IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ගම්පොළ මත් සාදයේ බාලවයස් කරුවන් 15ක්

(සුජිත් හේවාජුලිගේ, නිමන්ති රණසිංහ සහ සුරංග රාජනායක)
ගම්පොළ නගරයේ සංවිධාන කෙරුණු මහා පරිමාණ ෆේස්බුක්   සාදයක් පෙරේදා(24) සවස වැටලූ මධ්‍යම පළාතේ සුරාබදු නිලධාරීහු  කණ්ඩායමක්   විවිධ මත්ද්‍රව්‍ය ලබාගෙන මත්වී හතර අතේ වැටී  සිටි  තරුණ තරුණයන් 300 කට  ආසන්න  පිරිසක්  සොයා ගත්හ.
මේ පිරිස අතර  වයස 18 ට අඩු පාසල් ළමයින් හතළිස්  දෙනකුද  සිටි  අතර  ඔවුන්ට දැඩි ලෙස අවවාද කිරීමෙන් පසු  මවුපියන්ට බාර දුන් බව  මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස්  උපුල් සෙනෙවිරත්න මහතා ලංකාදීපයට පැවැසීය.
ගංජා මිලි ග්‍රෑම් විසිදාහක් පමණ ළඟ තබාගෙන සිටි තරුණයන් දොළොස් දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගනු ලැබූ අතර එම පිරිස ගම්පොළ  මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙහි සිට ඇති වැඩිම පිරිස තරුණයන් වන  අතර එම සංඛ්‍යාව 250කි. මෙයට අමතරව තරුණියන්  පනහකට ආසන්න පිරිසක්ද එහි සිට ඇතැයි හැටන් සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක එස්.ඩී සේනක  සිල්වා මහතා පැවසීය.
මෙහිදී අත්අඩංගුවට ගනු ලැබුවේ ගංජා සන්තකයේ තිබූ දොළොස් දෙනකු  පමණක් බවද 
හෙතෙම සඳහන් කළේය.
ෆේස්බුක් සාදයේ සිටි තරුණ තරුණියන් ගංජා වලට අමතරව අයිස්, හෙරොයින් යනාදී මත්ද්‍රව්‍යද පාවිච්චි කර තිබූ බවට තොරතුරු අනාවරණයවී ඇතත්  එම මත්ද්‍රව්‍ය ඒ අවස්ථාවේදී සොයා ගැනීමට සුරාබදු නිලධාරීන්ට හැකිවී නැත. ඒවා විශේෂිත වූ ස්ථානවල සඟවා  සූක්ෂම ආකාරයෙන් ඔවුනට ලබා දෙන්නට ඇතැයි සුරාබදු නිලධාරීහු විශ්වාස කරති.
මෙම සාදය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කර තිබූ අතරමෙහි සිටි තරුණ තරුණියන් එම මාධ්‍ය ඔස්සේ මීට සම්බන්ධවී තිබූ බව  තොරතුරු අනාවරණයවී ඇත.
මෙම සාදය සම්බන්ධයෙන් ෆේස්බුක් හරහා තොරතුරු හුවමාරු වනු දැක ඇති සුරාබදු නිලධාරියකුද ඊට සම්බන්ධවී අවශ්‍ය තොරතුරු ලබාගෙන  මෙම සාදයට තවත් නිලධාරි නිලධාරිනියන් පිරිසක්ද සමඟ විනෝද වන්නන් ලෙස  පැමිණ 
ඇති බවත් ඔවුන්  ආහාර ගනිමින් සහ නටමින් විනෝද වෙමින් ව්‍යාජ රංගනයක යෙදී  සංවිධායකයන් නොමඟ යවා ස්ථානය මෙලෙස වැටලීමට කටයුතු කර ඇති බවත් වාර්තා වේ.
සංවිධායකයන් මෙම ෆේස්බුක්  සාදයට පැමිණි සෑම  අයෙකුගෙන්ම රුපියල් 500ක මුදලක් අය කර තිබූ බව පවසන
සේනක සිල්වා මහතා සුරාබදු නිලධාරීන්ද එම මුදල ගෙවා  ඊට ඇතුළුවී තිබූ බව  ප්‍රකාශ කළේය.
මෙම ෆේස්බුක් සාදයට ඇතැම් ධනවත් සහ ප්‍රභූ පුද්ගලයන්ගේ දරුවන්ද සම්බන්ධව සිට ඇතැයි
ආරංචි මාර්ගවලින් පැවසේ.

 



අදහස් (0)

ගම්පොළ මත් සාදයේ බාලවයස් කරුවන් 15ක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 358 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 144 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 457 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 44 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 337 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2019 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site