(විමුක්ති එස් රුද්‍රිගු)
ඩෙල්ෆ් දූපත ආසන්නයේ නීති විරෝධීව මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයන් 13 දෙනකු ශ්‍රී ලංකා නාවික හමුදාව අත් අඩංගුවට ගැනීමට යෑමේදී වෙඩි තැබීමක් සිදුවී තිබෙන බවත් එම සිදුවීම සම්බන්ධයෙන් නව දිල්ලියේ වැඩබලන ශ්‍රී ලංකා මහා කොමසාරිස් ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය ගෙන්වා ඉන්දීය රජය දැඩි විරෝධය ප්‍රකාශ කර තිබෙන බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
එසේම මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයද මෙම සිදුවීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ අවධානය යොමුකර ඇතැයි එම නිවේදනයේ දැක්වේ.
කුමන තත්ත්වයක් යටතේ වුවද බලය යෙදවීම පිළිගත නොහැකි බවත් ඉන්දීය ධීවරයන්ගේ ජීවනෝපාය බැවින් ඒ පිළිබඳ කටයුතු කිරීමේදී මානුෂීයව කටයුතු කරන ලෙස ඉන්දීය රජය මීට පෙරද ශ්‍රී ලංකා රජයට දන්වා තිබෙන බවත් ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.
ඉන්දීය ධීවරයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී දෙරටේ රාජ්‍යයන් අතර ඇතිකර ගෙන තිබෙන අවබෝධය දැඩිව අනුගමනය කළ යුතු බවද ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය පැවැසුවේ.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
’’මේ දේශපාලනය කළා කියලා අපිට ලැබෙන ඇටි කෙහෙලක් නැහැ’’ යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.
පළාත් පාලන මැතිවරණය කෙරෙහි ජනතාවගේ උනන්දුව මද නමුත් ලබන 6 වැනිදා උදෙන්ම ඡන්දය පොළට ගොස් ඡන්දය පාවිච්චි කර සිය ඡන්ද අයිතිය අපතේ නොදමන්නැයි මැතිවරණ නිර
සුවසැරිය(1919) ගිලන් රථ සේවයද ඔවුන්ගේ කාර්යාල කටයුතු සඳහා ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ච
යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් ලබන 28 වැනිදා සඳුදා මෙරටට පැමිණීමට නියමිතය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගිනි අවිය පත්තු වීම ගැන ඉන්දියන් රජයේ දැඩි විරෝධය
Rifan Tuesday, 28 January 2025 06:26 PM
අපේ මත්ස්‍ය සම්පත සොරාගන්නට එන ඔවුනට විතරයි මානුෂීය නීතිය. මොකක්ද වුනේ කියලා බලලා එතැන වරදක් සිදුවෙලා තියෙනවා නම් ඊට අදාල නීතිය ක්‍රියාත්මක කරනවා මිස මේක උඩදාගෙන ඉන්දියාවට බයිලා ගහන්න දෙන්න අවශ්‍ය නැහැ.
Shashika519 Tuesday, 28 January 2025 06:47 PM
උදව් කරාට ඉන්දියාව කියන්නෙ සර්පයෙක්..
රම්බොඩ Tuesday, 28 January 2025 07:55 PM
තමන්ගේ මිනිසුන් ට රටවල්වල මායිම් පණින්නෙ නැතිව ඉන්න කියලා උපදෙස් දුන්න නම් දුක්වෙනවට වඩා හොඳයි.
සුපුන් චාමර Tuesday, 28 January 2025 09:14 PM
යකෝ මාර කෙලියක්නෙ. උන්ගෙ රටේ උන්ට කිව්වනම් ඉවරනෙ අනුන්ගෙ රටේ දේවල් හොරාකන්නෙ නැතුව හිටියනම් වෙඩි කන්න වෙන්නෙ නෑ කියල
සිංහල නිංජා Wednesday, 29 January 2025 01:44 AM
අපි ඉන්දියාවෙි යටත් විජිතයක්ද? හොරකන් කරන් යනකන් බලන් ඉන්න. කෝහෙද ඔය අවබෝධතාවය ලියල තියේන්නේ. අපිටත් කියවන්න දෙන්න
කමල් Wednesday, 29 January 2025 08:51 AM
නියම වැඩක් අපේ මත්ස්‍ය සම්පත කොල්ල කන එවුන්ට වෙඩි තියන්නම ඕනා නැත්නම් මේ ප්‍රශ්නේ රාජ්‍ය ත්‍රාන්තික මට්ටමෙන් විසදනවා කියන්නේ ඉන්දියන් ධීවරයන්ට අපේ මත්ස්‍ය සම්පත කොල්ලකන්න ප්‍රමිට් එකක් දෙනවා වගේ වැඩක් තමා ඉන්දියාවට ඕන විදිහට මේ රටවල් පාලනය කරන්න දෙන්න බෑ
Jayatunga Wednesday, 29 January 2025 10:06 AM
මොකක්ද අවබෝධය? ඔවුන්ගේ රට දියුණු කිරීමට අපේ සම්පත් කොල්ලකන එකද?
de silva Wednesday, 29 January 2025 10:53 AM
ඔය කියන තරම් විශාල අවභෝදයක් තිබෙනවා නම් පුළුවන් දෙරටේම නාවික හමුදාවලට එකතුවෙලා මුහුදුසිමවේ කිලෝමිටරේක පමණ පළල් ධිවර මුක්ත කලාපයක් ඇතිකර දෙරටම එකතුවෙලා මුර සංචාරක යාත්‍රා යොදාගෙන පාලනය කරන්න , මුහුද ගැඹුරු නොමැති නිසා බෝයා යොදාගන්නත් පුළුවන් , එහෙම කලහම හොර ජාවාරම් කරන ඒවත් නතර වෙනවා ,