒ බල්ලෙක් සාමාන්‍යයෙන් රුපියල් 20,000 විතර වෙනවා. දැන් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් නිසා, වැඩි ගානක් ගන්න පුළුවන් (නි)
දැන් ගහන බදු වල හැටියට බල්ලො නඩුත් දායි අපේ බද්ද බල්ලට ගිහින් කියලා (නි)
මස් කඩ ළග රැදිලා ඉන්න බල්ලන් ගැන කවුද වග කියන්නේ? (නි)
මොකද බැල්ලියන්ට 2.50 ක් වැඩි? මේ දන්නේ නැති නිසා ඇහුවේ. (නි)
කකුල් දෙකේ අයගේ කෑමට අය කරන බද්ද ගැනත් කතා තිබුුණා නේද? (නි)
කකුල් හතරෙ බල්ලොත් එක්ක සමහරු තරහයි (නි)
ඔන්න මහත්තයෝ, බලු කෑම අඩු කළා කියලා සද්දේ දාපු කට්ටිය දැන් මොකද කියන්නේ..? බල්ලන්ට බද්දකුත් එනවා. (නි)
"පසුගිය අයවැයේදී බල්ලන්ගේ කෑමට අය කරන බද්ධ අඩු කැර ඇත". ඔය අඩු කරලා තිබෙන්නේ සැප බල්ලොන්ට දෙන "බලු කෑම. රුපියල් 70,000 ක් මාසෙට වියදම් කරන අපේ හිටපු රතු මල්ලිට නම් හොදයි.(නදී)
ආරියසේන මහත්තයා, අපි බලු හෝටලයක් පටන් ගනිමු (නි)
ලියාපදිංචි ගාස්තුව ටිකක් වැඩි කරලා,වාර්ෂිකව අලුත් කරන්න නීතියක් දාලා, අලුත් කරනකොට බලු පරීක්ෂණ වාර්තාවකුත් ඉල්ලුවා නම් ...... (නි)
එතකොට අර අහවල් පැත්තෙත් බල්ලෝ ඉන්නවානේ. උන්ට අයකිරීමක් කරන්නේ නැද්ද? (නි)
ඇමති නෝනලා හදන බල්ලන්ට ලොකු ගාණක් ගෙවන්න විදියට හදන්න බැරිද? (නි)
මට මතක් වෙන්නේ අර ටොරින්ටන් ආණ්ඩුකාරයාගේ කාලේ ගහපු බලු බදු, තුවක්කු බදු, ඇග බදු. කමක් නැහැ රුපියල් පහෙන් ගැළවුණ එකත් ලොකු දෙයක්. (නි)
අපේ රට හුරාගෙන කාපු සුද්දොත් මේ වගේ දේවල් කළා. එහෙත් සුද්දා බලු බද්ද වගේ බදු ගහලා මිනිස්සුන්ව තලනකොට, 1848 ඊට විරුද්ධව කැරලි ගහන්න, කොන්දක් තිබුණු වීර පුරන් අප්පු වගේ මිනිස්සු මේ රටේ පිනට පහළ වුණා. ඒ වගේ වීරයෙක් නැවතත් මේ රටේ ළඟදීම පහළ වේවි. (නි)
මනුස්සයන් අතර ගැහැණු පිරිමි සමාන රටේ බල්ලන්ට වෙන නීතියක් මොකද? (නි)
ආරියසේන,මෙතන කියන්නේ බල්ලන් ලියාපදිංචිය මිසක් හැදීමේ අමාරුකම ගැන නෙමෙයිනේ. ආරියසේනත් ඉදලා හිටලා වයර් මාරු කරගන්නවා නේද? (නි)
චන්දිම, එයාගේ ගාන වැඩි කරලා තියෙන්නේ ඇයි කියලා දන්නවනේ (නි)