සපත්තු දෙකක් ගැනීමට මුදල් නැති නිසා සෙරෙප්පු දෙකක් පැළැඳ පසුගිය සිකුරාදා පාසල් ආ දැරියගේ බෙල්ලේ සෙරෙප්පු දෙක ගැට ගැසු බව කියන සිද්ධියක් දැනගත් සේරු නුවර වැඩබලන පොලිස් ස්ථානාධිපති එම් බී වීරරත්න මහතා පොලීසියේ වියදමින් දැරියට සපත්තු දෙකක් පරිත්‍යාග කළේය.
පියාද නොමැති මේ දැරියට එම අමානුෂික සැළකිම කළ බව කියන ත්‍රිකුණාමල පාසලක පන්තිය භාර ගුරුවරියට ද දරුවන් සිටින බව ප්‍රදේශවාසීහු කියති.
විදුහල්පති පොලීසියට කියා ඇත්තේ පාසලේ විනය රැකීම සඳහා ගුරුවරිය එම පියවර ගෙන ඇති බවයි.
පොලිස් ස්ථානාධිපතිගෙන් සපත්තු දෙක ලබා ගත් දැරියගේ මව කියා ඇත්තේ දැරියගේ යහපත සඳහා මේ සිද්ධිය ගැන තව දුරටත් ක්‍රියා නොකරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ නිලධාරිතුමන්ගේ සත් ක්‍රියාව අගයනවා.නමුදු පාසෙලේ ගුරුතුමියට විනය ක්‍රියාමාර්ගයක් ගන්න කටයුතු කලයුතුමයි .නැතිනම් මේවා තවදුරත් වර්ධනය වනවා සිකුරුයි. (දී)
විදුහල්පති අනුවණයෙක් (දී)
මේ විදියේ විනය සැදීමේ වැඩ පිළිවෙලවල් ගැන බලදාරින් මීට වඩා කල්පනා කල යුතුයි ......පොලිස් ස්ථානදිපති මහත්මාට තුති පුදමි... (දී)
මේ වගේ අයව මොකට ගුරුවරු විදිහට පත් කලද මන්ද. (දී)
පොලිසියේ වැඩේ හොද වැඩක් අගය කරන්න ඕනේ (දී)
ගුරුවරිය මනුෂ්‍ය වර්ගයට අයිති කෙනෙක් නෙමේ වගේ. (දී)
විනයයක් තිබිය යුතු බව ඇත්ත නමුත් දරුවන් සිටින ගුරුවරියක් වශයෙන් මීට වැඩිය සංවෙදි විය යුතූයි කුඩා දරුවන්ගේ මනස නොහදුන්නනා මෙවැනි ගුරුවරුන් මුළු ගුරු පරපුරටම කරන්නේ අපහාසයක් ඇති නැති පරතරය හා දරිද්‍රතාවය පිළිබද දැක්මක් නැති ගුරුවරියට පොලිසිය පෙන්න දී අත්තේ එම පාඩමයි (දී)
පොලිස් නිලදාරී තුමාගේ සත් ක්‍රියාව අගේ කොට සලකන්න ඕන. මෙවන් නිලදාරීන් අපට සිටීම වාසනාවක් . ඒ වගේම දැනගන්න කැමති ගුරුවරිය සුදුසුකම් ඇතුව අපු කෙනෙක්ද කියල. ඒ ගැනනම් ඉහල නිලදාරීන් වගකීමෙන් සොයන්න ඕනි. (දී)
ඒ අසරණ ළමයාගේ ඉදිරි දවස ගැන හිතලාද දඩුවම දුන්නේ (දී)
මානුෂිය හැඟීමක් නැති මිනිස්සු (දී)
මේ ගුරුවරුද? (දී)
මෙන්න මේ ගුරුවරිය නම් දණ ගැස්සුවාට කමක් නෑ (දී)
අම්මපා මේ වගේ ගුරුවරු දැනගස්සවන්න කවුරුත් නැනේ (දී)
මනුස්සකම තියෙන හොද පොලිස් නිලදාරියෙක් (දී)
මෙරට ගුරුවැන් මානුෂිය ක්‍රියාවන්ගෙන් ඇත්වන තරමට අනාගතයෙදි මෙරට තුල මිලේච්ච ජනතාවක් බිහිවේ මන්ද මෙම සිසු දරුවන් ඉගෙන ගනු ලබන්නේ මිලේච්ච ගුරුවරුනගෙන බැවින් (දී)
විදුහල්පතිත් ගුරුවරියගේ ඒ නොමනා ක්‍රියාව අනුමත කරන ගානයි! (දී)
පොලිසිය ගැන ආඩම්බරයි (දී)
මෙන්න මහත්වරු......පොළිසියට ආඩම්බරයක්..... (දී)
පොලිසියේ මහත්තුරු කල මේ වැඩේ මම අගය කරනවා (දී)
මටත් ඔය වගේම දෙයක් සිද්ද උනා මගේ නැති බැරි කම හින්දා. විදුහල්පති මට අපහස කලා එල හරකයි මි හරකයි වගේ ඉස්කෝලේ එන්නේ කියා. මන් ඉස්කෝලේ ගියේ දිග කලිසමට සෙරෙප්පු දාල. (දී)
