තමා අසාධාරණ ලෙස ස්ථාන මාරු කළැයි කියමින් සිංහල විෂය උගන්වන කල්‍යාණි ගුණසිංහ නම් ගුරුවරිය කොළඹ රාජකීය විද්‍යාලයයේ දෙමහල් ගොඩනැගිල්ලක් මතට නැග විරෝධතාවක් ඇරැඹුවාය.
රාජකීය විද්‍යාලයයේ පරිපාලනයට එල්ල වී ඇති චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසමේ විමර්ශනයක සාක්කි දීමට පෙර දින කිසිදු හේතුවක් නොදක්වා මෙම ගුරුවරිය ඇතුළු සිව් දෙනකු ස්ථාන මාරු කළැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
ජාතික පාසල් අධ්‍යක්ෂවරයා ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීහු ද එම ස්ථානට පැමිණ සිටිති.
ගිලන් රථයක් ද පාසල් භූමියේ නවතා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරිය පාසලටම උගන්වන්න වගේ උඩින් ඉඳගෙන ඉන්නේ... අනේ අපේ ගුරුවරුන්ට ඉස්සර මේ වගේ ප්‍රශ්න ආවේ නැතුව වෙන්න ඇති. (ස)
රාජකීය වැඩක්...(ස)
ගුරුතුමිය, පනින්න පෙර හිතා බලනු. (ස)
ලංකාවේ පාසල් අධ්‍යාපනය සුරැකීමේ පළමු පියවර ලෙස රාජකීය විද්‍යාලය පෞද්ගලික කරණය කලයුතුයි. එවිට දක්ෂ ගුරුවරුන්ට ඉහල වැටුපකට රැකියා බියෙන් තොරව එහිම සේවය කළ හැකියි.(ස)
මේ රටේ දේසපාලන සවිය නැති හැමපුර වැසියෙකුටම තම හිමිකම දිනා ගැනීමට තම පන නල උගසට තැබීමට සිදු වී ඇද්ද. මෙය එකදිගටම එකම දේශපාලන පක්ෂයක් හෝ නායකයෙකු බලයේ තිබිමේ ප්‍රති පලයද .මේ හැම දෙනාම රට දියුණු කරන්නේ ඒගොල්ල්ලනේ සාක්කුවේ මුදලින් නොවන බැවින් මැතිවරණයෙන් මැතිවරණයට දෙසපලකයන් මාරු කිරීමට කාලය පැමිණ ඇතැයි සිතමි.(ස)
රටේ අධ්‍යාපන පද්දතියම විනාසයෙන් විනාසයට යනවා.එහෙන් විභාග අවුල් අනේ මෙහෙව් අශ්චාර්යයක්.(ස)
මේ ගුරුවරිය පාසලට කල මෙම විනය විරෝධී ක්‍රියාවම ඇති ඇයව මාරු කිරීමට. රාජකීයයේ හිටපු ගෞරවනීය ගුරුවරුන්ට මෙය විශාල අපහාසයක්.(ස)
ඔහොම බෑ අප්පා. ලොකු උස ගහකට නගින්ඩ ඕන. දැන් කී දෙනෙක් තමන්ගේ ප්‍රශ්න විසඳගත්තද ගස් නැගලා.(ස)
තමන්ට උද්ගත වෙලා තියන ප්‍රශ්නෙට නිසි විසදුමක් සොයාගන්නේ නැතිව මේ වගේ දෙයක් කලාම. එයාගෙන් ඉගන ගන්න දරුවෝ ලබන ආදර්ශය මොකද්ද . උගත් ගුරුවරු මේ වගේ දේවල් කරන එක උපහාසයක්.(ස)
කොල්ලකාරී ආර්ථිකයක සහ නින්දනීය දේශපාලනයක බලපෑම විසින් දිසාපාමොක්ලා ඔසවා තබා ඇති ස්ථානයයි මේ, පෙනෙන්නේ. ජාතියක අධ්‍යාත්මය පෝෂණය කරන ගුරු භාවතුන්ට අත්ව ඇති ඉරණම ගැන සිතට දැනෙන්නේ බලවත් දුකක්.(ස)
අනේ, මේ නම් ගුරුවෘත්තීය වැනි උතුම් වෘත්තිය නිගා දීමක්. තමන්ගේ උගත්කමට මෙය සුදුසු නැහැ. හෙට, ළමයි වහල උඩ නගින්නට බැරි නැත.(ස)
පද්මසිරි ඔයාට තේරෙන්නෙ නැද්ද දූෂණයට එරෙහිව සාක්ෂි දුන්නහම වෙන දේ? (නි)
නියමයි, නියමයි ! (ස)
ඕනෑම ප්‍රස්නෙකට මෙහෙම කරන එකද එකම විසදුම. අනික ගුරුවරු ..මීට වඩා ඔලුවෙන් කරන දෙයක් කරානම් තමා හොද නේද. ගරුත්වය පිළිබද ප්‍රශ්නයක් ඇතිවෙනවා මෙහෙම කලාම..(ස)
මේ ඔක්කොටම මුල මේ අහවලා තමයි ඉතින් (නි)
වරුණ අයිත් ඔය මෝඩ කතා කියන්න එපා. අපි මේකට විසඳුමක් සොයන්න යන්නේ.(ස)
එයාව බිමට බස්සවලා දණ ගස්සයිද දන්නෙ නැහැ කවුරුහරි (නි)
ෂෙල්ටන්ට නම් මරු මොළයක් තියෙන්නෙ. ලංකාවෙ ඇමති මණ්ඩලයටම ගැළපෙන මොළයක්.(ස)
