රතුපස්වල සහ අවට ගම්මාන කිහිපයක ළිං ජලයේ පී.එච් අගය අඩුවීමේ ගැටළුව ගැන සාක්ඡා කිරීමට සඳුදා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ පැවති සාකච්ඡාවේදී ස්ථිර විසඳුමක් නොලැබුණු බව කියමින් ගැමියෝ තුන් දහසක් පමණ ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් වට කළහ.
ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ මෙහෙයවීමෙන් එම ස්ථානයේ ආරක්ෂාව සඳහා අවට පොලිසිවලින් ද බලෑණි ගෙන්වා ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ හා පොලිසියේ 400ක් පමණ මේ වන විට එහි සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කට රිදෙනකම් කිවේ ඕක තමයි සත්‍යපාල මහත්තයෝ.. කල යුතුව තිබුනේ මේ දෙය.. පාරවල් හරස් කරලා අනිත් මිනිස්සු අපහසුතාවයට පත් කරන එක නෙමෙයි.. කම්හල වැරදි ආකාරයකට පරිසරය දුෂණය කරන ආකාරයක් තියෙනවනම් කම්හලෙන්ම එකට විසදුම ගත යුතු වගේම දැනට වෙලා තියෙන විනාසයටත් වන්දි ගත යුතුයි.(ස)
බන්දුල පෙරේරා, ඔන්න ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක පුතාට හොදටම තලළලු. මම කීව නේද පෙරහැර ගැන. ඔන්න දැන් කස කාරයෝ විතරක් නොවෙයි ගිනිබෝල කරකවනවත් පෙනෙනවා නේද? පෙරහැර එනවා කියලා තවම දැනුනේ නැද්ද ? (ස)
මිනිස්සුනේ ඊ ලග දවසේ පර්ලිමෙතුවත් වටලලා තමන්ගේ , අයිතිවාසිකම් දිනාගනිල්ලා, නැතිනම් තවටික කලකින් මහපාරත් අපිට අහිමි තැනක් වනු ඇත,..? නිදහසේ අද ලබන හුස්මටිකටත් , අනාගතේ බදු මුදලක් අයකරයි ...? (දී)
ඉස්සෙල්ලම වටකරන්න තිබුනේ කම්හල නොවේ.(ස)
ලංකාවේ හැමතැනකම කම්හල් වලින් පාරිසරික විනාශ සිදුවෙනවා.නමුත් බලධාරියෝ දේශපාලකයෝ මේවා ගැන සොයන්නේ නැහැ.ගමපහ ප්‍රධාන දේශපාලකයෙක් පසුගියදා රාත්‍රී විද්‍යුත් නාලිකා ප්‍රවෘති විකාශයකින් පැවසුවා,පළාතේ ජනතාවට රැකියාව ලැබෙන්නේ,විදෙස් විනිමය ලැබෙන්නේ කර්මාන්ත ශාලා වලින් නිසා ජනතාව ගැනත්, කර්මාන්ත ශාලා ගැනත් ගැඹුරින් සළකා බැලිය යුතු බව.ලාබය වැඩිකර ගැනීම සඳහා අපවිත්‍ර ද්‍රව්‍ය මුදා නොහැර නියමිත ක්‍රමයට පිරිසිදු කර මුදා හරිනවා නම්, ඉවත් කරනවා නම් ,අදාල බලදාරින් කුමන හෝ බලපෑම් වලට,ත්‍යාග වලට ගැතිනොවී සිටිනවා නම් මෙවැනි දේ සිදු වන්නේ නැහැ. මිනිසාට දෙව්ලොවක් මැවීමට ප්‍රථම සාමාන්‍ය මිනිසා ජීවත් කරවිය යුතුයි.මෙයින් වෙන්නේ ධනපතියාට සුරලොවත්,දුප්පතාට මිනී වලත් ලැබෙන එක පමණි.මගේ එකම පැතුම නම් මෙසේ දුප්පතාට විනකරන අයට ශාප වේවා යන්නයි (නි)
කැළණි ගගට බියර් දමන කම්හලත් ගැමියන් වටලන දවස වැඩි ඈතක නොවෙයි(නි)
මිනිසුන්ගේ ඡන්දෙට වඩා ආයතන ලොක්කගේ ඡන්දෙ වටිනවාද? (නි)
දැන් මොකද මේ ලොක්කෝ කියනේ..ඔය වතුර බීල මැරෙන්න කියලද..(ස)
කවුරු කවුරුත් ලොකු ලොකු ජරා ජාති කාලා ඇති. සමහර දේශපාලකයෝ සහ තවත් අය මේ ගැටලුව විසදන්න මැදිහත් නොවන්නේ ඒකයි. (නි)
බලධාරීන් හට අවශ්‍ය කෝටිපති ව්‍යාපාරිකයින් ආරක්ෂා කරන එකද? මහජනතාව ආරක්ෂා කරන එකද? හැමතැනම මර්දනය... මොකක්ද මේකේ තේරුම? ලක්ෂ සංඛ්‍යාත ජනතාවක්, බිලිදාගේ සිට මහල්ලා දක්වා අද මේ වතුර විසවීම නිසා ඉමහත් කරදරයකට මුහුණ පා සිටිනවා. තව තවත් අහිංසක ජීවිත බිල්ලට නොදී මේ කර්මාන්ත ශාලාවේ ප්‍රශ්නය විසදන්න. නැත්නම් මහත් විනාශයක් වෙනවා. මෙය එක ගමකට නොවේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 1/4 ට බලපානවා. (නි)