නියම ගුරුවරුන් තම දරුවන්ගේ ආර්ථික මට්ටම ,මානුෂික මට්ටම ගැන අවබෝධයක් තිබිය යුතුය. (දී)
මේ ගුරුවරියගෙන් ඉගෙන ගන්නා දරුවන්ට දෙවියන්ගෙම පිහිටයි.! (දී)
මේ වගේ දරුවන්ගේ නැති බැරිකම් දුප්පත් කම් මානසිකත්වය හදුනා නොගෙන විනය පරීක්‍ෂණවලින් පිහිටක් විය නොහකිය. පාසල් උපකරණ ගැනීමට නැති බරි දුප්පත් ළමුන්ට සුලු මුදලක් දෙනවා නම් හොදයි. විදෙස් සිසුන්ට විශ්වවිද්‍යාල පහසු කම් දී අමතරව විශාල මුදලක් වැය කරන්න බලා ඉන්න අයට. මේ රටෙ දරු පැටවුන්ට ටිකක් උදව් කළොත් මොකද වෙන්නේ?. පොලිසියේ නිලධාරී මහත් වරුන්ගේ සත්ක්‍රියාව අගය කරමු. (දී)
ගුරුවරියටම හරියන විදුහල්පති. තකට තක. (දී)
ඕනෑම පාසලකට පාවහන් නැතුව එන්න පුළුවන්. එත් ආබාද නැති අයට සෙරෙප්පු විතරක් බෑ (දී)
පාසලකට පාසල් ඇදුමක් ඕනෙ නැහැ ළමුන් හොදට ඉගනගන්නේ ඇදුමෙන් නෙවේ බටහිර රටවල් වල කිසිම පාසලකට යන අයට මේ වගේ අනවශ්‍ය නීති නැහැ .කැමති කෙනෙකුට කැමති ඇදුමකින් පාසැල් යන්න පුළුවන්. මේවා එංගලන්ත යෙන් අපි වැලද ගෙන තාමත් රකිනවා . (දී)
මේ ගුරුවරියත් ඇගේ විදුහල්පති වරයාත් මනුෂ්‍යයින් විය නොහැකියි.දවසක්ම දන ගස්වා තියන්න ඕනේ මෙයාලවයි. (දී)
ගුරුතුමිය පොඩි තැනකින් ඉගෙන ගැන ආපු කෙනෙක් වෙන්නැති ෂුවර් එකට.අපිත් දුප්පත් මිනිස්සු ඒත් මට හම්බ වුනු දුප්පත් කම උපහාසයට ලක් කරන බහුතරයක් දුප්පත් කම අත් විඳලා ගොඩ ආපු මුල අමතක උන අය .දුක හඳුන ගත්ත වැඩ බලනපොලිස් ස්ථානාධිපති මහතාට මගෙන් මල්මිටක්.එයා නියම පොලිස් නිලධාරියෙක් (දී)
මේක නිකවැරටියේ පැත්තේ වුනානම් ටීචර්ව දණගහල? (දී)
මෙවන් ගුරුවරු ඉන්නවාද අපේ සමාජයේ (දී)
පොලිසිය ඒ කල කාර්ය අගය කරනවා (දී)
මට මගේ යටගියාව මතකයට අවා. මම සපත්තු නැතිව පාසල් ගොස් තිබෙනවා දැනට දසක තුනකට පෙර. එදා හැමෝම සපත්තු දාල හිටි නිසා මම දවසම ඩෙස් එක ඇතුලේ කකුල් දෙක තියාගෙන හිටියේ. මම එදා සිදුවූ අපහසුතවයම මේ දොනිටත් වෙන්න එති. තුරුවන් සරණින් ඔය හොද තැනකට එන්න ඉගෙන ගන්න දෝනි. පොලිසියේ මහත්මාට මගෙන් මල් මිටක්. (දී)
ඕකද විනය. (දී)
මමත් මුලින්ම ගුරුවරයෙක් වශයෙන් වැඩකලේ පඩිය රුපියල් 100.00 හැම මාසෙකම රුපියල් 5.00ක් වෙන්කරනවා දුප්පත් ළමයන්ට පොත් පැන්සල් අරගෙන දෙන්න මේවගේ තිරිසන් ගුරුවරු ලංකාවේ ඇතිවෙන්නේ අපේ අවාසනාවට (දී)
මේ ගුරුවරිය රටින් පිටුවහල් කරන්න ඕනේ (දී)
මනුස්සකම කියන දෙය තේරුම් ගෙන මුලු රටේම ජනතාව කටයුතු කරනවානම් කොපමණ වටිනවද? (දී)
මමත් සරත් වගේම අවුරුද්දක් හෝ දෙකක් සෙරෙප්පු දාගෙන ඉස්කෝලේ ගිහින් තියෙනවා අපේ විදුහල්පති ඒ දවස් වල කියන්නව වැසිකිලි වලට දාන සෙරෙප්පු දාගෙන ඉස්කෝලේ එන්න එපා කියල . මමත් කකුල් හන්ගන් ඉඳල තියෙනවා ඒ දවස් වල අද අපි ඉන්න තත්වය ගෙන බැලුවහම මේ දියණියට වුනත් උත්සාහයෙන් වැඩ කරලා ලෝකයේ ඉහල තැනකට යන්න පුළුවන් බවයි කියන්න තියෙන්නේ. ඔබට ඒ සඳහා ශක්තිය හා ධෛර්ය පතමි (දී)
