බුලත්සිංහල පහළවෙල්ගම ගැබිණි බිරිය (19) මරා ඇගේ පෙර විවාහය එක් අවුරුදු දියණියට දස වද දුන් බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. දුම්වැටිවලින් පිළිස්සු 24 ඇගේ සිරුරේ ඇති බවත් නියපොතු ගැලවීමට උත්සහා කර ඇති බවත් නාගොඩ රෝහලේ වෛද්‍යවරු කියති.
ඡායාරූප - සිරි මහ බෙල්ලන
ඡායාරූප - රත්නසිරි ප්‍රේමලාල්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ සිද්ධි ගොඩක් මමත් දැකලා තියෙනවා. එකම හේතුව මත් ද්‍රව්‍ය. ගම් වල තිබෙනවා කසිප්පු කියා වර්ගයක්. ඒවාට සිමෙන්ති, කෘමිනාසක,මදුරු කොයිල්, පොහොර වෙනි ද්‍රව්‍ය එක්කරනවාලු. දැන් කුඩු,ගංජා ගම් නියම් ගම් වෙලාගෙන. මේවාගෙන් සමාජය බේරා ගන්නත් මේවා ක්‍රියාත්මක කරන්නන්ට එරෙහිව සමාජය බලගන්නනත් ප්‍රමාද නොවි ප්‍රබල බල සේනාවක් ඕනේ. සෑම පුරවැසියෙක්ම දැනුම්වත් කල යුතුයි. යුද්ධය නැති නිසා හමුදාව හරි මේවාට යොදා ගන්න. තත්වය ඒ තරම් දරුනුයි. පාලකයන්ගෙන් තාම හොඳ ප්‍රතිචාර නැහැ.(නදී)
අහිංසක මලක් වගේ දරුවෙක්. මොන හිතකින්ද දෙවියනේ මේ වගේ නොහොබිනා වැඩ කරන්නේ? මේ වගේ පාහරයන්ට දැඩි දඩුවම් දෙන්න.අපි රජයෙන් ඉල්ලන එකම ඉල්ලීම එයයි (නි)
පන්සල් වහලා බාර් මස් කඩ රේස් බුකී, රෙස්ට් හවුස් ඇරලා මිනිස්සුන්ට විශම රාගය පුරුදු කරපු අයටයි දඩුවම් දෙන්න වටිනනේ.මිනිස් වෙසින් ඉන්න යක්ෂයො ඉන්නවා කියලා බුදු හාමුදුරුවොත් කියලා තියෙනවා.දරුවා සුවපත් කරගන්න හැකි අය උදවු කරමු.අර මිනිහාට කොහොමත් ස්වභාව ධර්මයෙන් විපාක ලැබෙයි.විෂම රාගයෙන් මුසපත් වුණ කාටත් ඔය වගේ වැඩ කරන්න පුළුවන්. (නි)
අනේ සත්‍යපාල මාමේ,තම ආදරණීය බිරිදව මරපු අසරණ දරු පැටියෙකුගේ නියපොතු ගලවපු .පුච්චපු පව්කාර දෑත, දෙපය, ඇස්ගෙඩි ,අවයව, කාටද සවිකරන්න ඕනෑ? ඒ පව්කාර දෑත සවිකර ගත්තු එකාගෙත් බෙල්ල මිරිකයි ඒ අත්දෙක උස්සලා.ඔයාට ඕනෑම නම් ඉල්ලා ගන්න (නි)
මේ අහිංසක පුංචි ළමයට රැකවරණය සලස්වන්න. කරන්න පුලුවන් එකම දේ ඒක තමයි. මහජන ආධාරයක් අවශ්‍යය නම් කියන්න අපිට පුලුවන් දෙයක් කරනවා.(නදී)
කසිප්පු ,අරක්කු ජරාවල් බීල බීල ඔලුව නරක්වෙච්ච පාහර මිනිස්සුන්ට හිතෙන දේවල් තමයි ඔය.(නදී)
මුන්ව මරන්න එපා.පාර්ට්ස් වලට ගන්න පුලුවන්ද බලන්න. වකුගඩු,අක්මා වැනි කොටස් අවශ්‍ය අයට ගලවල ගන්න. (නදී)
