IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ගායකයකු වීමේ සිහිනයත් සැබෑවුණා

2016-10-16-ent-76

 

සිනමාවට, වේදිකාවට, ටෙලිනාට්‍යයට නැතිවම බැරි චරිතයක් ලෙස සිය රංගන ප‍්‍රතිභාවන් එළිදක්වමින් කලා ක්ෂේත‍්‍රය බැබළ වූ උසස් රංග ප‍්‍රතිභාවක් සහිත ජනකාන්ත නළුවෙක් තමයි කුමාර තිරිමාදුර

මේ දිනවල ඉහළ ප‍්‍රතිචාර මැද දිවෙන මායා සහ මෝටර් බයිසිකල් චිත‍්‍රපටවලට රංගනයෙන් දායක වන ඔහු බල්ලොත් එක්ක බෑ, කෝ කුක්කෝ යන වේදිකා නාට්‍යවලින්ද පුංචි තිරයේ විවිධාංග චරිතවලින්ද දැකගත හැකිය.

ඒ සියල්ල අතරේ මෑතකදී ගායකයෙකු ලෙසින්ද අතිශය ජනාදරයට පත් වූ ඔහු මේ වන විට පේ‍්‍රක්ෂක හදවත් තුළ ලැගුම් ගත් කැපී පෙනෙන ආදරණීය චරිතයක් බවට පත් වී හමාරයි. අන්න ඒ කුමාර තිරිමාදුර වෙනුවෙනුයි මෙවර ‘‘ජීවිතේ මල්’’ වෙන් වන්නේ.

 

2016-07-30-ent-37

2016-10-16-ent-82මට අවුරුදු 12 දී වගේ කාලෙදි මතකයි අපේ අම්මා මාව ගාමිණි ෆොන්සේකා මහත්මයගේ චණ්ඩියා චිත‍්‍රපටය බලන්න එක්කන් ගියා. රොටරි වැල්ලවත්ත සිනමා ශාලාවට. එදා ගාමිණි ෆොන්සේකා මහත්මයව සිනමා තිරයෙ දැකපු වෙලාවෙ මම ඔහුට ආදරේ කරන්න පටන් ගත්තෙ. ඒ ඔහුගේ රඟපෑම්, චන්ඩි පාට් ඒ හැමදේම දැකලා. ඇත්තටම ඒ මොහොතෙ මම මහත් අමන්දානන්දයට පත්වුණා. ඒ තරම් සතුටුයි. එදා මම හිතාගත්තා ඔහුගේ හැම චිත‍්‍රපටයක්ම බලනවා කියලා. ඉතින් ඒ දවස ජීවිතේ සොදුරුම දවසක් කියන්න පුළුවන් අදටත් මගෙ සිනමාවෙ වීරයා ඔහු තමයි.

 

2016-07-30-ent-38

 මගේ පාසලේ තිස්ස ගුණවර්ධන සර් යටතේ තමයි හැමෝම නාට්‍යය ඉගෙනගත්තෙ. නමුත් මට ඔහු යටතේ මුල්කාලෙ ඉගෙනගන්න බැරි වුණා. අපේ කලා උළෙලෙ පැවැත්වුණු නාට්‍යය තරඟයකදි අපි නිර්මාණය කළ නාට්‍යය ඒ සඳහා යොමු කරන්න වුණා. ඒ තරෙඟට තිස්ස සර්ගෙ ගෝලයො 12 දෙනෙක්ගෙ නාට්‍යය ඉදිරිපත් කරලා තිබුණා. මමත් නාට්‍යයක් කළා. තරඟය අවසානයේදී හොඳම නළුවා සහ හොඳම නාට්‍යය සම්මානය ලැබුණෙ මට. ඉතින් කලා උළෙලෙදි ඒ ජයග‍්‍රහණ ප‍්‍රසිද්ධ කරද්දී මට දැනුණු සතුට විස්තර කරන්න බෑ, එතකොට මට අවුරුදු 18 යි. A/L පන්තියෙ හිටියෙ. ඉතින් පාසලේ හොඳම නළුවා ලෙස පත්කර ගැනීම පිළිබඳ මම අදටත් තිස්ස සර්ට ගෞරව කරනවා. ඥාති සංග‍්‍රහ, හිතවතුන්ට, ගෝලයන්ට සලකන වකවානුවක ඔහු දක්ෂයාට සැලකීම පිළිබඳ අදටත් ඔහු කෙරේ තියෙන්නෙ ලොකු භක්තියක්.

