IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ගැටුමේ වන්දිය තරගාවලියෙන් ගෙවයි

‘මයිලෝ’ අනුග‍්‍රහයන් ශී‍්‍ර පාසල් රග්බි සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස 20 න් පහළ පිළිම`ඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියෙන් මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල ඉවත් කර තිබේ.

පාසල් රග්බි පිටියේ මේ වන විට උද්ගත වී ඇති ගැටුම්කාරී තත්ත්වයන් නිසා පිළිම`ඵන් පිටු දැකීමේ තරගාවලිය දිනයකින් කල්දැමීමට ද පාසල් රග්බි සංගමය පියවර ගෙන තිබේ. එම තරගාවලිය අද (01) ආරම්භ වීමට නියමිතව තිබුණද එය හෙට (02) ආරම්භ වේ.

කිංග්ස්වුඞ් විදුහල සහ ශාන්ත අන්තෝනි විදුහල අතර පසුගිය 27 වැනිදා බෝගම්බර පිටියේදී පැවැති තරගයේදී දෙපිලේ ක‍්‍රීඩකයන් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් එම කණ්ඩායම් දෙකටම තාවකාලික තරග තහනමක් පනවා ඇති බව පාසල් රග්බි සංගමයේ නිලධාරියෙක්  පැවසීය.

ජනාධිපති කුසලාන තරගාවලියට සහභාගි වීමට සුදුසුකම් ලබා සිටි ඞී. එස්. සේනානායක විදුහල එම තරගාවලියට සහභාගි නොවීම නිසා එම අවස්ථාව ප‍්‍රසාද ලකුණු සටහනේ නවවැනි ස්ථානයට පත්වූ ඉසිපතන විදුහලට දීමට තීරණය කර ඇති බවද දැනගන්නට ඇත.

කිංග්ස්වුඞ් විදුහල සහ ශාන්ත අන්තෝනි විදුහල ප‍්‍රසාද ලකුණු සටහනේ හයවැනි සහ හත්වැනි ස්ථානවලට පත්වන බැවින් එම තරගාවලියේ නීති රීතිවලට අනුව ඉසිපතන විදුහලට පෙර එම කණ්ඩායම් දෙකෙන් එකකට ජනාධිපති කුසලාන තරගාවලියට ඇතුළත්වීමේ අවස්ථාව තිබුණි.

ආරක්‍ෂක හේතූන් මත මෙම තරගාවලියේ සියලූම තරග කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේ පැවැත්වේ.

අවසන් පූර්ව තරග මේ මස 8 සහ 9 දෙදින පැවැත්වෙන අතර අවසන් මහ තරග මේ මස 14 වැනිදා පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලිය ජනාධිපති, අගමැති සහ සභාපති කුසලාන සදහා පැවැත්වේ. දිනයේ පළමු තරගය පෙරවරු 8.30 ට ද, දෙවැනි තරගය පස්වරු 2.00 ට ද, තෙවැනි තරගය පස්වරු 4.15 ට ද, පැවැත්වීමට නියමිතය.

තරග කාලසටහන
● ජූලි 02 - ඉසිපතන විදුහල සහ ත‍්‍රිත්ව විදුහල අතර
● ජූලි 03 - වෙස්ලි විදුහල සහ විද්‍යා විදුහල විදුහල අතර
● ජූලි 04 - ධර්මරාජ විදුහල සහ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විදුහල අතර
● ජූලි 05 - ශාන්ත පීතර විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර

 

 



අදහස් (0)

ගැටුමේ වන්දිය තරගාවලියෙන් ගෙවයි

මධුෂාන් Monday, 01 July 2013 11:35 AM

මැති ඇමතිවරු ගහගන්නවා තමා. ඒත් රටේ අනාගතයත් එහෙම වෙන්න ඕනෑද ? හොද දඩුවම (දී)

:       0       0

තම්රීන් Monday, 01 July 2013 11:39 AM

ඉසිපතනයට ජය..!! (දී)

:       0       0

නිශ්ශංක Monday, 01 July 2013 05:18 PM

මේ තරගය වෙස්ලි අත උඩින් ගහනවා (දී)