මටත් මාස 3 හමාරක දැරිවියක් ලග තියන් මේ පුවත කියෙඋවේ ..මට ලියන්න ඇගිලිටිකවත් හසුරුවා ගන්න බැහැ දෙවි හාමුදුරුවනේ...? ගැබිණි අම්ම කෙනෙක් කියන්නේ ..කොතරම් ආරක්ෂා කර ගන්න වගේම ..ඒ කාන්තාව හැමෝගෙන්ම ආදරය කරුණාව ආසකරන .කෑම බීම ශාරීරික අපහසුකම් ..අනේ කොහොමද මනුස්සයෙක් ගහල මරන්නේ ..?අව්රුද්දක දරුවෙක් සුරතල් වදන් කියද්දී ඒ හැම අමතක කරලා කොහොමද පුච්චන්නේ .නියපොතු ගලවන්නේ ..මේවා දකින අනික් මිනිසුනුත් මම දකින විදියට සුළු මොහොතකට හෝ සිතිවිලි වලින් හෝ මිනී මරුවෙක් වී හමාරයි ..? අපේ රටට උනුදේ ..?මොනවද මේ මිනිසුන් ආරක්ෂා කරන්නේ එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකර ...? දර්මදීපයක් කියල ,දර්මයද ,දීපයද ,මිනිසුන්ගේ මේවගේ අමන ක්‍රියාද...? රට කරන මිනිසුන්ට ඕන නැහැ ඒ රටේ ඉන්න උන්ව හරිමගට ගන්න බැරිනම් උන්ට දඩුවම් කරන්න ...? එල්ලුම් ගහ ගෙනෙන්න බැරිනම් විදුලි පුටුව ගෙනෙන්න බැරිද ..? කෝටියක් විතර හොරා කාල හරි කමක් නැහැ...? (අ)
තව ටිකක් අරක්කු බාර්, රේස් බුකී, රෙස්ට් හවුස් හන්දියක් හන්දියක් ගානේ දාන්න. ඒතෙකාට මිනී මැරුම්,ස්ත්‍රී දුෂණ , බාල අපරාධ, සොරකම් ගොඩක් දුරට අවම වේවි.(නදී)
ඉස්සරත් හිටියා මේ වගේ නපුරු කුඩම්මලා.(නදී)
අනේ අපේ හිරේ ඉන්න මල්ලිලා ටික මෙයා ගැන හොදට බල ගනී කියල අපි හිතනවා,අර එස්කොලේ මහත්තය බල ගත්ත වගේ
ඇයි ප්‍රමාද එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න? (නි)
කියන්න තියෙන්නේ කකුළුවා කෙලින් යයි නම් පැටව් ටිකත් කෙලින් යයි කියලයි (නි)
පොඩි ළමයට කරලා තිබෙන අපරාධය දුටුවිට ඇස් වලින් කදුළු එනවා (නි)
ඉතා ඉක්මණින් දරුවා සුවපත්ව යහපත් මිනිසුන් අතරට පැමිණේවා! (නි)
ඔය වගේ අයට මරණ දඩුවම දෙන්න!පවු අහිංසක දරුවා (නි)
එළියට නම් එවන්න එපා මොහුව. (නි)
ලංකාවේ වැරදි නොකරන කෙනෙක් මේ මනුස්සයාට දඬුවම් දෙන්න ඉදිරිපත් වෙන්න. වැරදි වැඩේ වැරදියි. සාමාන්‍ය පුද්ගලයන් අතින් මේ තරම් දරුණු වැරදි නොවුනත් ලංකාවේ ගොඩක් දෙනෙක්ගේ සිතිවිලි පවා දරුණුයි. මේ ලෙස දරුණු වෙන්නේ දවසින් දෙකෙන් නොවේ. (නි)
කොට්ටාවේ ආනන්ද විදුහල්පතිට අර රිමාන්ඩ් එකේදී දුන්නා කියන දඬුවම් දෙන්න ඕනෑ මේ කෙනාටත් (නි)
ධර්මද්වීපයනේ!මේ වගේ අයව තියන්න වටින්නෙ නැහැ (නි)