මේක චන්ද කාලේ නිසා දැන් ජනාදිපතිතුමා මෙයාට කෝල් කරනවා. ඊට පස්සේ මේයා පහලට බහිනවා. මේකට සැහෙන මාධ්‍ය ප්‍රචාරයක් දෙනවා. මිනිසුන්ට බඩු මිල ගැස් මිල වැඩිවෙන එක අමතක වෙනවා. ඔන්න අපේ ආණ්ඩුවේ ටිකිරි මොලේ. (ස)
මෙයාව උඩින් තියපු එක්කෙනා බිම ඉන්නවා..නියම ක්‍රමනේ අත්හදා බලන්නේ.. ඔහොම යන්.. ඔහොම යන්.. හෙට අනිද්දා ඔව ආදර්ශයට අරන් ළමයිනුත් උඩ නගීවි අරව මේවා ඉල්ලලා. නියම ගුරුවරු...(ස)
මේ ළඟදි තවත් දෙදෙනෙක්වත් මාරු කළා. එක්කෙනෙක් පාසලට ගොඩක් වැඩ කරපු හොඳ ගුරුවරයෙක්.මේකත් ඒ වගේ එකක්ද දන්නෙ නැහැ (නි)
ගුරු වරියන් දනගස්සන, වහලේ නග්ගන රටක් ගැන ඇහුවමයි. (ස)
1977දී මට ස්ථාන මාරුවක් ලැබනා මේ විදීයටම.මා අනිත් පාසලට ගියා සද්ද නැතිව.(ස)
රටේ සෑම පුද්ගලයෙක්ම වැඩ කරන්නේ බොහෝම අවේග සීලීව, මමනම් කරන්නේ මාරුවක් ලැබුණානම් ! කෙලින්ම අලුත් ඉස්තානේ වැඩ බාරගන්නවා ..අලුත් මුහුණුවරකින් සියලු ප්‍රශ්න අමතක කරලා නැවුම් සිතින් ..? එක තැන පල්වෙවී , හැමදාම එකමදේ කරනවට වඩා නිදහස්ව නිවහල්ව, උගත් කමින් ප්‍රයෝජනයක් ගන්නවා, ප්‍රශ්න ඇති නොකර, තම ආත්ම ගරුත්වය රැකගෙන...? මේකෙන් පෙනෙන්නේ තමන්ගේ උගත් කම කොහෙද ? තමන් තැනට සුදුසු විදියට වැඩ කර නොගෙන ...? (ස)
ඒත් රූපවතී අක්කා, රෝයල් එක වගේ සුපිරි පාසලකින් යන්න අකමැති කමත් ඇති. නමට තියෙනවානේ තැනක් අද ලංකාවේ.(ස)
මෙයා ඔය නැගල ඉන්නේ නගර සභා ශාලාවේ මුදුන බලන්න .අර අනුරපුරේ එක්කෙනා කොත බලන්න නැග්ග වගේ (දී)
අද අව්වේ හැටියට මෙයාට වැඩි වෙලාවක් අල්ලන්න බැහැ..ඔහොම ඉන්න දෙන්න..ගුරුවෘත්තිය ගැන මිනිස්සුන්ගේ තියෙන ගෞරවය කන්නේ මේ ගුරු සංගමේ තමයි.. (ස)
මමත් ඔය පාසලට ගිය කෙනෙක්. අපිත් ඉතින් ඇත්ත ඇති සැටියෙන් දැක්කා. (ස)
ගුරු ගෞරවයට හොද නැ. ගුරුතුමිය !. (ස)
සුපිරි පාසලකින් තවත් සුපිරි පාසලකට මාරුවක් දෙන්නම් අනේ කරුණාකර බිමට බහින්න (දී)
මමත් මේ පාසැල ලඟින් පාරේ ගිහින් තියෙනවා. ගුරු තුමිය ඉන්නේ අනතුරු දායක විදියට. මේ ඔක්කොටම හේතුව සංජිව කියන කරුණ තමයි. (දී)
ඉස්සරහට අපිට බලන්න වෙන්නේ ඉල්ලීම් දිනාගන්න මීටත් වඩා දරුණු තීරණ ගන්න මිනිස්සු. මීට අවුරුදු කීපයකට කලින්නම් මේ වගේ සිදු වීම අහන්නවත් තිබුනේ නැහැ. දැන්නම් මොන තරාතිරමේ කෙනෙක් වුනත්, උගත් නුගත් වුවත් තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න ගස් උඩ ගොඩනැගිලි වලට නගින්න පුරුදු වෙලා. මගේ පුද්ගලික අදහසනම් මෙ ගුරුවරිය අරගෙන තියෙන්නේ වැරිදි ක්‍රියා පිළිවෙතක්. මොකද ගුරුවරියක් වශයෙන් එය සමාජයට දෙන පූර්වාදේශය ඉතා මත් වැරදී. මේ රටේ ඉස්සරහට මට හිතෙන්නේ ඉල්ලීම් දිනා ගන්න මීටත් වඩා දරුණු තීරණ වලට මිනිසුන් පෙලෙම්ඹෙන්න ඉඩ තියෙනවා. මොකද මේ වගේ විරෝදතා කරලා මිනිස්සු ඉල්ලීම් දිනා ගෙන තිබීම සහ නීතිය මගින් මේ වගේ විරෝදත තහනම් නොවීම. (ස)
රාජකීය වහල. උඩ රාජකීය කාන්තා ගුරුවරියක්.. රාජකීය උපවාසයක.. හැකි ඉක්මනින් රාජකීය විසදුමක් දෙන්න ....! හැබැයි වහලේ උඩ නැග්ග කියන එක නම් ගුරුවරියකට ගැලපෙන්නේ නැහැ (දැනගස්සුව වගේම තමයි) .... බුද්ධිමත්ව විසදගන්න ඕන දේවල්.. (දී)
