IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ගොඩක්ම කැමතියි ඓතිහාසික චරිත රඟපාන්න

2016-08-23-ent-106

පුංචි තිරයේ නිතර දකින නිළියන් අතර විනූ සිරිවර්ධනද සිටින්නීය. මේ දිනවල තිරගත වන "පත්තිනි" චිත්‍රපටය සඳහාද ඇය රංගනයෙන් දායක වන්නීය. නිවේදිකාවක් සහ නිරූපණ ශිල්පිනියක ලෙසද කටයුතු කර ඇය "තරුණයා" සමග මෙලෙස එක්වූවාය.

 

මේ දවස්වල කාර්යය බහුලයි කියන්නේ ඇත්තද?

2016-08-23-ent-99සාමාන්‍ය විදිහට වැඩකටයුතු කරගෙන යනවා. මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයක් සඳහා රංගනයෙන් දායක වෙනවා. ඒත් එක්කම "පත්තිනි" චිත්‍රපටයත් තවම තිරගත වෙමින් පවතිනවා. මේ මාසෙ අග වෙනකන් "පත්තිනි" චිත්‍රපටය තිරගත වෙනවා. ඒ වෙනුවෙන් ප්‍රතිචාර ලැබෙනවා වගේම මේ දවස්වල සුමති සම්මාන උලෙළත් තියෙන නිසා බොහෝ අයගෙන් ප්‍රතිචාර ලැබෙනවා. ඊට අමතරව නිවේදන කටයුතුත් සඳහත් සහභාගි වෙනවා. ඒ වගේම මගේ අධ්‍යාපන කටයුතුත් කරගෙන යනවා.

 

"පත්තිනි" චිත්‍රපටය පිළිබඳව කතා කළොත්?

"පත්තිනි" කියන්නේ මගේ දෙවැනි චිත්‍රපටය. මගේ පළමුවැනි චිත්‍රපටය "ඇහැලේපොළ කුමාරිහාමි". ඒක ගිය වසරෙදි තිරගත වුණේ. ඉතිං ඒ චිත්‍රපටයත් තේරිලා තියෙනවා හිරු නාළිකාවේ සිනමා උලෙළට. ඒ උලෙළෙ ජනප්‍රිය නිළියන් අතරේ මමත් ඉන්නවා. මගේ දෙවැනි චිත්‍රපටය තමයි "පත්තිනි". මහචාර්ය සුනිල් ආරියරත්න තමයි එය අධ්‍යක්ෂණය කළේ. ජගත් සුමතිපාල සහ මිලීනා සුමතිපාල විසින් එහි නිෂ්පාදන කටයුතු කරනු ලැබුවා. මගේ රංගන ජීවිතයේදී මට ලැබුණු ලොකු අත්දැකීමක් තමයි "පත්තිනි". රංගනයෙදි විතරක් නෙමෙයි, ජීවිතයෙදි ලැබුණු අත්දැකීමක්. වෙනස්ම චරිතයක් තමයි මම එහිදි නිරූපණය කළේ, අවුරුදු 15ක චරිතයක්. ඉතිං ඇය නමින් "මනිමේඛලා." ඇය පැවදි ජීවිතයට ඇතළත් වෙනවා. ඒ විදියට තමයි චරිතය ගලාගෙන යන්නෙ.

 

චිත්‍රපට සඳහා දායකවීම සීමා සහිතද?

සීමා සහිතයි කියන්නත් අමාරුයි. හැබැයි තෝරා බේරා ගැනීමක් කරනවා. වැඩිපුර කැමැත්තක් තියෙන්නෙත් සිනමාවට. එහෙම කියලා ලැබෙන ඕනෑම නිර්මාණයක් භාර ගන්නෙ නැහැ. චරිතය සහ කතන්දරය කොහොමද කියල වගේම මට ගැළපෙන චරිතයක්ද කියලත් මම බලනවා. ගොඩක්ම කැමති ඓතිහාසික චරිත සඳහා දායක වෙන්න. මේ චිත්‍රපට දෙකම ගත්තාම ඓතිහාසික කතන්දර දෙකක්. තවත් එවැනි ආරාධනා ලැබිලා තියෙනවා. ඉතිං ඒ දේවල් සඳහා දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

නිවේදනය සහ රංගනය තුළ නියැළෙන්න අපහසුතාවක් නැද්ද?

ඇත්තටම නැහැ. මම කාලය කාලමනාකරණය කරන හින්දා වෙන්න ඇති ක්ෂේත්‍ර කිහිපයක්ම නියෝජනය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. නිවේදනය, රංගනය, සිනමාව, ටෙලි නාට්‍ය සහ නිරූපණ ක්ෂේත්‍රයටත් මම දායක වෙනවා. ඒත් එක්කම අධ්‍යාපන කටයුතුත් කරගෙන යන නිසා මේ හැමදෙයක්ම සමබරව කරගෙන යනවා.

