IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ගෑණුන්ගෙන් කප්පම් කෑ දෙන්නෙක් දැලේ

දරුවන් පාසල් රැගෙන යන තරුණ මව්වරුන් යන එන තැන් සෝදිසියෙන් සිට ඔවුන් තනිපංගලමේ හමුවී කප්පම් කන කල්ලියක දෙදෙනකු ජා-ඇලෙන් හා කොට්ටාවෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම කාන්තාවන් ‘අසවල් තැනට ගියාය, අසවල් දේ කළාය‘ ස්වාමිපුරුෂයනට කියන බව පවසා කප්පම් කතියි පොලිසිය කියයි.

කොට්ටාවේ කතකගෙන් රුපියල් ලක්ෂයක කප්පමක් ද, අතුරුගිරියේ කාන්තාවන් දෙදෙනකුගෙන් පනස් දහස සහ තිස් දහසක කප්පම් ද කා ඇති බව පොලිසියට පැමිණිලි ලැබී ඇත.

පොලිසිය මෙවැනි කතුනට කියනුයේ දරුවන් පාසලට රැගෙන ගොස් අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් තමනුත් දරු පවුලත් අමාරුවේ වැටෙන නිසා එවැනි දෙයින් වැළකී සිටින ලෙසයි.



අදහස් (0)

ගෑණුන්ගෙන් කප්පම් කෑ දෙන්නෙක් දැලේ

ටිකිරි මැණිකේ Wednesday, 18 September 2013 10:38 PM

ගෆුර් මොනවද මේ කියන්නේ ? වැටහුන කෙනෙක් ඉන්නවා නම් කියල දෙන්න තනිව ගමන් බිමන් යන හැමෝම තහනම් ගෙඩි කඩනවද ? මුර කරුවෙක් නැතිව කොහෙවත් යන්න එපාද ?(අ)

:       0       0

පිටිගල Wednesday, 18 September 2013 04:14 PM

දැන් කාලේ ඔහොම තමා ගෑනුන්ට නිදහස වැඩියි. අනියම් ඇසුරට පෙලඹෙනවා.(නදී)

:       0       0

වරුණ Wednesday, 18 September 2013 04:26 PM

අම්මලට උදේ 7.30 ඉදලා 2 වෙනකම් දවස ගෙවාගන්න වැඩකුත් තියෙන්න එපැයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 18 September 2013 04:29 PM

ෂුවර් එකටම මේ දෙන්නගෙන් එක් කෙනෙක් අර බන්දුල පෙරේරා කියලා කෙවට්ටයෙක් හිටියේ අන්න ඒ මනුස්සයා වෙන්න ඕන (ස)

:       0       0

සම්පත් Wednesday, 18 September 2013 04:38 PM

මේක නම් හොද වැඩක් වගේ (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 18 September 2013 04:51 PM

මේක සිරි ලංකාවද ? ධර්මද්වීපයට ගිය කල , දේශපාලකයෝ කුඩු ටොන් ගණන් ගේනවා. මේ රටේ ලමයෙක් හදාගන්නේ කොහොමද?(නදී)

:       0       0

රන්ජන් Thursday, 19 September 2013 01:37 AM

මේ ඔක්කොටම පිස්සු. (නි)

:       0       0

පෙරේරා Wednesday, 18 September 2013 05:32 PM

පිටිගල, කාන්තාවන් අනියම් ඇසුරු පවත්වන්නේ කා සමගද? එම කාන්තාවන් හා සමානවම පිරිමිත් වැරදියි නේද? (නි)

:       0       0

ටිකිරි මැණිකේ Wednesday, 18 September 2013 06:09 PM

නිදහස අඩු වැඩි එක නොවේ කාරනය , හරි විදියට ජීවත් වෙන එකයි. අනාචාරයේ හැසිරීම තමුන් විසින්ම තමුන්වම විනාශ කර ගැනීමක්. ගැහැණු පිරිමි කියලා වෙනසක් නැහැ අවසාන ප්‍රතිපලය "විනාශය" (නි)

:       0       0

ටිකිරි මැණිකේ Thursday, 19 September 2013 04:11 PM

ගෆුර් , ඔව් ඒ කාන්තාවෝ වැරදි වැඩක් කරලා තියෙනවා. නමුත් මොන ආකාරයේ නිදහසක් ලැබුනත් වැරදි වැඩ නොකරන කාන්තාවන් ඉන්නවා. ඔබ කියන ආකාරයට (අනවශ්‍ය නිදහස දීමෙන් ) ඕනෑම කාන්තාවක් වැරදි වැඩ කරනවා. කාන්තාවෝ මෙන්ම පිරිමි උදවියත් වැරදි කරන වෙලාවල් තියෙනවා. දැන් ඉතින් කවුද මේ කාන්තාවන්ට අනවශ්‍ය කොටස අතහැරලා අවශ්‍ය කොටස තිරණය කරන්නේ' මා දන්නා ආකාරයට නම් හොද ගතිගුණ තියෙන ඇත්තන්(ගැහැණු / පිරිමි සියල්ලෝම ) අන් අයව වරදින් මුදවා ගත යුතුයි , ගැහැනුන්ට පමණක් ඇගිල්ල දිගු කරන්නේ නැතිව.(නදී)

