ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ සිසුවියන් 307 දෙනාම අපොස සාපෙළ සමත් වු බව විදුහල්පතිනි එච් ඒ එච් ජයවර්ධන මහත්මිය කියන්නීය.
එහි සිසුවියෝ 139 දෙනෙක් ඒ නවය ද 97 දෙනෙක් ඒ අට ද ලැබුහ. සමත්වීමේ ප්‍රතිශතය 100% කි.
ගම්පහ බණ්ඩාරනායක විදුහලේ උපොස සාපෙළ විභාගයට මුහුණ දුන් සිසුන් 433 දෙනාගෙන් 432 දෙනකු අපොස උපෙළ හැදැරීමට සුදුසුකම් ලබා ඇතැයි විදුහල්පති ලාල් දිසානායක මහතා කියයි.
සමත් වීමේ ප්‍රතිශතය 99.8% එහි සිසුහු 78 දෙනෙක් ඒ නවයද 102 දෙනෙක් ඒ 8 ද ලබා සිටිති.
ගම්පහ යශෝදරාදේවී බාලිකා විදුහලේ සිසුවියන් 310 දෙනාගෙන් 305 දෙනෙක් උසස්පෙළට සුදුසුකම් ලැබුහ.
එය 97 % ක් බව විදුහල්පතිනි බී එම් එල් බස්නායක මහත්මිය කියන්නීය.සිසුවියෝ 67 ක් ඒ නවය 55 දෙනෙක් ඒ 8 ද ලදහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉහලම සම්පත් වලින් පිරි ලොකු ලොකු පාසල් වල සමත් ප්‍රතිපල ගැන පුරසාරම් දොඩවනවා. පාසලේ අධ්‍යාපනයට අමතරව අමතර පන්ති කීයකට ගියාද කියල කවුරුත් කතා කරන්නේ නැහැ.අවම සම්පත් වලින් අද්‍යාපනය හදාරා, පාසල් කාලයෙන් පසු දෙමාපියන් සමග ජීවන බරට උරදී ස්වෞත්සහයෙන් සමත්වන දරුවෝ ගැන හෝ ඒ අයට අද්‍යාපනය දෙන ගුරුවරු ගැන හෝ බලන්න අත දෙන්න කවුරුත්ම නැහැ. කොතරම් සාදරණද? (දී)
ගම්පහ කියන්නේ ලංකාවේ උගතුන් බිහි වූ දිස්ත්‍රික්කයයි. නිරෝෂන්ලා වගේ අය ගම්පහ ගැන දන්නේ නැතුව ඇති (නි)
දිරියෙන් ඉදිරියට යාමට සුභ පැතුම්! (නි)
සුභ පැතුම් ගම්පහ බණ්ඩාරනායකයට! (නි)
සුභපතනවා මම (දී)
ගම්පහ තක්ෂිලා විද්‍යාලය 273 260 සමත් ප්‍රතිශතය 93% (දී)
මේ හැමෝම රටේ අනාගතතය. කවුරු හොදින් සමත් වුනත් අනාගතේ බිහිවෙන බුද්ධිමත් පරපුර ගැන හිතල අපට සතුටු වෙන්න පුළුවන් (දී)
ගම්පහ ස්කොල වලින් විශ්ව විද්‍යාලයට යන අය අඩුයි කියන කතාව තනිකර බොරුවක් ඕනෙනම් කෙම්පස් වලින් හොයල බලන්න පුළුවන් (දී)
රටේ නම ලෝකෙ ඉහල තැන තියන්න පුළුවන් විශිෂ්ටයෙක් මේ අතර ඉන්න පුළුවන් (දී)
සුබ පතනවා සියලු දෙනාට, කොළඹ නගරයේ බහුතර පාසල් වලට වඩා ගම්පහ පාසල් නැගී එම ගැන සතුටුයි,, (දී)
නිරෝෂන්, ඔහොම කතා කියන්න එපා! (නි)
සියලු දෙනාට සුබ පැතුම්. නමුත් මේ රටේ දුප්පත් පාසල්වලට යන සිසුන් ගැනත් කතා කරන්න ඕනේ. මොකද ගුරුවරයාගේ නියම ජයග්‍රහණය වන්නේ හොදම ලමින්ගෙන් ප්‍රතිපල පෙන්නන එක නොවේ. ගමේ පාසල්වල ගුරුවරු අඩු පහසුකම් යටතේ ශිෂ්‍යත්වය සමත් නොවුන සිසුන්ට උගන්වල මීට වැඩ හොද ප්‍රතිපල පෙන්වනවා කියල මම හිතනවා. (දී)
ගම්පහ පාසැල් උසස් ප්‍රතිපල පෙන්නල ජනප්‍රිය වෙන එක හොඳයි. එතකොට කොළඹට තියෙන පොරය ටිකක් හරි අඩුවෙයි. (දී)
අපි ඔබල සියල්ලන්ට සුභපතනවා හොදට ඉගෙන රටට වැඩ දායක පුරවැසියන් වෙන්න (දී)
ගම්පහ දක්ෂ පෞද්ගලික පන්ති ගුරුවරුන්ගේ දක්ෂ කම තමයි මේ (දී)
මේ තමයි අපේ රටේ අනාගතය සුභපතනවා (දී)
5 වසර විභාගයෙන් ඉහළම ළකුණු ගත් ළමයි පමණයි ඔය විදුහල් වලට ගන්නේ.(දී)
අපේ දරුවන්ට වාසනාවන්! අනිවාර්යයෙන් ඔය අතරේදී ඉංග්‍රීසිත් ඉගෙනගන්න. විශ්‍රාමික ගුරු පියෙක්, නවසීලන්තයෙන් (නි)