 

අධ්‍යාපන කටුයුතු පිළිබඳව කිව්වොත්?

මම ජනමාධ්‍ය කළමනාකරණ අංශයෙන් උපාධියක් හැදෑරුවා. ඊට අමතරව දැනට මම උසස් ඩිප්ලෝමාවක් කරනවා, Training and Coaching කියලා.

 

වෘත්තිය වශයෙන් ඔබ රැකියාවක් තෝරගෙනද තියෙන්නේ?

මම කැමතියි අධ්‍යාපනය පැත්තෙන් වෘත්තිය හදාරන්න. රංගනය කියන්නෙ මගේ ජීවිතයේ එක්තරා කොටසක්. ඒ හින්දා රංගනයත් කරමින් තවත් වෘත්තියක ස්ථිර ලෙස නියැළෙන්න බලාපොරොත්තු වෙනවා.

 

විනූ කියන කෙනාට ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

එතනදී අවංකවම, නිහතමානීව මම ආඩම්බර වෙනවා. මොකද බොහෝ දෙනෙක් පෞද්ගලිකව කියලා තියෙනවා මම හරි නිහතමානී කියලා. ඒදේ අහන්න ලැබීමත් මට ලොකු සතුටක්. ඒදේ මම හිතලා කරනවා නෙමෙයි, මගේ චරිතයෙ තියෙනවා ඇති. මම හැමදෙනා එක්කම නිතර කතාබහ කරලා හිනාවෙලා ඉන්න කෙනෙක්. හැමෝම කියන්නේ දැක්කොත් හිනාවෙච්ච ගමන්මයි කියලා. මගේ හිත පිරිසුදුයි. ප්‍රවීණයන් හරි කැමතියි මම නවක පරපුරේ කෙනෙක් විදිහට එයාලත් එක්ක ඉන්න එක ගැන.

 

ඉදිරි කටයුතු මොනවාද?

ඉදිරියෙදි තවත් සිනමා නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ අතරින් මට ගැළපෙන චරිත එක්ක 2017 වර්ෂයෙදි සුදුසු නිර්මාණයකින් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්ක රූගත කරපු ටෙලි නාට්‍ය දෙකක් විතර තියෙනවා මේ වර්ෂයෙදි විකාශනය වෙන්න. ඒ වගේම දිගටම නිවේදන කටයුතු කරගෙන යනවා "දෙරණ ටී පාර්ටි විත් විනූ" කියන වැඩසටහන සමග. අධ්‍යාපන කටයුතුත් මේ අවුරුද්දේ නිමවෙනවා. අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට යන්න අදහසක් තියෙනවා. මොකද මගේ දෙමවුපියන්ගේ අදහසක් තියෙනවා තවමත් අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට යන්න කියලා. ඒ හැමදේම සමබරව කරගෙන යන්න තමයි බලාපොරොත්තුව.

 

මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

මගේ දෙමවුපියන් මතක් කළ යුතුයි. ඒ අයගේ තියෙන අත්වැල සහ දායකත්වයත් එක්ක තමයි මට මෙච්චර දුරක් එන්න ලැබුණෙ. ඒත් එක්කම මගේ පවුලේ සියලු දෙනාම, මට ආදරේ කරන හැමෝම, මගේ පාසල නුගේගොඩ අනුලා විද්‍යාලයත් මතක් කර සිටිනවා. මොකද මට කලාව පැත්තෙන් හැකියාව තියෙනවා කියලා හඳුනාගත්තේ පාසලෙන්. පාසලේ ගුරුවරුන්, මගේ යහළුවන්, නෑදෑයන්, ක්ෂේත්‍රයේ සියලුම දෙනාමත් මතක් කරනවා. ඒ වගේම මගේ රසිකයන්ටත් විශේෂයෙන් ස්තුති කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත ඡායාරූප - චාමර ලක්රුවන් රණසිංහ

 

2016-08-23-ent-105
2016-08-23-ent-104
2016-08-23-ent-103
2016-08-23-ent-102
2016-08-23-ent-101
2016-08-23-ent-100
2016-08-23-ent-98
2016-08-23-ent-97



අදහස් (0)

ගොඩක්ම කැමතියි ඓතිහාසික චරිත රඟපාන්න

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 0 0

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 428 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 330 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


අලියාගේ පහර කෑ තරුණයා මරුට
2024 ඔක්තෝබර් මස 07 624 0

පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින


ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න
2024 ඔක්තෝබර් මස 07 1253 0

ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.


පක්ෂ ලකුණු ප්‍රකාශයට පත් කර අති විශේෂ ගැසට්ටුවක්
2024 ඔක්තෝබර් මස 07 558 1

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39253 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25622 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1104 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site