IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ගීකියනකන්දෙන් ලක්ෂ 62 ඔරලෝසුව පරණ යකඩ කඩේ

හිටපු මුදල් ඇමැතිවරයකු වන රොනීද මැල් මහතාගේ බිරිය වන මල්ලිකාද මැල් මැතිනියගේ පියා වූ ලියෝ ෆනෑන්ඩු පවුලේ සමාගමකින් පාලනය වන ගීකියන කන්ද වත්තේ තිබී වසර 300ක් පමණ පැරණි, රුපියල් පනස් දෙලක්ෂයක්, වටිනා බිත්ති ඔරලෝසුවක් හා අඩි හය හමාරක් උසැති ආධාරකයක සවි කළ චිමිනිය සහිත පහනක් තොබුවන පරණ යකට බඩු කඩ දෙකකින් සොයාගත් බව පොලීසිය කියයි.

ගීකියන කන්ද බංගලාවේ දොරක් කඩා බංගලාවට ඇතුළු වී කොටසක් රනින්ද නිමවූ ඔරලෝසුව සොරා ගත් පුද්ගලයා එහ තෙබුවන පරණ යකඩ එකතුකරන්නකුට රුපියල් අට සහසකට විකුණා ඇත.

පහන ද තවත් පරණ යකඩ බඩු කඩයක තිබී සොයා ගෙන ඇත.

පරණ යකඩ බඩු මුදලාලි කෙනකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් පොලීසිය තවත් කිහිප දෙනකු සොයයි.

රොනිද මැල් මහතා අයවැය කිහිපයක්ම සකස් කළේ තෙබුවන ගීකියනකන්ද වත්තේදීය.

ගීකියනකන්ද වත්තේ මුල් අයිතිකරු ඉංග්‍රීසි ජාතික ජෝර්ජ් එල්ෆින්ස්ටන් මහතායි.

මෙම ඔරලෝසුව බ්‍රිතාන්‍ය රජ පවුලෙන් හිටපු ඇමැති වරයාට තෑගි කරන්නට ඇතැයි ද දැනගන්නට ඇත.

1962දී ඔරලෝසුව රුපියල් හැට දෙලක්ෂයකට තක්සේරු කර ඇතැයි ද දැනගන්නට ඇත.

වතු බංගලාවේ විසිත්ත කාමරයේ මේසය උඩ ඔරලෝසුව තබා තිබිණි.

සොරකම් කරනතුරුම ඔරලෝසුව වෙලාපව පෙන්වූ බව ද දැනගන්නට ඇත.

මෙම භාණ්ඩ දෙක කොට්ඨාස අපරාධ අංශයෙන් අද තෙබුවන පොලීසියට බාර දුන්නේය.

 



අදහස් (0)

ගීකියනකන්දෙන් ලක්ෂ 62 ඔරලෝසුව පරණ යකඩ කඩේ

අජිත් කරුණාරත්න Tuesday, 23 April 2013 12:08 PM

රජිත්, ඔයාට ගොඩාක් ස්තුතියි අපේ මතුගම හිටපු මන්ත්‍රී දයා ටී පැස්කුවෙල් මැතිතුමා සිහිපත් කළාට. ඔබේ මතක් කිරීම එතුමාට උපහාරයක් වේවි. (නි)

:       0       0

රොසෙල් Monday, 22 April 2013 04:26 PM

කරුණු නොදැන එතුමාට අපහාස කරන්න එපා. (නි)

:       0       0

නුවන් Tuesday, 23 April 2013 12:10 PM

නියම මහත්මා ගති ඇති මහත්මයෙක්. එතුමාට අපහාස කරන්න එපා (නි)

:       0       0

රකිත් Tuesday, 23 April 2013 12:17 PM

අජිත්, ඔබතුමා මෙතුමා ගැන හොඳට දන්නා නිසා මට කියන්න පුලුවන්ද රොනී ද මැල් මහතා කී පාරක් තම පක්ෂය වෙනස් කළාද කියලා?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

වරුණ Monday, 22 April 2013 04:34 PM

අර මීට කලින් වෙන කෙනෙකුගේ නැතිවෙලා හම්බ වුණ එකත් ඔයගානට කිට්ටු වෙන ගානක් වටිනවා කිවවා නේද....? (නි)