පොත් පත් බුද්දිය තිබුනට සමාජය සළකා බැලිය යුතු බුද්ධිය අඩුයි (දී)
විනය රැකීම කෙසේවෙතත් විදුහල්පතියා ගුරුවරිය රකින බවනම් පැහැදිලියි.(දී)
අදාල ගුරුවරිය ගැන අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් කිසියම් විනය පරීක්ෂණයක් කල යුතුයි. එය මෙවන් මානසික මට්ටමක් තියන අනෙක් ගුරුවරුන්ට ද ආදර්ශයක් වේවි. වර්තමානයේ ගුරුවරුන් ළමුන් කෙරෙහි දක්වන සංවේදී බව බොහෝ දුරට අඩුයි. ළමා මනසේ ස්වභාවය ගැන ගුරුවරුන් මිට වැඩ සැලකිලිමත් විය යුතු වෙනවා. පෙර කාලයේ පුහුණු ගුරුවරුන් හට තිබුනාසේ, මනෝ විද්‍යාව පිලිබඳ කිසියම් ප්‍රයෝගික පුහුණු වැඩපිළිවෙලක් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක කල යුතු වෙනවා. එදා සිටි සංවේදී හදවත් ඇති ගුරුවරුන් අද සමාජයේ විරල බව කණගාටුවෙන් වුවත් කිව යුතුයි. (දී)
සේරු නුවර කියන්නේ දුෂ්කරම පළාතක් නේද? මේ දියණියගේ විස්තර දුන්නොත් මම කැමතියි මාස්පත උදව් කරන්න. පොලිස් ස්ථානාධිපති තුමනි, ඔබතුමාට පින්. මේ දියණිගේ මව සම්බන්ධ කරන්න පුළුවන් නම් දුරකථන අංකය ලබා දෙන්න. (දී)
පහුගිය අවුරුද්දෙ ඉස්කෝලෙ ලමයින්ට නොමිලේ සපත්තු දෙනව කියල කිව්වනෙ.ඉතිං මේ ගුරුවරිය හිතන්න ඇති දීපු සපත්තු කුට්ටම ගෙදර තියල ආව කියල කොහොම උනත් වැඩේ කැතයි (දී)
ගුරුවරු කියන අය අතරේ මානසික රෝගීන් ඉන්න බව අමතක නොකළ යුතුයි. ගුරුවරුන්ගේ පැත්තෙන් ගත්තත් ළමුන් සමග කාලයක් ගත කරන විට ළමුන් දහයක් ගත්තොත් කරන්නේ වැඩ දහයක් ඒක නිසා පිස්සු හැදෙන එකසාධාරණයි . (දී)
ඔය සමහර ගුරුවරියෝ ගුටි කන්නෙත් ඔය වැඩ හින්ද තමයි ..අනිවාර්යෙන් එයට නඩු දන්නා ඕනි.සපත්තු දෙකක් නැ කියලා එහෙම ලජ්ජා කරන්න වත් දඩුවම් දෙන්න වත් බැ.. (දී)
මෙවන් පොලිස් නිලධාරින් ලෝකෙටම ආදර්ශයක් (දී)
සපත්තු දෙකක් නිසා ඒ ළමයාගේ ආත්මයම විනාශ කළා (දී)
මෙවන් මෝඩ ගුරුවරු ගැන කනගාටුයි. පොලිස් ස්ථානදිපතිට ස්තුත්යි. පද්මිණි වැනි අය ගැන ආඩම්බරයි. අහිංසක දියණියට දෙවි පිහිටයි (දී)
මම 1 වසරේදී ඉස්කෝලේ දවල් අහාරය වෙලාවේ ළමයෙකු මට කෙසෙල් ලේල්ලකින් දමල ගැහුවා. මමත් පොඩි කමට එක අරන් ඒ ළමයට අපහු ගැහුවත් එක වැදුනේ ටීචට. ටීච මුළු පන්තියේම ළමයින්ගේ කෑම වල රොඩු ඉඳුල් එකතු කරලා මගේ ඔලුවට ගෙනත් දැම්ම. ඔන්න ඒ කාලේ ගුරුවරු. මේක උනේ 1983. අදත් මගේ හිත රිදෙනවා මතක් වෙනකොට. (දී)
මෙම විදුහල්පති සහ ගුරුවරිය යන දෙදෙනාම මෙම පාසලෙන් පන්නා හැරිය යුතුයි. මෙවෙනි අයට කිසිම අනුකම්පාවක් දැක්විය යුතු නොවේ (දී)
මෙවෙනි ගුරුවරියන් ගුරු වෘත්තියටම අපහාසයක් . දඬුවම් කල යුතු වරදක් (දී)
