කොටදෙණියාව, බඩල්ගම, අකරන්ගහ දී මරා දැමුණු සඳෙව්මි බක්මීවැව දැරියගේ ඝාතකයා කවුදැයි හෙළි කරන ලෙස පොලිසියට බල කරමින් ගම්වාසීහු 500ක් පමණ දැරියගේ නිවස වටකරගෙන සිටිති.
ආරක්ෂාවට අවට පොලිසිවලින් පිරිස් කැඳැවූ බව පොලිසිය කියයි.
කොටදෙණියාව, බඩල්ගම, අකරන්ගහ දී මරා දැමුණු සඳෙව්මි බක්මීවැව දැරියගේ ඝාතකයා කවුදැයි හෙළි කරන ලෙස පොලිසියට බල කරමින් ගම්වාසීහු 500ක් පමණ දැරියගේ නිවස වටකරගෙන සිටිති.
ආරක්ෂාවට අවට පොලිසිවලින් පිරිස් කැඳැවූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවස වටකිරීමේ තේරුම කුමක්ද? (නි)
මගේ නමින් තවත් කෙනෙක් අහලා තියෙන ප්‍රශ්නයත්, මම අහන්ඩ හිටපු එකම තමයි.කමක් නැහැ.වරද කාරයා හැකි ඉක්මනින් හෙළිකර ගැනීමට හැකිවේවා...! (බ)
මෙවැනි වැරදි කරන අයව එල්ලා මරන්න ඕනෑ (ම)
මේක බුදුන් තුන්වරක් වැඩි රටක් කියලා මිනිසුන්ට අමතක වෙලා. අනේ! ඇයි මේතරම් පහත් සමාජය? (නි)
වරදකාරයා ඉන්නේ කොහේද කියලා ගමේ මිනිස්සු දන්න නිසාද මේ ගේ වටකළේ? (නි)
කොහොමහරි කමක් නැහැ, වරදකාරයා ඉක්මණින් අපිට හෙළිකරන්න (නි)
වඩා වැදගත් වෙන්නේ තමන්ගේ දරුවාගේ ආරක්ෂාව පිළිබඳ සැළකිළිමත්වීමයි (නි)
මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු. (ම)
මේ මහා පොළොව භාගයක් පෙඟිලා තියෙන්නේ අහිංසක ගැහැණු ළමයින්ගේ ගැහැණුන්ගේ කඳුලු වලින්.දුවේ, ඔයා පළමුවැන්නා හෝ අවසන් ගැහැණු දරුවා නොවුණත් මේ නරුමයින් එල්ලා මැරිය යුතුමය. (නි)
ඉක්මනට මේකට විසඳුම් හොයන්න. නැත්තම් ලොකු කලබගෑනියක් වෙන්න ඉඩ තියෙනවා ඉස්සරහට. (නි)
නිවස වටකරනවා කියන එකේ අරුත මොකක්ද? ඒ කියන්නේ අපරාධකාරයා ඉන්නේ නිවස ඇතුළෙද? (නි)
රත්තරන් දුවේ, නුඹ අපට අකාලයේ නැතිවුණේ මේ සමාජයේ හිත්පිත් නැති නරුම,තිරිසන්,හැඟීම් පාලනයක් නැති අධම මිනිසකු නිසා බව මුලු ලොවම දන්නවා. ඒ වගේම මේ රටේ ඉන්න බුද්ධියක් නැති, ළමුන්ගේ ආරක්ෂාව ගැන අල්පමාත්‍රයක්වත් නොහිතන, හිතන්න බුද්ධියක් නැති දෙමව්පියො ,වැඩිහිටියො නිසා අකාලයේ මිලිනවුයේ පුතේ නුඹ පමනක් නොවේ. තවත් මල් කැකුලු සිය ගණනක් මේ වනවිට අපට අහිමිවී තිබෙනවා.මම දකින්නේ මේවට එල්ලුම් ගහ ගෙනෙන එක හොඳයි.හැබැයි අපේ මිනිසුන්ට වැඩපිළිවෙලක් හදන්න ඕනෑ ළමුන් ආරක්ෂා කරගන්නා ක්‍රම උගන්වන. (නි)
අද අපේ රටේ විතරක් නොවේ, ලෝකයේ කොයි රටක බැලුවත් අහන්න ලැබෙන්නේ ඔය වාගේ පුවත්. අද අප ජීවත්වන්නේ ආගමක්,දහමක්,පිළිපදින්නේ නැති හිතක් පපුවක් නැති කුහක,කුරිරු,පාපතර මිනිසුන් කොටසක් සිටින සමාජයකය. (නි)
අනේ මන්දා! අපි ඉවසීමෙන් බලාගෙන සිටිමු වෙන්නේ මොකක්ද කියලා. දැන්ම මොකුත් කියන්න අමාරුයි (නි)
ඇයට සාධාරණය ඉටුවේවා! (නි)
මට අපේ රටේ නීතිය ක්‍රියාත්මකවීම ගැන තිබෙන්නේ දැඩි කළකිරීමක්. මට සාධාරණය ඉටුකරගන්න මෑතකදී උසාවි යන්න වුණා. හැබැයි නීතිඥයින්ගේ අසාධාරණ අයකිරීම්, නඩු කිසිම හේතුවක් නැතුව කල්මැරීම් නිසා මම සල්ලි ගොඩක් වියදම් කරගෙන අන්තිමට නඩුව ඉවත් කරගත්තා. (නි)
ඒ දරුවගේ ඝාතකයා කවුද එතකොට..? මම පය තියන්නේ මේ මහා පොළවෙද කියලා මට විශ්වාස නැති තරමට මොකක්දෝ වුණා (නි)
අර දමිළ යුවතියට කළ දේ... සමුහයක් දුෂණය කරලා මරාදාපු එක.තව කීයක් වුණාද? සියල්ලටම මරණ දඬුවම දෙන්න ඕනෑ.ලිංගික හිංසා කරන අයට විඳින්න දෙන්න ඕනෑ අපායේ දඬුවම්, රජ කාලේ දඬුවම් (නි)
ඔබට නිවන් සුව ලැබේවා චූටි දුවේ! (නි)
රෑ ගෙදර ආවහම ඕනෑම කෙනෙක් ළමයි ගැන හොයලා බලනවා. හරි පුදුමයි එයාගේ කතාව. (නි)
දරුවාට නිවන් සුව! (නි)
ඉතින් ඇයි නිවස වටකළේ? මට තේරෙන්නෙ නැහැ (නි)
පරීක්ෂණ අවසන් වනතෙක් කිසිවක් කියන්න අමාරුයි (නි)
අපේ පොලිසිය දක්ෂයි. එයාලගේ වැඩේ හරියටම කරයි. එතනින් එහාට ගියාම ඉතින් මොනවා වෙයිද දන්නේ නැහැ.සමහරවිට නඩුව ඉස්සරහට ගෙනයන්න තරම් කරුණු ප්‍රමාණවත් නැතිවෙයිද කවුද දන්නේ? (නි)
ඒ කියන්නේ පොලිසිය දන්නවද ඝාතකයා කවුද කියලා? (නි)