(විනීතා එම් ගමගේ)
ගංගා 103 ක ඉවුරු හා ගංගාධාර සංරක්ෂණය සඳහා රජය රුපියල් කෝටි 2300 ක් වෙන්කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
මෙම කටයුත්ත සඳහා සුරකිමු ගංගා නමින් ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් මේ වනවිට එහි මූලික කටයුතු සියල්ල අවසන් වී ඇති අතර නොවැම්බර් මාසයේ දී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා කීය.
ප්‍රධාන ගංගාවන් ඇතුළු පානීය ජලය සපයන ගොවිතැන්වලට හා වෙනත් අවශ්‍යතාවලට ජලය ලබාදෙන ප්‍රධාන ජල මූලාශ්‍රයන් වී ඇති ගංගා සියල්ලම මෙම ව්‍යාපෘතිය යටතේ සංරක්ෂණය කෙරෙන බව ද අමාත්‍යවරයා කීය.
මෙම ගංගා අවට අනවසර පදිංචිකරුවන් හඳුනාගැනීම ඔවුන්ට විකල්ප ඉඩම් මෙන්ම ඒවායේ නිවාස ඉදිකිරීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දීම කම්හල්වල අප ජලය බැහර කිරීමේ විද්‍යාත්මක ක්‍රමයන් අනුගමනය කිරීම සඳහා මුදල් නොමැතිනම් ඊට අඩු පොලියක් යටතේ ණය මුදල් ලබා දීම වැනි සහන ලබා දීමට ද මෙම ව්‍යාපෘතිය යටතේ අවස්ථාව ලබා දෙන බව ද හෙතෙම කියා සිටියේය.
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සමස්ත ගංගා පද්ධතියම දූෂණයට ලක්ව ඇතැයි පැවසූ අමරවීර මහතා පරිසර පද්ධති විනාශ කිරීම හේතුවෙන් ගංගාවන්හි ජල මූලාශ්‍රයන් ද විනාශ වෙමින් පවතිතැයි කීය.
පානීය ජලයට අපද්‍රව්‍ය එක්වීම නිසා විවිධ රෝගාබාධවලට මිනිසුන් ගොදුරුවීමත් ගංගා ආශ්‍රීතව ඇති කර්මාන්ත ශාලාවලින් බැහැර කරන අපජලය ගංගාවලට බැහැර කිරීම නිසාත් අපේ ගංගා පද්ධතිය මේ වනවිට අතිශයින් දූෂණයට ලක්ව ඇති බව ද සඳහන් කළේය.
විශේෂයෙන් කැළණි ගඟ ආශ්‍රිතව කඩුවෙල සිට පෑලියගොඩ පාලම දක්වා කර්මාන්ත ශාලා 7000 ක් ඇති බවත් ඉන් පරිසර වාර්තා ලබාගෙන ඇත්තේ කම්හල් 3000ක් පමණකැයි පෙන්වා දුන් අමාත්‍යවරයා පරිසරය සම්බන්ධ සමහර නිලධාරින් තම රාජකාරි ඉටු නොකිරීම මෙන්ම විවිධ දූෂණයන් සිදුකිරීම නිසා අපගේ ගංගා පද්ධතිය විනාශ වෙමින් පවතින බව ද සඳහන් කළේය.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගංගා - ඉවුරු සංරක්ෂණයට කෝටි 2300 ක්
annapurna Friday, 16 October 2020 07:41 AM
කාලය කා දැමීමක්...
k d sujeewa Friday, 16 October 2020 08:15 AM
ගංගා ඉවුරු දිගේ තිබෙන කොහොඹ, කුඹුක් ගස් වාෂ්ප වෙයිද?
senaSaturday, 17 October 2020 04:57 AM
ඔයවගේ මොකක්හරි දේකට තමයි කෙළ හලන්නේ...
kalos Friday, 16 October 2020 08:48 AM
යටි මඩි ගහන්න... කියපු සැලැස්මක්...
kamal Friday, 16 October 2020 09:53 AM
ඔන්න පුතේ ටෙන්ඩරයක් දා ගත්තා නම් වතුර කෙසේවෙතත් මුදල් නම් ගංගාවක් හරවා ගතහැකියි.
Benoy Friday, 16 October 2020 11:21 AM
කඩුවෙල සිට පෑලියගොඩ පාලම දක්වා ඉතිරිව ඇති කර්මාන්තශාලා ඔවුන්ගේ පාරිසරික වාර්තා ලබා නොගත්තේ ඇයි? මෙම කර්මාන්තශාලා පවත්වාගෙන යන්නේ අධික ලෙස පහර දෙන්නන් විසින්ද? නැතහොත් රජය ඔවුන්ගේ අසාර්ථකත්වය සැඟවී තිබේද? ගංගා දූෂණය වීම වැළැක්වීමට අවශ්‍ය පියවර නොගන්නේ මන්ද?
අතුල Friday, 16 October 2020 02:16 PM
කොමිස් එක 90% යි. වැඩේට 10% යි. ඔය වගේ ව්‍යාපෘති ලැබෙනවා නම් මොනවා කරන්න බැරිද?
badraani Saturday, 17 October 2020 06:41 AM
ඉවුරු තලා... ගංගා බැස යනවා.