හම්බන්තොට මාගම්පුර වරායේ පසුගිය දෙමාසයේ වාහන ගෙන්වීම සහ ප්‍රති අපනයනය ඉහළ ගොස් ඇති බව අද (19) එහි නිරික්ෂණ චාරිකාවකට එක් වෙමින් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කීය.
මාගම්පුර වරාය පාඩු ලබන බවද ඉදිරියේ දී නැව් තටාකාංගණයක් ඉදිකිරීමට ද සැලසුම් කර ඇති බව ද රණතුංග මහතා කීය.

![2016-_01-_19__magampura_waraya_arjuna_visit_0001[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/2016-_01-_19__magampura_waraya_arjuna_visit_00011.jpg)
![2016-_01-_19__magampura_waraya_arjuna_visit_0003[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/2016-_01-_19__magampura_waraya_arjuna_visit_00031.jpg)
![DSC02570[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/DSC025701.jpg)
![DSC02574[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/DSC025741.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමුක්ති තවමත් ළිඳ තුළට මැදිවුණ මැඬියා වගේ (නි)
මේ වරායේ වැදගත් කම තව අවුරුදු 20කින් විතර ගියාම තමයි.(හේ)
පාඩු පාඩු කිය කියා බොරු වියදම්. වරාය ඉතිහාසයේ පළවෙනි වතාවට දින දර්ශනයක්වත් නැහැ. සේවකයන්ට ප්‍රමෝෂන් නැහැ. අතිකාල කප්පාදුව,සේවක මර්දනය තමයි තියෙන්නේ. (නි)
දැන්වත් දැනෙනවද දන්නෑ රටට කළ දෙයක් කළේ කවුද කියල. (බ)
මේ වගේ රටට වැඩකරන්න කොන්දක් තිබ්බ එකම නායකයා මහින්ද රාජපක්ෂ (ම)
අර්ජුනට පුළුවන්. අර්ජුන ලෝකයක් දිනපු ලෝක ශූරයෙක්. (නි)
මේ වරාය තවත් දියුණුවේවා! (නි)
නිහාල් බයිලා කියවනවා. ඔලුව කොහේහරි හප්පා ගත්තද? (නි)
මහින්ද වීරවරයාණෙනි, ඔබට නමස්කාර කරමි (නි)
ලංකාවෙන් පිට ලංකාවට තරඟ දිනන්නට බැහැ යැයි වහසි බස් දෙඩු අය ඔවුන්ගේම රටේදී පරාජය කරමින් ශ්‍රී ලංකාවට ලෝක ශුරතාව ගෙනාවේ මේ යුග පුරුෂයා ලකුණු 120 ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. අද මේ යුග පුරුෂයාට භාර දී ඇත්තේ ලංකාවේ දැවැන්තම මුදල් නාස්තිය වන හම්බන්තොට වරාය දියුණු කිරීමටය. ගලෙන් වතුර මිරිකීමට තරම් හැකියාව ඇති මේ යුග පුරුෂයාට කාන්තාරයේ මල් වත්තක් වුවද ගොඩනැඟිය හැකිය. ඔහු අනිවාර්යයෙන්ම හම්බන්තොට වරායෙන්ද ලාබ ගෙනදෙන බවට සැකයක් නැත. අර්ජුන මැතිදුනි, යම් දිනයක ඔබ මේ වරාය දියුණු කර දුන්විට මේ මුදල් නාස්තියට වගකිවයුතු අය එයින් ලකුණු දා ගැනීමට ඉදිරිපත් වුවහොත් එය අරුමයක් නොවේ. නමුත් ඔබේ දක්ෂතා හඳුනන ලක්වැසියන් එහි කීර්තිය, ගෞරවය ඔබට මිස වෙන කිසිවෙකුටත් පිරිනොනමනු ඇත. (නි)
අපේ රටට තවදුරටත් මහින්දගේ නායකත්වය ඕනෑ. සමහර දුර්ජන ඇමතිවරුන්ට රැවටිලා තමන්ගේ කීර්තියට වූ හානිය අවබෝධ වෙන්නත් එක්ක ජනවාරි වල පැරදුන එකත් නරකම නැහැ. ඒත් අගෝස්තු 17 දිනිය යුතුවුණා (නි)
කොහොමත් මාගම කියන්නේ හොඳ වරායක් (නි)
දිනෙන් දින තව තවත් දියුණු වේවා! (නි)
ඔහොම යමුකෝ! (නි)
හිමාල් වැනි කුහක අය ඉන්නතුරා මේ රට ගොඩඑනවා බොරු. (නි)
