IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ගිනිගත් නැව සමීපයෙන් ගත් ජල සාම්පලවල පෙට්‍රෝලියම් සංඝටක ඇති බව තහවුරු වෙයි

(නිමන්ති රණසිංහ)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනි ගැනීමේ සිද්ධියෙන් කැස්බෑවුන් හාරසිය දාහත් දෙනකු, ඩොල්ෆින් මත්සයින් හතළිස් අට දෙනකු  සහ තල්මසුන් අට දෙනකුගේ මළ සිරුරු වෙරළට ගොඩ ගසා තිබු බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය හමුවේ අද (30) අනාවරණය කළේය.

වනජීවී දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙනු ලැබූ දත්ත වාර්තාවන්ට අනුව මෙම සතුන්ගේ මරණ පිළිබඳව කරුණු අනාවරණය වන බව සඳහන් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.

ගිනි ගැනීමට ලක්වූ එම නෞකාව සමීපයෙන් ලබාගත් ජල සාම්පලවල පෙට්‍රෝලියම් සංඝටක අඩංගුව තිබූ බව රස පරීක්ෂක වාර්තා අනුව අනාවරණය වන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

නෞකාවේ ගින්න හේතුවෙන් මුහුදු ජලයට විස රසායනික ද්‍රව්‍ය හා ඉන්ධන මුසු වී ඇති බවට ද රජයේ රස පරීක්ෂකවරයා විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

එක් එක් වෙරළ තීරවලට ගොඩ ගසා තිබේ සතුන්ගේ මෘත ශරීර පිළිබඳව ඒවාට අදාල අධිකරණවලට කරුණු වාර්තා කර ඇති අතර, එම සතුන්ගේ මෘත ශරීර රජයේ රස පරීක්ෂකවරයා සහ පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත අධිකරණ නියෝග මත යොමුකර ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැන්විය.



අදහස් (3)

ගිනිගත් නැව සමීපයෙන් ගත් ජල සාම්පලවල පෙට්‍රෝලියම් සංඝටක ඇති බව තහවුරු වෙයි

rocky Friday, 30 July 2021 06:34 PM

ඕකෙනුත් මැණික් පොකුරු මතුවෙන්න පුළුවන්...!

:       1       210

Jude perera Friday, 30 July 2021 06:53 PM

කෝ මේ රත්තරන්..?

:       0       105

ලලිත් එම් Friday, 30 July 2021 07:04 PM

අර රෝහිත ඇමැතිතුමාව එක්ක යන්න නැව 80%ක් රත්වෙලාද බලන්න. ආ තව වට්ටක්කා වාසුත් ඕනෑ නැවේ ඩොලර් තියනවද හොයන්න....

:       1       168

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පළාත් දෙකක කුණු ප්‍රශ්නය විසඳන්න කොරියාවෙන් ආධාර
2024 නොවැම්බර් මස 06 164 0

කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ


ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේ දී මහ ඉහළින්
2024 නොවැම්බර් මස 06 377 1

’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්‌


පාස්පෝට් ප්‍රශ්නය ඇනුවෙ පළපුරුදු කට්ටිය
2024 නොවැම්බර් මස 06 944 5

පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව


පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 1183 2

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය


සෙනෙට් මණ්ඩල බලයත් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන්ට
2024 නොවැම්බර් මස 06 1446 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 3396 12

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 25 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 430 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1346 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site