IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


”ගොරවන වෙලාවට වැඩියෙන්ම බය මම වෙන්න ඇති”


 

ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ”ඉහිරුණ කිරි” ටෙලිමාලාවේ රඟපෑ චරිතයෙන් පසුව අද ශාලිකා අරුන්දතී එදිරිසිංහ ගැන වැඩිදෙනා කතාවන්නෙ හිරු ටී.වී. විකාශය කරන සඳසාවි ටෙලි නාට්‍ය නිසයි. ඉහිරුණ කිරට නාඬා ජීවිතයේ එන දේට සතුටින් මුහුණ දෙන්නට කැමති සුන්දර ශාලිකා සිංහල අවුරුද්දට ගොඩක් කැමති වුනත්, බක්මාසයට ලොකු බයකුත් තියෙනවලූ. අපි ශාලිකා එක්ක අද ඒ ගැනත් කතා කරමු.

 

 

 ශාලිකා මේ දිනවල අවුරුදු උත්සව නිසා ගොඩාක් කාර්ය බහුලයි කියන්නෙ ඇත්තද?
ටෙලිනාට්‍ය නරඹන දයාබර රසික පිරිස් වෙතින් අපට ලැබෙන ඒ ගෞරවය ඇත්තටම සතුටට දෙයක්. ඉතින් මේ නිසාම රටපුරා පැවැත්වෙන අවුරුදු උත්සවවලට සහභාගී වෙන්න අපට ආරාධනා ලැබෙනවා. මොනතරම් කටයුතු තිබුණත්, ජනතාවගේ ඒ ඇරයුම් අපට අහක දාන්න බැහැ.

 


 ඒ විදියට අවුරුදු උත්සවවලට ගිහින් තරගවලටත් දායක වෙනවද?
අප ඒවාට සහභාගී වන්නෙ ආරාධිතයින් ලෙස විතරයි. හැබැයි දෙරණ සහ හිරු ටී.වී. නාලිකා කලාකරුවන් එකතුව කළ උත්සවවලදී තරගවලට දායක වුණා.

 


 සිංහල අවුරුද්ද එනකල් ඔබ මග බලාගෙන ඉන්නෙ කියන කතාව ඇත්තද?
අපේ නෑදෑයින්, හිතමිතුරන්, අසල්වාසීන් ඇතුළු සියලූදෙනා එක්ක වගේම පවුලේ සියලූදෙනා එකට එකතුවන, එකතුවෙලා සතුටින් ගත කරන්න ලැබෙන ඒ මොහොතට ඇත්තටම මම හරි ආදරෙයි. ඒ නිසයි සිංහල අවුරුදු එනකල් බලා ඉන්නෙ.

 


 ඒ වුනාට බක්මාසෙට හරිම බයයිලූ ඇයි ඒ?
කවුද ඒ කතාව කිව්වෙ?

 


 කතාව ඇත්ත නේද? මොකක්ද හේතුව?
ගොරවන නිසා. විදුලි කොටනකොට මම හරිම බයයි. ගොරවන වෙලාවට මේ ලෝකයේ වැඩියෙන්ම බය මම වෙන්න ඇති.

 


 මේ නිසාද බක්මාසෙ වැඩි හරියක්ම නිදාගන්නවා කියන්නෙ?
ගොරවන වෙලාවට හරිම බයයි. ඒ වෙලාවට ගෙදර හිටියොත් නිදාගන්නවා.

 


 ඇත්තද කොට්ට විස්සක් විතර වටකරගෙන නිදාගන්නවා කියන්නෙ?
එච්චරම නැහැ. කොට්ට පහක් විතර.


 ඇත්තටම ඇයි වැස්සට ඔච්චර බය?
වැස්සට බය නැහැ. හරිම ආසයි. ඒත් ගොරවනවට බයයි. වැස්සට ආසා වුනත්, වැස්සේ අසිරිය නරඹන්න, මට ලැබෙන්නෙ නැහැ.

 


 පාසැල් කාලයේදී මේ බය නිසා යාළුවො විහිළුත් කළාලූ නේද?
මෙහෙමයි, ගොරවන නිසා මම කන්දෙක වහගෙන තමයි පාසැල් බස් රථයේ පවා ගියේ. ඉතින් යෙහෙළියෝ විහිළු කරලත් තියෙනවා.