පොලිස් ස්ථානාධිපති තුමාට අපේ ගෞරවය (දී)
මෙන්න මේ වගේ ගුරුවරියන්ව දනගස්සවන්න, (දී)
මේ වගේ ගුරුවරු නිසා, උතුම් ගුරු වෘත්තිය හෑල්ලුවට ලක්වෙනවා.. ගුරුවරුන් මීට වඩා දරුවන්ට සංවේදී විය යුතුයි.. (දී)
විදුහල් පතිගේ හා ගුරුවරියගේ විනය ගැන පරීක්ෂණයක් තියන්න ඕනේ ඔක්කොටම කලින් (දී)
මේ ගුරුවරිය නම් දන ගහන්න සුදුසු කෙනෙක් වගේ (දී)
විදුහල්පති ගුරුවරියගේ පහත් ක්‍රියාව සාධාරණීකරණය කරන්න හදනවා වගේ. (දී)
නිහල්ස් ගේ අදහස් හරි අපේ රටේ විනය පාසලට පමණි .පාසලෙන් පිටවුණාට පසු විනය ගැන නිතරම පේනවා (දී)
ඇත්තටම කනට ගහන්න තිබ්බේ (දී)
විදුහල් පති කෙනෙක් කරන වැඩක්ද මේ මනුස්සයා කරලා තියෙන්නේ (දී)
දරුවෙකුගේ සමාජ තත්වය ගැන ත්රුම් ගන්න බැරි මිනිස්සු කොහොමද ගුරුවරු වෙන්නේ (දී)
මමත් බය නැතුව කියනවා මේ වැඩේ ගොන්ම ගොන් වැඩක් (දී)
පොලිසිය කල වැඩේ හරි මේ දෙයින් ඒ ගුරුවරිය මැරෙන තුරාවට විදවනවා (දී)
මෙවන් ගොන් වැඩ වලට කනට ගහල මදි (දී)
මම නම් දකින්නේ මෙවන් තත්ත්ව තව ඉස්සරහට වැඩි වෙනවා (දී)
මේවා හොද ආදර්ශ නොවෙයි (දී)
මේ වගේ ගුරුවරුන්ට නියම දඬුවම ලැබෙන්නේ විශ්‍රාම ගියාට පස්සේ.. (දී)
හර්ෂණ ,ඔය හරි , පොලිස්පති,මෙ ගැන අවදානය යොමුකර පාසල්වල දුපත් ලමයන් ගැන පාසල්වල සහ පොලිසි අතර සුවද සම්බන්ද තාවයක් ඇතිකළ යුතුය , පොලිස් ස්ථානාධිපති තුමාට මගේ ගෞරවය (දී)
මේ ගුරුවරියටයි පින්සිපල්ටයි මුලින්ම විනය පරීක්ෂණයක් දෙන්න ඕන ළමයින්ට හරි වැරදි කියාදෙන ක්‍රමය ගැන (දී)
හොද වැඩක් පොලිසියේ (දී)
මේ පින්තුරේ දැක්කම දෑසට කඳුළු උනනවා (දී)
කෝ අධ්‍යාපන ඇමති? රට ගිහිල්ලවත්ද? (දී)
මේවා දැක්කාම තමයි රට දාල ආපු එක හරි කියලා හිතෙන්න්නේ. (දී)
2014.04.23 වන දින මාගේ දරැවා ලංකා සිතියමක් නැති නිසා එවනි දරැවන් 07 දෙනෙක් පංති කාමරයේන් එලියට දමා අනිකුත් දරැවන්ට උගන්විමට කටයුත කර ඇත.මහව කලාපයේ පසලක. (දී)
අහිංසකයන්ගේ ඔලු පලන පොලිසියේ මෙවැනි අය වාසනාවන් .. (දී)
මෙයාලට ගහන්න ඕනි ගස් බැදලා.අමනුස්සොයෝ?(දී)
පොලිස් පතිතුමන්ට අපගේ උත්තමාචාරය. විදුහල්පති සතුටු කරන්න තමයි මෝඩ ගුරුවරු ඔය වැඩ කරන්නේ (දී)
ගුරැවරුන් වෙනුවෙන් කඩේ යන ගුරු සංගම් මේවට කථාකරන් නැත්තෙ ඇයි(දී)
මට සිහිවෙන්නේ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ 1980 කාලයේ සිටි වුට්ලෙර් නම් ගුරුවරියයි. වසර ගණනක් තිස්සේ අහිංසක ළමා හිත් වලට අනේක වධ බන්ධන පීඩා සිදු කල නමුත් කිසිදා කිසිදු නීතිමය ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ.(දී)
අනුන්ගේ දැන හැඳුනුම් කමට ගුරුවරයෙක් උවත් නුසුදුසු මත ඉස්මතු කිරීමක් ලෙස හැදින්විය හැකි ඉතාමත් මහත් නීච ක්‍රියාවක් කල ඒ ගුරුවරිය ලජ්ජා විය යුතුයි. ඒ වගේම මෙවෙනි පොලිස් නිලදාරීන් අගේ කල යුතුයි (දී),
