(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

අත්තිඩිය සේවස්ථ පුහුණු ඒකකයෙන් ජේ බි එල් සවුන්ඩ් උපකරණයක් සොරා ගත් පොලිස් කොස්තාපල්වරයා සන්තකයේ තිබී  අයිස්, කුෂ්, ගංජා හා මත්කරල් ද හමු වු බව දෙහිවල පොලිසිය සඳහන් කරයි

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයෙකි

සැකකරු සන්තකයේ තිබී  කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 290 ක් , අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 510 ක් , ගංජා මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 320 ක් හා මත් කරල් 03 ක් මෙන්ම සොරා ගත් ජේ බි එල් සවුන්ඩ් උපකරණය හමුවී යැයි පොලිසිය කියයි

ඉකුත් 29 වෙනිදින අත්තිඩිය සේවස්ථ පුහුණු ඒකකයේ සිදුවූ සොරකමක් සම්බන්ධයෙන්   එදින ආරම්භ කිරීමට නියමිතව තිබූ කොරියානු භාෂා  පුහුණු පාඨමාලාව සඳහා වාර්තාකර සිටි සැකකාර කොස්තාපල්වරයා  ගේ ගමන් බෑගය පරික්ෂා කිරීමේදී ඒ තුළ සඟවා තිබූ  ජේ බි එල් සවුන්ඩ් උපකරණය සහ මත්කරල් තුනක්  අත්තිඩිය සේවස්ථ පොලිස් නිලධාරීන් වෙත හමුවී ඇතැයි පොලිසිය කියයි.

අනතුරුව ඒ සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම සේවස්ථ පුහුණු ඒකකය වෙත ගොස් සැකකාර කොස්තාපල්වරයා පරික්ෂා කිරීමේදී  ඔහුගේ කලිසම් සාක්කුවේ සහ මුදල් පසුම්බියේ තිබී සෙසු මත්ද්‍රව්‍ය  සොයා ගැනීමට හැකි වී යැයි පොලිසිය සඳහන් කරයි

ඒ අනුව සැකකාර පොලිස් කොස්තාපල්වරයා සොරකම සහ විෂ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු විෂමත්ද්‍රව්‍ය භාවිතා කර ඇත්ද යන්න පරික්ෂා කිරීම සඳහා  කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.