ලියන්න දෙයක් නැහැ. පින්තුර වලින් පේනවනේ කවුද රටේ අනාගතය ගෙන හිතලා තියෙන්නේ කියලා. (ර)
විමුක්තිට බඩ පුරවාගන්න තවම අවස්ථාවක් ලැබුනේ නැද්ද? (නි)
වරායවල්, ගුවන් තොටුපළවල් දිගුකාලින ව්‍යාපෘති. බස් නැවතුමකට බස් එනවා වගේ වරායකට නැවු, ගුවන්තොටකට ගුවන් යානා එන්නේ නැහැ. මොකද ඒවා සැළසුම් කරන්නේ අවුරුදු ගානක් ඉදිරියට නිසා ඒවා එන්න කල් යනවා. මේවයේ නැති වැරදි කියලා රටේ ජනතාව ගොනාට අන්දලා ඡන්ද ගත්තට දැන් මිනිසුන්ට වැටහෙමින් තිබෙන්නේ ඇත්ත. ඉස්සර බෙල්ල කඩාගෙන, ඇස් උඩදමාගෙන පච හලපු උදවිය අද ඒ ගැන සද්දයක්වත් නැහැ. (නි)
දැන් ලැබී කියන්න මෙය හදාගෙන ගෙනත් දීල වගේ නේ...ඕක කොහොමත් ටිකක් කල් යනකොට නැගල යනවා ...එ්ක දන්නා නිසා තමා ඕව බාරගත්තේ වැඩි අමාරුවක් නැතිව දැන් ගොඩ දාගන්න පුළුවන් නේ....අමාරු හරිය මහින්ද කරලා ඉවරනේ. (බ)
මේ වගේ සංවර්ධන ව්‍යපෘති "මහින්ද ජනාධිපති" කරනකොට මිනිස්සු හිතුවේ වෙන වෙන දේවල්. ගල් තියෙනවා, ලොකු නැව් එන්න බැහැ කීව. අද ඉතිරිවෙලා තියෙන්නේ ඔහු කරපු දෙයක් විතරයි. කොළඹ මෙච්චර රථ ගාල් කරන්න ඉඩකඩ නැහැ. මේවා ඉතා හොඳ ව්‍යපෘති. (බ)
හිමාල්,ඔයාගේ දැනුමේ තරම පෙනෙනවා.පාඩු ලබනවානම් තවත් තටාංගනයක් මොකටද. ලාබ ලබන කාලෙට හදන්න පුළුවන්නේ. කොළඹ වරායේ පින්තුරයේ පෙනෙන ප්‍රමාණයේ වාහන ගාල්කරන්න ඉඩ තියෙනවද. (බ)
හිමාල්.කුහක වෙන්න එපා, මේ වරාය රටට සම්පතක්.මේ වාහන වලින් වැඩි හරියක් ප්‍රති අපනයනය කරනවා.අපි අපේ ඉඩමේ තව ගෙයක් හදපුවම ඉඩමේ වටිනාකම වැඩිවෙනවා වගේ මේ වරායත් තවත් අදායම් මාර්ගයක්.අර්ජුන ඇමතියා වැඩ කාරයෙක් නම් මෙගෙන් ලාබ අරගෙන පෙන්නන්න. බොරුවට චෝදනා කර කර ඉන්නේ නැතුව. (බ)
හිමාල්, මාගම වරායට විතරක් නෙවෙයි අවුරුදු සිය ගනනක් පැරනි කොළඹ වරායටත් තවමත් අලුතින් අංග එකතු කරනවා. අනිත් කාරනය ලිපියෙම කියල තියෙනව මේ වාහන ගෙනත් තියෙන්නෙ ප්‍රති නැව්ගත කරන්න කියල. මේ වරාය අපේ රටට ලැබුනු මහගු සම්පතක්. එ් දෙස අශුභ වාදීව බලන්න එපා. (බ)
මාගම්පුර වරාය නිකන් මුදල් නාස්තියක් විදිහට දැකල මහින්ද මහත්තයට බැනපු අයම දැන් ඒක තමන්ගේ කරගෙන ලකුණු දා ගන්න එකනම් හරි කැතයි හොඳේ. (බ)
දැන් මෙයා කියාවිද දන්නේ නැහැ මෙයා නිසා තමයි කියල.... (බ)
ප්‍රවෘත්තියේම කියලා තියෙනවා මේක පාඩු ලබනවා කියලා.මේකේ තව තටාකාංගන හදන්නේ කලින් හරියට සම්පූර්ණ කළේ නැති නිසානේ.මෙතන බාන වාහන මහපාර දිගේ කොළඹට ආයි එනවා. (බ)
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමා කොහොම හරි වරාය ගොඩනැගුවා, කිසිම ව්‍යාපාරයකින් ක්ෂණික ප්‍රතිපල ලබන්න බැහැ. දැන් රට භාරව ඉන්න පාලකයන්ට තියෙන්නේ ක්‍රමානුකුලව වැඩි දියුණු කරලා අපේක්ෂිත ප්‍රතිපල ළඟා කර ගැනීමයි. (ර)
කවුරු මොන කුහක කතා කිව්වත් මේ ඇස් දෙකට පෙනෙන සත්‍යය වසන් කරන්න පුලුවන් කාටද? මේ දේවල් දිහා බලා සතුටු වෙන්න පුලුවන් දේශප්‍රේමියෙකුට විතරයි. (ර)
රටේ අනාගතේ ගැන හිතපු නිසා තමා තමන්ගේ බඩ පුරෝගත්තේ (බ)