:       0       0

සනත් Monday, 22 April 2013 04:36 PM

මේක රොනීට පරම්පරාවෙන් හම්බවුන එකක්. එක නිසයි දෙවියෝ සොයලා දුන්නේ.. (ස)

:       0       0

ඩයස් Monday, 22 April 2013 04:39 PM

කරුණු නොදැන රටේ නායකයන්ට අපහාස කරන්න එපා. (නි)

:       0       0

රජිත් ඉතාලි Tuesday, 23 April 2013 01:23 AM

මම දන්නා විදියට ඉන්නවා විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්(කලක් නියෝජ්‍ය ඇමති ). දයා ට් පස්කුඑල් කියල අපේ සහ රටේ ඉදිරි පරම්පරාවේ පවට එවැනි උත්තමයෝ විශ්‍රාම සුවයෙන් සැනසීම ලබනවා.(නදී)

:       0       0

දිනේෂ් Tuesday, 23 April 2013 12:33 PM

යාලුවනේ, දැන් පහුගිය දේවල් ගැන කතාකරලා වැඩක් නැහැ. ඔය ගත්තු භාණ්ඩ වලට මොකද වෙන්නේ කියලායි දැන් අපි බලන්න ඕනෑ. (නි)

:       0       0

රොෂාන් Monday, 22 April 2013 04:53 PM

වැඩි විස්තර දැන ගන්න මෙතනට යන්න http://en.wikipedia.org/wiki/Ronnie_De_Mel

:       0       0

ටි. මහේන්ද්‍ර Monday, 22 April 2013 05:00 PM

එක්සත් ජාතීන්ගේ සමුළුවෙන් සියලුම රටවල්වල රට පලනය කරන නායකයන්ගේ සහ පාර්ලිමේන්තු වරප්ප්‍රසාද ලබනායගේ වත්කම් සොයා බලන්න සංවිධානයක් පත්කරන්න ඕන. රට දියුණුකරන්න ගන්න සල්ලි කොහෙද යන්නේ කියා බලන්න පිළිවන්. අනෙක අපේ රටවලට ආදරයෙන් ඉන්න ය අපේ මවුබිම කියල දගලන ය අදට වසර දහයකට උඩදී තමාට තිබු වත්කම් පෙන්නුම්කලන්න පිළිවන්ද?(අ)

:       0       0

බණ්ඩා Tuesday, 23 April 2013 01:54 AM

මෙතැන අදහස් පලකරන පිරිස මෙතුමා ගැන මොනවද දන්නේ? (නි)

:       0       0

විතානගේ Tuesday, 23 April 2013 02:25 AM

අනේ සංසාරේ! (නි)

:       0       0

සාදි Monday, 22 April 2013 05:09 PM

රොනී ද මෙල් කියන්නේ ප්‍රකොටිපතියෙක් උපතින්ම (අ)

:       0       0

දෙව් ඇන්ඩු Monday, 22 April 2013 05:14 PM

පක්ෂ මාරු කරත්, ඒ වගේ බුද්ධිමත් දේශපාලනය කරපු අය අද ඉන්නවද? පරම්පරාවෙන් ලැබුණ දේවල් මිසක් හොරකම් කර කියාල අපි නම් අහල නැහැ. (අ)

:       0       0

හේමන්ත Tuesday, 23 April 2013 01:09 PM

රොනී ද මෙල් මහතා ගැන නොදැන (නොදැනීමට හේතුව පුද්ගලයන් ගැන ලියවුනු පොත් පත්, චරිත කතා , ඇසුරු කළ අය කියන කතා, පක්ෂග්‍රාහී නොවී පුවත් පත් වල පළවන දෑ පරිහරණය නොකිරීමයි, රූපවාහිනියෙන් සහ වාචාල මුඛ වලින් දෙසා බාන දෑ දේව වාක්‍යක් ලෙස සැලකීමයි) අදහස් පළ කරන්නාවූ පුද්ගලයන් ගැන ඇත්තේ කණගාටුවක්. රටේ වැඩි හරියක් ඉන්නේ එවැනි පිරිස්. කොසොල් රජු දුටු සිහිනයේ පරිදි මිණි කැට යට ගොස් ලැබූ කබල් උඩට එන කාලයයි මේ. මෙය නම් නියමාකාරයෙන් දියුණුවෙන අසල්වාසීන් දෙස සැකයෙන් බලන කුහක මානසිකත්වය උරුම කළ දර්ශනයේම දිගුවක් ලෙස සැළකිය හැකියි. (නි)