:       0       0

චන්දි Wednesday, 18 September 2013 07:17 PM

පෙරේරා, ඔයා හරි. ගැහැනියක් ආරක්ෂා කරන්නෙත් පිරිමියෙක්.ගැහැනියක් වරදේ බැදෙන්නෙත් පිරිමියෙක් සමග. නමුත් සමාජය ඇගිල්ල දිගු කරන්නේ ගැහැණියට පමණයි. බලන්න වෙන අය මොන තරම් ඒකෙන් පල ප්‍රයෝජන ගන්නවද කියලා (නි)

:       0       0

වරුණ Wednesday, 18 September 2013 07:24 PM

පිටිගල, ඔයාගේ බිරිදත් ලංකාවේද? පරිස්සමෙන් හොදේ (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 19 September 2013 10:36 AM

ටිකිරි මැණිකේ, මගේ සම්පූර්ණ අදහස් කියවලා තේරුම් ගන්න. "කාන්තාවන්ට අනවශ්‍ය නිදහස දීමෙන් තනිව ගමන් බිමන් යැවීමෙන් ඔවුන් තහනම් ගහේ ගෙඩි කන්න පෙලඹෙනවා" කාන්තාවන්ට ඕනෑවට වඩා නිදහස දීම භයානකයි. හැම අතකින්ම එය අහිතකරයි. මේ පුවත දේ තුන් වතාවක් කියවන්න. මේ කාන්තාවන් යන එන හැම තැනක් ගැනම මෙයාලා හොදින් සෝදිසි කරලා තමා කප්පම් අරගෙන තිබෙන්නේ. එයාලා නිදොස් නම් ඇයි ඒ පිළිබදව පොලීසියට හෝ තමාගේ ස්වාමියට කියන්න බැරි? (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 18 September 2013 08:11 PM

කාන්තාවන්ට අනවශ්‍ය නිදහස දීමෙන් තනිව ගමන් බිමන් යැවීමෙන් ඔවුන් තහනම් ගහේ ගෙඩි කන්න පෙලඹෙනවා. සියලුම දේවල් වල පිළිවෙළක් තිබිය යුතුයි. ඇඳුම්-පැළඳුම්, ගමන්-බිමන් ඇතුළු සියල්ල. එසේ නොවන්න මේ වගේ දේවල් කාටත් වළක්වන්න බැහැ. අවසාන ප්‍රතිපලය සම්පූර්ණ පවුල් ජීවිතය විනාශ වෙන එක තමා. (නි)

:       0       0

සෙලනිකස් Thursday, 19 September 2013 11:40 AM

පිටිගල , එතකොට කාන්තාවන් සම්බන්ධතා ඇති කරගන්නේ පිරිමි සමග නොවේ ද? (නි)

:       0       0

ධම්ම Wednesday, 18 September 2013 03:41 PM

බලන්න සමහර අම්මලා කරණ වැරදි වැඩ වලින් මිනිසුන් ප්‍රයෝජන ගන්න හැටි.උන් මොන දේ කිව්වත් හොඳ පවුල් ජීවිත ගත කරණ අය කප්පම් ගෙවන්න ඕනෑ නැහැ. (ස)

:       0       0

රුවන් Wednesday, 18 September 2013 03:47 PM

වරදක් කරපු නිසානේ කප්පම් දෙන්න සිදු උනේ නිවැරදි නම් කප්පම්නොදී තම සැමියාට හා පොලිසියට කියන්න තිබුනනේ.

:       0       0

රුවන් Wednesday, 18 September 2013 03:47 PM

වරදක් කරපු නිසානේ කප්පම් දෙන්න සිදු උනේ නිවැරදිනම් කප්පම් නොදී තම සැමියාට හා පොලිසියට කියන්න තිබුනනේ.(නදී)

:       0       0

තාරක Wednesday, 18 September 2013 03:48 PM

පොලිසියට, අම්මලට ඉන්න ඕන විදිය කියල දෙන්නත් සිද්ද වෙලා දැන්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 833 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5231 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3053 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 268 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1415 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1524 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28248 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23580 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site