IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ගේට්ටුකරු ඉන්ධන නැතිව අතර මඟ:දුම්රිය ගේට්ටුව ළඟ

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර වෙහෙරහේන දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටු වසා නොතැබූ අවස්ථාවේ එම ස්ථානය පසු කිරීමට නියමිතව තිබූ සාගරිකා සීඝ්‍ර ගාමී දුම්රියේ රියැදුරාගේ විමසිලිමත්කම නිසා සිදුවන්නට ගිය අනතරු වැලක් වළක්වා ගැනීමට අද අලුයම හැකි විය.

දුම්රිය හරස් ගේට්ටුව වසා නොමැති බව දුරතියා අවබෝද කරගත් සාගරිකා දුම්රිය රියැදුරා වාහා දුම්රිය නතර කර ඒ ගැන විපරම් කර ඇත. පසුව සොයා බැලීමේදී දුම්රිය ගේට්ටුකරු නොමැති බව දැන ගැනීමෙන් පසු දුම්රිය සහායක ගේට්ටුවේ ආරක්ෂාවට යොදවා මාර්ගය දෙපස වාහන නතර කර දුම්රිය ධාවනයට අවශ්‍ය වටපිටාව සලසා ගත්තේය.

මේ සම්බන්ධයෙන් සාගරිකා දුම්රියේ රියැදුරා මේ සම්බන්ධයෙන් මාතර දුම්රිය ස්ථානය දැනුම්වත් කර ඇත.

මේ නිසා සාගරිකා දුම්රිය මිනිත්තු පහක කාලයක් ප්‍රමාද වී ධාවනය වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පැවැත්වෙන බව දැන ගන්නට ඇත.

මේ අතර වෙහෙරහේන දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුකරු මාතර දුම්රිය ස්ථානයට දුරකතන ඇමතුමක් දී යතුරු පැදියේ පෙට්‍රල් අවසන් වු නිසා අතරමඟ නතර වි ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරයා දැනුම්වත් කර ඇත.



අදහස් (6)

ගේට්ටුකරු ඉන්ධන නැතිව අතර මඟ:දුම්රිය ගේට්ටුව ළඟ

කිරි පුතා Monday, 06 June 2022 02:27 PM

එම රියදුරාට අනතුරක් වළක්වා ගැනීම නිසා මහත්සේ සලකන එක පැත්තක දමා දඬුවම් කරයිද දන්නේ නෑ. ඒක තමයි අපේ රටේ නීතිය...!

:       1       41

swene Monday, 06 June 2022 03:04 PM

ඉන්ධන නොමැති වීමෙන්, වාහන තෙල්වර්ග අමතර කොටස් යනාදිය නොමැති වීමෙන් මග තොටදී වියහැකි අනතුරු වැඩිවීමේ අවදානමක පෙර නිමිත්තකි. එබැවින්, අප සැවොමත් විමසිල්ලෙන් කටයුතු කිරීම ඉතා වැදගත්ය. සෞඛ්‍ය අංශයේද අඩුපාඩු ඇතිනිසා වඩාත් පරිස්සම් විය යුතුයි...

:       1       23

අමා Monday, 06 June 2022 03:10 PM

දැන් දොස්තරලාත් පටන් ගනියි. වෙලාවට ඔපරේෂන් එකට එන්න බැරි වුනේ පෙට්‍රල් නැතිව මග හිටිය නිසා කියලා...!

:       16       11

NuwanMonday, 06 June 2022 05:00 PM

ඇත්තටම වෛද්‍යවරු එහෙම කළ යුතුයි හරිනම්. මේ සියලු ප්‍රශ්න වලට මුල වූ හොරු රැළ.. එළවලා දාන්න.. එකා වගේ එකතු නොවී තාමත් අරයා කරයි, මෙයා කරයි කියලා අනිත අය අරගල කරලා දිනවලා දෙනකම් බලාඉන්න නිවට බහුතර ජනතාවක් ඉන්න නිසා තමයි මෙහෙම වෙන්නේ. ඊට නොදෙවෙනි ආරක්ෂක අංශ.. හොරු රැකීමට උපන් අය... දිවුරලා තියෙන්නේ...

:       6       8

saman Tuesday, 07 June 2022 09:28 AM

වගකීම් විරහිත ගේට්ටුකරුවෙක්

:       2       4

ruwan Tuesday, 07 June 2022 12:26 PM

අඩ අපේ රට අගාදයට වැටී ඇත්තෙ මෙම ගෙට්ටු කරු වගකීම් විරහිතව තම රජකාරිය පහර හරියා වගෙම අනෙත් අයද තම තමන්ගෙ රැකියා නිසිපරිදි නොකර නිදහසට හෙතු කියමින් රාකාරි පැහැරහැරීීම්ය

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 769 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 459 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site