මෙතන හුඟක් අය මේකට දේශපාලනය ගාවගෙන තියෙනවා. එත් මේක තනිකරම විදුහල්පතිගේ තීරණ පිලිබඳ ප්‍රශ්නයක්.(ස)
මේ ගුරුතුමිය ඉන්නේ වහලේ උඩ කියලා කිව්වට ඔතෙන්ට යන්න හරිම පහසු තැනක්. මමත් පාසල් කාලයේදී ඔය හරියට ගිහිල්ලා තියනවා. ඔය දහුණු පැත්තෙන් තියන තුන්වෙනි තට්ටුවට ගියාම අඩි දෙකතුනක් උස තාප්ප කෑල්ලකින් පැන්නම ඔතෙන්ට ඉතාම පහසුවෙන් යන්න පුළුවන්. (ස)
රාජකීයෙ දාල යන්න බැරි තරම් “රාජකීය“ හේතුවක් මෙයාට ඇති. නැත්නම් ස්ථාන මාරුවීමකට මේ විදියට උපවාස කරන්න ඕනද? ගුරුවරිය දණ ගැස්වූ දේශපාලකයාට නාම යෝජනා නුදුන්නා සේම මෙයාටත් මතක හිටින පාඩමක් උගන්වන්න ඕන. ගුරු වෘත්තීයේ යෙදෙන අනෙකුත් අයගෙ ගෞරවය වෙනුවෙන්. ගුරු ගෞරවය නැති වෙන විදියට ඔවුන්ව පාරට දාන අයටත් දඬුවම් කල යුතුයි (දී)
රාජකීයය දාලා යන්න බැරි තරම් “රාජකීය“ හේතුවක් එයාට ඇති. නැත්නම් ස්ථාන මාරුවීමකට මේ විදියට උපවාස කරන්න ඕනෑද? ගුරුවරිය දණ ගැස්වූ දේශපාලකයාට නාම යෝජනා නුදුන්නා සේම මෙයාටත් මතක හිටින පාඩමක් උගන්වන්න ඕනෑ. ගුරු වෘත්තීයේ යෙදෙන අනෙකුත් අයගේ ගෞරවය වෙනුවෙන් එය කළ යුතුයි. (නි)
මේක ගුරුවරියගේ වරදක් නෙමේ. මේ පාසලේ වාර්තමාන පරිපාලනය එක්ක ඉන්න බැරිව ගොඩක් අය මාරු වෙලා ගියා. (අ)
වත්මන් පරිපාලනයට විරුද්ධ වුණු ගුරුවරයකුගේ ගෙදරට වෙඩිත් තිබ්බා. අනේ ගුරුතුමියනි බලාගෙන. ගුරු සංගම් නායකයෝ මේ ගුරුවරිය ආරක්ෂා කරන්න ඕන.(අ)
මේ ගුරුවරිය ඉතාමත් ආත්මාර්තකාමි කෙනෙකු විය යුතුයි. තමන් විසින් කරන ලද දෙයක ප්‍රතිඵල නොපෙනී ඇත්තේ ආත්මාර්තකාමිත්වයෙන් ඇස් අන්ධවී ඇති බැවින්ය. ගුරුවරියක් වශයෙන් නිතරම තම සිසුකැල ගැන සිතා තීරණ ගත යුතුයි. මේ කළ අගෞරවනීය දෙයින් රෝයල් එක වගේ සුපිරි පාසලක තියා මාරුකර යවන පාසලේවත් දැන් ඇයව යහපත් ගුරුවරියක් වශයෙන් පිළිනොගනී. (අ)
මේ පාසලේ සමස්ත ගුරුවරු වෙනුවෙන් හඩ නැගූ එකම ගුරුවරිය මැයයි. ජයවේවා.(අ)
මේකට වග කියන්න ඕන අධ්‍යාපන අමාත්‍යංශය. අසරණ ගුරුවරු අමාරුවේ දානවා. කෝ මේ රටේ නීතිය? පොඩි පාසල් වලට වෙනම නීතියක්. ලොකු පාසල්වල විදුහල්පතිවරුන්ට වෙනම නීතියක්. (අ)
නීතිය වල් වැදුණු, අවනීතිය රජ කරන රටක මෙසේ නොකර වෙන කුමක් කරන්නද? අවම වශයෙන් වාරවිභාග ප්‍රශ්න පත්තරයක්වත් නිවැරදිව හදා ගන්න නොහැකි දේශපාලන හෙන්චයියන්ටම තමා ප්‍රමුඛතාවය ලැබෙන්නේ.දැන් ඉතින් අපි කුමක් කරන්නදෝ...? රට පෙරට....! (නි)
මේ වගේ ගුරුවරු ලංකාවේ හොඳ පාසලක උගන්නවා කිවුවමත් අපිට ලැජ්ජයි (නි)
මිනිස්සු ගස් බඳින, ගුරුවරියෝ දණගස්සන දේශපාලකයෝ ඉන්න මේ ධර්මදීපයේ මිනිස්සු ගස් නැගලා, වහලවල් උඩට නැගලා ඉල්ලීම් ඉල්ලන එක අරුමයක් වෙන්න බැහැනේ. මොකද මේ බුද්ධිමත් ජනතාවමනේ 2/3 බලය දීලා මේ ආණ්ඩුව පත් කරගත්තේ. කුම්බලාවෝ කෑවා නම් විදවාපන් බළලෝ ..... (නි)
ගුරුවරියක් වුණහම මීට වඩා සංවරව කටයුතු කරන්න ඕනෑ.මේක ඉතා වැරදි ආදර්ශයක්. පාසලටත් අපහාසයක්. (නි)
නුවන් කීර්ති, ඔයා හරි. ඒක තමයි මෙයා මෙච්චර සද්දේ දාන්නේ. (නි)
මමත් ගියේ රාජකීයකට තමයි. හැබැයි ඔහොම ප්‍රශ්න නැහැ. ඒ වල්ගම රාජකීය විදුහල (නි)