:       0       0

රකිත් Tuesday, 23 April 2013 05:04 AM

රොනී කිව්වොත් පනී කියලා තමයි මමනම් අහල තියෙන්නේ. දෙවිනුවර වැඩිහිටියන්ගෙන් ඇහුවොත් කියයි මෙතුමා ලාම්පු, කළගෙඩි සෙල්ලමෙන් පස්සේ මොකද කලේ කියලා? හැබැයි, අර සොරා ගත්ත ලක්ෂ 40 ට වැඩි අත් ඔරලෝසුවේ කතාව මිට වඩා වටිනවා.(නදී)

:       0       0

දාස් Tuesday, 23 April 2013 06:33 AM

කොච්චර වටිනවා වුණත් ඔය ඔරලෝසුවේ කටුව හිටපු ගමන් එහාට මෙහාට පනිනවාලු. (නි)

:       0       0

හේමන්ත Wednesday, 24 April 2013 03:46 PM

රවී හරි. රොනී ගැන නොදනී නම් ඔහු ලාංකිකයකු විය නොගක. හොඳ මිනිසුන්න්ට අපහාස කිරීම හෙලා දකිමි.(නදී)

:       0       0

මංජුල Monday, 22 April 2013 05:53 PM

මේවා කෞතුකාගාරයට නම් යවන්න එපා..!(නු)

:       0       0

මහේෂ් Monday, 22 April 2013 06:02 PM

රොනී ද මේල් වැනි අවංක අයෙකුගේ දේ ගන්නා අයට පලදෙන්නේ නැහැ. (නි)

:       0       0

බණ්ඩා Tuesday, 23 April 2013 01:41 PM

අහසින් විදුලිය අපිට ලැබෙනවා නම් කොච්චර හොදද? (නි)

:       0       0

මහේෂ් Monday, 22 April 2013 06:20 PM

රටේ ධනය, නිධන් එලිපිට හොරකම් කරන කම්බ හොරු ඉන්නේ දැන්. (අ)

:       0       0

රකිත් Tuesday, 23 April 2013 07:40 AM

පිරිසිදු දේශපාලනය, මහත්මා දේශපාලනය කියන්නේ කුමක්ද? (නි)

:       0       0

රන්ගශනී Monday, 22 April 2013 06:33 PM

මේවා හොරකම් කරලා විකුනපු අයව අල්ලලා රජ කාලේ දඩුවමක් දෙන්න ඕනෑ. (නි)

:       0       0

රකිත් Tuesday, 23 April 2013 08:03 AM

පෙර තිබුණු එ.ජා.ප. ආණ්ඩු කාලයේ ඔය කියන මහත්මා දේශපාලනය කළ එක්කෙනයි මම නම් දැක්කේ. ඒ ගාමිණී ජයසුරිය ඇමැතිතුමා. ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධ වීමට කොන්ද පණ තිබුනේ එතුමාට පමණයි. (නි)

:       0       0

පාල Tuesday, 23 April 2013 08:20 AM

උපතින් ධනවත් අය දේශපාලනේ කරන්නේ තියන ගොඩ වැඩි කරගන්න. නැති කෙනා දේශපාලනේ කරන්නේ කීයක් හරි හොයා ගන්න. (නි)

:       0       0

චූලා Tuesday, 23 April 2013 08:21 AM

බණ්ඩා,අපට කිසි දෙයක් මෙතුමා ගැන පුද්ගලිකව දැනගන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

රීටා Tuesday, 23 April 2013 08:22 AM

සී.ටී.බි., විදුලිබල මණ්ඩලේ, දුම්රිය, අධ්‍යාපන, සෞඛ්‍යය ඇතුළු අනෙකුත් සියලු ආයතන කඩා වැටුනේ එක රජයකින් නෙමෙයි. මේවට සුද්දා ගියදා ඉදන් පාලනේ කරපු සියළුම අය වග කියන්න ඕනෑ. (නි)