තැන ප්‍රසිද්ධ කරන්න අපිටත් දැනගන්න (නි)
හොදයි. කම්හල වහලත් වතුර හොද වුණේ නැත්නම්...? (නි)
අහිංසක ජනතාව නීතිය අතට ගන්නේ රටේ අවාසනාවට.නීතිය පෙන්විය යුතු නීතියට කටයුතු කළ යුතු පුද්ගලයන් හා ආයතන මුදලට, බල පුලුවන්කාරකම්,දූෂිත දේශපාලනයට යටවෙලා තියන කාලයක් මේක.මහජනයා තුත්තිරි ගහෙත් එල්ලෙන්න හදන්නේ ඒකයි. (නි)
මොන දේ වුණත්,කොපමණ ආදායමක් ලැබුනත්, අවට ඉන්න අසරණ මිනිසුන්ට කරදරයක් නම් මොනවටද ඔවැනි කම්හල්? (නි)
යුද්දෙ නැති රටකට මේවා ලොකු ගැටලු නොවෙයි නේද? මිනිසුනේ, ඉවසන්න පුරුදු වෙන්න. අද අපි කොයිතරම් සතුටින්ද ඉන්නේ. (නි)
කරුණාකර රටම එකතුවන්න.සෞක්‍ය පැත්තෙන් වත් තවම කිසිම දැනුවත් කිරෙමක් නැහැ.මෙය පසුපස සිටින බලදරින් සොයාගත යුතුයි (අ)
කම්හලක් පිහිටුවීමේදී පාරිසරික වාර්ථා සකස්කර ඒ අනුව කටයුතු කිරීමට කම්හල බැදෙනවා .විශේෂයෙන් රසායනික අපද්‍රව්‍ය පොදු පරිසරයට මුදා හරින්න බැහැදේශපාලකයින් සහ නිළධාරීන් කම්හෙල් ඔඩොක්කු කුක්කන් වුනහම ඔහොම දේ වෙනවා.මාධ්‍ය විතරයි ජනතාවට තවම තොරතුරක් වත්දෙන්නේ.නිවැරදිව ජනතාව දැනුවත් කරන්න.ජනතාව සටනින් ජය ගනීවි.(අ)
බැසිල් මහත්තයටත් බැරි වුණා නම් වැඩේ බරපතල ඇති. මොකද එතුමා යුක්තිසහගත තීන්දු ගන්න වැදගත් දේශපාලකයෙක්. (නි)
කිසියම් ආයතනයක් හෝ ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් මේකට වගකිව යුතු නම් ,හරි ක්‍රියාමාර්ගයක් ගන්න. පොලිසිය මුරකාවල් යොදා මේවා නවත්වා මොනවද කරන්න හදන්නේ ? (නි)
මම ඒත් මේ බැලුවේ සමහර වෙලාවට ටෙලිෆෝන් කෝල් එකෙන් ප්‍රශ්න විසඳන්න පුළුවන් ලොක්කන් ඉන්දැද්දී මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැති හැටි. (නි)
බැසිල් ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් නේද සාකච්ඡාව තිබුනේ? ඒත් වැඩක් වුණේ නැත්නම් ප්‍රශ්නය බරපතල ඇති. නමුත් විසදුමක් නැති ප්‍රශ්නයක් මේ ලෝකේ නැහැ කියනවනේ. හැබැයි ඔතනින්ම තමයි විසඳුම එන්න ඕනෑ. (නි)
ජලයේ ආම්ලිකතාවය වැඩිවෙලා ,බරපතල ප්‍රශ්නයක්.පාරිසරික,සෞඛ්‍ය අමාත්‍යංශ මැදිහත්විය යුතුයි (නි)
කට්ටිය කම්හල වටකරගෙන හිටියට කමක් නැහැ. ඔය ප්‍රදේශයට ලකුණු දාගන්න එන ඇමතිවරුන්ට වතුර ගැසීම , ගල් ගැසීම සහ ප්‍රාණ ඇපයට ගැනීම සම්පුර්ණයෙන් තහනම් (නි)
ජාතියක් රැකගන්නවා වෙනුවට කර්මාන්ත ශාලාවක් රැකගැනීමට වීම තරම් තවත් නිවටකමක් ඇත්ද? අහිංසක ගැමියන්ට සාධාරණයක් කිරීම එම ගැමියන්ගෙන්ම මනාප ගත් ආණ්ඩුවේ ප්‍රභල තනතුරක් දරන අමාත්‍යතුමාටවත් බැරිද? මොනතරම් පොඩි මිනිහව පාගනවද? ලංකාවේ මනුස්සකම, දේශපාලනයටයි අමනුස්සකමටයි දැනටමත් විනාශවෙලා කියලා හිතෙනවා. ලංකාදීපෙට හුගාක් පින්! අහිංසක මිනිහගේ පැත්ත ගත්තට. (නි)
පරිසරය විනාශ කරන අය රැකීමට පොලිසියේ 400 දාන්නේ, කර්මාන්ත ශාලාව ලොකු ලොක්කෙකුගේ හින්දනේ. මහජනයා තාම දන්නේ නැහැනේ මේවා (නි)
අපගේ අයිතීන් වෙනුවෙන් නැගී සිටීමට කාලය එළඹ ඇත (නි)