මේ ගුරුතුමියගෙ ක්‍රියාවෙන් රටේම ගුරුවරුන් අපකිර්තිමත් වෙනවා නේද? මැයගෙ මානසික මට්ටම පරික්ෂා කළ යුතුයි. (නි)
ධම්ම, සුබ පතන්න ගුරුතුමියට කොන්දක් තිබීම ගැන. ඔයාට ඒක කරන්න බැරි වුණාට දුකයි (නි)
අනේ අපේ අනන්දයේ නම් ඕවා වෙන්නෙ නැහැ (නි)
මේ රටේ මිනිස්සුන්ට තම අයිතින් දිනා ගන්න ඉහළට යන්න වෙලා ඒ කියන්නේ නිළධාරින්ගේ ඉහළට නොවේ, ගස් ගල් ගොඩනැගිලි උඩට. මොනවා කරන්නද? පඩුපුල් ආසන තිබුණේ ඉස්සරනේ. සක්‍රයාට නොපෙනෙන දුක කාට පෙන්නන්නද? ශක්‍ර දේවේන්ද්‍රයාණෙනි, මේ පඩුපුල් ආසන රත්වෙන කාලයයි.බලන සේක්වා! (නි)
වහල කැඩුනොත් වග කියන්න වේවි.. (ස)
අයිතීන් දිනාගන්න සටන් කරන්න අයිතිය සැමටම පොදු වූ මෙම කාලයේ ගුරුවරියත් එසේ නොකර මොනව කරන්නද ? (ස)
ළමයිනේ ගුරු වෘතිය කියන්නෙත් ඉහල යන්න පුළුවන් රස්සාවක් කියල අද ඉදල ඉගෙනගන්න (දී)
වගකිවයුතු වුර්තින් අය මෙහෙම කරන්නේ කොතන හරි වැරදි ඇති නිසා. මේව ගැන වගකිවයුතු උදවිය නිහඩව නොසිට ඉක්මනට මැදිහත්විය යුතුයි නේද? (දී)
බන්දුල ඇමැතිතුමනි, අධ්‍යාපනය සම්පූර්ණ අවුල් ජාලයක් බවට පත්වේගෙනයි එන්නේ. (දී)
මම ඉන්න කාලේ 1974 විදුහල්පති එල්.දී.එච් පීරිස් මහතා, නියෝජ්‍ය විදුහල්පති ගුනසේකෙර මහතා නොහොත් කවුරුත් බය "කටයා". එකල හිටිය මහත්වරුන්ට අද්යාපන ඇමතිව හිටපු රනිලුත් බයයි, හිටපු ජනාදිපති ජේ අර්ජයවර්දනත් බයයි. ඔවුන්ගේ පරමාර්ථය වුනේ පාසලේ නම ආරක්ෂා කිරීම පමණි. ඔවුන් දේශපාලකයන් තබෙකට ගණන් ගත්තේ නැහැ. දැන් එකේ අනිත් පැත්ත මුළු රටම නූගත් දේශපාලකයන්ට ලියල දීලා.. මෙම සිද්දි අරුමයක් නෙවෙයි. පරිහානියේ ලක්ෂණ ඇත ළඟ. (දී)
1977 දි ජේ ආර් ගෙ විවෘත ආර්ථිකයේ ප්‍රතිපල තමයි මේ. එහෙම නැතිව ආසියාවෙ ආශ්චර්යයේ වරදක් නිසා නම් මෙහෙම දේවල් කොහොමවත් වෙන්න විදිහක් නැහැ. (දී)
ඔය කවුරු මොනවා කිව්වත්, තමන්ගේගැන හිතනවා මිසක් ලමයි ගැන නම් ඔය ලොකු පාසල් වල ගුරුවරු හිතවා බොහොම අඩුයි. කොටින්ම කිව්වොත් අපි පාසල් යනකොට ටියුෂන් යන්නේ පන්තියේ වැඩ බැරිම ළමයෙක් හරි දෙන්නෙක් හරි තමයි. ඒකත ටීචර්ට අහුවුනොත්බැනලා එයාගේ වේගෙන උනන්දුවෙලා ඊළාමයවත් කොහොම හරි ගොඩදාගන්න බලනවා. ඔය ගුරුවරු හරියට උගන්වනවානම් ළමයි ටියුෂන් යන්න නැහැ නේද? (දී)
අධ්‍යාපනය දැන් එකම අවුල් ජාලයකි (නි)
හෙට ලමයි අනුකරණය කරාවි. උගන්වන එකාට ඉස්කෝලේ මාරු උනාට පාඩම මාරු නොවෙයි. (දී)
සෙල්ලන්ද කෙල්ලේ කීවලු ? මොනවා වුණත් එඩිතර ගුරුවරියක් (අ)
ගුරුවරියට වෙන කරන්න දෙයක් නැද්ද ?????? ඔකේ උඩ නැගලා ඉන්නේ ගුරු වුර්තියට අපහාස කරන්න එපා (දී)
දැන් තමය් ලංකාවේ ආශ්චර්ය දෝරේ ගලන්න පටන් අරන් තියෙන්නේ.පසුගිය දිනවල නවගත්තේගම ,ඊයේ ඔඩෙල් එකේ ,අද රෝයල් එකේ..හෙට..?බලා ගෙන ඉමු ජනතාවට මොලේ පැදෙනකල්.. (දී)
මෙයා අමාත්‍යාංශයෙන් මාරුකරලා තියෙන්නේ ජනවාරියේ. එකට ඇපීල් කරලා මාරුව බලපවත්වෙනකොට වහලට නගිනවා. ඇත්ත තත්වේ අපි දන්නවා. මෙයා කොහොමවත් රාජකීයට ගැලපෙන්නේ නැහැ. පුලුවන් ඉක්මනට යවන තැනකට යවන්න. මේ වගේ අය නිසා ඉස්කෝලෙට හා මුළු ගුරු පරපුරටම නින්දාවක් (දී)