මේ වගේ තිරිසන් මිනිස්සු ජිවත් කරවන්න නරකයි. ඉන්න අයටත් හැදෙන්න එක්ක එහෙම කරන්න ඕනෑ. ලංකාවේ නිතිය ක්‍රියාත්මක වෙනවා මදි. ඒකයි මේවා දිනෙන් දින වැඩි වෙන්නේ (නි)
අවස්ථාවාදී දේශපාලකයෝ මේවාට වග කියන්න ඕනෑ. නීතියක් රටේ නැති තැනට මේ රට ගෙනාවේ ඔය අමන දේශපාලකයෝ තමයි.ඡන්දෙ ඉල්ලා ගෙන ගෙදරට ආවම ඉලපත් අතට ගන්න හදවත් ඇති අම්මලා. (නි)
මරණ දඩුවම ක්‍රියාත්මක නොකරන කල් මෙවැනි සිදුවීම් වැලක් විය නොහැක.(නදී)
මෙවන් අපරාධ තව වීමට ඉඩදෙන්න එපා (නි)
මෙම අපරාධකරුට නිසි දඩුවම් ලබාදෙන්න. (නි)
මේ තිරිසන් මිනිහව මරුවත් මදි (අ)
මේ අයට හෙන ගහන්න ඕනේ මේ කරන අපරාධ වලට. අපේ රටේ නීතිය ක්‍රියාත්මක වී දඩුවම් දෙන්න කල් යනවා. ඒ නිසයි මේ සේරම.(නදී)
උගතුන්, නුගතුන් දෙපර්ශයම වැරදි සිදු කරනු ලබනවා. උදා. මොරටුවේ සිද්ධිය, පියා විසින් තම දරුවන් දෙදෙනා සහ බිරිය මර දැමීම. නමුත් බුද්ධිමතුන් එසේ නොවේ. බුද්ධ දර්ශනයට අනුව බැලුවොත් මෙය කර්මය. නමුත් මෙතන ප්‍රශ්නය වනුයේ මිනිසුන් විසින් තිරිසන් ගති ලක්ෂණ පෙන්වීම්. මෙවැනි සිදුවීම්, එල්ලා මැරුවත්, ගල්ගසා මැරුවත්, උල තියා මැරුවත් නැවතීමක් සිදු නොවේ. අප සමජෙයේ මිනිසුන් බුද්ධිමත් වීමෙන් පමණක් මෙවැනි සිදුවීම් අවම කරගැනීමක් සිදු කල හැක. එය එක රැයකින් කිසිම ශාස්තෘවරයෙකුට හෝ වෙනයම් පුද්ගලයකුට සිදු කල නොහැක. මෙම මිය ගිය කාන්තාව සහ එම අපරධය කරනු ලැබූ පුද්ගලයා හෝ පුද්ගලයින් බුද්ධිමත් පුද්ගලයින් වූවා නම් ඔවුන්ගේ ජීවිත මෙසේ නොවීමට තිබිණ. අඩු වයසින් දරුවන් ලැබීම, වෙනත් කසාදයක් කරා යාම, නැවත වාරයක් ගැබ් වීම සහ මෙම පිරිමි පුද්ගලයා විසින් දරුවන් සිටින මවක් සමග විවාහ වීම යනාදී කරුණු සියල්ලක්ම නුගත්කම, දුරදිග නොසිතන බව හා මිනිසුන් ලෙස බුද්ධිමත් නොවීමේ පල විපාක වේ. මෙවැනි සිදුවීම් මෙසේ නොවීමට ඔබට හා මට කල හැකි දේ බොහෝය. පළමු පියවර ලෙස පන්සිල් රැකිම, දෙවැනි පියවර අටලෝ දහමෙ දී සන්සුන් ව සිටීම, ඔබගේ දරුවන් නිසි ලෙස යහමඟ යැවීම, යහපත් කල්පනාව සහ සමාජය යහ මඟට ගැනීම සඳහා මා හා ඔබ විසින් කල යුතු යුතුකම් කොටස නිසි ලෙස සිදු කිරීම. එම නිසා හඬා දොඩා බැණවැදී ආවේගශීලීව ලිව්වා, කිව්වා කියා මෙවැනි සිදුවීම් වල නැවතීමක් සිදු නොවේ. උදා අරබියෙහි වසරකට කී දෙනකුගේ හිස ගැසීම, කස පහරදීම, දත් ගැලවිමේ, ඇස අඳ කිරීමේ යනාදී දඩුවම් ලබා දුන්නත් සිදු වීම් අඩුවක් නොපෙනේ. (ස)
