IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ගුණාත්මක රාජ්‍ය සේවයකට ජනපතිගෙන් උපදෙස්

(සුජිත් හේවාජුලිගේ )

ගුණාත්මක රාජ්‍ය සේවයක් ජනතාවට ලබාදීම සඳහා විධිමත් අධ්‍යයනයක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට ඊයේ උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා  මෙසේ උපදෙස් දුන්නේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශයේ කටයුතු  සහ කඩිනම් ගෙවතු වගා සංග්‍රාමය සම්බන්ධයෙන්  කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ  (10) පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවේ දීය.

රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

අගනගරයේ වූ ප්‍රධාන රාජ්‍ය ආයතන පළාත්වලට විමධ්‍යගත කිරීමෙන් රාජ්‍ය සේවකයා කොළඹට පැමිණීම අවම කරගත හැකි බවද  ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය

රාජ්‍ය සේවකයන්ට  එරෙහිව ක්‍රියාත්මක වන  විනය පරීක්ෂණ කඩිනම් කිරීම සහ  රාජ්‍ය සේවකයන්ගෙන් උපරිම සේවාවක් ලබගැනීම  වෙනුවෙන් සැලසුම් සකස් කිරීම පිළිබඳවද  මෙහි දී සාකච්ඡා  කෙරිණ. 

රාජ්‍ය පරිපාලන සහ කෘෂිකර්ම අමාත්‍යාංශ ඒකාබද්ධව “එක්ව වවමු - රට දිනවමු”  මැයෙන්  ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ආරම්භ කිරීමටද මෙහිදී  තීරණය විය. ඒ ඒ ප්‍රදේශවල වගා කිරීම සඳහා සුදුසු භෝග නිවැරදිවම හඳුනාගැනීමේ අවශ්‍යතාව නිලධාරීහු මෙහිදී  පෙන්වා දුන්හ.

 



අදහස් (16)

ගුණාත්මක රාජ්‍ය සේවයකට ජනපතිගෙන් උපදෙස්

චන්දිම වසන්ත Saturday, 11 June 2022 10:10 AM

ජනාධිපති බලයට ආපු දවස්වල නම් ඔය නිලධාරි කවුරුත් ටිකක් ඔය එතුමා කියන දේවල්වලට ඇහුන්කන් දුන්නා තමයි. ඒ දවස්වල හිතුවේ මෙතුමා එක්ක සෙල්ලම් බැහැ කියලා. දැන්නම් කවුරුත් ඕවා ගණන් ගන්නේ නැහැ. ඔය කියන ඒවා කරන්න යන්නේ නැහැ.

:       2       19

Sunil Saturday, 11 June 2022 10:15 AM

මාස 30කින් රටම කාබාසිනියා කළා මදිවට තව උපදෙස් දෙන්නත් එනවා. අනේ තව පවු නොදී ඔය තනතුරින් ඉවත්වෙලා යන්න.

:       3       20

Dilantha Saturday, 11 June 2022 10:41 AM

ගුණාත්මක ජනපති සේවයක් සඳහා මෙයාට ගෙදර යන්න කියලා ජනතාව උපදෙස් දෙනවා දැන් ගොඩ දවසක ඉඳන්. අහන්නේ නෑනේ...

:       3       25

සොරිසේන Saturday, 11 June 2022 10:51 AM

අනේ නන්දසේන, විහිළු කරන එකෙත් සීමාවක් තියෙන්න ඕනෑ.!

:       2       27

Perera Saturday, 11 June 2022 10:53 AM

‘‘ගුණාත්මක‘‘ සේවාවල් දෙන කෙනානේ මේ අනිත් අයට කියන්නේ..!

:       2       27

දාස Saturday, 11 June 2022 10:54 AM

උපදෙස් ගන්නම කෙනා, කාට හරි විනාශ වෙන්න ඕනෙ නම් මෙන්න..

:       2       30

nanda Saturday, 11 June 2022 11:05 AM

රාජ්‍ය සේවකයින්ට විරුද්ධව ඇති විනය පරීක්ෂණ කඩිනම් කරන එකත් හොඳයි.. ඒ වගේම මහජන නියෝජිතයින්ට එරෙහිව තිබෙන ‍දූෂණ චෝදනා වගේම වෙනත් අය සිදුකළේ නිරන්තරයෙන් මාධ්‍ය මගින් හෙළිකල මහජන මුදල් අවභාවිතා ගැනද පරීක්ෂණ කඩිනම් කිරීම හොඳයි.