මේ මිස් ප්‍රින්සිපල් කරපු හොර වැඩ වලට විරුද්ධව විරුද්ධව සාක්කි දෙන්නේ . ඒ නිසා එයාව මාරු කරලා. කටයා සහ පිරිස් තුමාල ඉන්න කලේ තිබුන රෝයල් එක දැන් නැහැ. ඒක විනාසයි. විනාස කලේ කවුද කියන එක කවුරුත් දන්නවා . විනාසයේ අනුපාතයට විනාස කළ අයගේ සාක්කු කෝටි ගනනින් පිරෙන්නේ . (දී)
ගම්පොළට අවුරුදු 36කට පස්සේ ජේ ආර්ගේ විවෘත ආර්ථිකය මතක්වෙලා මතකනැද්ද මානුෂික මුහුණුවර, චින්තනේ මගින් වෙනස්කලහැටි. (ස)
බැලූ බැල්මට රටේ සමස්ථ ක්‍රියාවලියම සෝදා පාලුවට ලක්වෙලා මේවා රාජ්‍ය පාලනයේ වැරදීද නැතිනම් නිලධාරීන්ගේ අත්තොනෝමතික ක්‍රියා නිසාද? එසේත් නැතිනම් තමන්ගේ වැඩේ කොහොම හරි කරගන්න දගලන මිනිසුන්ගේ ලජ්ජා නැති ක්‍රියා කලාපද කියා සොයා බලා දැනුවත් කිරීම වැදගත් (දී)
රජයේ සේවය කරන ඕනෑම කෙනෙකුට ප්‍රශ්න තියනවා ඒවාට මුහුණ දීල විසදා ගන්න පිළිගත් ක්‍රම වේදයක් තියනවා. මෙම කාන්තාව කරන්නේ මාත්තෘත්වයට සහ ගුරු වෘත්තියට බෙහෙවින්ම නිගා කරන ක්‍රියාවකි. මගේ බිරිදත් ගුරුවරියක්. ඇය මේ පින්තුර දිහා බලලා කම්මුලට අත් දෙක තියා ගත්තා.(ස)
පෞද්ගලික තරහවන් පාසැල පිටින් යැවීම අනුමත නොකර ඉන්න ගුරුතුමියනි. (ස)
කොට ගවුමක් ඇදල උඩට නැග්ග නම් විශාල සෙනගක් බලන්න ඒවි... (ස)
කෝ රාජකීය උණුසුම (දී)
දේශපාලුවෝ ගුරුවරු දන ගස්සන කාලේ තමන්ගේ අසාදාරණේට වහලෙට නැග්ගහම මොකද? මේ ගුරුතුමිය නම් ගස් නැගපු කෙනෙක් වෙන්න ඇති. (ස)
කොහොම වුණත් මේ පාසලේ පරිපාලන නිළධාරීන් ගැන නම් මගේ එච්චර පැහැදීමක් නැහැ (නි)
දිසානායක ,මොනවා කරන්නද? හිතේ අමාරුව පීඩනය ඔහොමවත් පිටකරගමු. තව කොච්චර කාලයක් බලාගෙන ඉන්නද නේද? දැන් වයඹ , මධ්‍යම ඡන්ද එනවනේ..අපි බලමුකෝ කට්ටිය කියන ජනතා නැගිටීම කොහොමද කියලා. (නි)
රාජකීය වැඩක් (නි)
අවුරුදු ගණනාවක් එකම ජාතික පාසලේම ඉන්න මේවගේ ගුරුවරු මාරුකිරීමේ වරද කුමක්ද ? පළමු පත්වීමේ සිට පෙන්ෂන් ගන්නකන් එකම පාසලේ ඉන්න එක අනිත් සුදුසුකම්ලත් ගුරුවරුන්ට කරන ලොකුම අසාධාරණයක්. (දී)
නීතිය පසෙක ලා..... සිර කර සංජීව ලා.... ගුරු සිත් පාර ලා........... රජ කරයි අධ්‍යාපනය වනසලා.... (නි)
හොඳ උගත්තු.රටට ගිය කලක්! හෙට අපේ අය කොහේ නගීද? අනේ අම්මපා! (නි)
ඇත්තටම මෙයාව මාරු කළ යුත්තේ ගෙදරට. එතරම් හොද ආදර්ශයක් මෙය දීලා තිබෙනවා. මෙො විතරක් නොවෙයි සුපිරි පාසල් වල ඉන්න අය ඒවායින් එලවන්න දුම්මල ගහලාවත් බැහැ.එයාලට එච්චරට සුපිරි ඵල ප්‍රයෝජන ලැබෙනවා. ඒකයි ඇත්ත.අල්ලපු වැටේ හිටියත් ඔය පාසල් වලට සාමාන්‍ය පවුලක දරුවෙකුට ඇතුළු වෙන්න බැහැ. හැබැයි ඇති හැකි කෙනාට එම සීමා නැහැ. මොන රජය ආවත් ඕවා වෙනස් වෙන්නෙත් නැහැ වෙනස් කරන්නත් බැහැ.අනෙක ඕවායේ ඉන්න ගුරුවරුත් කාගේම හරි හයියකින් ඔතනට ආපු අය. කාටත් එය පොදුයි.හැබැයි ඊට වඩා බලවන්තයෙක්ගෙ කෙනෙක් ඔතනට එන්න ඉන්නවද කියන්නත් බැහැ.ෂෙල්ටන් කියලා අදහස් පලකළ අයත් දේශපාලන සවියකින් හෝ මුදල් බලයෙන් කිසිම සුදුසුකමක් නැතුව තමන්ගේ දරුවන්ව ඔය පාසලට ඇතුලත් කරලා ඇති (නි)
'පොදුවේ රජයේ සේවකයින් පටන්ගත් දා සිට විශ්‍රාම යන තුරු එකම තැන සේවය කළ යුතුය' යනුවෙන් නීතිය වෙනස් කරන්න. එවිට මෙවන් ප්‍රශ්න නැත (නි)