සපත්තු දෙකක් අරන් දුන්න එක උතුම් ක්‍රියාවක් , නමුත් ගුරුවරියට විරුධව නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තනම් තමයි වඩා හොඳ , ළමුන්ට කුඩා කාලයේ කරන මානසික හිංසා මුළු ජීවිතේටම බලපානවා ලංකාව ගර්ම කලාපිය රටක් ලමයි සෙරෙප්පු දමාගෙන පාසල් එන එකේ වරදක් මට නොපෙනේ , සපතු ගන්න සල්ලි නැත්නම් සෙරෙපූ දැම්මම මොකද වෙන්නේ ? කරුණාකර මෙම ළමයට උදව්කරන්න කැමති අයට මුදල් එවන්න ගිණුම් අංකයක් ප්‍රසිද්ධ කරන්න (දී)
පොලිස් ස්ථානාධිපති එම් බී වීරරත්න මහතා වැනි උතුමන්ලා ගුනගරුක සමාජයක් බිහිවීමට මාර්ගයක දොරටුවයි (දී)
පාසල්වල ප්‍රාථමික අංශවල උගන්වන ගුරුවරුනට සුවිශේෂී පුහුණුවක් ලබාදීමේ ක්‍රමවේධයක් ක්‍රියාත්මක වෙනවනේ. මේ ගුරුවරිය එවැනි පුහුණුවක් නොලද අලුතින් සේවයට ආපු උපාධිධාරී ගුරුවරියක් වෙන්නත් පුළුවන්. ඇතැම් පාසල්වල විදුහල්පතිවරුනට තිබෙන හිරදයක් තමයි ප්‍රාථමික අංශ වලට සුදුසු පුහුණු ගුරුවරු නොමැතිකම. විධිමත් සැලසුම් නොමැතිව පත්වීම් දීමෙන් මෙවැනි අර්බුද මතුවීමේ ප්‍රවණතා ඇති විය හැකිය. දේශපාලන නිලධුරාවලි ආරෝහණයේ අධ්‍යාපනයට සම්බන්ධ බලධරයා දේශපාලන නිල ධුරාවලියේ පුර්ණ බලධාරියා යන යන තැන ප්‍රශස්ති ගයමින් පස්සෙන් යනවා මිස ඵලදායි ක්‍රියාවක යෙදෙන බවක් පෙන්නේ නැහැ. ආයිත් සුපුරුදු බල්ටිය ගහන්න මානබලනවා වගෙයි.???? (දී)
විශ්ව විද්‍යාලවල ගුරු පුහුණු ආයතනවල පුහුනුවන්නේ මේ අයද මේ ක්‍රියාව මී හරකුන්ටත් පහත් වගේ. මම ඉගෙන ගත්තෙත් මේ ගමේ කෙලවරේ ,අපිට සපත්තු තිබුනේ නැහැ විභාගයට යන්තමට සපත්තුදෙකක් සොයා ගත්ත ...අපේ ගුරුවරු අපිට දෙවිවරු (දී)
අන්න...දන ගස්සන්න ඕනේ ගුරුවරු.(දී)
පාසලක විනය කියල කියන්නෙ දරුවන්ගෙ තියෙන ගුණ ගරුක බව සහ හැදියාව විනීතකමයි කියල මේ අඤ්ඥාණ ගුරුවරුන්ට පලමුව පහදා දිය යුතුය...එක ලෙස නිළ ඇදුම ඇදිම සපත්තු පැලදීම සරඹ වලටයි අයිති වෙන්නෙ...අහිංසක දරුපැටවු අදින ඇදුමට ඒ ළමයින් නැතිබැරි කමට අපහාස කරන එකට කියන්නෙ විනය හදනව කියලනම් ඒ ගුරුවරුද? (දී)
හැම රැකියාවකම හොද අය හා නරක අය දේපාර්ෂයම ඇත. තේරුම් ගැනිමට හොදම අවස්ථාවක් මෙය.(නදී)
මහ ලොකු විනය ගැන කථාකරන මේ විදුහල්පතිවරයාටයි ඔහුටම හරියන ඒ ගුරුවරියටයි මානුෂික අයිතිවාසිකමි මොනවාද කියා පොලිස් ස්ථානාධිපති තුමා පෙන්වා දීම අපට අාඩමිබරයක්. නමුත් මෙවැනි දේ ඉදිරියටත් නොවීමට නීතිමය පියවර ගන්නේ නම් ළමයා වෙනුවෙනුත් ඒ දරුවාෙග් දෙමව්පියන් වෙනුවෙනුත් කරන්නාවු යුක්තිය ඉටුකිරීමක්.(නදී)
විනයක් තිබිය යුතු බව ඇත්ත. ඒත් සපත්තු ගන්න කඩේට සල්ලි මිසක් විනය බාර ගන්නෙ නැහැ. කණගාටුව දෙවියො එයාටත් ලමයි දීපු එක ගැනයි.(නදී)