 

2016-07-30-ent-39

මට දිවයින පුවත්පතේ රැුකියාව ලැබුණු දවසත් මගෙ ජීවිතේ හරිම සුන්දර දවසක්. එතකොට මට අවුරුදු 20 යි. ඉතින් එදා මට පත්වීම ලැබිලා රැුකියාවට ගිය මුල් දවසෙ ඒ පුටුව මත වාඩිවුණාම දැනුණ සතුට මෙහෙමයි කියන්න බෑ. මගෙ ජීවිතේ ගොඩක් වෙනස්කම් වුණේ එතනින්, ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම සේවයට බැදුණෙ සෝදුපත් කියවන්නෙක් ලෙස. ඉතින් රැුකියාවක් නැතිව ඉදලා රැුකියාවක් ලැබුණු එක අතිශය සතුටට කාරණාවක්. එතනින් ආරම්භ කරපු මගෙ ජනමාධ්‍ය ගමනෙ මම එතන අවුරුදු 15 ක්ම සේවය කළා. හරිම ආදරණීය කාලසීමාවක්.

 

2016-07-30-ent-40

 මගේ බිරිඳ හමුවීමත් ඇත්තටම ජිවිතේ මම ලබපු ඉහළම සතුටක්. මට ඇයව මුණගැහෙන්නෙ සීගිරි දඹුළු ටි‍්‍රප් එකක් යන වෙලාවෙදී සීගිරියේදී. ඇත්තටම හරි සුන්දර හමුවීමක්. ඉතින් අපි ඒ විදියට මුණගැහිලා තමයි විවාහය දක්වාම දුරක් ගියේ. ඒත් එක්කම මගෙ දුවලා දෙන්නව ලැබීමත් අතිශය සතුටු වුණු අවස්ථාවක්. ඒ දෙන්නා ලැබීමත් එක්ක ජීවිතේම සාර්ථක වුණා කියන හැඟීම හදවතට දැනුණා. අද වෙද්දී ගොඩක් උස් මහත් වෙලා මගෙ කර ළඟට වගේ ඉද්දි මට ඒ දැනෙන සතුට සාධාරණයි. ඉතින් මම ගොඩක් සතුටින්.

 

2016-07-30-ent-41

 2000 වර්ෂයේ මගෙ ප‍්‍රථම ගුවන් ගමන යාමත් සුවිශේෂම දවසක්. මම යන්නෙ කටුනායකින් ලන්ඩන් බලා. ඒ අවස්ථාව මට ලැබෙන්නෙ සුනේත‍්‍රා බණ්ඩාරනායක මැතිනියගෙ යටතේ තිබුණු වැඩමුළුවකට සහභාගි වීම සඳහා එදා ඒ ගුවන් ගමනෙදි මම ගොඩක් සතුටට පත්වුණා. ඇත්තටම අද නම් මට ගුවන් ගමන් කියන එක කර්කෂ දෙයක් වෙලා තියෙන්නෙ. මොකද ඒ තරමටම රටවල්වලට මේ වෙද්දී ගිහින් තියෙනවා. දැන් මගෙ පාර්ස් පෝර්ට් එකේ ඉඩනැති තරම්. නමුත් පළවෙනි ගුවන් ගමන ලොකු සතුටුදායක දෙයක්. ඒ ගමන එහෙම වුණාට අද නම් මහා දුෂ්කර ගමනක් පැය දහයක් විතර උඩ ඉන්න එක.