:       0       0

සුකිරි Tuesday, 23 April 2013 08:24 AM

ගිය වසරේ පමණක් ශ්‍රී ලන්කන් එකේ පාඩුව කෝටි 2050. සභාපතිතුමාගේ ගෙදර තිබ්බ ඔරලෝසුව වටිනවා ලක්ෂ ගානක්.මෙතන ඔරලෝසුවත් ලක්ෂ ගණක එකක්.(නු)

:       0       0

සේන Tuesday, 23 April 2013 08:25 AM

ලංකාවේ මතයක් තියෙනවා සල්ලි උපතින්ම තියන අය දේශපාලනේ කරද්දී හොර කරන්නේ නැහැ කියලා. මම නම් කියන්නේ මේක තව මෝඩ සිතුවිල්ලක් කියලයි. (නි)

:       0       0

පද්මා Tuesday, 23 April 2013 08:26 AM

එහෙම නෙමෙයි මහත්තයෝ, උපතින් ධනවතුන් දේශපාලනේ කරන්නේ තව ටිකක් දියුණු වෙන්න. (නි)

:       0       0

අමල් Tuesday, 23 April 2013 02:41 PM

අනේ රොනී.(නු)

:       0       0

මාලක Tuesday, 23 April 2013 08:28 AM

මේවට රෝනීටම බැනල වැඩක් නැහැ (නි)

:       0       0

රවී Tuesday, 23 April 2013 10:39 PM

මෙලෝ හසරක් - ඉතිහාසයක් නොදන්නා කුහකයෝ රොත්තක් අදහස් දානවා. එක්කෝ දන්නා දෙයක් කතා කරන්න ඕනෑ, නැත්නම් දන්නා කෙනෙක්ගෙන් අහගන්න ඕනෑ. රොනී ද මෙල් කියන්නේ ප්‍රකෝටිපතියෙක්. ඒ දේශපාලනයෙන් නොවේ. දේශපාලනයෙන් වුනේ ඔවුන්ගේ දේ නැතිවීමයි. අනෙක රොනී කියන්නේ ලංකාවේ නොකැඩිය හැකි අධ්‍යාපන වාර්තාවක හිමිකරුවෙක්. ඒ ලංකාව තුල මුහුණදුන් සියලුම විභාග වලින් ලංකාවෙන් ප්‍රථමයා වීම. ඔහුගේ උත්සාහය කැපවීම උඩ ඉදිකළ රුහුණු විශ්ව විද්‍යාලයෙන් දුන් ආචාර්ය උපාධිය පවා ඔහු භාවිතා කලේ නැහැ. ඒ ඔහුට පින් උගත්කම් අවශ්‍ය නොවන්නෙක් නිසා. (නි)

:       0       0

ලසන්ත Tuesday, 23 April 2013 08:29 AM

මෝඩ මිනිසුනේ, දේශපාලකයා හොද වුණත් නරක වුණත් කළයුත්තේ සෝම හාමුදුරුවෝ කිවුවා වගේ ඡන්දෙ කටුගෑමයි. හැමෝම එහෙම කළොත් ලොකු වෙනසක් වෙයි. නැත්නම් හැමදාම මෙහෙම තමයි. (නි)

:       0       0

නිමල Tuesday, 23 April 2013 08:33 AM

හැමෝම කියන විදියට අද දේශපාලකයෝ කොන්ද පන තියෙන තින්දුවක් ගන්නවා නම් ගන්නේ දේශපාලන වාසියකුත් ඒ තීන්දුව පිටිපස්සේ තියනවද බලලා. මෙතුමා ගැන නම් කියන්න මම දන්නෙ නැහැ. මම කිවුවේ පොදුවේ සිදුවන දේ. (නි)

:       0       0

නන්දන Tuesday, 23 April 2013 08:34 AM

අපි නොදන්නා රොනී...(නු)

:       0       0

ජෝයි Tuesday, 23 April 2013 08:35 AM

කොච්චර වැරදි කරලා වුණත් දේශපාලකයයෙක් මිය ගියහම ගුණ වයන්න හාමුදුරුවෝ යන්නේ ඇයි? කියන්න බලන්න දන්න කෙනෙක්. (නි)

:       0       0

ජීවන් Tuesday, 23 April 2013 08:37 AM

මිනිසුනේ, මේ දේශපාලන ක්‍රමේට විරුද්ධ වෙයවූ! අපට විප්ලව කරන්න ඕනෑ නැහැ. ඡන්දෙ කටු ගාලා දාමු. (නි)

