ෙනවගත්තේගම පාසල් ගුරුවරියක දණ ගැස්සවීයැයි කියන සිද්ධියේ උසාවියේ නඩුවකට මුහුණ පාසිටින ව්‍යඹ පළාත් සභා මනුත්‍රී ආනන්ද සරත් කුමාර අද (16) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවැති සම්මුඛ පරික්ෂණයකට පැමිණියේය.
වයඹ පළාත් සභා අපේක්ෂකයන් තෝරා ගැනීමේ පරීක්ෂණ එහිදී පැවැත්වේ.ඔහු නඩුවට සම්බන්ධ වීමත් සමග ජනපති නියමයෙන් ඔහු පදවියෙන් ඉල්ලා අස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන කමෙන්ට් දාල තියෙන අය කිසිම දේශපාලන දැනීමක් ඇති අය නෙමේ, මම නම් කියන්නේ අපේ කටිටිය උත්සහ කරන්නේ මෙතුමාට රටේ අනාගත අධ්‍යාපන ඇමති කම දෙන්න. මට නම් පෙන විදියට එතුමාට දැනටමත් සුදුසුකම් තියෙනවා. ජනතාව සන්සුන් උනාම ඉහලින් එම උතුම් තීරණය ගන්නවට සැකයක් නෑ. (අ)
මධ්‍යම පළාතෙන් ඉදිරිපත් වෙන මෙම අපේක්‌ෂකයාගේ පෝස්‌ටර් ගැසීමට එන එක් තරුණයකුට දිනකට රුපියල් දහසක වැටුපක්, බත් පාර්සලයක් හා අරක්‌කු බාගයක් දීමට කටයුතු යොදා ඇත. අන්න දම්මික පෙරේරාට ජොබ් එකක් තියෙනවා.(නදී)
පාදඩ දේශපාලනය යනු මෙය නොවේද? (නි)
මෙයාට ඡන්දයට නාම යෝජනා දෙනවා කියන එකෙන් තේරෙන්නේ, ලංකාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ලෝකයේ ඉහලම රට කියන එකයි. යුරෝපයේ රටවල් ඇමෙරිකාව අපෙන් ආදර්ශයක් ගත යුතුයි. (නි)
රටට දෙවියන්ගේම පිහිට තමයි (නි)
චන්ද්‍රිකා මැතිනියගේ කාලේ වයඹ ඡන්දෙ මතකනේ. දැන් එදාට වැඩි වෙනසක් නැහැ. තත්වේ තවත් බරපතලයි. මිනිස්සුන්ට මානව අයිති වාසිකම් සංවිදාන වල උදව් පතන්න වෙයි.(නදී)
ආවට තම දීලා නැහැනේ. අපි බලමු (නි)
හැමෝම කතා කරනේ ගුරුවරිය ගැන කණගාටුවෙන් නේ..උසාවියේදී ඇසින් දුටු සාක්ෂි දෙන්න කවුරුත් ඉදිරිපත් වෙලා නෑ..වීරයෝ වගේ කතා කරන කට්ටිය ඕන තැනට යන්නේ නෑ..සාක්ෂි නැතුව වැරදි කරු කරනේ කොහොමද..වැරදි කරු නෙමේ නම් නොමයෝජන ප්‍රතිෂේප වෙන්න් නෑ...හරි හෝ වැරදි තත්වේ ඒක තමා.(අ)
ගුරුවරිය විපක්ෂයෙන් ඡන්දෙට එයිද දන්නෙ නැහැ (නි)
හැමෝම හරි.මාල කඩාපු අය ඔය අගේට ඉන්නේ.මිනි මරපු අය ආපහු ඇවිත් ඉන්නේ. චණ්ඩියෝ නියෝජ්‍ය ඇමති කම් දරන්නේ. පන්සල් කඩල නිදන් ගන්න අය මන්තිරිලා ඇමතිලා වෙලා ඉන්නේ. ඕව අපේ ආශ්චර්යමත් සිරිලංකාවේ ස්වභාවික දේවල්නේ. (අ)
