IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ගැමියෝ පිරිසක් තරුණියන් සිව් දෙනකු බේරති

බණ්ඩාරගම අටලුගම මිදෙල්ලමුලහේනේ පරණ යකඩ බඩු එකතු කරන කඩ හිමියෙක් හා තැරව්කරුවකු පොලිසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබූහ.

තැරව්කරු වෑන්රියකින් ගෙන එන ලදැයි කියන තරුණියන් සිවු දෙනකුගෙන් එක් අයකු එහිදී කෙළෙසා ඇතැයි ද එක් තැරුණියක කැලයට පැන ඇතැයි ද අනෙක් තරුණියන් දෙදෙනා වෑන් එකේ සිරකරගෙන ඇතැයි ද ඔවුන් පොලිසිය කියා ඇත. ගැමියන් පිරිසක් එහි පැමිණ තරුණියන්  බේරාගෙන සැකකරුවන් දෙදෙනා පොලිසියට බාර දී ඇතැයි ද දැන ගන්නට ඇත.



අදහස් (0)

ගැමියෝ පිරිසක් තරුණියන් සිව් දෙනකු බේරති

නදී Sunday, 15 September 2013 01:18 PM

අටලුගම ඉන්නේ කවුද කියල දන්නේ නැ වගේ.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 16 September 2013 09:40 AM

ජාතික සමගිය විදහා දැක්වෙන තවත් අවස්ථාවක්. තැරව්කාරයා සිංහල, මුදලාලි මුස්ලිම්. මේ කෙල්ලොත් රටේ තොටේ දැනුමක් නැති එල දෙන්නු ටිකක්. මේ විදියට අන්දන්න පුළුවන් වෙන්නේ නැහැ නැත්නම්.(නදී)

:       0       0

මේනකා ඉතාලිය Sunday, 15 September 2013 02:00 PM

ගවයකුට හිර හැරයක් සිදු වුනොත් මොරදෙන කඩා පනින සේනාවන් උරුමයන් බොහෝ දෙනෙක් ස්ත්‍රී අපාචරයන් ගැන හෝ ළමා අපාචර ගැන නිහඩ වන්නේ ඔවුන්ට මේවා සුළු දෙයක් වන්නට පුළුවන් නිසා විය හැක . නැතිනම් ඔවුන් මේවා අනුමත කරනවා විය හැක.(නදී)

:       0       0

පද්මසිරි Saturday, 14 September 2013 08:51 PM

එල්ලුම් ගහේ මකුළු දැල් බදිනවා නේද?(නදී)

:       0       0

චාන් Saturday, 14 September 2013 08:58 PM

4දෙනෙක් ?.....එහෙනම් සිල්ලරට නෙමෙයි , තොග ක්‍රමයටම වැඩ වගේ, මොනවා දියුනු උනත් මොකටද? නිතිය තවත් වල් වදිනවා නම්.(නදී)

:       0       0

නිමල් Saturday, 14 September 2013 08:59 PM

ස්ත්‍රී දුෂන ළමා අපචාර පුදුම විදියට වැඩි වෙන්නේ. ඔය මාධ්‍ය දකින්නේ බොහොම පොඩ් දෙයයි. අපේ ජිවන රටාවට අනුව ලැජ්ජාව නිසා කියන් නැති ඒවා, සල්ලි දීල යට ගහන ඒවා චන්ඩි කමින් යට ගහන ඒවා ඉතින් මේ වගේ නරුමයන්ට් බන කියලා නවත්වන්න බැහැ. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නම් වෙනවා. අනික අපේ රටේ ගැනු අය නිදි සමහර නෝන මහත්මීන් දේසපාලනය නියෝජනය කරනවා. එයාලත් නිදි .කිසි කෙනෙක් මේ වෙනුවෙන් කතා කරන් නැහැ. ඒකට හේතුව තමා වැඩි හරියක් රුපියලක වාසියක් නැතිව ඒක අඩියක් තියන්න කැමති නැති කම.(නදී)

:       0       0

පිටිගල Saturday, 14 September 2013 09:13 PM

ලලිත් මහතා, මම හිතන්නේ දැනටමත් ලංකාව පලවෙනි තැන.(නදී)

:       0       0

රූපවතී Saturday, 14 September 2013 09:34 PM

අපේ රට රැකගන්න නම්, දරුවෙක් හදාගන්න නම් කරන්න ඕනෑ ඔයවගේ නරුමයන් දුටුතැන තුන්මුල්ල හන්දියෙන්ම කපල විසිකරන එකයි. එවිට නැවත ජීවිතේ කවදාවත් ගැණු පරානයකට අත තියන්නේ නැහැ.(නදී)

:       0       0

කුමාර් Saturday, 14 September 2013 02:19 PM

ධර්මද්වීපය, අධ්‍යාත්මක ගුණයක් නැති මිනිස් ජාතියක් වෙසෙන රටක්.(නදී)