:       0       0

නීලා Tuesday, 23 April 2013 08:43 AM

ගොඩක් අය උපතින් සල්ලිකාරයෝ වුණේ ඒ කාලේ තිබුණු වැඩවසම් ක්‍රමයේ බල කණු වුණ නිසා... (නි)

:       0       0

අසේල Monday, 22 April 2013 08:17 PM

ලංකාවේ පරම්පරා ගණනකට ජිවත් වෙන්න හම්බු කරන්න නම් කරන්න තියෙන එකම රස්සාව දේශපාලනය. (නි)

:       0       0

ආනන්ද Friday, 30 May 2014 10:18 PM

පුරුදු විදියටම මහජන මුදල් ගැන හිතන ඉරිසියාකාරයෝ ටිකක් අදහස් දාල තියනවා මේ ලිපියෙම තියනවා මේක අපේ රටේ මහජන මුදලින් ගත්තු දෙයක් නොවන බව මේක අවුරුදු 300ක් පරන පුද්ගලික දේපලක්. (ස)

:       0       0

සුරංග Monday, 22 April 2013 08:23 PM

කවුද හොරා? (නි)

:       0       0

ජයතිස්ස Tuesday, 23 April 2013 09:06 AM

දේශපාලනය තුළ හොද අය මෙන්ම නරක අයත් ඉන්නවා. (නි)

:       0       0

සිල්වා Tuesday, 23 April 2013 09:12 AM

රෝනිද මැල් නියම මහත්මා ගති ඇති මහත්මයෙක්. එතුමට අහපාස කරන්න එපා. (නි)

:       0       0

කමල් Monday, 22 April 2013 08:26 PM

අදහස් පල කිරීමේදී බිද්ධිමත් වෙන්න.රොනී මහත්මය මහත්මා දේශපාලනය කරපු අයෙක් මම දන්නා තරමින් . (අ)

:       0       0

උපුලී Monday, 22 April 2013 08:36 PM

එයා තමා නුතන පක්ෂ මාරුවේ පියා. (නදී)

:       0       0

වරුණ Tuesday, 23 April 2013 09:29 AM

එතුමා මහත්මා දේශපාලඥයෙක්! ආදර්ශවත් චරිතයක්. (නි)

:       0       0

හේවාවිතාරණ Monday, 22 April 2013 08:37 PM

රොනී ද මැල් කියන මහතා ප්‍රකෝටිපතියෙක් වුණත් අනෙක් අයට ඒකෙන් ඇති අමාරුව මොකක්ද? (නි)

:       0       0

රූපා Tuesday, 23 April 2013 09:58 AM

හේවාවිතාරණ අපට තමයි අමාරුව කොහොමත්..!(නු)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 22 April 2013 09:03 PM

රොනී මුදල් ඇමැතිකලේ මොකක් හරි කරලා ජනතාවට නොරිදෙන අයවැයක් හැදුව ,මනුස්සය පරම්පරාගත සල්ලි කාරයෙක් නිසා ජනතාවගෙන් කප්පම් ගන්න ගියේ නැහැ . එකට අද ඉන්න මිනිස්සු (අ)

:       0       0

මනෝජ් Monday, 22 April 2013 09:21 PM

ලක්ෂ 50ක ඔරලෝසුවක් .අනෙත්වා කොහොම වටිනවා ඇත්ද (අ)

:       0       0

චන්දු Monday, 22 April 2013 09:21 PM

ඒකාලේ නම් දේශපලනයට එන්නේ මිනිසුන්ගේ බදු සල්ලි යටිමදිගහන්න නෙමේ රටට වැඩක් කරන්න එකට දැන්? (අ)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Wednesday, 24 April 2013 06:06 AM

රොනී ද මැල් කියන්නේ විද්වත් ගෞරවනීය දේශපාලකයෙක්. (නි)

:       0       0

මනෝජ් Monday, 22 April 2013 09:36 PM

රොනී කියන්නේ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් තියාගෙන හිටපු දෙසපාපඥයෙක් නම් නෙමෙයි. පාරම්පරික දේපල හිමි මනුස්සයෙක්.(නදි)

