IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ගෑනු හුටපටයකට හොල්මන් මන්දිරයේ යක්කු ගහ ගනිති

(කේ බුද්ධික කුමාරසිරි)

සිය අනියම් පෙම්වතා සමඟ  නවගමුව ප්‍රදේශයේ හොල්මන් මන්දිරයක් බැලීමට ගොස් සිටියදී එහි මිනී පෙට්ටියේ වැතිර  සිටි තරුණියගේ විවාහක සැමියා ඇය හඳුනාගෙන පහරදීමට තැත් කිරීම නිසාවෙන් ඇතිවූ ගැටුමකදී අත්අඩංගුවට ගත් දොළොස් දෙනකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර මහත්මිය අද  නියෝග කළාය.

මෙලෙස ඇප මත මුදාහන ලද්දේ නවගමුව රණවල් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අවුරුදු 19ත් 24ත් අතර තරුණයන් දොළොස් දෙනෙකි.

නවගමුව රනාල ප්‍රදේශයේ තරුණයන් පිරිසක් විසින් පොසොන් පොහොය නිමිත්තෙන් හොල්මන් මන්දිරයක් ඉදිකර තිබූ අතර එය නැරඹීම සඳහා 21 කාන්තාවක් ඇයගේ පෙම්වතා සහ තවත් තරුණයන් පිරිසක් සමග (23) දින පැමිණ ඇති බවට අධිකරණයේදී කියැවිණි.

එම පිරිස හොල්මන් මන්දිරය නරඹමින් ඒ තුළට යන අවස්ථාවේදී  මිනී පෙට්ටියක් මත වැතිර සිටි පුද්ගලයා තම විවාහක සැමියා බව ඇය හඳුනාගෙන ගෙන ඇත.  මළ මිනියක් ලෙස සිටි පුද්ගලයාද අදාල කාන්තාව හඳුනාගෙන ඇති බවත් එම අවස්ථාවේදී මෘත දේහය ලෙස සිටි පුද්ගලයා වහා නැගිට කාන්තාවගේ හිස් කෙටියෙන් අල්ලා පහර දීමට තැත් කිරීම නිසාවෙන් මෙම ගැටුම ආරම්භ වී ඇති බව මෙහිදී පොලිසිය අධිකරණය හමුවේ කරුණු අනාවරණය කරන ලදී.

අදාළ කාන්තාව සහ මෘත දේහ ලෙස පෙනී සිටි පුද්ගලයා විවාහ ගිවිසගෙන ඇතිමුත් කාලයක සිට වෙන්ව ජීවත්වෙන බවත් නීත්‍යානුකූලව වෙන් වී නොමැති බවත් මෙහිදී කරුණු ඉදිරිපත් විය.

එම කාන්තාවට පහරදීමට තැත් කිරීමත් සමඟ ඇය සමග සිටි අනෙක් තරුණ පිරිස ද හොල්මන් මන්දිරයේ සිටි පුද්ගලයන්ට පහර දීම සමග හොල්මන් මන්දිරයේ හොල්මන් ලෙස සිටි තරුණයන් ද එම පිරිසට පහරදීම නිසාවෙන් විශාල ගැටුමක්හටගෙන තිබූ බවද පොලිසිය මෙහිදී අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලදී.

ඒ අනුව හොල්මන් මන්දිරය සංවිධානය කරන පිරිස විසින් නවගමුව පොලිසියට ප්‍රථමයෙන් පැමිණිලි කර ඇති බවත් අනෙක් පිරිස පසුව පැමිණි කර ඇති බවත් සිද්ධියට මුල් වු තරුණියගේ පියා ඉහළ පොලිස් නිලධාරියකු වන බැවින් ඔහුගේ මැදිහත්වීම මත පැමිණිලි සහ විත්ති පාර්ශ්වය වෙනස්වීමට ලක් වී ඇතැයි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කමල් විජේසිරි මහතා අධිකරණයට දැන්වීය.

එමෙන්ම පහර දීමට සම්බන්ධ දෙපාර්ශවයේම පුද්ගලයන් හය දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවද මෙහිදී අනාවරණය විය.

 



අදහස් (4)

ගෑනු හුටපටයකට හොල්මන් මන්දිරයේ යක්කු ගහ ගනිති

Rashmi Tuesday, 25 June 2024 10:51 AM

"කාලයක සිට වෙන්ව ජීවත්වෙන බවත් නීත්‍යානුකූලව වෙන් වී නොමැති බවත් මෙහිදී කරුණු ඉදිරිපත් විය" මෙතන වැරදිකාරයා විදියට මට නම් පේන්නේ මිනිය. ඒ කියන්නේ ස්වාමියා කියන පුද්ගලයා.

:       0       10

fairoos Tuesday, 25 June 2024 11:33 AM

අපේ බමුණූආරච්චිගේ කට්ටිය වගේ කන්න නැතත් අනියම් පෙම නම් හැමතැනම

:       1       7

Manina Bamuna Tuesday, 25 June 2024 02:56 PM

ආරංචිය සුබයි ! මුත්තට අසුබයි !

:       0       0

Lionel premarathne Tuesday, 25 June 2024 03:09 PM

නියම පෙම මිනීපෙට්ටියෙ නම් ,වෙන මොනවා කරන්නද. ගේනුලමයා හරි

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 500 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 624 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 380 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 1337 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 2165 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 5180 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37553 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24750 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 693 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site