අපේ රටේ ගුරු මාරුවීම් සිදුවෙන ආකාරය හරිම පහත්.හැම එකක්ම දේශපාලනය හා පගාකරණය වෙලා.සමහර ගුරුවරු ඉතා දුෂ්කර ප්‍රදේශ වල තම ගම පළාත් වලට එන්න නොහැකිව දුක් විදිනවා.සමහරු අනියම් ක්‍රම වලින් දුෂ්කර සේවයේ යෙදෙන්නේ නැතුව දිවයිනේ ඉතා පහසු පාසල් වලට යනවා.මේ ගුරුවරියට වූ අසාධාරණය කුමක්ද කියා අපට කියන්න බෑ.ගුරු මාරු ප්‍රතිපත්ති නමට පමණි. ජනාධිපතිතුමා වගේ කෙනෙක් මේ ප්‍රශ්නය කෙරෙහි නියම ආකාරයට බලන්න ඕනෑ. ගුරුවරු අරගල කරන එක සුදුසු නැහැ. ඒ අය කරන්න ඕනෑ පාසලට ගොස් ජාතිය අවදි කරන එක. (නි)
මේක පාසලට කරපු අපහාසයක්.... (නි)
රාජකීය විද්‍යාලය පෞද්ගලිකරණය කිරීමට කතා කරන ෂෙල්ටන් යනු, අර ඔලුවට පොල් ගෙඩියක් වැටුණු නීල්- රණා කියන කෙනාම නේද? (නි)
දැන් හැමතැනම දූෂණය, භීෂණය වැහි වැහැලා (නි)
මෙයාලා හදන්නේ පුද්ගලික තරහා පිරිමහන්න ගිහින් පාසලේ නම විනාශ කරන්න. ඔය වගේ ලැජ්ජා නැති වැඩ කරන අය කොහොමත් මේ පාසලට ගැලපෙන්නේ නැහැ. (නි)
මගේ දරුවත් රෝයල් එකට දා ගත්තේ නිකම්ම නොවෙයි. ඒ දරුවාගේ දක්ෂතාවය නිසා ඒ-9 ක් තිබූ නමුත් දාගන්න කරදර වුණා. මේ ගුරුවරියගේ කිසිම වරදක් නැහැ. (නි)
අවුරුදු ගානක් විපක්ෂයේ ඉන්නකොට,තමන්ගේ කැමැත්ත තියෙන පාලනයක් ළගපාතක තියා හත් ගව්වක් දුරවත් නැති වෙනකොට තමන් අකමැති වුණත් වැඩි මිනිස්සු ප්‍රමාණයක් තිබෙන පාලනයට කැමති කොට විපක්ෂයේ ඉන්න කාටත් හැදෙන ලෙඩේ තමයි ඔය දිසානායකට, ටිකිරිට, ඩුබායි තිලක්ට, ලාල් සුරන්ජිත්ලට, සත්‍යපාලලට හැදිලා තියෙන්නේ.මොන ප්‍රවෘත්තිය පළ වුණත් ප්‍රවෘත්තියේ තිබෙන දේ රජයට කිසි සම්බන්දයක් නැති වුණත් කට්ටිය බලන්නේ ඒකට ආණ්ඩුව පටලවලා අසහනය දුරු කරගන්න. (නි)
මෙම ප්‍රශ්නය දෙස විචාර බුද්ධියෙන් බැලිය යුතුය.ලංකාවේ කලකට පෙර වාර්තාවකින් පෙන්වා දුන් පරිදි දුෂිත රාජ්‍ය ආයතන වලින් අංක දෙවන ස්ථානයේ සිටින්නේ අධ්‍යාපන ක්ෂේත්‍රය බවයි.විශේෂයෙන්ම විදුහල්පති අංශය බවයි.එය අපට පිළිගත හැකි සිදුවීම් අප්‍රමාණව ඇත.මෙයට විසදුම රාජකීය විද්‍යාලය පෞද්ගලිකකරණය කිරීම හෝ ආසියාවේ ආශ්චර්යය නමින් දේශපාලනීකරණය කර තම තමන්ගේ එදිරිවාදිකම් පිරි මසා ගැනීම නොවේ.අප රටේ මිනිසුන් කෙතරම අවංකව රාජකාරිය කරන්නේද? කී දෙනෙක් මුදලට යට නොවන්නේද? මිනිසුන්ගේ අවංක භාවය තිබේ නම් හා රටේ දියුණුව උදෙසා කටයුතු කරන්නේ නම් බොහෝ ප්‍රශ්න විසඳා ගත හැක.කුමන දේශපාලන පක්ෂයක් බලයේ සිටියත් මෙම මූලධර්මයන් නැති අපට දියුණුවක් නැත.දූෂණය දකුණු ආසියාතිකරයේම ප්‍රබල වූ ප්‍රශ්නයකි.අපේ නොදියුණු භාවයටත් ජපානය,කොරියාව,සිංගපූරුව,මැලේසියාව වැනි ආසියාතික රටවල් දියුණු වීමටත් හේතුව මෙයම නොවේද.ගුරු මාතාව නිවැරදි නම් ඇයට සාධාරණය ඉටු වේවා. (නි)
එඩිතර වැඩක්. ගුරුවරියට ජයවේවා! (නි)
ටිකිරි මහත්තයෝ, ඒ කියන්නේ ඔයා මොනවාහරි දීලා ළමයව පාසලට දාගත්තා.කැතයි ..කැතයි..කතාවේ විදියට ආදර්ශය නැහැනේ. ඔහොම ගුරුතුමීලා හැම තැනම නැහැ, හැමදාම නැහැ. (නි)
[මෙයාලා හදන්නේ පුද්ගලික තරහා පිරිමහන්න ගිහින් පාසලේ නම විනාශ කරන්න. ඔය වගේ ලැජ්ජා නැති වැඩ කරන අය කොහොමත් මේ පාසලට ගැලපෙන්නේ නැහැ.] මෙයාලා නොවෙයි ලජ්ජා නැති වැඩ කරන්නේ. මේගොල්ලන්ගේ ප්‍රශ්න විසදන අය. (නි)