:       0       0

උත්තරා බණ්ඩාර Saturday, 14 September 2013 10:48 PM

හරකුන් සහ උරන් පටවා යන්නා මෙන් අහිංසක ගැහැණු දරුවන් හටද මෙසේ කරන තිරිසනුන්ට මොන වාගේ දඬුවම් දිය යුතුද සිත ගත නොහැකිය. අපරාද අපාචර මිනීමැරුම් දිනෙන් දින වැඩිවන අතර ඔවුන් නිදහසේ රට තුල සැරිසරති. . බලධාරීන් මේවා නොදුටුසේ සිටිති. එය එසේ වන්නේ ඔවුනුත් මේවට සම්බන්ධ නිසා කියා හැගේ.(නදී)

:       0       0

රාමා Saturday, 14 September 2013 02:21 PM

මෙයාලට නම් හොඳ දඬුවමක් දෙන්න ඕන මතක හිටින්න. ආයේ ඔය වගේ වැඩ නොකරන්න.(නදී)

:       0       0

නිහාල් Saturday, 14 September 2013 02:29 PM

මනුස්සකම පිරිමිකම හදුනන ඒ වීර ගැමියන්ට ජාතියේ උපහාරය පිදියයුතුයි. (නි)

:       0       0

චන්චි වික් Saturday, 14 September 2013 02:50 PM

මේ වගේ කැත වැඩ කරන අයව අමුවෙන්ම මරන්න ඕනේ.(නදී)

:       0       0

අර්ෂා Saturday, 14 September 2013 03:01 PM

අනේ පව් මේ තරුණියන්, මේ කාල කන්නින්ව උල තියලත් මදි.(නදී)

:       0       0

ධම්ම Saturday, 14 September 2013 03:14 PM

මිනිස් ජීවිතත් පරණ යකඩ ගානට වැටිලා? (නදී)

:       0       0

චන්දි Friday, 20 September 2013 11:43 PM

ඈ..සදමිණි !!!!!!එහෙනම් ඔයා මගෙන් ඇහුවේ බස් එකේදී පැටලෙන්නේ මොනවද කියල ...? දැන් මන් අහනවා ඔයාගෙන් කාටද අල්පෙනෙත්තෙන් ඇන්නේ මොකක් නිසාද ඇන්නේ (දෙන්නකෝ පුලුවන්නම් උත්තර) එහෙනම් මගේ ඇගේත් පැටලිලා තියෙනවා විතරක් නෙවි .., ඔයාගෙත් පැටලිලා තියෙනවා නේද ටිකිරි මැණිකේ ...? (අ)

:       0       0

ලලිත්-එස්.එල් Saturday, 14 September 2013 03:44 PM

මේ වගේ වැරදි වලට එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකලොත් ලබන වසරේ ලංකාව පළමු තැන ඉන්දියාවට දෙවැනි තැන.(නදී)

:       0       0

පුලස්ති තෙන්නකෝන් Sunday, 15 September 2013 01:45 AM

කෝ අර සේනාව. එයාලා කැ ගහන්නේ නැද්ද? (නදී)

:       0       0

කුමාරසිරි Saturday, 14 September 2013 03:46 PM

බුදු අම්මෝ, වනචාරී යුගේවත් මෙහෙම දේවල් අහලා නැතිව ඇති.(නදී)

:       0       0

ජයසූරිය Saturday, 14 September 2013 03:56 PM

අම්මපල්ල මේ වගේ නොසන්ඩාල වැඩ කරන එව්වෝ යකඩ තලනවා වගේ රත් කර කර තලන්ද ඕන ආයුබෝවන්.(නදී)

:       0       0

සසු Sunday, 15 September 2013 05:58 PM

මේවට රූප වාහිනියත් වග කියන්න ඕනේ. මිනිස්සුන්ට හිරිකිතක් නැතිව රාගය ඉස්මතු කරන ඒවා ගෙදර සාලයටම ගෙනත් දෙන නිසා මිනිසුන්ගේ හිත පිරිහිලා තියෙන්නේ. (නදී)

:       0       0

තරිදු Saturday, 14 September 2013 04:20 PM

අපේ ගමේ කොල්ලන්ගේ හොද වෙඩක් මේක..(අ)

:       0       0

මේනක Saturday, 14 September 2013 04:29 PM

අගය කරන්න ඕනි මිනිසුන්. (අ)

:       0       0

දුමන්ද Saturday, 14 September 2013 04:42 PM

දැඩි දුවම් නොමැතිකමි නිසි මෙහෙමවන්නේ ,මේ අයගේ නම් ගම හෙළිකරන්න,හැකිනම් අර විදුහල්පතිතුමව දාපු හිරෙටම යවන්න. (අ)

:       0       0

අජිත් Sunday, 15 September 2013 08:09 AM

අපේ ගම් පළාතේ හරකෙක් හොරකම් කරගෙන ගියොත් ඒකව හොයන්න කෙලින්ම යන්නේ අටුලුගමට. දැන් බලනකොට තරුණියක් නැති වුණහමත් එහෙට යන්න වෙයි වගේ. මොවුන්ට රජකාලේ දඬුවම් දෙන්න ඕනෑ. (නි)