එල්ලුම් ගහ ගේන්න කාලේ හොඳටම හරි.(නදී)
මේ වගේ දෙතුන් දෙනෙක් එල්ලලා මරන කල් මේක හරි යන්නේ නෑ.මුන් කවදා හරි නිදහස් වුන දවසකත් කරන්නේ ඔය ටිකම තමයි. (ස)
කරපු අපරාධ ගැන විස්තර පත්තර වල මහා ඉහලින් පල වෙනවා. අපරධකරුට දීපු දඩුවම් ප්‍රමාණවත් නොවන නිසා එන්න එන්නම අප රට තුල දරුණු ඝනයේ අපරාධ වැඩිවෙමින් පවතිනවා. ගරු ජනාදිපතිතුමනි දැඩි දඩුවම් නීති කෙටුම්පත් ගෙනෙන්න කාලය උදාවී ඇත. (ස)
කාලකන්ණි අමනුස්සයෝ,, (ස)
රුපවතී නංගි කිරි දරුවෙක් ඉන්නවා නම් මේ වගේ ප්‍රවෘත්ති කියවන්න එපා.....ඔයාගේ දරුවටත් හොඳ නැහැ ... (ස)
මමත් අවුරුදු 3 වයස දුවෙක් ඉන්න අම්මා කෙනෙක්. දරාගන්න බැරි වුණා මේ පොඩි දරුවට කරලා තියන අපරාධය දැක්කම. හිතක් පපුවක් තිබෙන මනුස්සයෙක් නම් වෙන්න බැහැ මේ අපරාදේ කරලා තියෙන්නේ. අපිත් මහා පව්කාරයෝ මෙවන් අපරාධ ඇහින් දකින්න තරම්...... (නි)
මිනිසුනේ, හඬා දොඩා බැණවැදී ආවේගශීලීව ලිව්වා, කිව්වා කියා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේවා මේ ආකාරය ට සිදුවන්නේ මේ හඬා වැලපෙන මෝඩ මිනිසුන්ගේ ඡන්ද වලින්ම බලය ට පත් වූ අමන දේශපාලුවන් ඇස් කන් පියාගෙන නිද්‍රාවේ සිටින නිසයි. මිනිසුනේ, විසඳුම ඇත්තේ ඔබ ළඟයි. මැතිවරණ වලදී එළඹී සිහියෙන් වැඩ කරන්න. (නි)
මම මේ ගැන කියෙව්වේ හරිම දුකකින්. සත්‍යපාල ගේ අදහස දුටුවිට නම් හිනා ගියා ඇති වෙන්නම (නි)
මේ දරුවා දුටුවිට මගේ දුව මතක් වුණා. පව් අහිංසක දරුවෙක්. ඇයි අපේ රටේ මිනිස්සු මේ තරමට පහත් තිරිසන් තත්වයකට පත් වෙලා තියෙන්නේ. (නි)
රේණුකා, ඔබ කියනවාට වඩා සානුකම්පිතව මේ නිහිනකම් වලට පිළිතුරු සෙවිය යුතුවෙයි. පාරේ නිරුවතින් දුව ගිය චීන විරහාවිය ගැන හොද සිතුවිල්ලක් දැම්මේ ඔබම නේද..? (නි)
හරියටම හරි සත්‍යපාල.ඔය හිරගෙවල් පුරවාගෙන ඉන්නේ නැතුව දරුණු අපරාධකාරයන්ට සුදුසු දඩුවමක් අවයව සම්බන්ධයෙන් දුන්නා නම් එල්ලුම් ගස් ඕනෑ නැහැ. (නි)
කමක් නැහැ. මේක ධර්මද්වීපයනේ.අපි අරාබියට බැන බැන ඉදිමු (නි)
අවුරුදු දශ ලක්ෂයකට නොඅඩුව අපායේ යන වැඩක් මිනීමැරීම. (නි)
88 දී අර බලකායේ හිටපු කෙනෙක් වගේ. (නි)
මේක තමයි ශ්‍රී ලංකාව.(නදී)
මගේ බලවත් කණගාටුව (නි)
අනේ ජනාදිපති තුමෝ මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නකෝ. අරාබි රටවල් වගේ.(නදී)
