ලන්ඩන් නුවර අලුතින් පිහිටුවාගෙන ඇති ලන්ඩන් නුවර කවි සමාජයේ සමාරම්භක එකමුතුවක් මෙම මස 30 වැනි දින සවස 6 සිට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයයේදී පැවැත්වීමට සුදානම් කර ඇති බව එම සංවිධානයේ කැඳවුම්කරුවන් වන අනුර හෑගොඩ සහ දයා ආනන්ද රණසිංහ මහත්වරු කියති.
එදින උත්සවයේදී මහාචාර්ය ටී.එස්.අබේවික්‍රම "සිංහල කවියෙන් තුලින් දැකගත හැකි බුදුදහම" මැයෙන් දේශනයක්ද, නීතීඥ අනුර හෑගොඩ සෞන්දර්යයෙන් සහ ශෘංගාර රසයෙන් පිරි කාව්‍ය රචනාවෙන් එම යුගයේ විද්වතුන්ගේ
කල්පනාලෝකය කැලඹු ප්‍රකට කිවිඳිය ගජමන් නෝනාගේ පද්‍ය" විමසා බැලීමක්ද, ලංකා විත්ති පුවත්පතේ කතෘ දයා ආනන්ද රණසිංහ
විසින් "කවිය සිංහල රජවාසලට තුලට පවා ඇතුල්වී අනවසර පෙම් සබඳතාවයකට මුල පුරා ඛේදවාචයකින් අවසන් වූ දස්කොන් සහ ප්‍රමිලා බිසවගේ පුවත ඇසුරින් එදා මතුවූ කාව්‍ය පසුබිම" පිලිබඳ විමර්ශනයක්ද, සුනීත පෙරේරා විසින් පද්‍ය ගායනයක්ද ඉදිරිපත්කිරීමට නියමිතය.
එමෙන්ම එදිනදී මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතාගේ දේශනයක් සහ "සිංහල කවිය සහ සිංහල
ජන ජීවිතයේ සුහද සම්බන්ධතාවය" යන මැයෙන් සාකච්ඡා වාරයක්ද පැවැත්වෙනු ඇත.
නීතීඥ අනුර හෑගොඩ දක්ෂ කවියෙකු, පුවත්පත් කලාවේදියෙකු,තීරු ලිපි සහ ග්‍රන්ථ රචකයෙකුද වෙයි. "ලන්ඩන් කවි" නමින් කාව්‍ය සඟරාවක්ද ඔහු විසින් ප්‍රකාශයට පත් කර ඇත. දයා ආනන්ද රණසිංහ ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකි. කාව්‍ය රචකයෙකු තිර නාට්‍ය රචකයෙකු සහ ග්‍රන්ථ කාර්තු වරයෙකු වන ඔහු ශ්‍රී ලංකාවෙන් පිට මුද්‍රණය කළ එකම සිංහල පුවත්පත වන " ලංකා විත්ති" පුවත්පතෙහි කතෘ වරයාය. ලොව වටා ජීවත්වන සිංහල පාඨකයන්වෙත නොමිලයේ බෙදා හැරෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දාගැබ් පෙති පිලිම හාරා සොයති නිදන් ඒ වැනි වදන් කන වැකැනද කලක ඉදන් මෙවැනි පුතැන් බිහිකල මවි පියනි ඹබෙන් සිදුකල මහගැ පින පිහිටකි මගට නිවන් (අ)
මිලානෝ කවි මඩුවට පැමිණීමට ලන්ඩන් කවියන්ටත් මෙයින් ආරාධනා කරමු. (දී)
ලන්ඩන් ගියත් කම් නැත ගජමන් ...නෝනා කවි දෙක,තුනක් අපිටත් කිව මැන ..නෝනා. (දී)
විසල් පුර ලන්ඩන්.. කවි කාර හෙළයන්.. හැඩ කාර නාදෙන්.. මවති සුර පුර මියුරු කවියෙන්.. (දී)
මිලානෝ සැමදා දිලෙන්නේ... මිලානෝ කවියෙන්ද බැබලන්නේ... මිලානෝ තරුණ කවි මඩුවේ.... ලේක්කෝ ගලබඩයන් කවි කියන්නේ... (දී)
එංගලන්තේ ක්‍රීඩා පිටියට පැනපු කොටියා එලවගන්න බැරි මේ අය අලි එලවන්නද කවි කියන්නේ? (අ)
සිංහල කවි කලා පිට රට ගෙන ඒම.. සතුටුයි අසන්නට මෙපුවත් සැමදාම.. නැඟුමට හෙළ කවිය දිරි ගෙන කැප වීම.. කොතරම් හොඳද අපෙ දස්කම් පෙන්වීම (නි)
ලන්ඩන් වසන්තය එලි බැස එන්නේ......කවිකාර හෙළයන් එහි පිවිසෙන්නේ.....සුද්දන් සන්තොසින් උන් පිලි ගන්නේ.....එම්බල පුක්කුසයෝ තොප අද අඬන්නේ?(නදී)
පුක්කුස කියනවා වාගේ ක්‍රිකට් ග්‍රවුන්ඩ්... පැන්නා මැදට කොටි වලිගැති සුනඛ හවුන්ඩ්... පෙන්නා සිහල රුධිරයේ බල එකට බවුන්ඩ්.. පන්නමු ලංඩනයෙ කොටි කැල නගා සවුන්ඩ්... (නි)
මෙතැනනේ නියම කවියෝ ඉන්නේ .... ගලබඩ , පහන් සුභ පැතුම්. (නි)