 


 බල්ලො සහ පූසොන්ටත් ගොඩාක් ආදරේලූ නේද?
සත්තුන්ට හරි අනුකම්පායි. ඒත් ළඟට ගන්නෙ නැහැ.

 


 ඔබ හරි සීරියස් චරිතයක් කියලයි ඔබගෙ යාළුවො කියන්නෙ?
සරලවම ජීවිතය ගැන හිතනවාට වඩා ටිකක් ගැඹුරින් හිතන්න කැමතියි. ඉස්සර ඉඳලාම මගේ හැටි එහෙමයි.


 

 මේ දිනවල අවුරුදු කුමාරියක් වගේ සතුටින් පසුවන බවත් යාළුවො කියනවා. ඒකට හේතුව අවුරුදු කුමාරයෙක් හමුවීමලූ. එහෙම නේද?
අනේ මන්දා, අර සිංදුවක් තියෙනවනෙ, ”හිඳීවි කොතැනක හෝ හිමිකාරයා ඔබේ නමින්” කියලා. ඉතින් මටත් හිමිකාරයෙක් ඇති. කවදාහරි හමුවේවි.


 හිමිකාරයා ගැන එහෙම කිව්වත්, ඔබ වඩා කැමති, අමරදේව ශූරීන් ගැයූ ”ජීවිතයේ තනිමංසල අතරමං වෙලා” ගීතයට නේද?
සත්තකින්ම අමරදේව ශූරීන්ගෙ ”ආරාධනා” සිංදුවට මම හරිම ආසයි. ඊට අමතරව විජය ගැයූ සැරයටියෙන් අපි යනෙනතුරා සහ විශාරද නන්දා මාලිනියගේ අම්මාවරුනේ ගීතයටත් මම හරිම ආසයි.

 


 නොලැබුණු දේවල් ගැන ඔබ දුක්වෙනවද?
ජීවිතය කියන්නෙ ලැබෙනදේට ගරු කිරීමයි, ලැබෙන දේ සතුටින් බාරගෙන ජීවත්වීමයි. ඒ නිසා පසුතැවීම් මට නැහැ.

 


 ශාලිකා  ඕනෑවටත් වඩා ආඩම්බරයි කියලත් සමහරු කියන්නෙ, ඒක පිළිගන්නවද?
මම පොළවෙ පය ගහලා ජීවත්වන චරිතයක්. ජීවිතේ මොනවට ආඩම්බර වෙන්නද? මනුස්සකමට, මනුෂ්‍යත්වයට මම ඉහළින්ම ගරු කරනවා. මම හරි සුහදශීලී කෙනෙක්.

 



අදහස් (0)

”ගොරවන වෙලාවට වැඩියෙන්ම බය මම වෙන්න ඇති”

මැණික් Wednesday, 18 June 2014 06:21 PM

අයියෝ!! මම නම් බය නැහැ (නි)

:       0       0

නිලූක Sunday, 04 May 2014 04:15 PM

පිස්සු විකාර (ස)

:       0       0

මදුසංක හේරත් Thursday, 22 May 2014 12:12 AM

එක එක අයගෙ ඔීපදුප පත්තර වල දාල බොරැවට මිනිසුන්ගෙ වටිනා කාලය නාස්ති කරන්න එපා.එයා අකුණු වලට බය වෙන්න බබෙක්ද.අපිට වැඩක්ද.බොරැවට තේරැමක් නැති වැඩ කරන්න එපා(ස)

:       0       0

රොහාන Friday, 06 June 2014 02:40 PM

අපි අගය කරන නිලියක් (දී)

:       0       0

රංග Friday, 04 July 2014 09:24 PM

ඇයි ඒ ඔයා බය? (නි)

:       0       0

හේවාවිතාරණ Saturday, 02 August 2014 08:27 PM

ගොරවන වෙලාවට (නදී)

:       0       0

අමන්දා Friday, 06 June 2014 02:42 PM

අනේ මෙයා හරිම හොඳයි . හැබැයි ඉක්මනට කේන්ති යනවා. (නි)

:       0       0

රණවීර Friday, 04 July 2014 09:25 PM

මම නම් බය නැහැ (නි)

:       0       0

කුමාර Monday, 05 May 2014 02:02 PM

ඇත්ත කියුව එක ගැන බොහොම සතුටුයි (දී)

:       0       0

හේවාවිතාරණ Saturday, 02 August 2014 08:28 PM

ගොරවන වෙලාවට බය වෙන්නේ හෙන ගහවී කියල බයට (නදී)

