දරුවන් පාසල් රැගෙන යන තරුණ මව්වරුන් යන එන තැන් සෝදිසියෙන් සිට ඔවුන් තනිපංගලමේ හමුවී කප්පම් කන කල්ලියක දෙදෙනකු ජා-ඇලෙන් හා කොට්ටාවෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම කාන්තාවන් ‘අසවල් තැනට ගියාය, අසවල් දේ කළාය‘ ස්වාමිපුරුෂයනට කියන බව පවසා කප්පම් කතියි පොලිසිය කියයි.
කොට්ටාවේ කතකගෙන් රුපියල් ලක්ෂයක කප්පමක් ද, අතුරුගිරියේ කාන්තාවන් දෙදෙනකුගෙන් පනස් දහස සහ තිස් දහසක කප්පම් ද කා ඇති බව පොලිසියට පැමිණිලි ලැබී ඇත.
පොලිසිය මෙවැනි කතුනට කියනුයේ දරුවන් පාසලට රැගෙන ගොස් අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් තමනුත් දරු පවුලත් අමාරුවේ වැටෙන නිසා එවැනි දෙයින් වැළකී සිටින ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිගල, කාන්තාවන් අනියම් ඇසුරු පවත්වන්නේ කා සමගද? එම කාන්තාවන් හා සමානවම පිරිමිත් වැරදියි නේද? (නි)
ගෆුර් , ඔව් ඒ කාන්තාවෝ වැරදි වැඩක් කරලා තියෙනවා. නමුත් මොන ආකාරයේ නිදහසක් ලැබුනත් වැරදි වැඩ නොකරන කාන්තාවන් ඉන්නවා. ඔබ කියන ආකාරයට (අනවශ්‍ය නිදහස දීමෙන් ) ඕනෑම කාන්තාවක් වැරදි වැඩ කරනවා. කාන්තාවෝ මෙන්ම පිරිමි උදවියත් වැරදි කරන වෙලාවල් තියෙනවා. දැන් ඉතින් කවුද මේ කාන්තාවන්ට අනවශ්‍ය කොටස අතහැරලා අවශ්‍ය කොටස තිරණය කරන්නේ' මා දන්නා ආකාරයට නම් හොද ගතිගුණ තියෙන ඇත්තන්(ගැහැණු / පිරිමි සියල්ලෝම ) අන් අයව වරදින් මුදවා ගත යුතුයි , ගැහැනුන්ට පමණක් ඇගිල්ල දිගු කරන්නේ නැතිව.(නදී)
පිටිගල , එතකොට කාන්තාවන් සම්බන්ධතා ඇති කරගන්නේ පිරිමි සමග නොවේ ද? (නි)
ටිකිරි මැණිකේ, මගේ සම්පූර්ණ අදහස් කියවලා තේරුම් ගන්න. "කාන්තාවන්ට අනවශ්‍ය නිදහස දීමෙන් තනිව ගමන් බිමන් යැවීමෙන් ඔවුන් තහනම් ගහේ ගෙඩි කන්න පෙලඹෙනවා" කාන්තාවන්ට ඕනෑවට වඩා නිදහස දීම භයානකයි. හැම අතකින්ම එය අහිතකරයි. මේ පුවත දේ තුන් වතාවක් කියවන්න. මේ කාන්තාවන් යන එන හැම තැනක් ගැනම මෙයාලා හොදින් සෝදිසි කරලා තමා කප්පම් අරගෙන තිබෙන්නේ. එයාලා නිදොස් නම් ඇයි ඒ පිළිබදව පොලීසියට හෝ තමාගේ ස්වාමියට කියන්න බැරි? (නි)
මේ ඔක්කොටම පිස්සු. (නි)
ගෆුර් මොනවද මේ කියන්නේ ? වැටහුන කෙනෙක් ඉන්නවා නම් කියල දෙන්න තනිව ගමන් බිමන් යන හැමෝම තහනම් ගෙඩි කඩනවද ? මුර කරුවෙක් නැතිව කොහෙවත් යන්න එපාද ?(අ)
කාන්තාවන්ට අනවශ්‍ය නිදහස දීමෙන් තනිව ගමන් බිමන් යැවීමෙන් ඔවුන් තහනම් ගහේ ගෙඩි කන්න පෙලඹෙනවා. සියලුම දේවල් වල පිළිවෙළක් තිබිය යුතුයි. ඇඳුම්-පැළඳුම්, ගමන්-බිමන් ඇතුළු සියල්ල. එසේ නොවන්න මේ වගේ දේවල් කාටත් වළක්වන්න බැහැ. අවසාන ප්‍රතිපලය සම්පූර්ණ පවුල් ජීවිතය විනාශ වෙන එක තමා. (නි)
පිටිගල, ඔයාගේ බිරිදත් ලංකාවේද? පරිස්සමෙන් හොදේ (නි)
පෙරේරා, ඔයා හරි. ගැහැනියක් ආරක්ෂා කරන්නෙත් පිරිමියෙක්.ගැහැනියක් වරදේ බැදෙන්නෙත් පිරිමියෙක් සමග. නමුත් සමාජය ඇගිල්ල දිගු කරන්නේ ගැහැණියට පමණයි. බලන්න වෙන අය මොන තරම් ඒකෙන් පල ප්‍රයෝජන ගන්නවද කියලා (නි)
නිදහස අඩු වැඩි එක නොවේ කාරනය , හරි විදියට ජීවත් වෙන එකයි. අනාචාරයේ හැසිරීම තමුන් විසින්ම තමුන්වම විනාශ කර ගැනීමක්. ගැහැණු පිරිමි කියලා වෙනසක් නැහැ අවසාන ප්‍රතිපලය "විනාශය" (නි)
බලන්න සමහර අම්මලා කරණ වැරදි වැඩ වලින් මිනිසුන් ප්‍රයෝජන ගන්න හැටි.උන් මොන දේ කිව්වත් හොඳ පවුල් ජීවිත ගත කරණ අය කප්පම් ගෙවන්න ඕනෑ නැහැ. (ස)
මේක සිරි ලංකාවද ? ධර්මද්වීපයට ගිය කල , දේශපාලකයෝ කුඩු ටොන් ගණන් ගේනවා. මේ රටේ ලමයෙක් හදාගන්නේ කොහොමද?(නදී)
මේක නම් හොද වැඩක් වගේ (නි)
ෂුවර් එකටම මේ දෙන්නගෙන් එක් කෙනෙක් අර බන්දුල පෙරේරා කියලා කෙවට්ටයෙක් හිටියේ අන්න ඒ මනුස්සයා වෙන්න ඕන (ස)
අම්මලට උදේ 7.30 ඉදලා 2 වෙනකම් දවස ගෙවාගන්න වැඩකුත් තියෙන්න එපැයි (නි)
දැන් කාලේ ඔහොම තමා ගෑනුන්ට නිදහස වැඩියි. අනියම් ඇසුරට පෙලඹෙනවා.(නදී)
පොලිසියට, අම්මලට ඉන්න ඕන විදිය කියල දෙන්නත් සිද්ද වෙලා දැන්.(නදී)
වරදක් කරපු නිසානේ කප්පම් දෙන්න සිදු උනේ නිවැරදිනම් කප්පම් නොදී තම සැමියාට හා පොලිසියට කියන්න තිබුනනේ.(නදී)
වරදක් කරපු නිසානේ කප්පම් දෙන්න සිදු උනේ නිවැරදි නම් කප්පම්නොදී තම සැමියාට හා පොලිසියට කියන්න තිබුනනේ.