:       0       0

පොනිල් Tuesday, 02 July 2013 08:24 AM

රාජන්ස් කොල්ලෝ යෝධයෝ... යකඩ කුරු වුනත් දෙකට කඩයි ,දැක්කා නේද වැඩ ෆයිනල් වලදී? (නි)

:       0       0

දිනේෂ් Monday, 01 July 2013 12:38 AM

ධරමරාජ දිනනවා ෂුවර් එකටම. අපේ කොල්ලෝ නවත්වන්න කාටවත් බැහැ. (නි)

:       0       0

චන් Monday, 01 July 2013 05:42 PM

මාතර රාහුල උඩින්ම දිනනවා.. (දී)

:       0       0

සුමිත් ප්‍රියංකර Monday, 01 July 2013 12:23 PM

විද්‍යා විදුහල මේ හැම අබියෝගයක් ජය ගන්නවා .විද්‍යා විදුහලට ජය වේවා! (දී)

:       0       0

බංඩාර Monday, 01 July 2013 06:17 PM

ධර්ම රාජය අනිවාර්යෙන්ම මෙවර ජනාදිපති කුසලානය දිනනවා. රාජන්ස්ලට ජයවේවා!(නදී)

:       0       0

මහී Tuesday, 02 July 2013 09:21 AM

ශාන්ත අන්තෝනි එකට දිට්ට ධම්ම වේදනීය කර්මය පලදීලා (නි)

:       0       0

රත්නවීර Monday, 01 July 2013 01:09 PM

ගැටුම සම්බන්ධ තීරණය දෙන්නේ නැතුව කොහොමද මෙවැනි තීරණයක් ගත්තේ? (දී)

:       0       0

සරත් Monday, 01 July 2013 01:40 PM

මෙවන් තීරණ වලින් ක්‍රීඩාවට හානියක් සිදුවේ (දී)

:       0       0

ලලිත් පැරිස් Monday, 01 July 2013 09:58 PM

ඉසිපතනයේ වැඩ ඉදිරියේදී බලා ගන්න පුළුවන් .ඉසිපතනයට ජය !(අ)

:       0       0

ශෂිමාල් Monday, 01 July 2013 09:32 AM

ඉසිපතනයට ජය නියතයි. (නි)

:       0       0

දුලාන් කණිෂ්කමල්ලි Monday, 01 July 2013 10:23 PM

නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ (අ)

:       0       0

ඉන්දික Monday, 01 July 2013 10:38 PM

රාජකීය විද්‍යාලයට සුබ අනාගතයක්. ඔබ විසින් දායාද කළ රගර් ක්‍රීඩාංගනය අද කොතරම් වටීද (අ)

:       0       0

රම්සි Monday, 01 July 2013 09:55 AM

ඉසිපතනයට ජය..!!මෙන්න වැඩ පෙන්නන්න නියම වෙලාව... (නි)

:       0       0

ලහිරු Tuesday, 02 July 2013 04:55 AM

අනිවාර්‍යයෙන් ධර්මරාජය දිනනවා. කවුරු මොනවා කිව්වත් දිනන්නේ රාජන්ස්ලා තමා. ධර්මරාජය දිනේවා !!!!! (නි)

:       0       0

අරුණ-දෝහා Monday, 01 July 2013 10:46 AM

ඕක සුළු දෙයක් පතනට. ජය වේවා ! (දී)

:       0       0

සජිත් Monday, 01 July 2013 10:48 AM

පතන ඔය පෙන්නුවෙ ලස්සනට වැඩ. මේකෙත් පෙන්නයි කියලා තමා බය. (දී)

:       0       0

අරුණ Monday, 01 July 2013 10:51 AM

ඉසිපතන කොහොමද 9 වෙනි ස්ථානයට පත් වුනේ? (දී)

:       0       0

කුමා Monday, 01 July 2013 11:25 AM

මැති ඇමතිගොල්ලෝ මිනිමරලා අර යස අගේට ඉන්නේ. කොල්ලෝ ටිකක් ගහගත්තට මොකද වෙන්නේ? මේවට තමා කොලුකම කියන්නේ. (දී)

:       0       0

මධුෂාන් Monday, 01 July 2013 11:31 AM

විද්‍යා විදුහල හොද අබියෝගයක්. සුබ පැතුම් විද්‍යා විදුහල ට (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 705 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 269 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3624 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1303 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 643 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2249 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24912 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site