තම ආසනවලට ගොස් ඡන්දයට කටයුතු සූදානම් කරන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සියළුම මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන්නේය. අගෝස්තු 17 දා ඡන්දයේ දී එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවා ගැනීම සඳහා බහුතර බලයක් ලබාගැනීමේ අවශ්‍යතාවය ද රනිල් වික්‍රමසිංහ මහතා ඔවුනට පෙන්වාදුන්නේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සන්ධානයේ අවුල් සඳහන් කළ එක්සත් ජාතික පක්ෂ නායකයා සිය මන්ත්‍රීවරුන්ට පෙන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජය සඳහා ඇපකැප වී වෙහෙස මහන්සි වී වැඩකළ යුතු බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ අවස්ථාවේ ඡන්දයකට මුහුණ දීමට සූදානමින් නොසිටින බව ද දින සියයට පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස එජාපය මෛත්‍රීපාල සිරිසේන ජනපතිට කිහිප විටක්ම බල කළ බව ද වික්‍රමසිංහ මහතා කියා සිටියේය. පක්ෂයේ ජාතික සම්මේලනය ලබන මාසයේ දී පැවැත්වීමට ද නියමිතය. පාර්ලිමේන්තුව විසිරවීමත් සමග අගමැති වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇමති මණ්ඩලය භාරකාර රජයක් ලෙස ක්‍රියාකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනසකට ඡන්දෙ දීලා කරගත්තු විනාශය නිවැරදි කරන්න ඉක්මනින් අවසථාව ලැබීම රටටම මහා යහපතක් .(අ)
අපිත් බලාගෙන ඉන්නේ ගමට එනතුරු තමා. (නි)
නිලාන් කටාර්, අමතක කරන්න එපා වෙනසකට ඡන්ද ලක්ෂ 50 ක් තිබුනා. අද එයිනුත් රණවිරු පවුල් හා රාජ්‍ය සේවක පවුල් නිතරඟයෙන් අයින්වෙලා. කොහොමද වෙනස් නියමයි නේද? මහින්ද මහතාට ලැබුණු ලක්ෂ 58 නම් හෙල්ලෙන්නේ නැහැ. මොකද ඒවා නියම ජාතික ඡන්ද. සැබෑ වෙනස ඇතිකළ නායකයාට ලබා දුන් ඡන්ද (නි)
අද කොහොම මොනවා කිවුවත් ජනතාව බොහොම බුද්ධිමත් (නි)
ඔබට ගම මතකයට එන්නේ ඡන්දය ලං වුනා මද? ඡන්දය ලං වෙන විට ඔබට ගම මතක් වේ මෙයද ඔබලාගේ දේශපාලන සංස්කෘතිය ?(නදී)
නිලන් -කටාර් ඔයා කටාර් වලම ඉන්න ලංකාවේ අපිට නම් වෙනසක් වෙලා තිබේ (නදී)
අපි සුදානම් රනිල් අගමැති කරන්න. (නදී)
ගමේ ඡන්ද හම්බවෙයි කියල තමා බය. දැක්කනේ පහු ගිය ඡන්දෙ කාලේ ගමේ ජනතාව කා එක්කද හිටියේ කියලා. මෛත්‍රී නිසා ඔහොමවත් ඡන්ද ලැබුනේ. (නදී)
අනේ දැන්ද ගම මතක් උනේ? පාරත් කැඩිලා පාසල් දරුවන්ට පොත් කියවන්න විදුලිය නැතිව ගමට ඒවි. දුවේ පුතේ, උත්තර දෙන්න ගෙදර හොදට කොස්ස අරන් අතුගාල දොර ලග තියල තියන්න. ගමට ආදරේට එන අයට කියල දෙන්න. අනේ අපේ ආර්තිකයට ගිය කලක් ? (නදී)
"ගමට යන්න " වැඩ කරන්න. "චන්දෙ ගන්න" අතුරුදහන් වෙන්න. (ඒ ටික පස්සේ බලමු) (නදී)
ඉමල්කාගේ අනාවැකි ටික කවුද සුමනදාසද කිව්වේ? රටේ හොරුන්ව නැවත පත් නොකරමු. (නදී)
ඒ .ජා.ප .නායක රනිල්ට ජයවේවා ..(නදී).
රනිල් දිනන එක නියතයි ජයවේවා (නදී)
ජයවේවා ...(නදී)
රනිල් අගමැති වෙන්නේ නැති වෙයිද ? (නදී)
ගම නොවෙයි රටම විනාශ කරන කෙනෙක් හොර ගිවිසුම් ගහන කෙනෙක්. (අ)
දැන් ගිහින් කරන වැඩ ඡන්ද අල්ලස් කියා ඕනෑම මෝඩයකුට වුණත් තේරෙනවා. (අ)
ගමේ යන්නේ අහවල් එකටද. යන්න ගමක් නැති වෙයි (නදී)
හිටපු ජනපති ජයවර්දන මහතාගේ ඒකාදිපති ව්‍යවස්ථාව නිසා බිහිවීමට ගිය පවුල් වාදී ඒකාදිපතිය ජනවාරි 8 වනදා පරාජය වුවා මිස ශ්‍රීලනිප ප්‍රදාන සන්දානය පැරදුනේ නැත. පරාජිත ජනපතිටත් සිදුවූ වරද වටහාගෙන නැවත දේශපාලනයට් පැමිණීමට ජනවාරි 8 න් පසු බිහිවූ රජය අවස්තාව උදා කර ඇත.(නදී)
අපේ රනිල්ටත් ජයවේවා (නදී)
දැන්ද ගම මතක් උනේ? (නදී)
දැන් ගම ගැන මතක් කරලා වැඩක් නැ.ප්‍රතිපල සහතිකයි. (නදී)
රණවිරුවෝ රට ආරක්ෂා කරන්න, සනීපාරක්ෂක කම්කරුවෝ කානු සුද්දකරන්න, හොරු හිරගෙට, මහත්තුරු පාර්ලිමේන්තුවට. (නදී)
ඉමල්කා ඔයා ඔය දාල තියෙන්නේ රුක්මනී දේවි මහත්මියගේ කාලේ පරණ තැටියක්. අලුත් සින්දු ටිකක් හොයාගන්න.(නදී)
විමල්ට නෑදෑකමක් හදාගත්ත නම් හොඳ ගෙයක් ගන්න තිබුනා (නදී)
ඉමල්කා, මැර පාලනයෙන් මොකුත් ලැබුනද ? ඔය කියන දේවල් ඉතින් දවල් හීන තමා. දැන් ජනතාව ඔයාට වැඩිය බුද්දිමත්.(නදී)
මහින්ද ගමේ පන්සල්වලට ගිහිල්ල දැනට වැඩ පටන් අරගෙන ඉවරයි. අගමැතිගේ කෝච්චිය දැන් හොඳටම පරක්කු වැඩියි (නදී)
ඔව් රණවිරුවෝ පෝරකේට උතුරට ෆෙඩරල් පාලනයක්. (නදී)