ගම්පහ බෝගමුව නිල්දියසෙවණේ නිවසක අඩි හතලිහක් පමණ ගැඹුරට මැණික් පතලක් හෑරූ බව කියන අඹු සැමි යුවළ ගම්පහ අතිරේක මහේස්‍ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා විසින් ජුනී 4 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
ඩබ්ලිව් ඒ ඥාණතිලක හා ඔහුගේ බිරිය රූපා චන්ද්‍රලතා මේ දෙදෙනාය.
මෙම වළ පරීක්ෂා කළ පුරා විද්‍යා නිලධරයින් පැවසුයේ පුරා වස්තු සෙවීම සඳහා එය හාරන්නට ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තන්හාය ජායතී ශෝකෝ.(නදී)
තමාගේ ඉඩමේ වළක් කැපීම වරදක්ද? (නි)
අපේ අය ඉක්මනට පොහොසත් වෙන්න නොකරන දෙයක් නැහැ. (නි)
නියමයි! (නදී)
මේක අපේ ගමේ වැඩක්.මේකෙන් මැණික් අරන් තියෙනවා. මෙතනට ගිය මාධ්‍යට වත් හරියට තොරතුරු ලැබුනේ නෑ.මේක මැණික් පතලක්,දේශපාලනය නිසා මේවා වැසිකිලි වලවල් වෙලා. (ස)
මේ මිනිස්සුන්ට මොනවා වෙලද දන්නේ නැහැ .ගෙදර ඇතුලෙම තමන්ගේ වල කපාගන්න කළේ. (ස)
රූපා, චන්ද්‍රලතාලට යමක් තේරුම්ගන්න බැරි හැටි? (නි)
නිරෝෂ්, කියන විධියට මේ වැඩේ කලක් තිස්සේ කරගෙන ගිහින් තියෙන හැඩයි අඩි 40 ක් ගැඹුරට හාරලා තියෙන්නේ සැහෙන මුදලක් වැය කරලයි.එහෙම බලනකොට මෙතනින් මැණික් හරි වෙන මොනවා හරි වටිනා දෙයක් හමු වෙලා ඇති.තව හාරන්නයි තියෙන්නේ. . (දී)
බොහොමයක් රටවල් වල ඉඩම් අයිතිය ලැබෙන්නේ භුමියේ තිබෙන සම්පත් වල අයිතියත් එක්කලා. එ්කට කියන්නේ මිනරල් රයිට්ස් කියලා. නමුත් සුද්ද ලංකාවට නිදහස දෙද්දී එම අයිතිය රජයට තියාගෙන තමයි නීති හදල තියෙන්නේ. ඒක නිසා ලංකාවේ ඉඩමක් පාරම්පරිකව හිමිකාරයට උනත් භුමි සම්පත්වල අයිතියක් නැහැ. ඇමෙරිකාවේ මිනිස්සු තමන්ගේ ඉඩම් වල පුද්ගලික ඛනිජ තෙල් ලින් පවා කැනීම් කරනවා. (නදී)