:       0       0

රමිත Saturday, 14 September 2013 05:09 PM

කෑලි ගලවලා පොලීසියට බාර දෙන තිබුනේ.(අ)

:       0       0

රෝහිත Saturday, 14 September 2013 05:29 PM

ඔය එල්ලුන් ගහ දැන් ඉක්මනට ලෑස්ති කරලා ගන්න.(නදී)

:       0       0

මනෝජ් Saturday, 14 September 2013 06:02 PM

මේවා පිටරටවල කුමන්ත්‍රණ කියන අපේ අයියල ඉන්නවද බලමු.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 14 September 2013 06:16 PM

පොලිසියට නිකම්ම බාර දුන්නද අත පය කඩන්නේ නැතුව. ඔහොම වැඩ ආයේ නොකරන්න. මුන් රජ බඩුනේ ..එක පාර හතර හතර ...(නදී)

:       0       0

හේරත් Saturday, 14 September 2013 06:17 PM

ඉන්දියාවට පුලුවන්නම් වරදට දඬුවම් දෙන්න මොකද ලංකාවේ බැරි. කොන්ද නැති නීති නිසාද?..ලැජ්ජයි ....ලැජ්ජයි ....(නදී)

:       0       0

සඳමිණි Sunday, 15 September 2013 10:22 AM

රූපවතී අක්කෙ ඔයා හරියට හරි. මමත් දවසක් බස් එකේ ජැක්සන් කෙනෙකුට අල්පෙනෙත්තකින් ඇන්නා.(නදී)

:       0       0

රාජේශ් Saturday, 14 September 2013 06:19 PM

මොන ජාතියේ අයද මේ?(නදී)

:       0       0

ඔසාමා Sunday, 15 September 2013 10:41 AM

මෙවන් දේවල් රටෙන් තුරන් කලේ නැතිනම් ඉන්දියාව තත්වයට අපිවත් වැටෙනවා

:       0       0

සිංහ Wednesday, 18 September 2013 02:33 PM

අටුලුගම බහුතරය මුස්ලිම්. ඒත් මීට වසර 50 කට කලින් බහුතරය සිංහල. මේ ඓතිහාසිකව වැදගත් ගමක්. මෙම පාපතර සිද්දිය මුල්කරගෙන සමස්ත ගම හා ගම්වාසීන් අපහසුතාවයට හෝ සිත් රිදීමකට පත්වන සේ කරුණු ඉදිරිපත් නොකරන ලෙස මුස්ලිම් බහුතරය තුල සිංහලත්වය රැකගත් පුද්ගලයෙක් ලෙස පාඨකයින්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.(නදී)

:       0       0

ලක්මාල් Sunday, 15 September 2013 11:37 AM

ලංකාවේ තරම තමයි ඔය (දී)

:       0       0

කමල් Saturday, 14 September 2013 07:10 PM

ලොකු අය මේවට කැමැති ඇති ඒකයි දැඩි දඩුවම් නැත්තේ (අ)

:       0       0

රොෂාන් Sunday, 15 September 2013 12:02 PM

මම දන්නා විදියට අටුලුගම ඉන්නේ අර ගොල්ලෝ නේද. අර ලංකාවට බරටම කුඩු ගේන අය.(නදී)

:       0       0

මානගේ Saturday, 14 September 2013 07:33 PM

අටුලුගම ඉන්නේ වැඩිපුර අග හිඟ කට්ටිය තමයි. එහෙම දෙන්නෙක්ද දන්නේ නැහැ නේද? (නදී)

:       0       0

පිටිගල Saturday, 14 September 2013 07:40 PM

අනේ හැබෑටම මේ එල්ලුම් ගහ ගේන්න මේ රටේ පාලකයෝ උනන්දු නොවෙන්නේ ඇයි? හිටපු ජනපති තුමියගේ කාලයේ එල්ලුම් ගහ ඔන්න ගේනවා, මෙන්න ගේනවා කියලා දැන් ඔය ඉන්නා විදේශ ඇමති තුමා බෙල්ජියමෙන් කබායකුත් ගෙනත් පත්තර වල හිටන් පෙන්නුවා. මට මතකයි. එතුමාටත් මතක ඇති මගේ හිතේ . ඉතින් ඔය මහ කාරනා අපට නො තේරුනාට මොකක් හරි බැරිකමක් ඇති නොව ආයිබෝවන්. හැබැයි දැන් ඒ කබේ දිරච්ච ලනුවක් වෙලා ඇති.(නදී)

:       0       0

රන්ජනී Sunday, 15 September 2013 12:22 PM

කෝ අර කට්ටිය. මෙහෙම ගියොත් ඕක නීත්‍යනුකුල දෙයක් වගේ කරගෙන යනවා කෝ නීතිය.(නදී)

:       0       0

ඩිසී Saturday, 14 September 2013 08:05 PM

ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් සම්බන්ද ඇති.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 998 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6152 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3435 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 292 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1486 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1599 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28516 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23598 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site