(ජයන්ත සමරකෝන්)
කොළඹ මහ නගර සභාව මහජනයා සඳහා සති දෙකකට වසා දමා ඇතැයි නාගරික කොමසාරිස් රෝෂිණී දිසානායක මහත්මිය අද(15) සඳහන් කළාය. නගර සභාවේ කාර්ය මණ්ඩලය සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුකරන නමුත් මහජනයා සඳහා වසා දමා ඇතැයි ඇය කියාසිටියාය.
එසේම, ඩීන්ස් පාර මරදාන පිහිටි මහජන ආධාර දෙපාර්තමේන්තු කාර්යාලය සති දෙකක් වසා දමා ඇති අතර, එහි කාර්ය මණ්ඩලයටත් මහජනයාටත් යන දෙපිරිසටම එය සම්පූර්ණයෙන් වසා දමා ඇති බව රෝෂීණී දිසානායක මහත්මිය සඳහන් කළාය.
මහජන ආධාර දෙපාර්තමේන්තුවේ සේවිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇය රෝහල්ගත කළ බැවින් මෙම තීරණය ගත් බව, කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා ලංකාදීපයට අද(15) පැවසීය.
එම ආයතනයේ සේවකයන් 80දෙනෙකුට අද(15) හදිසි පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කළ බැවින් ද, ආසාදිත සේවිකාව ඇසුරු කළ බවට හඳුනාගත් නගර සභාවේ ආශ්‍රිතයන් 110දෙනෙකුට හෙට(16) පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇති බැවින් ද නගර සභාව සහ මරදාන කාර්යාලය මෙලෙස වැසීමට තීරණය කර තිබේ.
කොරෝනා ආසාදිත සේවිකාවගේ සැමියා ජාතික රෝහලේ සේවකයකු බවද, පරීක්ෂණවලදී හෙළි වී ඇත.
(වැඩි විස්තර සඳහා පහත නිවේදනය වෙත යොමුවෙන්න)
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොළඹ මහ නගර සභාව මහජනයාට සති දෙකකට වහයි