(තිලකරත්න දිසානායක)
ගම්පහ නගරයේ පොදු වෙළඳපොළ ආශ්‍රිතව දින තුනක් තුළ කොවිඩ්-19 ආසාදිතයින් 58 දෙනෙකු හමුවීම හේතුවෙන් පවතින අවදානම සළකා නගරයේ කොටසක් සහ එම කොටසෙහි සියලුම වෙළඳසල් සහ ආයතන නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබේ.
අද (9) සවස පුරපති එරංග සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.
ගම්පහ නගරයේ දැඩි අවදානම් සහිත තත්ත්වයක් පවතින බැවින් හදිසි අවශ්‍යතාවයකට හැර නගරයට පැමිණීමෙන් වළකින ජනතාවට දැඩි ලෙස අවවාද කිරීමට සිදුව ඇති බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා මාධ්‍යයට පැවසීය.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පොදු වෙළඳ පොලෙහි වෙළඳුන්ට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් සහ පී.සී.ආර් පරීක්ෂණයට අනුව ඉකුත් 6 වෙනි දින සිට අද (9) වනවිට ආසාදිතයින් 58 දෙනෙකු හමුව ඇති බවත් තවත් පරීක්ෂණ වාර්තා ලැබීමට ඇති බවත් පතිරගේ මහතා සදහන් කළේය.
නගරයේ මහ වීදිය ඇතුළු පොදු වෙළඳ පොළ ඇතුළු ඒ අවට වෙළඳසල් 200 ක් පමණ සහ ආශ්‍රිත අතුරු මාර්ග වසා දැමීමට ගම්පහ මහ නගර සභාව මීට පෙර පියවර ගෙන තිබිණි.
නගර සභාවේ පැවති සාකච්ඡාවෙන් පසුව වෙළඳසල්වලට අමතරව එම ප්‍රදේශයේ ආයතන ද වසා දැමීමට තීරණය කළ බව ගම්පහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතා පැවසීය.
පසුගිය ජනවාරි මාසයේ සිට ගම්පහ නගර සීමාවෙහි පවුල් 89 කට අයත් 223 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් බවට හඳුනා ගනිමින් ප්‍රතිකාර පිණීස යොමු කර ඇති බවත් පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් අනිද්දා (11) දිනයේ නගරයේ වෙළෙඳසල් සහ ආයතනයන්හි කටයුතු කරන්නන් 1000 ක් පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමට පියවර ගන්නා බව පුරපති එරංග සේනානායක මහතා පැවසීය.
අද සවස පුරපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවට ගම්පහ දිස්ත්‍රික් වසංගත රෝග වෛද්‍ය ක්‍රිෂාන්ත සමරවීර, ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ, සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පොලීසිය සහ නාගරික වෙළඳ සංගමයේ නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියහ.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒකල විකාශනාගාරයේ ගොඩනැගිලි හයක් විනාශ වීමට ඉඩ හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ජනාධිපතිවරයා සහ මාලිමාව පොරොන්දු වූ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කෙසේ වෙතත් රටේ ලක්ෂ 220 ක ජනතාව ජීවත් වෙන්නෙත් අමාරුවෙන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම
GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ( Charles Whiteley) මහතා ජනාධිපති අනුර දිසානායක මහතා හම
මෙරට රජයේ රෝහල් පද්ධතියේ කිසිදු ආකාරයකින් ඖෂධ හිඟතාවයක් ඇති වීමට ඉඩ නොතබන බවත්, එම ඖෂධ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා අවශ්‍යවන යාන්ත්‍රණය මේ වන විට
2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ රිය අනතුරක් කිරීම, එහි සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, වැලිකඩ පොලිසියේ ස්ථානා
වරකාගොඩ කටුහේන බලිකන්ද ප්‍රදේශයේ හිටපු පොලිස්පතිවරයෙකුට අයත් බව කියන ඉඩමක වල දමා තිබූ ප්‍රභූ ආරක්ෂක ගිනි අවියක් අද (30) උදෑසන සොයාගත් බව වරකාගොඩ පොලිසි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගම්පහ නගරයේ කොටසක් වහයි
Prasad Wednesday, 10 February 2021 01:29 AM
ගම්පහට සාපයක් ඵලදෙනවා.