ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ දැකිය හැකි අළු පැස්තුඩුවකු නුවර එළියේ ග්‍රෙගරි වැවට පැමණ සිටියි. එම විශේෂයේ පක්ෂියෙක් තෙත් කඳුකර පරිසරයක් සහිත නුවරඑළියෙන් මෑත කාලීනව වාර්තා වී නැතැයි පරිසරවේදීහු කියති.
මේ දිනවල සංචාරක පක්ෂීන් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටින බැවින් බොහෝ දෙනකු මේ පක්ෂියා විදෙස් රටක සිට පැමිණෙන්නට ඇතැයි සිතති. අළු පැස්තුඩුවා ශ්‍රී ලංකාව සිය වාසස්ථානය කැරගත් පක්ෂියෙකි. මෙරට වියළි කලාපයේ සෑම ස්ථානයක ම දක්නට ලැඛෙන අළු පැස්තුඩුවන් වියළි කලාපයේ විශාල ජලාශයන්හි රංචු වශයෙන් ගැවසෙන අතර කොළඹ බේරේ වැව, අත්තිඩිය වැනි තෙත් කලාපීය ස්ථානවලද දක්නට ලැඛෙයි.
ශ්‍රී ලංකාව, ඉන්දියාව හා කාම්බෝජය වැනි රටවල විශාල ව්‍යාප්තියක් දක්නට ලැඛෙන අළු පැස්තුඩුවා, පකිස්ථානය, ඉන්දුනීසියාව හා බංග්ලාදේශයේ ද දක්නට ලැබෙයි. අළු පැස්තුඩුවා සෙන්ටිමීටර 125 ක් 150 ක් පමණ විශාලත්වයෙන් වැඩෙන සත්ත්වයෙකි. වැඩුණු සතකුගේ බර කිලෝ හතරක් හෝ හයක් පමණ වෙයි. අළු පැහැයට හුරු සුදු වර්ණයෙන් යුතු අළු පැස්තුඩුවාගේ ගෙල අළු පැහැතිය. වල්ගය දුඹුරු පැහැතිය.
බිත්තර දමන සමයේ දී වඩාත් රංචු වශයෙන් ජීවත් වන මේ පක්ෂීන් අනෙක් කාලයේ වඩාත් වැඩි දුරකට ව්‍යාප්තව සිටින බව පරිසරවේදීන් පවසයි.
වියළි කලාපය වාස්සථාන කැරගෙන සිටින අළු පැස්තුඩුවන් නුවරඑළියට පැමිණීම සම්බන්ධයෙන් විමසූ විට ශ්‍රී ලංකා කුරුළු සංගමයේ සහ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවයේ සාමාජික පක්ෂි විද්‍යාඥ හේමන්ත සෙනෙවිරත්න මහතා මෙසේ කීවේය.
‘අළු පැස්තුඩුවන් ශ්‍රී ලංකාවට සංචාරක පක්ෂීන් නොවෙයි. ඔවුන් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ වර්ෂය මුළුල්ලේම ජීවත්වන නේවාසික පක්ෂීන්. මේ පක්ෂියා විශාල දුරක් පියඹා යනවා. ඒ වගේම අහසේ ඉහළට යනවා. සාමාන්‍යයෙන් පසුගිය දිනවල දිවයිනේ නැගෙනහිර පළාතේ තිබූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් කලබල වූ අළු පැස්තුඩුවෙක් ග්‍රෙගරි වැවට පැමිණියා විය හැකියි. මේ පක්ෂියාගේ ඉදිරි හැසිරීම් ගැන අවධානයෙන් සිටීම වැදගත් වනවා. ඇතැම් විට මේ සත්ත්වයා නැවත දින කිහිපයකින් වියළි කලාපයට යා හැකියි ‘
ශ්‍රී ලංකාවේ බහුල ව්‍යාප්තියක් දක්නට ඇතත් අළු පැස්තුඩුවා ලෝක සංරක්ෂණ සංගමයේ රතු දත්ත පොතට අනුව වඳ වී යාමේ තර්ජනයට ලක්වූ සත්ත්වයෙකි.
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො
මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.
වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හාන
මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ග්‍රෙගරි වැවේ අමුත්තෙක්
චින්තක Wednesday, 11 December 2013 07:45 PM
චෝගම් ගිය කෙනෙක් කියල මම නම් හිතන්නේ ,අපි නොදන්න පැසි තුඩුවො. (නදී)
සෝමා Thursday, 12 December 2013 05:07 AM
බුලත හදපු මහියංගනේ වැවෙත් මුන් ඉන්නව. (අ)
ලේක්කෝ ගලබඩ Wednesday, 11 December 2013 08:26 PM
මෙයාව හදාගන්න අමාරු නිසා මොන්ටෙරෝවකින් පැමිණ රාත්‍රී කාලයේ මෙහි අතරමන් කර ගියා වත්දෝ?(නදී)
උපාලි Thursday, 12 December 2013 08:17 AM
මෙය සම්පතක් කරගෙන මෙවන් සුන්දර දසුන් වැඩිකර ගැනීම සදහා මේ සත්තුන් මිනිස් යකුන්ගෙන් ආරක්ෂා කර ගැනීම ප්‍රාදේශීසිය බලධාරින්ගේ යුතුකමකි. ඒ යුතුකම හරියට කරයිද? (නි)
කළුපහන Thursday, 12 December 2013 08:34 AM
තනියෙන් තියන්න එපා ජෝඩු කරමු නුවරඑළියේත් බෝකරමු (ස)
ගමගේ Friday, 13 December 2013 05:45 PM
මෙය ඉතා හොඳ ප්‍රවෘත්තියක්. (නි)
Perera Wednesday, 11 December 2013 11:53 PM
මෙයාව කවුරුහරි බයිට් එකට ගනීවිද දන්නේ නැහැ නේද
මදු,ප්‍රංශය Wednesday, 11 December 2013 06:53 PM
තනියම මොකද? (නි)
අමිල කටුනායක Wednesday, 11 December 2013 07:01 PM
මේ අර එසැණ වාර්තා වූ ග්‍රෙගරි වැව දැන්වීම් පුවරුව නිසා අතරමං වූ කෙනෙක්ද? (නි)
චන්ද්‍රා Friday, 13 December 2013 12:33 PM
ඔසිවල මේ කුරුල්ලා හැම ජලාශයකම ඉන්නවා. මෙයාගේ නම පෙලිකන්.මෙය කෑම හපන්නේ නැහැ හොටෙන් අල්ලලා ගිලිනවා. කෑම පහසුවෙන් ගිලින්න උගුර ලොකු වෙනවා. (නදී)
අසාන් Thursday, 12 December 2013 01:24 PM
මේ මිනිස්සු සත්තුන්ටත් අපහස කරල අදහස් දානවනේ. (ස)