:       0       0

අනුර පනාගොඩ Saturday, 03 May 2014 02:44 PM

පිට හේත්තු කරගන්න තැනක් තිබ්බෙම නැද්ද අනේ? (නදී)

:       0       0

පිණිදිය Sunday, 04 May 2014 04:48 PM

කරුණාකරලා පැහැදිලි කරන්න. ඔබ අදහස් කරන්නේ ශාලිකාගේ විලාසිතා යල් පැන ගොස් ඇතැයි කියා ඔබ සිතන නිසා ඔබ ජිවත් වන නගරයට ඇවිත් ඒ ගැන අවබෝධයක් ලබා ගත යුතු බවද, නැත්නම් අයගේ විලාසිතා වඩාත් ගැලපෙන්නේ ඔබ ජිවත් වන නගරයට බවද? (ස)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 07 May 2014 04:56 PM

පිනිදිය, සමහර ටෙලි නිලියෝ හිටපු ගමන් මිලානෝ හොරෙන්ම ඇවිල්ල හොරෙන්ම යනවා. එකයි ඉතින් මෙයාටත් ඇවිල්ල යන්න එන්න කිව්වේ. (ස)

:       0       0

මුදිත Tuesday, 29 April 2014 07:50 PM

මේ කාලේ එහෙනම් බයෙන්මයි ඇත්තේ (දී)

:       0       0

නෞෂර්ඩ් Tuesday, 29 April 2014 07:05 PM

අවංක අදහස් අගය කල යුතයි (දී)

:       0       0

නුවන්තක Friday, 16 May 2014 06:51 AM

ඔබට මගේ සුභ පැතුම්! (නි)

:       0       0

අමිල රුවන් Friday, 16 May 2014 06:51 AM

ශාලිකා අක්කාට මගේ සුභ පැතුම්! (නි)

:       0       0

මාලි Friday, 01 August 2014 02:34 AM

ගොරවන වෙලාවට බය නම් ඔලුව වහගන්න (නදී)

:       0       0

ජනිත් Monday, 05 May 2014 09:36 AM

බය වෙන්න එපා ඔයාට මම ඉන්නවනෙ. (ස)

:       0       0

ජයවර්ධන Monday, 05 May 2014 09:41 AM

මෙයා මේ කාලෙට එකසිය ගාණට බය වෙනවා ඇති නේද? මොකද හිටු කියල වහිනවනෙ. (ස)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Friday, 09 May 2014 09:37 AM

මම නම් කියන්නේ ශාලිකගේ චාම් ඇඳුම නිසා එයාගේ ලස්සන තව වැඩිවෙලා කියලයි. (ස)

:       0       0

රොෂාන්ත Monday, 19 May 2014 12:59 PM

ඔයාගේ ලස්සන විලාසිතාව හොඳටම ඇති. ඉතාලියේ ඒවා අපිට එපා. පොළොවේ පයගහලා ඉන්න එක ගැන සතුටුයි. ඔයා කොහෙවත් යන්න ඕනෑ නැහැ, විලාසිතා ඉගෙනගන්න (නි)

:       0       0

මිලි Saturday, 28 June 2014 06:49 PM

ඇත්ත කියුවා (දී)

:       0       0

සරණ (ස්විස්) Wednesday, 07 May 2014 06:50 PM

නන්දන පනාගොඩ කියන අදහස ඇතුළේ ලොකු ව්‍යාපාරයක් තිබෙනවා වගේ. (නි)

:       0       0

ලාරා Wednesday, 30 April 2014 01:03 PM

අපි ගොරවන්නේ නැහැ ? (දී)

:       0       0

ලකිත් මිලානෝ Wednesday, 07 May 2014 07:13 PM

අපෝ! ඕක දැන් ගොඩක් කල් ඉඳලා වෙන්නේ. (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 30 April 2014 12:20 AM

අනිත් සමහර ටෙලි නිලි අක්කලා වගේ ඔයත් ඉතාලි ඇවිල්ලා අපිව බලලා යන්න එන්න. ලෝකයේ හොඳම විලාසිතා තියෙන්නේ මෙහෙ. (නි)

:       0       0

මාලි Wednesday, 30 July 2014 02:22 AM

ගොරවනකොට බය මොනවගේ අයද කියලා මට මෙතන කියන්න බැහැ (නි)