මමත් අපොස ස පෙළ දක්වා ගියේ ගමේ ඉස්කෝලෙට, ඒ කාලේදී මම ඇතුළු අපේ පාසලේ බහුතරයක් සෙරෙප්පු දාගෙන පාසල් ගියා. හැබැයි අපි අද මේ විදියට ලෝකයත් එක්ක ගනු දෙනු කරන්නේ එදා ගමේ ඉස්කෝලෙන් අපේ ගුරුවරුන් දුන් මග පෙන්වීම නිසයි. අපිට එදා සපත්තු නැතිවීම අපේ ඉදිරි ගමනට භාධකයක් උනේ නැහැ. ඒ නිසා අපි ඉතා ආදරයේ අපේ තරුණ ගුරු මහත්ම මහත්මීන්ගෙන් ඉල්ලන්නේ , සමාජ තත්වය සහ පරිසරය අනුව ළමයා තේරුම් ගෙන , ඒ දරුවන්ගේ අනාගතයට හානි නොවන ලෙස කටයුතු කර , කවද හරි ඒ ළමයින් ඔබව ජීවිතයේ ගරුකටයුතු පිරිසක් ලෙස පිළිගන්න අයුරින් කටයුතු කරන ලෙසයි. එවිට ඔබගේත් ඔබගේ වෘර්තියේත් ගෞරවය රැකෙනු ඇති . (දී)
කොපමණ කියල මුදල් නාස්තිකරන රටේ මෙවැනි ළමුන් සදහා , පිහිට වීම සදහා අධ්‍යාපන අමාත්‍යංශය මගින් ක්‍රමවේදයක් සලසා සපයාදීම යුතු වේ , (දී)
ගුරුවරිය එම විදියට ක්‍රියාකර තිබෙන්නේ රජයේ නීති වලට අනුකුලව විය හැක. තවද විදුහල්පති තුමාද ගුරුවරියගේ ක්‍රියාව අනුමත කර ඇති නිසා පෙනෙන්නේ වරදක් කල නැති නිසා නේද. එසේනම් ගුරුවරිය වරදක් කල බවට හැමෝම සලකන්නේ මොකද? (දී)
මේ වගේ ගුරුවරු ඉස්කෝලවලින් එලවන්න ඕනේ. මේ වගේ ගුරුවරු මැටි වලින් හදන්න පුළුවන්නේ. මනුස්ස කම දන්නා මේ වගේ පොලිස් නිලදාරීන් තමා ඉන්න ඕනේ අපේ රටේ. (දී)
ඉස්කෝලෙක විනය රකින්න ඕනේ තමා. එත්, ළමයින්ගේ පවුල් තත්වය ගැන දැනගැනීම හැම ගුරුවරයෙක්ගේම වගකීමක් කියලයි මගේ හැංගීම. මොන වෘත්තියක් කරත්, ඊට කලින් මනුස්සයෙක් වෙන්න ඕනේ . මනුෂ්‍යත්වය නැතිනම් මනුස්සයෙක් වෙලා ඉපදිලා වැඩක් නැහැ. (දී)
මෙතන මානුෂික අයිතිවාසිකමක් උල්ලංඝනය වෙලා තියෙනවා. දුප්පත් දෙමාපියන්ට මේවට විරුද්ධව වැඩ කරන්න බැහැ. පොලිසිය කල සත් ක්‍රියාව අගයන්න නම් මේ ගුරුවරියට විරුද්ධව නඩු පවරන්න ඕන. ගුරුවරුන්ට එහෙම දරුවන්ගේ දුප්පත් කමට ගරහන්න දෙන්න හොඳ නැහැ. (දී)
ගුරුවරිය මාරු කරන්ඩ ඕනා.(නදී)
ගමා ඔයාට ගොම මොළයක් තිබුණාට අපි මොනවා කරන්නද? මෙතන වෙලා තිබෙන සදාචාරාත්මක ක්‍රියාව ඔබට විතරයි තේරුම් ගන්න පුලුවන්.(නදී)
පාසලක විනය රැකිය යුතුයි. ඒත් එය මානුෂීය විය යුතුයි. විනය රැකීමට ගුරුවරුන් විසින් ගනු ලබන ක්‍රියා මාර්ග හේතුවෙන් දරුවන් අනිසි ලෙස අපහසුතාවයට පත් නොවිය යුතුයි. වර්ථමානයේ පොලිසිය මහජන ගැරහුම් ලබද්දී මෙම පොලිස් ස්ථානාධිපති තුමා ගේ ආදර්ශය ඉතා අගනේය. පොලිස් ස්ථානාධිපති තුමනි, ඔබ මිනිසුන් අතර දෙවියෙකි. ඔබට මුළු මහත් මිනිස් සංහතියේම ගෞරවය හිමිය. (දී)
මේ වගේ ගුරු වරු නිසා ළමයි කොපමණ අසරණ වෙනවාද? පාලකයිනි මේවා පෙන්නේ නැද්ද? (දී)
ගුරු හොරු.(නදී)
මේ වගේ ගුරුවරු ඉන්න රටන ඔබ තුමා කරපු දෙයට මගේ උත්තමාචාරය.(නදී)
ඔබ වැනි නිලදරුවන් අපේ රටට ආඩම්බරයක්. (නදී)
කෝ මේවට වගකිවයුත්තෝ? (නදී)
මෙම පණිවිඩය පොලිසියට දුන් අයට පින්.(නදී)
මානුසික හදවතක් නැද්ද? සමාව දෙමු. ඒඒ ගුරුතුමීට තිබුනේ එයාගේ පඩියෙන් සපත්තු කුට්ටමක් අරන් දෙන එකයි. දැන් ලජ්ජා වෙලා ඇති.(නදී)