පද්මසිරි, නිසි විසදුම් සොයන්න තමයි මෙහෙම කළේ. නැතුව වෙන අහවල් එකකටද? (නි)
[මේක පාසලට කරපු අපහාසයක්....] නැත. මෙය පාසැල ගුරුවරියට කළ අපහාසයකි (නි)
මේ ගුරුවරියට සාධාරනයක් කරන්න එපා. මොකද එහෙම කළොත් අනිත් ගුරුවරුත් මේක ආදර්ශයට ගනීවි.හැම ගුරුවරයෙකුටම මේ වගේ ප්‍රශ්න තිබෙන නිසා ඔක්කොම අය වහල උඩ ඉදීවි. (නි)
රටේ අධ්‍යාපනය කඩාවැටෙන්න පෙර රජයේ පාසල් පෞද්ගලිකකරණය කළ යුතුයි. පහ ශ්‍රේණිය දක්වා නොමිලේ අධ්‍යාපනය දියයුතුයි. මේ කටයුත්ත කොළඹ රාජකීය විද්‍යාලයෙන් ආරම්භ කිරීමයි වඩාත් සුදුසුයි. පහේ ශිෂ්‍යත්වය නිසා පාසල් පද්ධතියම අවුල් ජාලාවක් වෙනවා. පාසල් පෞද්ගලිකරණයත් සමග සංවර්ධන සමිති, ආදී ශිෂ්‍ය සංගම් නිකන්ම අහෝසි වෙනවා. ජනප්‍රිය පාසල් මිත්‍යාව පුහුවෙනවා. ළමයින් මානසික ලෙඩුන් බවට පත්කරන අනවශ්‍ය තරගකාරී විභාග නැතිවෙනවා. (නි)
මෙතුමිය විදුහල්පති විභාගයත් සමත් වුණ සම්මාන ලාභී ගුරුතුමියකි. එහෙත් ඇයට විදුහල්පති තනතුර දී නොමැත. ඉතින් තමන්ව අසාධාරණ ලෙස මාරු කරහම වෙන මොනවා කරන්නද?(අ)
නීල් රණ .රටේ අධ්‍යාපනය කඩාවැටෙන්න පෙර රජයේ පාසල් පෞද්ගලිකකරණය කළ යුතුයි.මී වගේ මන්ද බුද්ධිකයන්ගේ අදහස් වලට ප්‍රතිචාර දක්වන්න වැය කරන කාලයත් අපරාදේ. මේ වගේ හරක්නේ රටේ එන්නේ.තව කුමට කතාද?(අ)
කුමාර.ඔය නීල් රණ කියන කෙනටනම් හොද නොවෙන මානසික ලෙඩකින් පැලෙනවා ඔලුව අමාරුකාරයෙක් වගෙයි මට පෙන්නේ.(අ)
රජයේ පාසල් පෞද්ගලිකකරණය කළ යුතුයි. පහ ශ්‍රේණිය දක්වා නොමිලේ අධ්‍යාපනය දියයුතුයි?.. (අ)
ලොව උසස් අධ්‍යාපන ක්‍රමයක් පවතින බවට ප්‍රසිද්ධ වූ අපේ රටට මෙහෙම වෙන්න දෙන්න බැහැනේ.ගුරු උත්තමයනුත් මේ ගැන හිතන්න ඕනෑ.නැත්නම් හැම දෙයින්ම අයහපත් ප්‍රතිපල අපේ රටේ ජීවනාලිය වන දරුවන්ටයි. (නි)
දේශපාලකයින් තමන්ගේ ගෝල බාලයින් ගස් උඩට නංවා කළ නාඩගම දැන් සමාජ පිළිලයක් තත්ත්වයට පත්වී ඇත (නි)
මෙතුමියට රාජකීය ඉනිමග ලබාදුන්නේ කවුද? (අ)
කව්ද මේ බමුණා ,ගුරුකම කියන්නේ මොකක්ද කියලා හදුනන්නෙ නැති..? එක අතකට අද කොහෙද එහෙම ගුරුකම හදුනන ගුරුවරු..? හරි හරි බමුණෝ, ඔයා හරි.මට වැරදිලා (නි)
හාමුදුරුවෝ ගිනිතියා ගන්නවා. ඊට පස්සේ ඒකට කට්ටිය දෙකට බෙදෙනවා. දේශපාලකයෝ මිනි මරනවා. ඒකට කට්ටිය දෙකට බෙදෙනවා. හැම සිදුවීමකම හරි සහ වැරදි දෙකම තියෙනවා. දක්වන ප්‍රතිචාර තමයි වැරදි. මේ හැම දෙයකින්ම කියන්නේ රටක මිනිසුන්න්ගේ මානසික පරිහානිය.ඒකට පිළියම තියෙන්නේ පාලකයන්ගේ අතේ. ඒ අය කරනදේ කව්රුත් දන්නවනේ. අපි ලේ පුච්චාගන්නේ නැතුව අපිට වරදිනතුරු උපේක්ෂාවෙන් බලා ඉදිමු. අපිට මිට වඩා ප්‍රශ්න තිබෙනවා නේද? මාලක පුතා රෝහලේ. එයාට සෙත් පතන්න බෝධිපුජා තියන්න යමු අපි රුපවති අක්කේ! (නි)
දැන් මේ ගුරුතුමියගේ පරමාර්ථය විශ්‍රාම යන තුරු රෝයල් එකේ උගන්වන්නද? (නි)
බුද්දිය හා වෘර්තීය ගරුත්වය යටපත් කරමින් අසාධාණය වෙනුවෙන් ඉස්මතු වූ සංවේදී හැගීමක ප්‍රතිපලයකි .කිසිදු බරපතල චෝදනාවක් නොමැතිව දෙමාපිය විරුද්දත්වය මත මෑතදී ඉස්තාන මාරුවක් ලැබ ගිය සිරිමාඕ බාලිකාවේ විදුහල් පතිනියගේ නිහතමානී පිළිවෙත රාජකීය විදුහල්පතිතුමා ආදර්ශයට ගත යුතුය (අ)