මොන හිතකින් මේවා කරනවද මන්දා (දී)
මේ වගේ තිරිසන් තාත්තලට දඩුවම් කරනන ඕන (දී)
ඇයි අප මෙවන් දේ දකින්න තරම් පවු කළේ.. (දී)
දඩුවම් නොදුන්නොත් කුමට මෙරට අධිකරණය ,නිතිය සහ විනිසුරන්!!! නඩුවට විත්තිය කතා කරන ලෝයර් ව ඉස්සරවෙලා එල්ලුම්ගස් යවන්න .................. (දී)
මෙහෙම කරන්න හිතුනේ මොකද? මේකට දඩුවමක් දීල ඇතිද ? ඇයි මෙහෙම උනේ ? (දී)
හෙන හත ගහන්න ඕන තිරිසනා (දී)
එන්න එන්නම කියන්න බැරි තරම් විදිහට අපරාධ නිදහසේ වැඩි වෙනවා. කාගේ වැරැද්ද කියලා කියන්න ඕන නැහැ නේ. (ස)
කාලකණ්නියා එල්ලා මරන්න.මරණ දඩුවම ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා සිටිමි. (ස)
මේ වගේ උන් එල්ලලා මරන්න ඕනේ. (ස)
ඉතාම කණගාටුදායකයි. මෙම කාන්තාව සහ ළමය දුක් විඳ ඇත්තේ සමාජයේ තිබෙන වැරදි වල ප්‍රතිපලයක් වශයෙන්. මෙවැනි අය තව කොයි තරම් ඇත්ද? අප කල යුත්තේ සමාජය දැනුවත් කිරීමයි. තමන්ට වෙන අසාධාරණය නොඉවසිය යුතු දෙයක්. මෙවැනි දෙයක් දැන ගත් පමණින් කල යුත්තේ දැන්විය යුතු තැන් වලට දන්වා නීතිය මගින් කටයුතු කෙරීමෙන් සහ විපතට පත් වුන අයට සහන ලබා දීමයි. (දී)
මේ වගේ මිනිස්සු ගහක බැදලා මහ ජනතාවට බාර දෙන්න. ඔවුන් නිසි දඩුවම දෙයි. මේ වගේ දේවල් හිතන මිනිස්සුත් එතකොට පාඩම් ඉගෙන ගනී. පොඩි දරුවන්ට වද දෙන එවුන්ට කිසිම සමාවක් දෙන්න හොද නෑ.අඩුම තරමේ දරුවන්ට හිංසා කරන එවුන්වත් මේ රටේ මරන්නේ නැද්ද. (ස)
මේ වගේ පුංචි ළමයින්ට වද දීපු අය කොච්චර අත් අඩංගුවට ගත්තද? මොකක්ද උන්ට දීපු දඬුවම. මේ ගැන කතාකලොත් මේ කොමෙන්ට් එක පත්තරේ පල කරන්නේ නැහැ. ඒ නිසා දත්මිටි කාල නිකම් ඉන්නවා. ඉවසපන් පපුව.(නදී)
මේ පුවත නිවෙරදිව කියෙව්වොත් මෙහි ඇති කටුක සත්‍යය තේරුම් යනු ඇත. ගැබිණි මවට වයස අවුරුදු 19 ක් සහ අගේ දරුවට වයස අවුරුදු 01 ක් කියන්නේ මේ මව පළමු දරුවා ලෙබෙන විට වයස අවරුදු 16 පමණ විය යුතුය. අඩු වයසින් සිදුවන මෙවෙනි විවාහයන් (සමහර විට විවාහ නොවීත් ඇති) බොහෝ විට කෙලවර වන්නේ මෙවන් කෙදාන්තයන්ගෙනි. අපේ ආච්චිලාගේ කාලේ කසාද බැන්දේ වයස 14-15 කියල කවුරුත් මෝඩ කතා එහෙම කියන්න එපා. එහෙම කියන්න ඉන්න අයට මගේ උත්තරේ තමයි කාන්තාව දැන උගත් නොඋනත් අද දැනුම ලබා ගැනීමට බොහෝ අවස්ථා එති නිසාම කල් ගත වී හෝ තම වරද තේරුම්යයි. එවිට ඇතිවන මානසික පීඩාව නිසාම තම වරද නිවරද කර ගෙනිමට බොහෝ අය උත්සාහ කරයි (දී)