:       0       0

සිසිර මිලානෝ Wednesday, 07 May 2014 07:41 PM

සමහර නිලියෝ දවස් තුන හතරේ එක ගමනට රුපියල් ලක්ෂ පනහකට වඩා හොයනවා. මේවා තාමත් රහස්. (නදී)

:       0       0

සෙනරත් බණ්ඩාර ජයරත්න Wednesday, 30 April 2014 02:56 AM

දක්ෂ රංගන ශිල්පිනියක්. වසර කිහිපයකට පසු හෝ නැවත දකින්න ලැබීම සතුටක්. ඔබට ජයෙන් ජය! (නි)

:       0       0

දිලානි Wednesday, 30 April 2014 11:40 PM

ශාලික ඇත්තටම නිහතමානී ,අවංක කෙනෙක්. මම එයාව ටිකක් දන්නවා. (නි)

:       0       0

තිලක් Friday, 23 May 2014 08:41 AM

නංගියේ ගොරවන වෙලාවට බය නම් මොකක් හරි ඇඳුමක් අරගෙන ඔලුව වහගන්න. (ස)

:       0       0

ශෙනික් මිලානෝ Wednesday, 07 May 2014 08:39 PM

මිලානෝ සමහර අය නිළියන්ව හමුවන්න ඩුබායි, සිංගප්පුරුව වැනි රටවල් වලට යනවා. මාලදිවයිනට නිළියන් යන්නේ නැහැ (නි)

:       0       0

පානි Wednesday, 30 April 2014 04:13 PM

නන්දන, ඔබ කියන දේ තේරුම් ගන්න අපහසුයි. ඔබ අදහස් කරන්නේ ශාලිකාගේ විලාසිතා යල් පැන ගොස් ඇතැයි කියා ඔබ සිතන නිසා ඔබ ජිවත් වන නගරයට ඇවිත් ඒ ගැන අවබෝධයක් ලබා ගත යුතු බවද, නැත්නම් අයගේ විලාසිතා වඩාත් ගැලපෙන්නේ ඔබ ජිවත් වන නගරයට බවද? කෙසේ නමුත් "ලන්ඩන්-පැරිස්-නිව්යෝර්ක්" කියන සම්ප්‍රදායික විලාසිතා නගර නාමාවලිය "ලන්ඩන්-පැරිස්-නිව්යෝර්ක්-පනාගොඩ-මිලානෝ" ලෙස වෙනස් කිරීම ඉතාමත් කාලෝචිත බවයි මගෙත් වැටහීම. (ස)

:       0       0

නුවන් ධනුෂ්ක Sunday, 25 May 2014 10:09 PM

ඔයා කොහේ ද හැබෑටම ඉන්නේ. (ස)

:       0       0

පී කරුණාසේන මිලානෝ Thursday, 01 May 2014 03:10 PM

මිලානෝ සහ රෝමයේ මෙම විලාසිතා දැක්මවල් වලට විශාල ලෙස ශ්‍රී ලාංකිකයන් දායක වෙනවා. විවිධ වෘත්තීන් වලින්. විදුලි කාර්මික ශිල්පීන්, දර්ශන තල වල සුළු සේවකයින් සහ රියදුරන් මින් ප්‍රධාන තැනක් ගන්නවා. (ස)

:       0       0

කුමාරි Wednesday, 30 April 2014 03:56 PM

ඉහිරුණු කිරි නාට්‍යයේ හොඳට රගෙපැවා. ඉදිරි අනාගතයට ජය වෙන්න කියා පතනවා! (ස)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 01 May 2014 01:26 AM

පානී, ලෝකයේ වැඩිම විලාසිතා මවන්නන් ජීවත් වෙන්නේ මිලානෝ වල. උදා: වෙර්සාචේ, දොල්චේ සහ ගබ්බානා, ප්රාදා, අර්මානි, ෆියෝරුච්චි,ගුච්චි, මිලා ෂෝන්, දල්ලා වාල්ලේ(සපත්තු) මින් අතලොස්සකි. ලෝකයේ ප්‍රධානතම විලාසිතා දැක්‌ම තිබෙන්නේ මිලානෝ සහ රෝමයේ 'ස්පාඥ්ඥ' ගල් පඩිපෙළ උඩයි. (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Thursday, 01 May 2014 01:43 AM

පානී, ඔයා නම් තවම අලුත් වෙලා නැහැ වගෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 272 0

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 2358 2

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 290 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 3051 5

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1868 2

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 758 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33581 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23927 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 145 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 469 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 213 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site