ගුරු මවක් දෙනෝදාහක් ඉදිරියේ දන ගැස්සවූ මේ වගේ කෙනෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නැවත නාම යෝජනා දෙන එකෙන්ම අපිට නම් හැගෙන්නේ එවන් අයට පක්ෂයෙන් හොද ඉල්ලුමක් තියෙනවා කියන එකයි.රටට හොද කල දසාවක් උදාකරලා දෙනවා කියන එකනම් ඉර හද වගේ විශ්වාසයි. (නි)
මන්ත්‍රීවරයාගේ වැඩේ වගේම පාසල්වල තියෙන්නෙත් අමුතු විනයක්. http://prathiwadhiya.blogspot.com/2013/06/blog-post_19.html (නි)
මේ මනුස්සයා [ ඇත්තටම මට නම් මනුස්සයක් නෙමෙයි ] දිනන එක වයඹ ජනතාවගේ ප්‍රශ්නයක් නෙමෙයි. අනිවාර්යන්ම බලය අරගෙන දිනනවා. අනික ඡන්ද ප්‍රතිපල ගැන කාටද විශ්වාස කරන්න පුළුවන්. අපි බලන්න ඕනෑ නාම යෝජනා හම්බ වෙනවද කියන එක. එතකොට බලාගන්න පුළුවන් වයඹ ජනතාවටද මෙයාව ඕනෑ නැත්නම් වෙන කාටහරිද කියලා. (නි)
මෙයාගේ නාමයෝජනාව අනුමත කළොත් පක්ෂයේ සාමාජිකයන් මෙයාගේ ක්‍රියාව අනුමත කරන අතර ඉදිරියට මේ වගේ ක්‍රියාවන් කිරීමට පුද්ගලයන්ට වක්‍රාකාරයෙන් උදවු ලබාදීමකි.ජනතාව මේවා දිහා බලාසිටී. රටේ ඉදිරිගමන සදහා මෙවැනි පුද්ගලයන් රටට අවශ්‍යද කියලා මහජනයා තීන්දු කල යුතුයි (නි)
වයඹ ජනතාවගේ බුද්ධි මට්ටම පරීක්ෂා කිරීමට හොද අවසථාවක් මේක බලමු සුදුසු වචනය තෝරා ඉදිරියේ ඇති කොටුව පුරවයිද කියල? (අ)
පොදු ජනතාවට පහර දෙනවා මදිවාට ජනතාව පල් මෝඩයන් යැයි සිතනවා දේශපාලන නායකයෝ. මෙයා මේ වැඩේ කලවිට විසුරුවීමට ආසන්න පලාත් සභා මන්ත්‍රීකමෙන් අස්වෙන ලෙස කීවා. දැන් නාම යෝජනා දෙන්න හදනවා. ගෝලයෝ කැත වැඩ කරන විට නායකයාට එහි වගකීමෙන් ගැලවෙන්න බැහැ. ගරු ජනාධිපතිතුමා මේ රටට විශාල සේවයක් කළ හැකි කළ කෙනෙක්. මේ පාදඩ දේශපාලකයෝ නිසා ඔබතුමාගේ නම කැත වෙන්න ඉඩ දෙන්න එපා. මම තවමත් ඔබතුමා ගැන කැමැත්තෙන් සිටින කෙනෙක්. ඒ කැමැත්ත දැන් නම් ටික ටික නැති වේගෙන යන්නේ. ජනාධිපතිතුමා ලග ඉදගෙන රටත් විනාශ කරන එතුමාවත් විනාශ කරන අයගෙන් ගැලවීම සදහා ගරු ජනාධිපතිතුමාට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි (නි)
මොලේ තියන මිනිස්සුනම් මේ වගේ හරක්, පාලකයන් විදයට පත් කරන්නේ නැති බව විශ්වසයි .එත් ඉතින් මනාප ගනින්නේ කවුද කියන එකයි හොයල බලන්න ඕන...මොකද ඔය මනාප ගනින පරිගනක වලටත් වරදිනවා මම හිතන්නේ. (අ)
මෙයාව උතුරට දැම්මනම් හොඳ නැද්ද ?කොහොම හරි ජන්දේ දිනයි (අ)
මෙහෙම අයට ඡන්දය දෙන්නේ පිරිමිත් නොවන ගැහැණුත් නොවන අය වයඹ හිටියොත් තමයි (නි)