:       0       0

හිරාන් Friday, 26 April 2013 09:57 AM

දුප්පත් වෙලා ඉපදෙන්නේ පව්කාරකමට,පෝසත් අයට ගරහන්න එපා (නි)

:       0       0

ගාමිණී Monday, 22 April 2013 09:44 PM

අපේ පළාතෙත් සුදු වතු පාලකයෙක් වතු වගා කරලා සුවිසල් බංගලා හදාගෙන හිටියා. 1948 නිදහස ලැබෙද්දී විශ්වාසීව රාජකාරිය කළ ඉංග්‍රීසි උගත් ලියන මහත්තයට සියලු දේපල දීලා සුද්දා රට ගියා. ළමයින්ට ඉංග්‍රීසි අධ්‍යාපනය දීලා පුතා අධි නිතිඥයෙක් කළා. ඒ වගේ දේපල සමහරු ළඟ තියෙනවා. අපි අසා ඇති සත්‍ය කතාවක් මේක. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 22 April 2013 09:46 PM

හොරා මල නොතලා රොන් අරගෙන වගේ වැඩක්නේ කරලා තියෙන්නේ. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 22 April 2013 09:49 PM

ඔරලෝසුවේ ගාණ ටිකක් අඩුකරන්න බැරිද? (නි)

:       0       0

සම්පත් Friday, 26 April 2013 10:10 AM

රොනී කියන්නේ දෙවිනුවරට ආපු පරිශුට් කාරයෙක්. එත් දැන් ඉන්න අය එක්ක සංසන්දනය කරනකොට හොද නායකයෙක්. ඒ කාලෙට සාපේක්ෂව ගත්තොතින් වැඩක් කරපු කෙනෙක්. ඔරලෝසු කතාවෙන් නැවත රොනීගේ මතකය අළුත් කළා. ඒත් මේ තරම් බඩු තියෙන බංගලාවක ආරක්ෂකයෝ නැද්ද?(නදී)

:       0       0

අමිල කටුනායක Monday, 22 April 2013 09:53 PM

අනේ පොඩ්ඩක් බලන්නකෝ අර බජට් පැක් එහෙමත් ඔය කඩේ අස්සේ මුල්ලක හරි තියෙනවද කියලා. (නි)

:       0       0

ඩේවිඩ් Tuesday, 23 April 2013 10:57 AM

නැති උනේ ඔරලෝසුව .ඒ උනාට සේරම අය අදහස් ප්‍රකාශ කරන්නේ රොනිද මෙල්ගේ වත් පොහොසත් කම ගැනයි . මේ දිහා බලපුවම මිනිසුන් තුල මොනතරම් ඉරිසියාව තියනවද ? පරම්පරාවෙන් ලබුනදෙවල් හරි හම්බකරගත්ත දේවල් හරි ලබා‍‍‍ෙගන රටට සේවයක් කරපු කෙනෙක් ගැන නොදැන අපහස කරන්න හොඳ නැහැ. කුහකකම ඉරිසියාව අඩු කරගත්ත තරමට, තම තමන් දියුණුව කරා යන්න පුළුවන් . අනුන්ට ඉරිසිය කරපු තරමට තමන් පහතට වෙටෙන බව ඔය කවුරුත් හිතාගන්න.(ස)

:       0       0

සමන්ත Monday, 22 April 2013 10:11 PM

හොරා කවුද කියල රටම දන්නවනේ ඉතින්.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 23 April 2013 11:02 AM

රොනී ද මැල් මැතිතුමා ධන කුවේරයෙක් කිව්වොත් නිවැරදියි. මෙතුමා දේශපාලනයෙන් හම්බකරපු කෙනෙක් නොවෙයි. රටේ දැන් ඉන්න දේශපාලකයින්ට සමකරන්න බැරි උගත් හා වැදගත් චරිතයක්.එතුමාට අපහාස කරන්නේ රොනී ද මැල් මැතිතුමා පිළිබඳව නොදන්නා පිරිසයි. අපි ඔවුනට අනුකම්පා කරමු. (නි)

:       0       0

පාලිත Monday, 22 April 2013 10:20 PM

එතකොට හිටපු ඇමතිතුමා පැමිනිල්ලවක් දාලා නැතුවද පොලිසිය මේ හොරු හොයන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