ඇයි ඇයි අපි කලබල වෙන්නේ ? (නි)
රාජකීය වුණට තීන්ත ටිකක් ගාගෙන නෑ....එවන්නද පොලොන්නරුව රාජකීයෙන් තීන්ත ටිං එකක් (අ)
මාලතී, ඉන්නකො ඉතිරි ටික කියන්න.මේ ක්‍රමයට එදිරිව මට තනියම සටන් කරන්න බැරි නිසා මා 1980 වර්ජනයට එකතුවුණා.රස්සාව නැතිවෙලා දරුදෙන්නයි බිරිදයි එක්ක පාරට වැටුණා.....ඒත් මා ගුරු වෘත්තියේ අභීමානය රැක්කා කියන ආඩම්බරය අදටත් ඉතිරිව තියනවා.(අ)
ලංකාවේ හැමෝගේම ප්‍රශ්න වලට උඩ නැග්ගොත් බිම කව්රුත් නැති වෙයි (අ)
කෞතුකාගාරයේ ඉනිමගට වැඩිය රෝයල් වහළය සවිමත් පාටයි. අහිංසක ගමේ ළමයි තුවාල වුණා.මගේ අම්මෝ! ...වහළය කැඩුනා නම් රෝයල් පැටව්....? (නි)
අසාධාරණයට ක්‍රියා කළ විට ගුරුවරියටම වරද පටවා ප්‍රශ්නය වහන්න වගේ හදන්නේ. (නි)
නිමල් ලලිත මහතාගේ අදහස ට කවුරුත් එකගවිය යුතුයි (නි)
නීල්- රනා දාලා තිබෙන්නේ අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එක් ඡේදයක් දෙකක්... (නි)
ගුරු සේවයටම කලු පැල්ලමක්. මැය සමස්ත ගුරු ප්‍රජාවගෙන්ම සමාව ගත යුතුයි. අසාධාරණයක් වුණහම ගත යුතු නීත්‍යානුකූල පියවරයන් පැහැදිලිව තියනවා. සිසුවෙකුට දඬුවමක් දීපු වෙලාවට ඔහුත් මෙවැනි දෙයක් කළොත්? ළමයින්ට වැරදි ආදර්ශ දුන් නිසා ඇයට විනයානුකූලව දඬුවම් කළ යුතුයි. (නි)
මේ කරන්නේ ගුරුවරුන්ට වගේම අසරණ දරුවන්ටත් දැඩි අසාධාරණ බලපෑමක්. (නි)
පාසැලට/ ගුරු වෘත්තියට කල අගෞරවයට ගේට්ටුව ළග දණ ගස්සල තියන්නයි තියෙන්නේ. (නි)
මොන ප්‍රශ්න තිබුණද මේ වැඩේ නම් ගුරුවරියකට ඔබින් වැඩක් නොවේ. (නි)
අනේ අපේ මිනිස්සුන්ට තේරෙන්නෙ නැද්ද මේ ගුරුවරිය එම පාසලේ දූෂණයට එරෙහි වෙලා එයාව මාරු කරලා කියලා.ඒක තේරුම් ගන්න මේ වගේ අදහස් දාන්නෙ නැතුව. මේක ලංකාව. ඇත්ත කතා කළොත් වෙන දේ දන්නවනේ. (නි)
වැඩේ නම් හොද නැහැ. ඒත් හිතන්න මේ ගුරුතුමියට ගොඩක් දුරක හෝ ගමනාගමනයට අපහසු තැනක නම් මොකද කරන්නේ? අද වැටුපෙ හැටියට ගුරුතුමියට එයාගේ ළමයින්ට උගන්නලා රස්සාවට යන්නත් බැරි නම් මේ වගේ තීරණයක් නොගෙන වෙන මොනවා කරන්නද? හැමෝම හිතන්නේ තමන් ගැන විතරයි. (නි)
චමීර,මෙම ගුරුවරියගේ ප්‍රශ්නය කුමක් වුවත් එයා ඒක විසදගන්න ගත්ත ක්‍රියා මාර්ගයයි වැරදියි. දුෂණයට එරෙහිව ශාක්ෂි දීලා ලැබෙන මාරුවීම අරගෙන ගිහින් ඒ අසාධාරණය රටට හෙලිකළා නම් මෙයාට අද ලැබෙන ප්‍රතිචාර යහපත් වෙනවා නේද ? (නි)
ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ට ගැටලු වලට උත්තර ලැබෙන්නේ පාරට බැස්සොත් / වර්ජන කළොත් / ගස් උඩ නැග්ගොත්/ වහළක් උඩ නැග්ගොත් සහ උපවාස කළොත් විතරනේ. ඒක නිසා මම හිතන්නේ ගුරුවරියකට මෙය නුසුදුසු වුණත්... විසදුම් අවශ්‍ය නම් කළ යුතු දෙයත් මෙයමයි (නි)
රාජකීයයි පුතේ! (නි)
මෙය වන්නි හත් පත්තුවේ සිදු වුණා නම් කැලේ පත්තරයකවත් වැටෙන්නේ නැහැ.රෝයල් හින්දම හොඳයි! (නි)
රාජ්‍ය ගුරු වෘත්තිය පහත් කරන්න එපා. ඕනෑම පාසලක වැඩ කිරිමට සුදානමි වීම තමයි සුදුසුම ක්‍රීයාමාර්ගය. (නි)
කොන්ද පණ තිබෙන මන්ත්‍රී කෙනෙක්වත් නැද්ද? (නි)
අධ්‍යාපන ඇමතිතුමනි, හැම අවුරුදු පහකට වරක් ජනප්‍රිය පාසල් වල ඉන්න ගුරුවරු මාරු කරන්න. (නි)