මෙයා තමයි අපේ රටට ගැලපෙන නියම නායකයා. 500ක් දුන්නම අපේ මිනිස්සු මෙයාව පත් කර ගනී.(නදී)
නාම යෝජනා දුන්න්නොත් මුළු ජනතාව ඊට විරුද්ධව නැගිටීවි. (නි)
මනාප ක්‍රමේදී තැන තියෙන්නේ හොදින් හරි නරකින් හරි ප්‍රසිද්ධ වෙලා ඉන්න තරමට.පක්ෂයට චන්දෙ දුන්නට පස්සේ මිනිස්සු මනාප ගහන්නේ තමන් දන්නා කියන ප්‍රසිද්ධ වුනු පුද්ගලයට.මෙයා ඕනෑවටත් වඩා දැන් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. නාම යෝජනා ලැබුනොත් මෙයා සමහරවිට වැඩිම මනාප ගනී.මෙයා විතරක් නෙමෙයි,තංගල්ල සබාපති,අකුරැස්සේ සුනිල්,අර මරණ දඩුවම ලබපු සබාපති වගේ අයත් ඡන්දෙකට ආවොත් දැන් දිනන්නේ උඩින්. ලංකාවේ ජනතාවගේ මනාප ක්‍රමේ එහෙමයි.මේකට තිබෙන විසදුම තියෙන්නේ ොම යෝජනා දෙන අය අතේ. එතනින් තමයි මෙයාලා එන එක වලක්වා ගන්න පුළුවන්.එතනින් පැනල ආවොත් මෙයා මහා ඇමතිත් වෙලා තමයි නවතින්නේ. ඒකේ දෙකක් නැහැ..(නි)
මේ ගැන කනගාටුවෙන්න එපා. මේක ලංකාවේ සාමාන්‍ය දෙයක්.(නදී)
පක්ෂයේ කී දෙනෙක් ඔය වගේ වැඩ කරලා යහතින් ඉන්නවද? (නි)
දයා අලහකෝන්, මට පේන විදියට රජයේ ආයු කාලය අවසන් වෙන ලකුණු තමයි මේවා. (නි)
මේ වගේ අයට නාම යෝජනා දෙන්න තරම් පක්ෂය පහතට වැටිලද? (නි)
පාසල් ගුරුවරියක දණ ගැස්සවීයැයි කියන සිද්ධියේ උසාවියේ නඩුවකට මුහුණ පාසිටින වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වුවහොත්,එම ගුරු මෑණියන් විපක්ෂයෙන් එදිරිපත් වෙනවා කියලා අන්තර් ජාලයේ වෙබ් අඩවියක සදහන් වෙලා තිබුනා. (නි)
රට යන්න ඕනෑ තලයට යන්න ඕනෑ නිසා මේ වගේ අය අපට අවශ්‍යයි (නි)
අපියි වැරදි කරන්නේ. දැන දැන මෙහෙම අයට ඡන්දය දෙන එක. ගුරුවරියක් කියන්නේ මොන තරම් සමාජ සේවක් කරන කෙනෙක්ද?තමන්ගේ දියණියගේ විලි වහන්න හදපු ගුරුවරියට දඩුවම් කරපු මෙ පුද්ගලයාට අපිම ගිහින් ඡන්දය දෙනවා ෂුවර් එකටම. මොහුව අපේ මිනිස්සු දිනවනවා. ඒකනම් වෙනවාමයි. එදාට මොහු අපිට හිනවෙලා තවත් ඒ දේම කරනවා (නි)
මට පේන විදියට රජයේ ආයු කාලය අවසන් වෙන ලකුණු තමයි මේවා.(නදී)
මෙයාව නාම යෝජනාවලට කැදවපු අයට ඉස්සෙල්ලා ගහන්න ඕනා. මේකට නාම යෝජනා දුන්නොත් මුළු ගුරු සංහතියම දන ගැස්සුවා හා සමානයි.(නදී)
අධ්‍යාපනයට හෙන ගැහැව්වත් කමක් නැහැ කියන මැට්ටන්ගේ දේසයක් කියල.(අ)