කාර්තිලිස් Monday, 22 April 2013 10:21 PM

රොනී දේ මේල් මහතා පිරිසිදු දේසපාලනය කරපු කෙනෙක්, හොරකම් කළා කියලා අපි අහලවත් නැහැ. (නදී)

:       0       0

හේරත් Monday, 22 April 2013 10:34 PM

අනේ මටත් බඩේ බඳින්න ඔරලෝසුවක් ගන්න පාර්ලිමේන්තුවට යවන්නකෝ. ඔබ තුමාලගේ දැවෙන ප්‍රශ්ණ මට විතරයි විසදන්න පුළුවන්. මගේ බද වට ප්‍රමාණය මනින්නේ දම්වැල් වලින් . (නදී)

:       0       0

සිරිලාල් Tuesday, 23 April 2013 11:15 AM

මෙම පුරාවස්තුව කෞතුකාගාරයට භාර ‍දුන්නොත් නේද හොද? (නි)

:       0       0

මහී Thursday, 25 April 2013 01:49 PM

හේමන්ත, ඔබ හරි (නි)

:       0       0

ඩේවිඩ් Tuesday, 23 April 2013 04:47 PM

නන්දන, ඔයා මේ වගේ ඔරලෝසු ලංකාවේ ගෙවල් වල තියනවා දැකලා තියෙනවද? මේවා තියෙන්නේ යුරෝපයේ වගේ රටවල විතරයි . තෑග්ගක් ලැබුන එකක් කියො කියන කතාව ඇත්ත .ඒ කාලේ දේශපාලනය කරපු අය යටිමඩි ගහ ගත්තා කියලා අපි නම් අහලාවත් නැහැ. (නි)

:       0       0

පාල Monday, 22 April 2013 04:11 PM

කොහොමද වැඩේ? අහසින් අකුණු පත් වෙන්න ඕනෑ නේද මේවට...? (නි).

:       0       0

සුපුන් Monday, 22 April 2013 04:11 PM

හොරුන්ගෙත් හොරු කම්බ හොරු.... (නි)

:       0       0

ජීවන් Monday, 22 April 2013 04:12 PM

ඉස්සරලම හොරකන් කරපු කෙනා අල්ලන්නේ නැද්ද...ලක්ෂ 52 ඔරලෝසුවක් සමාජ සේවකයෙක් ගාව තියෙන්න විදියක් නැනේ...(ස)

:       0       0

දම්මි Monday, 22 April 2013 04:13 PM

ඔරලෝසුවම ලක්ෂ 52ක්??? (නි)

:       0       0

මාලා Monday, 22 April 2013 04:13 PM

මේ සොර දෙටුවා නොහිටියා නම් මේ ඔරලෝසුවයි වත්කමුයි අප නොදන්නවා ඇත. (නි)

:       0       0

පෙරුමාල් Monday, 22 April 2013 04:14 PM

අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි (ස)

:       0       0

කෙවින් Monday, 22 April 2013 04:14 PM

ඇත්තෝ කති බොති.නැත්තෝ උලා කති. (නි)

:       0       0

පද්මා Monday, 22 April 2013 04:15 PM

දෙයියෙක් ඉන්නවා නම් ඇයි මේ ජාතික හොරුන්ට අච්චු දෙන්නේ නැතුව පොඩි හොරුන්වම අල්ලලා දෙන්නේ? කරුමේ ඇත්ත නම් ඇයි මේ ආත්මෙදීම ඇස් පනා පිට පල නොදෙන්නේ? වෙලාවකට ආගමත් එපා වෙනවා... (නි)

:       0       0

රංජිත් Monday, 22 April 2013 04:15 PM

රොනී ද මෙල් මහතාගේ ගෙදර කැසට් එකක් තිබුනේ නැත්තේ ඇයි දන්නවාද? (ස)

:       0       0

සුධීර Monday, 22 April 2013 04:15 PM

අහසින් විදුලිය වදිත්වා! (නි)

:       0       0

නන්දන Tuesday, 23 April 2013 11:57 AM

ඩේවිඩ්, මෙතන තියෙන්නේ ඉරිසියාව නෙමෙයි.කොහෙන්ද මේ සල්ලි ආවේ කියන එක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 498 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 715 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 436 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 908 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1695 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 419 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 908 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site