නෙළුවේ කඩිහිංගල කැරංකැටියේ නිවසකට පැමිණ ගෙහිමියාට වෙඩි තබා ඝාතනය කැර පලා යමින් සිටි දෙදෙනකු පසු පස හඹා ගිය ගැමියන් එක් ඝාතකයකුට පහරදී නෙළුව රෝහලට ඇතුල්කැර ඇතැයි පොලීසිය කියයි. ඝාතනයට ලක්ව ඇත්තේ 55 හැවිරිදි තිදරු පියෙකි. ඔහු තේ ඉඩම් හිමි වැවිළිකරුවකු බව ද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් ඉස්සරහට අපිට තමයි අපරාධකාරයෝ අල්ලන් ගිහිල්ලා පොලිසියට භාර දෙන්න වෙන්නෙ.පොලිසිය දැන් හරියමට කරන රාජකාරිය ඩබල් ලයින් කපන පාරේ ඉරි කපන අහිංසක යතුරුපැදි කාරයො අල්ලන එක විතරයි.තංගල්ලෙ එකම පවුලෙ 4 ක් කපලා දාමු කජුකිරි කොල්ලො ටික තාම අල්ලගන්න තංගල්ලෙ පොලිසියට බැරි වෙලා.ජනපතිගේ ගෙදර ඉදලා හැතැක්මක්වත් මේ අපරාධය වෙච්ච ගෙදරට දුර නැහැ.මේ කොල්ලෝ අපරාධකාරයො උනේ තංගල්ල පොලිසියේ වරදින්.ගමේ මිනිස්සු මුලදිම මොවුන්ගෙ අපරාධ ගැන පොලිසියට කිව්වම පොලිසිය කරේ ඒ විස්තර මේ කොල්ලන්ට හොරාට කියනවා.ජනපතිතුමනි තංගල්ලට හොද පොලිසියක් දෙන්න. (අ)
රටක නීතියේ ආධිපත්‍යය බිද වැටෙනවා කියන්නේ අනෙකුත් සියල්ලම බිද වැටෙනවා කියන එකයි.අපි දකිනවා ලංකාවේ සහ ඩුබායි වල නීතියේ තියෙන වෙනස.අපිටත් දරුවන් සිටින නිසා සහ රටක් ඔවුන්ට ඉතිරි කර දෙන්න ඕනෑ නිසා මේවා අපේ හිතේ අමාරුවට දාන අදහස් මිසක් සතුටක් ලබාගන්න දාන අදහස් නම් නෙමෙයි (නි)
හොදට බලාගෙන ඉන්නකෝ මල්ලියේ. (නි)
දැන් කොහොමත් හොරු කල්පනා කරන්නේ සමහර ආරක්ෂක අංශ වෙඩි තියනවා නම් අපිත් කළහම මොකද වෙන්නේ කියලා වෙන්න ඇති. අයියෝ අපට වෙච්ච දෙයක්. (නි)
නෙළුව රෝහලට ඇතුළත් කරන්නම නෙළලා වගෙයි (නි)
අර කිව්වා වගේ තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයාගන්න වෙයි වගේ, කොහොමත් ඉස්සරහට (නි)
දැනටමත් මිනී මරුවා පැනලා ගිහින්ද දන්නෙ නැහැ (නි)
පොලිසිය සම්බන්ද කොතනද එතන ඉවරයි (නි)
නෙළුවේ ඉන්නේ හොඳ වැඩකාරයෝ. අපි නොදන්නා නෙළුවේ ගැමියෝ (නි)
සමගියේ,එකමුතුකමේ බලය පෙන්නු නිර්භීත මිනිසුන් අප අතර තවමත් ඉන්නවා. මේ කතාව බලද්දී වටු කුරුළු රෑනේ කතාව මතක් වුණා. (නි)
සයිමා, ඉතින් අපි මෙහෙම කරමු. ඔය පාරේ ඉරි කපාගෙන යන අහිංසක මිනිස්සුන්ට කියමු පාරේ ඉරි කපන්නේ නැතුව හරි විදියට පදින්න කියලා. එතකොට පොලිසියට කරන්න රාජකාරියක් නැත්තටම නැතිවෙනවා නේ (නි)
නීතිය බිඳවැටෙන විට, පොලීසිය දුර්වලවෙනවිට සිවිල් ජනතාව මෙවැනි දේ කිරීම අරුමයක් නොවේ.(අ)
හොද ආදර්ශයක් , ඒ වගේම නිර්බීත ගම්මුන් පිරිසක් . ආයුද තිබුනත් එකමුතුනම් කාටවත් බය වෙන්න ඕනේ නැහැ. (අ)
හොද වැඩක් (නි)
ඝාතකයට තුවාල වෙලා එහෙම තිබුනොත් ගැමියෝ ටික අමාරුවේ වැටෙයි වත්ද? (නදී)
මෙන්න නියම පොලිස්.(නදී)
ප්‍රදේශවාසීන්ට මගේ ප්‍රණාමය ! (නි)
නෙළුවේ අය හොදට නෙළන්න ඇති (නි)
ජය වේවා ගැමියනි, පොලිස් බලතල වැඩක් නැහැ තමා. හමුදාවෙන් අවොත් තමා වැඩේ ගොඩ දාන්නේ. එතකල් නො ඉද කල වැඩේ පංකාදුයි.(නදී)
නෙළුව හැටි නියමයි.(නදී)
මේ දෙගොල්‍ලෝ අතරේ මොන ප්‍රශ්ණ තිබුනද අපි නොදනිමු ..! ඔය සේරම දේශපාලකයින්ගේ ගෝලයෝ.එයාලා අපේ රටේ ඕනෑම ජඩ වැඩක් කරලා සතියෙන් දෙකෙන් නිදහස් වෙලා ඇවිත් තවත් කීප දෙනෙක් මරනවා.ඊට වඩා හොදයි ජීවිත කාලෙම, පස්ස පැත්තෙන් රුට රූටා ඉන්න හොද වැඩක් කලාම. (නි)
නියමයි!!!එහෙම තමයි කරන්න ඕනේ!!! නෙළුවේ ..,(දකුණේ) වීරයන්ට මගේ ප්‍රණාමය!!!!!! (ස)
හොද වැඩක්. හැබැයි කල්පනාවෙන් (නි)
පොලිසියට කරන්න බැරි දේ අපේ අයගෙන් හරි වෙන එක ගැන සතුටුයි (නි)
නෙළුව පැත්තේ කට්ටිය මිනිමරුවට හොදට නෙලන්න ඇති. (නි)
ගැමියන්හට උත්තමාචාරය .... (ස)