
(අංජුල මහික වීරරත්න)
"සුඛා සංඝස්ස සාමග්ගි" යන තේමාවෙන් මහ සඟ සමුළුවක් කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) හෙට (27) පස්වරු 2.30ට පැවැත්වේ.
ශාසනාරක්ෂක සංඝ සභාව මෙම මහා සංඝ සමුළුව සංවිධාන කරයි.
රට දැය වනසමින් සිටින සකලවිධ මිසදිටු කුමන්ත්‍රණ බලවේගයන්ට එරෙහිව සැබෑ බෞද්ධ බලය පෙන්වීම සඳහා මෙම සඟ සමුළුව සංවිධාන කරන බව ශාසනාරක්ෂක සංඝ සභාව පවසයි.
බෞද්ධ බලය සහ සංඝරත්නයේ ඒකමතිකත්වය ප්‍රකාශ කිරීම මෙම සම්මේලනයේ ප්‍රධාන අරමුණ වී තිබෙන බවද සංඝ සභාව කියයි.
මෙම මහ සඟ සමුළුව සඳහා දිවයිනේ සියලු පෙදෙස් වලින් මහා සංඝරත්නය කොළඹට වැඩම වීමට නියමිත බව ශාසනාරක්ෂක සංඝ සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගියසැරේ මේ වගේ නාඩගමක් නටලා 75 ක් වත් ආවේ නැහැ, මේ කෝලමට ඒ ගාන වත් එන එකක් නැහැ...
කහ රෙද්ද ඔතාගන්නවට ස ජ බෙ , නයා , පටාහොට්ටුව කීයක් ඔය නිගන්ඨයින්ට දෙයිද?
බුදුහාමුදුරුවෝ කොහේද කියලා තියෙන්නේ ශාසනය බේරගන්න සංඝ සමුළු තියන්න කියලා?
අනේ ඇත්තට හාමුදුරුහොරුත් දැන් රෙදි අපුල්ලන ජොබ් එකට බැහැල. සසුනට අඩුවක් තිබුනෙ එච්චරයි.
මේ හාමුදුරුවන්ගේ මනස හරි මගට ගැනීමට මෛත්‍රී බුදුන් ඉක්මනට පහළ වුණොත් ලංකාව නිතරම ආපස්සට ගමන් කිරීම නවතීවි.
බුද්ධාගම ගණින්නාන්සේලාගෙන් බේරාගැනීමට එක්වව්!
මෙන්න ධර්මය වනසන උන් එකතුවෙනවෝ! බේරගනියෝ!
මේ එකතුවෙනවයි කියන අය බුද්ධ ධර්මය පිළිපදින අයද?
මළ විකාර. ඉස්සෝ වගේ තමන්ගේ ඔළුවේ අසූචි තියාගෙන අයිති නැති දේවල් ගැන දඟලනවා.
බොරු වැඩ නොකර දෙන දානයක් කාල ඉන්න බැරිද ?
"මහ" කියන කෑල්ල දාගත්තම ලොකුයි තමයි. පොඩි මඩුවක, ටෙන්ට් කෑල්ලක දුන්නත් මහා බත් දන්සල කියල කියපුවම මාරම ලොකුයි.
හරිම හොදයි .මේක මුලින්ම පටන් ගන්න ඕන ගමෙන්.අන්තිමට කොළඹට ..බලය පෙන්වන එකත් නොකළ යුතුයි.සතර බ්‍රහ්ම විහරණයෙන් ආරම්භ කරලා බොහොම පිරිසිදු චේතනාවෙන් රැවුල කොන්ඩෙ බූ ගාලා සහභාගී වෙමු.
සාසනය රැක ගැනීමේ අරමුණින් කරන මෙම සඟ සමුළුවට විරුද්ධව අදහස් දක්වන්නෝ මිථ්‍යාදෘෂ්ටිකව සසුනට එරෙහිව කටයුතු කරන මුග්ද පුද්ගලයෝය. බලන්න මේ දයා සහ ලයන් නමින් හැන්ඟී සිට උසුළු විසුලු කරන අය ඇත්තෙන්ම, එක්කෝ නිරාගමික නැත්නම් අනාගමිකයෝය. මොවුන්ගේ අදහස් විකාරය. ලයන් කියන නිගන්ඨයෝ කාරෙදි පොතාගත් අයයි! නිඝන්ට යන වචනයවත් නොදන්නාා මුග්ධයෝය, ඔවුන් මේ ගරහා අපාගාමී වන්නේ සංඝ ශාසනයටය.