පුක්කුසයෝ වැනි පුත්තු ලක්මවට.... ජාතක වුනේ අපේ පෙර පවකටය... කට මැත දොඩනවා වෙනුවට අද සිටම... ජාතික ගීය ගයපන් හිරු නැගෙන විට... (නි)
ගලබොඩ ලෝක්කෝ ඔබ හරියට හරිය නම පුක්කුස වුවත් ඔහු හට වැඩ බැරිය කොටියා ඉදිරියේදී මේකා නම් නරිය කලිසම දිගට මල මුත්‍රා පෙරී පෙරිය .(නදී)
අනුර හෑගොඩ මහතා එංගලන්තයේ පුරවැසිකම ගත්තේ ලංකාවට යන්න බැහැ කියලයි. එයා එංගලන්තයට එනකොට හිටියේ තැචර් අගමැති (1985). ඒ කාලේ එංගලන්තයේ පුරවැසිකම ගන්න හරි අමාරුයි. හැබැයි ලංකාවට යන්න බැහැ කිව්වොත් (මේ දෙමල සරනාගතයන් වගේ) නම් ගන්න පුළුවන්. (නි)
මෙහෙ ඉන්න ගොඩක් සිංහල වීරයෝ ලංකාව ම්ලේච්ච මිනීමරුවෝ ඉන්න රටක් කියා හංවඩු ගහපු අයයි. (නි)
ලන්ඩන් වල සිටින සමහර අපේ සිංහල අය යම් කෙනෙක් හොද දෙයක් කරන කොට ඉරිසියාව වගේ දැනෙනවා ඇති. එත කොට සමහර අපේම සිංහල කිහිප දෙනෙක් පමණක් තමන්ට කිසි දෙයක් කර ගන්න බැරිනිසා, රටට වැඩ දායක වැඩක් කරන අයගේ කකුලෙන් අදිනවා. අනුන්ගේ නම් පාවිච්චි කරමින් ඊ මේල් හදාගෙන මෙවැනි දේවල් කරනවා. නමුත් මේ අයව නීතියට ගෙන එන්න පුළුවන් පොලිසියට පැමිණිලි කිරීමෙන්. පොලිසියට දැනුම් දීමෙන් තමන් නිවැරදි බව ලෝකයට පෙන්නවන්න පුළුවන් ඔබගේ නම පාවිච්චි කරලා නම්. මට දුක කවදාද සිංහලයා එකමුතුව වැඩ කරන දවස එන්නේ කියලා මොකද සමහර අය මුදල් පසුපස යනවා ජාතියට හෙන ගැහුවත් ඒ අයට වැඩක් නැත. බොහොම දුකයි මේ වෙන දේවල් දිහා බැලුවම.(නදී)
ගජමන් නෝනා විෂයය හොඳ විවාදයකට කරුණක් බව පෙනේ. මොන හේතුවක් මත හෝ ශ්‍රී ලංකාවෙන් එංගලන්තයට පැමිණ සිටින බොහෝ දෙනෙක් තම තමන් සිතන අයුරින්, තම තමන්ට හැකි පමණින් තම රටට ජාතියට භාෂාවට ආදරය කරති. උදවු කරති. දයා ආනන්ද රණසිංහ වසර දහසයක් නොකඩවා 'ලංකා විත්ති' පුවත් පත ලන්ඩනයේදී කරගෙන ආවේය. එය ශ්‍රී ලංකාවෙන් පිටත සිංහලෙන් පලවූ එකම පුවත් පත් විය. බෙදා හැරුනේ නොමිලයේය. ඔහුට සත පහක ආදායමක් නොවීය. අතේ මුදල්ද දමා ඔහු එය කරගෙන ගියේය. ඒ තම රටට ජාතියට බාසාවට ඔහු තුල වූ ආදරයයි. ලන්ඩන් කවි නමැති සගරාවක් මම පල කලෙමි. ප්‍රකාශන දොළහකින් එය නතර කෙටීමට සිදුවුයේ ලන්ඩනයේ කවීන්ගේ කවි හිඟකම නිසාය. අප එසේ අපගේ ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරන්නෙමු. 30 දා මහා කොමසාරිස් කාර්යාලයට පැමිණ අපගේ කවි සනද්‍යාවට සහභාගි වන්න. ඔබේ අදහස් බෙදා හදා ගන්න. ජයන්ත මහතා හට කීමට ඇත්තේ මෙයයි. අප එංගලන්තයට පැමිණියේ 1985 පෙබරවාරි මස පළමුවන දා ය. ඒ සොලිසිටර් විභාගය සඳහාය. නමුත් සංචාරක වීසාවක් සමගය. එකල එය වසරක් දක්වා දිගු කරගත හැක. අනතුරුව එකල මෙහි සිටි බොහෝ අය මෙන් ශිෂ්‍ය වීසාවක් ගතිමි. 1988 යුරෝපයේ සංචාරය කලෙමු. 1989 වනවිට අපට දරු දෙදෙනෙක් සිටි අතර ඔවුන්ද රැගෙන එම දෙසැම්බර් මස ලංකාව බල ගියෙමු. එතැන් පටන් හැම වසරකම දෙතුන් වතාවක් ලංකාවට ගියෙමු. මා බ්‍රිතාන්‍ය ජාතිකත්වය ගත්තේ 1997 දීය. එතෙක් මා සංචාරය කලේ ශ්‍රී ලංකා ගමන් බලපත්රයෙනි. දේශපාලන රැකවරණ පැතුවෙකුට තම රටේ ගමන් බලපත්‍රයෙන් තම රටට යාමට නොහැක. අප මෙහි දේශපාලන රැකවරණ පැතුවන්ට නීතිඥයන් වශයෙන් පෙනී සිටියෙමු. ස්තුතියි (අ)