සුභ පැතුම්. ගම්පහ බණ්ඩාරනායකයට සහ අනෙකුත් පාසල් වලටත්.....! (ස)
ශ්රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට ඇතුළත් වෙන සමස්ත ශිෂ්‍ය ප්‍රමාණයෙන් 2% ක් රත්නාවලි බාලිකාවන්.රත්නාවලියේ උ/පෙ කරන තුන්දෙනෙක්ගෙන් දෙන්නෙක් විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙනවා. ඒකට හේතුව තමා අපේ පාසලේ ගුරුවරුන්ගේ විශිෂ්ට කැපවීම (නි)
ගම්පහ කොහොමත් දක්ෂයෝ තමයි ඉන්නේ.(නදී)
ගම්පහට ජය වේවා! දැනට ලංකාවේ ජිවත් වීමට හොදම නගරය ගම්පහයි. (නි)
ඔබ සියළු දෙනාට උණුසුම් සුභ පැතුම්! (නි)
ලක්ෂ ගණන් පගා දීලා දරුවන් ඇතුළත් කරන 'ජනප්‍රිය' පාසල් කෝ....? (නි)
දැන් ඔය අය උසස් පෙළත් ඔහොමම පාස් වුණා කියමු. ඔක්කොම විශ්ව විද්‍යාලෙට ගනීවිද? දැන් ඔය ඉගෙනගන්න ආකාරයටම විශ්ව විද්‍යාලෙත් ඉගෙනගනීද?එයාලට සරිලන රැකියා අවස්ථා ඇති වෙයිද? පොත පතේ දැනුම වාගේම ගුණ ගරුක බව,හැදියාව මේ අය ළඟ තිබේද? දැයේ දු දරුවන්ට රට දැය වෙනුවෙන් වැඩකර අනාගත ශ්‍රී ලංකාව බබළන්න හැකි වේවා! (නි)
5 වසර විභාගයෙන් ඉහළම ළකුණු ගත් ළමයි පමණයි ඔය විදුහල් වලට ගන්නේ. ඉතින් සා/පෙළ අහන්න දෙයක්ද? (නි)
සුබ පැතුම් බණ්ඩාරනයකේ කොල්ලන්ට.(නදී)
ලොයිඩ් මහතා, ගම්පහ යශෝදරා විද්‍යාලයේ 1 සිට පන්ති තිබෙන බව දැනගන්න. ගම්පහ රත්නාවලී පාසලේ ගුරු මෑනිවරුන්ගේ උපරිම කැප කිරීම නිසා මෙම ප්‍රතිපල දැකිය හැකිය.(නදී)
ජනප්‍රිය පාසැල් වලට යන්නේ දක්ෂ ඝමයි. ඒ අයගෙන් අධ්‍යාපනයේ දියුණුව බලන්න පුලුවන්ද කියන එක ගැන සොයා බැලිය යුතුයි.(නදී)
පලමුව මෙම පාසල්වලට සුබ පතන අතර දේවි බාලිකා විද්‍යාලයේද සමත් ප්‍රතිශතය 100% බව සඳහන් කරමු. රත්නාවලියට හා බණ්ඩාරණායකයට ඇතුලත් කරගන්නේ 5 ශිෂ්‍යත්වෙන් ඉහල ලකුණු ගත් ලමුන් පමණි. එනම් රත්නාවලියේ සිසුන් 307 දෙනාම හා බණ්ඩාරණාඅකයේ 433 දෙනාම ශිෂ්‍යත්වෙන් ගත් ළමුන්ය. එබැවින් මෙවැනි ප්‍රතිපල නොලැබුනොත් එය පාසලේ දුර්වලතාවයකි. එහෙත් ගම්පහ මෙම පාසල්වලින් විශ්ව විද්‍යාලයට පිවිසෙන ප්‍රමාණය තවමත් කොලඹ පාසල්වලට(ඒවායේ සිසුන්ගෙන් බහුතරය 1 වසර සිට පැමිණෙන ශිෂ්‍යත්වය නොසලකා හැරි සිසුන්ය.) සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පවතී.(නදී)
ගම්පහ දිස්ක්‍රික්කය අධ්‍යාපනයෙන් දියුනුයි කියා කියන්න හදනවද මන්දා? (නදී)
ගම්පහ තමයි රටේ තියන දුෂිතම නගරය.(නදී)
කවුරු මොනවා කිව්වත්, රත්නාවලි කියන්නේ එදා ඉඳන්ම උසස් තත්වයේ පාසලක්. 6 පන්තියේ සිට එහි ඉගෙනුම ලබන්නේ දක්ෂ ළමයි. 100% සමත් කියන්නේ ඉතාමත් සතුටුදායක තත්වයක්. සැමට උණුසුම් සුභ පැතුම්. (නදී)
මම නම් හිතුවේ හම්බන්තොට කියලා. (නධී)
අනාගතය ජයගන්න තුනුරුවනේ අශිර්වාදය ලැබේවා..උසස්පෙළ හොදට කරන්න ..................... (දී)
විභාග සමත් වන්නේ කැම්පස් ගොස් ලොකු ලොකු අය වෙන්නටම නොවේ. ගොවිතැන් කරන ගොවියෙක් වුවද අධ්‍යාපනය නිසි ලෙස ලබා තිබීමෙන් එයද නිසි ලෙස හොදින් කල හැකි වනු ඇත . මෙය සියලු දෙනා වටහා ගත යුතුයි (දී)
ඔබසියාලු දෙනාටම තෙරුවන් සරණයි හොදින් අධ්‍යාපනය කරගෙන යන්න වාසනාව ලැබේවා (දී)
මැක්ස්. ඔබගේ අදහස සත්‍යය. (දී)
සුබ අනාගතයක් (ස)