මේකා ඇතටම මනුසයෙක් ද.. (දී)
අවුරුදු 19, පෙර විවාහයකුත් කරගෙන ඉඳලා, අවුරුද්දක දරුවෙකුත් ඉන්නවා. පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකලට බැරිද පොඩ්ඩක් මේ මිනිස්සුන්ව හරි මඟට දාන්න. (ස)
හතරමං හන්දියක කණුවක ගැට ගහලා විනාඩි පහක් ඇතුලත කාන්තාවන් විසින්ම නොනවත්වා ගල් ගහන්න ඕන.ජිවත් වුනොත් නැවත වතාවක් එසේම කරන්න ඕන. (ස)
පව් කාරය හොදක් වන්නේ නැහැ කවදාවත් .(දී)
ධර්මද්විපයට ගිය කලක් ..වෙන මොනවා කරන්නද. දෙවියන්ට කියනවා මිසක්. (දී)
මරන්න එපා මේක බෞද්ද රටක් ???? කිසියම් වැරද්දක් හෝ අපරාදයක් වුනොත් එක කරපු එකාගේ ජාතිය හොයන අපේ කට්ටිය කොහෙද දන්නේ නෙහැ ? (දී)
තිරිසනෙක්නේ,මේවගේ මිනි මරුවන් ප්‍රසිද්දියේ එල්ලා මරන්න ඕන මේවගේ අපරාද කරනවට,රටේ නීතිය නිසි ආකාරව ක්‍රියාත්මක නොවීම නිසා මිනිස්සු අපරාද කරන්න දෙපාරක් හිතන්නේ නැහැ .නිකන් කූඩුවේ දාල තියෙනවා මාස 7,8 කින් ඇප අරන් ගෙදර යනවා. (දී)
මේවා අහද්දි ලොක යුද්ධයක් ඇවිත් ඔක්කොම සුන්ද්දුවිලී වෙලා ගියානම් හොදයි කියලා හිතෙනවා (දී)
මිනිස් වෙසින් ඉපදුණු යක්කු (නි)
ඔය මිනිසා දුටු තැන අල්ලාගන්න ගම්වැසියනි (නි)
මේවා පාලකයන්ගේ වැරදි. 2/3 බලය තිබුණට රටට අවශ්‍යය නීති ගෙනෙන්නේ නැහැ (නි)
අපි අපේ ළමයෙක්ට අතින් පාරක් ගැහුවත් කී සැරයක් ඒ ගැන පසුතැවෙනවද? ළමා සහ කාන්තා හිංසන දිනෙන් දින වැඩි වෙනවා.නීති සම්පාදකයින් මේ ගැන සිතිය යුතුයි.ළමා සහ කාන්තාවන්ට වෙන හිරිහැර වාර්තා වුණ සැනින් පිහිටට හදිසි ඇමතුම් අංශයක් ස්ථාපිත කර පොලිසියට අනුයුක්ත කළ යුතුයි.ඔබ දන්නා කාට හෝ මෙවැනි අපරාධයක් සිදුවෙනවා නම් පොලිසියට දැනුම් දෙන්න. මේ දෙය දැනගෙන මේ ගම්මු නිහඬව සිටියා වෙන්නත් බැරි නැහැ. (නි)
රට සංවර්ධනය වෙනවා කිවුවාට පාරවල් වරායවල් හැදුනාට මොකෝ, දුප්පත්කමින් අසරණ ගම්මාන රාශියක් තාමත් අන්තිම අඩියේ ඉන්නේ. අතුරු සිදුවීම් ලෙස මන්දබුද්ධිකතාව ,විෂාදය ,මන්ද පෝෂණය ලෙඩ රෝග බහුලයි. අඩු දැනුම, පාසල් හැරයාම වැඩිවී තරුණ ජිවිත නන්නතාර වූ කල, කෙසේ වළකම්ද අධම පාහරකම් (නි)
දවස ගානේ හිත් කම්පා කරන පුවත්.එක්කෙනෙකුටවත් හරි දඩුවමක් දුන්නද?කන්න දිදී හිරගෙවල් පුරවනවා විතරයි.කෝ මේ රටවල ඔය වගේ අපරාධ? (නි)