හැමදාමත් වගේ අපි තාමත් ගොන්නු. ඒක එයාලා දන්නවා. හරකෙක් දැන ගැස්සුවනම් කීයට වත් ආයේ එයාට අපි ඡන්දෙ දෙන්නේ නැහැ.(නදී)
මෙයාට නාම යෝජනා දෙන්න අවසර දුන්න කෙනයි, නාම යෝජනා බාර ගත්ත කෙනයි දෙන්නම දනගස්සවමු.(නදී)
අනේ වයඹ ජනතාව නැවතත් ඡන්දෙ දෙනවා. බොරුද බලන්න (නි)
මන්ත්‍රී කෙනෙක් වෙන්න තියෙන හොඳම සුදුසුකම මෙයා ගාව තියෙනවා (නි)
අනේ වැරදිලා හරි චන්දෙන් දිනන්න බැරි වුනොත් බෝනස් මනාපය හරි අරන් දෙන්න මේ ජනතා පුත්‍රයාට (නි)
මේ පුද්ගලයට මනාපය දෙන ඡන්දදායකයා බත් නොකන අයෙක් වියයුතුයි (නි)
මේ දණ ගස්වන්න හදන්නේ ශ්‍රී ලංකාවේ සමස්ත අධ්‍යායාපන ක්‍රියාවලියයි. (නි)
මේ වගේ අයට ඡන්දය දෙන්න තරම් මෝඩ මිනිස්සු වයඹ පළාතේ නැහැ. මේ ප්‍රශ්නෙදි ජනාධිපති තුමා මුලදී කිව්ව විදියට සධාරණයක් ඉෂ්ඨ වෙන්නේ නැහැ නේ. මම නම් ඡන්දය දෙන්නේ නැහැ දෙමවුපියෝ ගුරුවරු අදුරන්නේ නැති මේ වගේ අයට. (ත)
ඡන්දෙ ඉල්ලන්න ආවම මේ වගේ අය දන ගස්සලා ඉන්න දීලා අකුරු උගන්නන ඕනෑ.තමන් පාලනය කරගන්න බැරුව කොහොමද දේශයක් පාලනය කරන්නෙ. පුළුවන්නම් දේශය පාලු කරන්න හොඳ සුදුසු අයෙක් ලෙස අපට නිර්දේශ කරන්න පුළුවන්. අනේ රටට ගිය කලක්. (නි)
මෙය විතරක් නෙමේ ගුරුවරු දැන ගැස්සුවේ. එක්කෙනෙක් පාර්ලිමේන්තුවේත් ඉන්නේ. අසරණ කියල ගම්පහ නිට්ටඹුවෙන්.(නදී)
මෙයා විතරක් නෙමේ ගුරුවරු දැන ගැස්සුවේ. එක්කෙනෙක් පාර්ලිමේන්තුවේත් ඉන්නේ.(නදී)
ලංකාවේ දේශපාලනයට පිවිසීමට නම් මුලින්ම කලයුත්තේ ත්‍රීවීල් මල්ලි කෙනෙක්වී මැරයෙක්වීමයි. ඉන්පසු එලැබෙන මැතිවරනයේදී තමන්ගේ පලාතේ ඇමතිට හෝ මන්ත්‍රීට උදව්කිරීමයි. එහිදී තම විරුද්ධවාදීන්ගේ පෝස්ටර් උඩින් තම ලොක්කාගේ පෝසුටර් අලවා, බැනර් කපා , විරුද්ධවාදීන්ගේ රැස්විම් සංවිධානය කරන අයට අල්ලාගෙන ගසා හෝ නැත්නම් උපරිම දඬුවමදී ඒවා කඩාකප්පල් කිරීමයි. ලොක්කා දිනුවට පසු ගමේ මංකොල්ල කෑම කුඩු විකිනීම ස්ත්‍රී දුෂන ආදී කර තමාද ඊලඟ ඡන්දට බලපතුය ලබාගැනීමයි. එසේ ඉදිරියට ගියපු තමන්ට කරදරයක්වු විට තම නායකයා වුනත් ගෙදරටම ඇවිත් හුරතල්කර යනු ඇත.(නදී)
මෙයාව පරීක්ෂා කරන්නේ කළුවර අදුරු කාමරයකද ? නැතිනම් අන්දයෙක්ද? හෙට බලාගන්න පුළුවන්.(නදී)
වයඹින් දේශපාලය කරන්න මුලික සුදුසුකම් මෙයා ගාව තියන බව පාලකයින්ට පෙන්නුවනේ විසුරුවන්නත් කලින්ම. ඒ නිසා පරිෂණයෙන් සමත් ඇති. මෙයාලට ඡන්දෙ දෙන අයට අම්ම තාත්තත් අමතක වෙන්න ඕනා.(නදී)
