පුත්තලමේ ගම්වැදි සිටි වල් අලි සෙල්ලකන්දල් රක්ෂිතයට පලවා හැරීමේ මෙහෙයුම අදින් අවසන්කරන බව පුත්තලම දිස්ත්‍රික් වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.කේ.එස්.චන්ද්‍රරත්න මහතා පවසයි.
පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයට වරින් වර පැමිණෙමින් වගාබිම්වලට හානිකරමින් සහ විටින් විට නිවෙස්වලට ද ප්‍රහාර එල්ල කරමින් සිටි වල් අලි 30 දෙනකු මෙලෙස පලවා හැරීමට කටයුතු කළ බව වනජීවී නිලධරයෝ කියති. මදුරගම වන ලැහැබක සිටි තනි දලයා ඇතුළු ගම්මාන 10 ක සිටි අලි මෙලෙස සෙල්ලකන්දල් රක්ෂිතයට පලවා හැරීමෙන් පසු එහි අළුතෙන් ඉදිකර ඇති අලි වැට ක්‍රියාත්මක කරන බවත් ඉන් පසු යළි අලින්ට ගම්වැදීමට නොහැකි වන බවත් වනජීවී දෙපාර්තමේන්තුව කියයි.
මෙම අලි එලවීමේ මෙහෙයුමට වනජීවී නිලධාරීන් 20ක් සිවිල් ආරක්ෂක බලකායේ සෙබළු 20 දෙනකු සහ ගම්වැසියන් විශාල පිරිසක් එක්ව සිටිති.
වන රක්ෂිතවලින් පිටතට පැමිණ ගම්මාන අසළ කුඩා වනාන්තරවල රැඳී සිටින වල් අලින් රක්ෂිතවලට යැවීමේ තවත් මෙහෙයුමක් ජනවාරි මාසයේ ක්‍රියාත්මක කරන බව ද වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගම් වැදුණු වල් අලි යලි වනයට