"විදුහල්පති පොලීසියට කියා ඇත්තේ පාසලේ විනය රැකීම සඳහා ගුරුවරිය එම පියවර ගෙන ඇති බවයි." විදුහල්පති තුමෝ කවුද කියලා තියන්නේ විනය රකින්න ළමයින්ගේ කරේ සෙරෙප්පු එල්ලන්න කියලා.. මෙය පැහැදිලිවම ළමා මනසට බලපාන්නක්.(නදී)
ගුරුවරු උන පලියට ඒ අර්තෙට මහගු සේවයක් කරන්නේ අපේ රටේ ගුරුවරුන්ගෙන් කීයෙන් කි දෙනාද. පාසලේ දරුවෙකුගේ අසරණකම තේරුම් ගන්න බැරිව ඒ දරුවා තවත් අසරණකමට පත් කිරීම මොන තරම් පහත් ක්‍රියාවක්ද. ගුරුවරියක් කල යුත්තේ මේයද. දරුවට විනය කියා දෙන්න කලින් විදුහල්පතිටයි,ගුරුවරියටයි,මනුස්සකම කියල දෙන්න ඕනේ. පොලිසියේ මහත්මා ගුණය අගය කල යුතුයි. ඇත්තෙන්ම පින් සිදු වෙන දෙයක් වගේම දරුවාගේ මනසට සහනයක්.පුංචි හිතට හිතෙයි ගුරුතුමිය එහෙම කලාට. පොලිස් මාමලා මට අදෙරේ වගේම අලුත් සපත්තු දෙකකුත් අරන් දුන්නනේ කියා.(නදී)
මුළු ජීවිත කාළෙම සිසුන්ව රැක බලා ගන්න දෙවිවරුවන් වැනි ගුරුවරු ඉන්නවා. මේ වගේ දෙයකට ප්‍රචාරය දීල ගුරු සේවය හෑල්ලුවට ලක් කරන්ඩ එපා. ඇත්ත කතාව හොයල බලන්ඩ අද කාලේ ළමයෙකුට අවවාදයක් දුන්නත් පොලිසියෙන් තමා කෙලවර වෙන්නේ.(නදී)
අද්‍යාපන අමාත්‍යාංශයෙන් වහාම පරීක්ෂණයක් කල යුතුයි .සේරුනුවර පොලිසියට මල් මිටක් ......(නදී)
පොලිසියේ ක්‍රියාව අගය කල යුතුයි. ඒත් සමහරු නොදකින තව පැත්තකුත් තියෙනවා. සපත්තු දෙකක් අරගන්න දාහක් එක්දාස් පන්සීයක් නැති පවුලක තව කොච්චර ප්‍රශ්න ඇතිද ? මේකටම මෙච්චර ප්‍රසිද්ධියක් ලැබෙන එකේ දෙපාර්තමේන්තුවක් වශයෙන් මේ සමග ඒවටත් සහනයක් දුන්නනම් තව වටිනවා. අනික එවැනි ගුරුවරුන්ට දැඩි අවවාදයක් හෝ කරන්න වටිනවා.(නදී)
පොලිසියට හැමදාම බනින අය දැන් හොදයි කියනවා.(නදී)
ගැමා කොයි රජයේ නිතියේද තියෙන්නේ දරුවන් සපත්තු නොදා පාසල් පැමිණියොත් දාගෙන අපු සෙරෙප්පු කරේ එල්ලන්න කියලා. විදුහල්පති ඒක අනුමත කරේ ගුරුවරියගේ මට්ටමෙන්ම හිතන නිසා.(නදී)
විනය කඩ කිරීමට ක්‍රියාමාර්ග ගන්න ඒ ළමය එහෙමටම වැරද්දක් කරලා නැනේ.. මිනිස්සුන්ගේ දුප්පත් කමට එහෙම කලා කියල ඒවගේ පහත් විදයට සලකන එක වැරදියි.(නදී)
දැන් මේ දරුවා මෙම ගුරුවරිය කරපු ක්‍රියාව නිසා දෙපැත්තෙන්ම අසරණ වෙනවා. පාසැල් සමාජයේ සමහර අය මේ දරුවව කොන් කරාවි. ඇය ගැහැණු දරුවෙක්. මේ දරුවට සිදු වු චරිත ඝාතනයට කව්ද වගකියන්නේ.(නදී)
පොලිස් ස්ථානාධිපති තුමනි ඔබ ක්‍රියා කළ අයුරු අගෙයි.(නදී)
මේවා ලොකුවට කිව්වට අැත්ත නැත්ත සොයා බැලිය යුතුයි. අද කාලයේ ගුරුවරෙයකුට ළමෙයකුට කිසිම අවවාදයක් දෙන්න බැහැනෙ ඔය විදියට ගියහම.(නදී)
හොද දේ අගේ කරමු ඔබට පිං.(නදී)
අපෙ අක්කට සපත්තු අරන් දුන්නෙත් ඉස්කෝලෙ මැඩම් කෙනෙක්. අනේ වාසනාවන් එවන් දෙවිවරු.(නදී)
මෙවන් ගුරුවරු වෘත්තියටම ලැජ්ජාවක්.(නදී)