කෝ මේ එල්ලුම් ගහ? මේව ගේ දෙයකටවත් ඒකෙන් වැඩක් ගන්න බැරි නම් ආයේ එල්ලුම් ගහෙන් ඇති වැඩේ මොකක්ද? (නි)
ඉතාම කණගාටුදායකයි. (නි)
හොඳ නීතිඥයෙක් අල්ලලා සාක්කි මදි කියලා ඔප්පු කරලා බේරිලා එන්නත් ඉඩ තිබෙනවා. ලංකාවේ නීති වල හැටියට නඩු තීන්දු ලැබිලා තියෙන හැටි අපි ගොඩක් කියවලා තියෙනවා. (නි)
මු නම් නඩු නො අසාම මරන්නයි තිබුනේ. කොහෙද ඒ ගමේ හරි හමන් පිරිමි පරානයක් ඉඳලා නැහැ වගේ මෙයාට පාඩමක් උගන්වන්න. (ස)
දැන් නම් ෂරිය නීතිය ලංකාවට හොඳටම ගැළපෙනවා වගේ (නි)
මෙයාව මහා පාරේ තියල ඇන ගහල මරන්න ඕනේ. මේ මිනිසෙක් නොවේ තිරිසනෙක්. නැත්නම් වෙඩි තියල දාන්න මනුෂ්‍ය ලෝකයේ ජීවත් වීමට සුදුසුකම් නැති යක්ෂයෙක්. (දී)
පින්වත්නි,ධර්මද්වීපයේ ඔය පින්වතාට මෛත්‍රීය දක්වන්න. මරන්න එපා! එවැනි පින්වතුන් ආරක්ෂා කරන්න !!! (නි)
හද කම්පා කරවන ප්‍රවෘතියක්. මුදල් වලටම ප්‍රමුඛත්වය දීලා කතා කරන පෙරකදෝරුවන් හින්දා මෙයට වඩා දරුණු අපරාධකාරයින් නිදහස් වෙලා තියෙනවා. මෙයත් එහෙම එකක් වෙයිද ? මියගිය දැරියට නිවන් සුව පතමි. (ස)
මේවා ගෙන කතා කරන්නෙත් දුක් වෙන්නෙත් අපි විතරයි. අපි විසින් තොර පත් කරපු නායකයින් ළමා අපචාර හා ස්ත්‍රී දුෂණ සම්බන්ධයෙන් කතා කරන්නේවත් සොයා බලන්නේවත් නෑ. වැරදිකරුට ප්‍රසිද්ධියේ දඩුවම් දිය යුතුයි. (ස)
මෙවන් දුක්බර සිදුවීම් කොතෙක් උනත් නිසි දඩුවම දුන්නද? ප්‍රසිද්ධියේම ගහක එල්ලලා පුච්චන්න ඕන. (ස)
මේ මිනිසුන් ගැන මා කුමක් කියන්නද? " දෙවියනි ඔබට භාරයි" (ස)
පිටිගල මහත්තයෝ මමත් එකඟයි ඔබගේ කීමට.... ඉතාම කණගාටුදායකයි. (ස)
මමත් දරුවෝ ඉන්න පියෙක් මේ අපරාදය කරපු මිනිහට නීතියෙන් දඬුවම් ලැබුනත් වැඩක් නැත. මොහුව මේ ලෝකේ ජිවත් වෙන්න සුදුසු කෙනෙක් නෙමෙයි. මේවගේ පුංචි ඇතා දරුවන්ට මේවගේ අපරාධ කරපු මේ ගොතකය පිරිමි ජාතියටම නින්දාවක් (දී)
අනේ මම පිරිමියෙක් වුනත් මේ පුවත දැක්කහම ඇඩුණා .අඩු වයසෙන් වුනත් ගැබිනියක්.ගැබිණි අම්මා කෙනෙකුට සමාජයේ කොපමණ පිළිගැනීමක්, ගරුත්වයක්තියනවද...තවද වසරක් පමණ වයසැති සිඟිති දැරියක් මොන හිතකින් මෙවන් අපරාදයක් කලාද?අම්මට නිවන්සුව හා දැරියට ඉක්මන් සුවය පතමි.වැරදිකරුට නිසි දඩුවමක්ද පතමි. (ස)
ඒකත් සිගරට් වලින්ම පුච්චන්න ඕනේ ....... (ස)