:       0       20

ලංකාපුත්‍ර Saturday, 11 June 2022 11:42 AM

ගුණාත්මක රාජ්‍ය සේවයක් දැන්නම් හදන්න බැරිවේවි... අපි රජයේ සේවයේ සිටියදී ලැබෙන ලිපියකට පිළිතුරක් දින 03ක් ඇතුළත යැවිය යුතු වුණත් මේ කාලයේ අදාල ආයතනයේ ප්‍රතිචාරයක් නැතුවම දෙපාර්තමේන්තු ප්‍රධානියා අමතා යවන ලියාපදිංචි ලිපියක් සඳහාවත් පිළිතුරක් නොදෙන තත්වයක් තියෙනවා. ආයතන සංග්‍රහය පරිදි ලිපියක් ලියන්නේ නැහැ. මම සේවයේ සිටිද්දී එක් අයෙක් ලියපු ලිපියේ ඇමතුමක් නැති නිසා ඇහුවාම කිව්වේ අපි රාජ්‍ය සේවයේ අය අපි භාණ්ඩ ගන්නේ මුදලට ඉතින් මහත්මයාණෙනි, කියලා ලියන්නේ මොකටද කියලා උන්දෑ කිව්වා වත්මන් ආයතන ප්‍රධානීන් සුළු පිරිසක් එවැනි ලිපි අත්සන් කරනවා. කියන්න අදහස් අනන්තයි. ලියා නිම කරන්න බැරිතරම් රාජ්‍ය සේවය දැනට දූෂිත වෙලා...

:       0       19

Hemantha kumara Saturday, 11 June 2022 01:30 PM

රාජ්‍ය සේවකයින්ට උපදෙස් දෙනවාට වඩා හොඳයි ඔබතුමා ටිකක් ඉගෙන ගත්තා නම්...!

:       1       29

Muditha Saturday, 11 June 2022 01:37 PM

උපදෙස්? ජනාධිපති?...

:       1       34

Lalith M Saturday, 11 June 2022 05:42 PM

අර්බුදයක් මැද වගාව විනාශ කර රටට කෑම නැතිකළ අනාගත්ත පාලකයෙක් ගුණාත්මක රාජ්‍ය සේවය කරන්න හදනවා. පිටිපස්සෙනුත් හිනා යනවා...

:       1       15

ආසංගSunday, 12 June 2022 01:26 AM

හොඳටම කිව්වේ ලලිත් තමයි..

:       0       0

ගමේ එකාලා Saturday, 11 June 2022 05:46 PM

ඔවා දෙනු පරහට.. තමා සම්මතෙහි පිහිටා සිට.. තමුන් ජනතාවට අන්දවපු සෞභාග්‍යයේ දැක්මේ තරම දැන් ලෝකෙටම පේන්න තියෙනවා.

:       0       10

chanda Saturday, 11 June 2022 05:52 PM

රාජ්‍ය සේවයට කාලයක පටන් රිංගලා ඉන්න NGO බැලයින්ව ඒ තැන්වල තියාගෙන මේ රට හැදිල්ල බොරු… ජනාධිපතිලා 100ක් මාරු කළත් වැඩක් නෑ.. NGO පර හැත්ත රාජ්‍ය සේවය තුළ ඉන්නකන් මේක ගොඩගන්න බෑ.

:       12       2

සුවාරිස් Saturday, 11 June 2022 07:18 PM

රාජ්‍ය සේවයේ පිරිසකට තමන්ගේ නිල රථය සුළුම මුදලක් ගෙවලා පුද්ගලික පරිහරණය සඳහා ගන්න පුළුවන් ඉතින්... මේ කාලයේ රුපියල් 25000ක් පමණ අයකළ යුතු ගාස්තුවක් වෙනුවෙන් රජයට ගෙවන්නේ රුපියල් දෙදාහක් පමණ මුදලක්, එහෙම පාවිච්චියට ගන්න වාහන සඳහා ඉන්ධන රජයේ වියදමින් අරගෙන පවුලේ අයගේ ව්‍යාපාර සඳහාත් ගන්නවා ඇති. ඒවා බලන්න කෙනෙක් නැහැ ජනාධිපතිතුමා රාජ්‍ය සේවයේ කටයුතු ගැන සොයන කාලයේ රට ගැන හිතලා එහෙම දේවල් වෙනවා.. නොවුණත් රජයේ වාහන පුද්ගලික පාවිච්චියට ගැනීම තාවකාලිකව හෝ නතර කරන්න..

:       0       5

Kumara Saturday, 11 June 2022 08:48 PM

මේ රටේ කරුමෙකටම ආපු කෙනෙක් තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 556 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 131 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


ජා.ජ.බ සහ සර්ව ජනබලය ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 18 468 0

2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද


අදත් තැනින් තැන වැසි
2024 නොවැම්බර් මස 18 39 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අලුත් කැබිනට්ටුව 23යි : අගමැති හරිනි
2024 නොවැම්බර් මස 18 3972 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2821 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1799 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site