(රෝෂන් තුෂාර)
බදු නොගෙවා පැහැර හැරියේ යැයි කියන ගිංතොට ප්ලයිවුඩ් සමාගමේ අධ්‍යක්ෂ යසසිරි කස්තුරි ආරච්චිට රුපියල් (7502688.82 ) ලක්ෂ 75ක දඩ නියම කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඊළංඟසිංහ මහතා අද (18) නියෝග කළේය.
අදාල දඩය නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිර දඬුවම් නියම් කරන බවද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ආදායම් බදු හා ජාතිය ගොඩනැගීමේ බද්ද නොගෙවීමට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ නඩුවේ තීන්දුව නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
2006 හා 2008 වසර සඳහා ගෙවිය යුතු ආදායම් බදු වන රුපියල් 846078ක් හා 2015 වසර සඳහා ගෙවිය යුතු ජාතිය ගොඩනැගීමේ බද්ධ වන රුපියල් 6656610.00 නොගෙවා පැහැර හැරීම වෙනුවෙන් මෙම දඩය නියම කෙරිණි.
අදාල දඩ මුදල ලබන 25 වෙනි දින අධිකරණයේ තැන්පත් කරන ලෙසද නියෝග කෙරිණි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගිංතොට ප්ලයිවුඩ් අධ්‍යක්ෂකට ලක්ෂ 75ක දඩයක්
ලසන්ත Wednesday, 19 June 2024 02:59 PM
2006 හා 2008 නොගෙවූ බදු රු.7,502,688 යි. කාලයක් නඩු කියලා ගහපු දඩය නොගෙවූ බද්දට සමාන නම් හැමෝම මෙහෙම බදු නොගෙවා සිටීවිනේ! මේ සියල්ල ආනයනය කල ප්ලයිවුඩ් වේ. 2006 ඩොලරය රු.102/=. අවුරුදු 18කට පසුව ගෙවන්න වෙන්නේ රුපියලේ වර්තමාන අගය අනුව සත්‍ය ලෙසම වංචාකළ මුදලින් තුනෙන් එකකි! ඒ මුදල බැංකුවේ තැන්පත්කර හෝ ආයෝජනය කර ඇත්නම් මේ වනවිටත් දඩය වගේ කිහිප ගුණයක් අරගෙන. මාස 6ක් ඇතුලේ සිටියා නම්, ඒ ලක්ෂ 75ත් ඉතුරුයි! මේ නීති හදන්නේත් මේවාටම හවුල් අයද? නඩු පැවරූ පළමු දිනයේම රජයට වංචා කළ මුදල ඇපයක් ලෙස රජයේ ආදායමට ගතහැකි පරිදි නීති වෙනස් කළ යුතුයි. නඩුවෙන් නිදහස් වුණොත් එම මුදල නිදහස් කළ හැකියි...
NalinWednesday, 19 June 2024 06:02 PM
තව ප්‍රකෝටි ගණන් බදු නොගවපු ආයතන කොච්චර තියෙනවාද? ඒවාටත් මේවාගේ තමයි..