මේ ගම්පහ නෙවේ, වයඹ. ජනතාවට කොකා පෙන්වන්න බෑ ජනාදිපතිටවත්. (නදී)
දන්නේ නැති නිසා අහන්නේ ජනපති නියමයෙන් ඉල්ලා ඇස්වුනු ඔහුට නැවත මේ විදිහට කරන්න කියල තියෙන්නේ ජනපතිමද ? නැත්නම් කොහොමද මෙවන් දෙයක් සිද්ධ වෙන්නේ ?(නදී)
වතුර ටිකක් මුහුණට ගහල බැලුවනම් හීනෙන්ද ඇවිත් තියෙන්නේ කියල. (ත)
වයඹ ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ලංකාවට කරන්න පුලුවන් කැතම වැඩේ කළේ වයඹ මිනිස්සු. (නදී)
මෙහෙම අයට නැති වෙන්නම ජනමාධ්‍යයෙන් ගහන්න ඕනෑ.ඔය වගේ අය කරන කියන දේ සමාජයට පෙන්වලා දීම රටට ආදරේ කරන සියලු මාධ්‍යවේදීන්ගේ යුතුකමක් සහ වගකීමකි. (නි)
දරුවන් එදිරියේ ගුරුතුමියක් දන ගස්වපු මේ වගේ කෙනෙකුට ඡන්දය නැවත ඉල්ලන්න ඉඩ දෙන කෙනා කවුද? (ත)
මෙයා හිතන් ඇති වයඹ පළාතේ සත්තු වත්තක් තියෙනවා කියලා...(අ)
ජනාධිපතිතුමා අපිට කොකා පෙන්නුවාද? (ත)
මෙය වාඹ වීරයා. මෙයට නුදුන්නොත් පරාදයි. (ත)
ඡන්දෙ ඉල්ලන්නෙ ඔක්කොම මේ වගේ දේවල් කරපු කට්ටියනෙ ඉතින් මේකෙ මොනවද අලුතෙන් පේන්න තියෙන්නෙ (අ)
මෙයා ආවොත් පුදුම වෙන්න දේකුත් නෑ. (අ)
බල සුභ නිමිති පෙර මග නැකතටත් වැඩී...සුභ අනාගතයක් !..රටට හෙටක්...(අ)
වංචා කරුවන් ,දාමරිකයන්, දුෂකයන් රාජ්‍ය සේවයට සම්බන්ද කර ගන්නා ලෝකයේ එකම රට අපේ රට කිවුවොත් හරිද? (නි)
වයඹ පළාතේ මිනිස්සු කොහොම සිතන අයද කියල දැන් ලෝකයට බලාගන්න පුළුවන්.(නදී)
වයඹ පළාතේ ඉන්නේ මොනවගේ මෝඩ මිනිස්සුද, මේ වගේ අයට ඡන්දය දෙන්නේ. අපේ ජනාදිපති තුමාගේ පක්ෂයත් කන්න යන්නේ. මෙයා නම් හිගන්නෙක්. පරික්ෂනයට කැදවපු අයට ගහන්න ඕනේ. මන් හිතන්නේ නැහැ වයඹ පළාතේ මිනිස්සු ඔය තරම් මෝඩයි කීයලා. රටට බුදුසරනයි. ජනාධිපති තුමා කරගෙන යන වැඩපිලිවෙලටත් නින්දාවක්. පක්ෂෙට බුදුසරණයි. සන්දානේ ගැන ලොකු විශ්වාසයක් තිබුනා. මේවගේ දේ දකිනකොට පිරිහෙනවා, දුක හිතෙනවා.(නදී)
මොකද මේ කට්ටිය බය වෙලා. මෙයාට මන්ත්‍රී කෙනෙක් වෙනද පුලුවන්ද ඡන්දෙට ඉදිරිපත් වෙලා. මිනිස්සු ඡන්දෙ දුන්නොත් මිනිහා ආපහු එනවා. මේ සේරම තියෙන්නේ කතිරෙන් කරන වැඩ. අපිට බලාගන්ට පුළුවන් වයඹ ඉන්නේ කවුද කියලා. ලොකු තැනටත් ඕනේ මේයාව එලවන්න. එළවන්න පුළුවන් හොඳම ක්‍රමය තමා මේක. වයඹ මිනිස්සු අතේ තමා වැඩේ තියෙන්නේ. මිනිහව තියා ගන්නවද නැද්ද කියලා මිනිස්සු තීරණය කරයි.(නදී)