 

2016-07-30-ent-42

 මම කුඩා කාලයේ ගාමිණී ෆොන්සේකා මහත්මයගෙ චිත‍්‍රපටි බලද්දි කවදාවත්ම මම හිතුවෙ නෑ සිංහල සිනමාවෙන් මට සම්මාන ගන්න ලැබෙයි කියලා. ඉතින් ගාමිණි ෆොන්සේකා මහත්මයට විසිල් ගගහ හිටපු මට සරත් වීරසේකර මහත්මයගෙ ’‘ගාමණී’’ චිත‍්‍රපටයෙන් වසරේ හොඳම නළුවා සම්මානය ලැබුණා. දෙරණ සම්මාන උළෙලෙදි ඒ ගැන කියද්දි මට දැනුණු සතුට අති විශාලයි. ඒ මම කවදාවත් නොහිතපු දෙයක්. ඒ වගේමයි සිංහල සිනමාවේ හොඳම තිර පිටපත විදියට තණ්හා, රතී, රඟා, චිත‍්‍රපටයට සම්මානය ලැබීමත් විශාල සතුටක් ගෙන දුන් අවස්ථාවක් වුණා. මමත් සරත් කොතලාවලත් ඒ පිටපත ලිව්වෙ. ඉතින් ඒ අතිශය වැදගත් සම්මානය ලැබුණු දවසෙත් ජීවිතේ මල් පිපුණු දවසක් තමයි. මොකද මම ගායකයෙක් වෙන්න හිතපු කෙනෙක් පොඩි කාලෙ අසංක ප‍්‍රියමන්ත සහ මම එක පාසලේ අපි ඒ කාලෙ ගීත ගැයුවා. නමුත් ඔහුට ගායකයෙක් වෙන්න හැකි වුණා. මම රඟපාන්න ගියේ. ඒ සිිහිනය සැබෑ නොවුණත් මම නාට්‍යය අංශයෙන් ඉදිරියට ගියා. නමුත් මෑතකදී නම් මමත් ගීතයක් නිර්මාණය කළා. ඒ සඳහා වීඩියෝවකුත් කළා. හොඳ ප‍්‍රතිචාරත් ලැබුණා. ඉතින් දැන්නම් ඒ සිහිනයත් සැබෑවෙලා කියලා හිතෙනවා. මේ හැමදේ එක්කම ගායකයෙක් ලෙසට උඩට ආපු එකත් ලොකු සතුටක්.

 

2016-07-30-ent-43

 මමත් ගිහාන් ප‍්‍රනාන්දුත් එකතු වෙලා ස්ටෑන්ඞ් අප් කොමඩි වැඩ සටහනක් කළා ‘‘වත්තල ගිහා විත් මහරගම කුමා’’ කියලා සේනාධි සතරසිංහ මහත්මයා එය සංවිධානය කළේ. ලංකාවෙන් පිට වොෂින්ටන්හි තමයි මේ ප‍්‍රසංගය පැවැත්වුවෙ. අපේ ඒ පළමු ප‍්‍රසංගයෙ මංගල දර්ශනය දවසෙම ඒ ශාලාව පිරී ඉතිරී ගිහින් තිබුණා. මේ වෙනුවෙන් වෙන කව්රුත් නෑ අපි දෙන්නා විතරයි ඉදිරිපත් කරන්නෙ. ඉතින් ප‍්‍රසංගය අවසන් වුණාම එතන එදා හිටපු පිරිස එකට නැගිටලා වොෂින්ටන් නගරය දෙදරන්න අත්පොළොන් දුන්නා. ඒ නාදය ලබාදුන් අවස්ථාවෙ දැනුණු සතුට වචනවලින් විස්තර කරන්න බෑ. ඒ තරම් සතුටුයි. ඒ අත්පොළොසන් හඬ අදටත් මගෙ කන්වල තියෙනවා.

 

2016-10-16-ent-81
2016-10-16-ent-80
2016-10-16-ent-79
2016-10-16-ent-78



අදහස් (0)

ගායකයකු වීමේ සිහිනයත් සැබෑවුණා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 1477 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 2437 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 2788 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 624 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 2198 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 679 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39662 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25793 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1212 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site