ඉලලුවට කමක් නැහැ. ඡන්දේ දෙන අය ඒගැන හිතුවා නම් හරි ගෙදර යවන්න.(නදී)
සම්මුඛ පරීක්ෂණයට කැදෙවුවේ කොහොමද කියන එකනේ ප්‍රස්නේ. ඡන්දෙ දෙන නොදෙන එක සිද්ද වෙන්නේ පස්සෙනේ. සම්මුඛ පරීක්ෂණයට ඇතුලත්වීම පවා ප්‍රශ්නයක් නොවේද. ආ මට අමතක උනා මන් ස්විට්ර්ලන්තේ හිටියට බැලුවේ ලංකාවේ ප්‍රවෘත්තියක් කියලා.(නදී)
ටිකිරි බණ්ඩා, ඒ නාම යෝජනා දෙන කෙනා අපේ රටේ ආඩම්බරකාර තාත්තම තමයි. (නදී)
ඇත්තටම මෙයාව මොකටද සම්මුඛ පරීක්ෂණයට කැදෙව්වේ. මේකෙන් පහත් මට්ටමට වැටෙන්නේ රජයම නේද? අනෙක් සම්මුක පරීක්ෂණ ගැන මොන කතාද?(නදී)
ඔව් ඔබ තුමා නැවත බලයට පැමිණ මෙවර විදුහල් පති වරුන්ව දන ගස්සන්න. අපිට ඕනේ ඔබ වගේ අයව. පුළුවන් නම් මුළු රටම දන ගස්සන්න. රටම නැවත ගඳ ගසන්න නැවත බලය අරන්. අපේ ඡන්දය ඔබට. ජය වේවා සරත් කුමාර ආනන්ද. අපි වගේ මෝඩයන් සැමදා ඔබ සමග. ඔබට ජය වේවා!(නදී)
එයා තමා වයසින් වැඩිම මනාප ගන්නේ මහ ඇමති වෙන්නැති බැරි නැහැ. නීතියට ගිය රටක්.(නදී)
මෙයාට චන්දය දෙන්නේ පාසැල් ගිය කෙනෙක් වෙන්න බැහැ(අ)
සමහර අය කියාවි ගුරිවරිය දන ගැහුවේ වෙන දේකට කියලා. මේ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කලොත් කියාවි එය දේශද්‍රෝහී වැඩක් කියලා. බලමු වයඹ ඉන්න මෝඩයෝ ගැන ගණන් කරත හැකි මොහුට ලැබෙන ඡන්ද වලින්. (නදී)
ඔන්න පුතෝ දීපියව් ඡන්දේ. වයඹ පුතුනි කඩු පොලු අරගෙන ලෑස්ති වෙයව්. රෙද්දක් ඇදගෙනද මෙයා ඡන්දේ ඉල්ලන් එන්නේ.(නදී)
සම්මුක පරික්ෂණයේදී පස්ස හරවල ඇදුම් ගලවල බැලුව නම් පෙනෙයි මොලේ තැලිලා තියන විත්තිය. මුන් වගේ ලජ්ජා නැති හිගන්නෝ ජාතියක් තවත් එනනවනේ ජන්දේ ඉල්ලන්න. (අ)
සරත් යෞද්ද්ය පෙන්න පෙන්න තවමත් අපිට කොකා තමඊ පෙන්නන්නෙයි (අ)
අපි බලමු වයඹ පළාතේ ඉන්නේ කොහොම අයද කියල. (අ)
මෙයාට ඡන්දය දෙන්නේ නෑ, මේ වගේ අයට ඡන්දය දෙන්න තරම් මෝඩ මිනිස්සු වයඹ පළාතේ නැහැ, මෙයාලම ගන්නව (අ)
වසර දහඅටක් විතර මේගොල්ලෝ කනවා ඊළඟ අයටත් කන්න දෙමු නැත්තම් කල වැඩිවෙලා මැරිලා යනවා (අ)
මන්ත්‍රී තුමා, මේ රටේ හරක් මොළ තියන ජනතාවට ඔබතුමාලා හොඳ වැඩියි. පුලුවන්නම් පුත්තලම පැත්තේ හරක් පටවන්න එන ලොරි කීපයක් බලලා ගිනි තියන්න. අපේ ජනතාව ඔබව රටේ ජනාධිපති කරලා තමයි නවතින්නේ. ඔබට ජය .(අ)