සීසී එහෙම කියන්න එපා. සීසී අපිත් පාසැල් ගියා නමුත් මේ වගේ අවිචාරමත් අශීලාචාර විදිහට එදා ඒ ගුරුවරුන් අපිට දඩුවම් කළේ නැහැ. දඩුවමක් දුන්නත් පියක් මවක් වගේ උපදෙසක් දෙන්නයි එහෙම කළේ. එයින් ගුරු භක්තිය වැඩිවුනා මිස නැතිවුනේ නැහැ.(නදී)
ගුරුවරියට විරුද්ධව බන්දුල ඇමතිතුමා ක්‍රියාත්මක වෙයි.(නදී)
මෙවන් ගුරුවරු දණගැස්විය යුතුයි.(නදී)
පාසල් ගුරුවරුන් විදියට ළමයින් ගැන මීට වඩා සැලකිළිමත් විය යුතුයි. හුදෙක් විනය රැකීමට ක්‍රියා මාර්ගයක් ගන්න කලින් දරුවන් ගැන දැනුවත් විය යුතුයි. හුගාක් ගුරුවරු අත්තනෝමතික ලෙස මෙහෙම දඩුවම් නොකෙරුවත් එහෙම කරන අය ගැනත් අපි දන්නවා. පොලිසියේ මෙම ක්‍රියාව අගේ කොට සලකනවා.(නදී)
මෙවන් ගුරුවරු මේ පාසැලින් මාරු කර දමන්න.(නදී)
දමා ඇති අදහස් වල පිටපතක් යොමු කරන එක තමයි හොඳ.(නදී)
අපිත් ඒ දවස්වල ඉස්කෝලේ යනකොට සෙරෙප්පු දාගෙන ගිහින් දඬුවම් විඳලා තියෙනවා. ඇත්තටම සපත්තු කැඩිලා. මේ වගේ නුගත් ගුරුවරු හිටියේ නැහැ. මේකට කරන්න තියන්නේ වෙනම විනය සඳහා ගුරුවරයෙක් හැම පාසලටම පුහුණුවකින් පසු පත්කරන්න ඕනේ.(නදී)
අපේ රටේ මිනිස්සු නිතරම කරන්නේ පිස්සු.(නදී)
හොද වෙලාවට සෙරෙප්පු දාගෙන ආවේ, සෙරෙප්පුත් නැතිව ආවනම් මේ යක්ෂ ගුරුවරිය ළමයාගේ කකුල කඩලා බෙල්ලේ එල්ලයි.(නදී)
නොමනා ගුරුවරියක්, වගකීම් නැති විදුහල්පතිවරයෙක් හා අගය කලයුතු පොලිස් නිලදාරියෙක්.(නදී)
මම කොන්ඩේ පාට කරලා ගිහින් මටත් ගැහැව්වා.(නදී)
ලංකාවෙ ඉස්කෝල වල 80% ක් ඉන්නෙ ගුරුවරියො. ඒක නිසයි ඔය ගැටලුව තියෙන්නෙ.(නදී)
ගුරුවරියට එරෙහිව විනය ක්‍රියා මාර්ගයක් අනිවාර්යෙන්ම ගත යුතුය. නැත්නම් හැමදාම මේ වගේ දේවල් වෙන්නට ඉඩ තියෙනවා.(නදී)
මේ වගේ ගුරුවරු තමයි මුලු ගුරු පරපුරටම නින්දා ගෙනෙන්නෙ෴ පොලිස් ස්ථානාධිපති තුමනි෴ ඔබට අපගේ හද පිරි ගෞරවය෴ මෙවැනි ආඩම්බරකාර නිල දරුවන් සිටීම අපටත් ආඩම්බරයට කරුනක්෴ මෙවැනි සත්‍ය සිදුවීම් කියවීමට අප සමගත් එකතු වෙන්න෴(නදී)
මෙවැනි දේ වලට දෙවියෝ දඩුවම් දේවි.(නදී)
පොලිසියේ නිලධාරිතුමන්ගේ සත් ක්‍රියාව අගයනවා. නමුදු පාසැලේ ගුරුතුමියට විනය ක්‍රියාමාර්ගයක් ගන්න කටයුතු කලයුතුමයි. නැතිනම් මේවා තවදුරත් වර්ධනය වනවා සිකුරුයි. (නදී)
පව් අහිංසක දරුවෝ, කොච්චර අසරණ කමක් දැනෙන්න ඇතිද අනිත් ලමයි ඉස්සරහ සෙරප්පු දෙක බෙල්ලේ එල්ලන් ඉන්නකොට, ගුරුවරු කොතරම් සන්වෙදිදී පුද්ගලයෝද, ඒ දරුවට වුනු ලැජ්ජාව අපහසුතාවය ඒ ගුරුවරියටත් ලැබෙනවා අනිවාර්යෙන්ම මැරෙන්න කලින්, පොලිසිය මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ පාසලේ විදුහල්පති තුමන් මේ අසාදාරනය සාදාරනය කලා නම්, ගුරුවරු මිට වඩා මානුෂිය විය යුතුය. (නදී)
අම්මෝ නිමල් එක මතක් උනේ දැන්නේ. (නදී)
ඇයි කාටවත් පෙනෙන්නේ නැත්තේ ඇයි මෙහෙම වෙන්නේ කියා.(නදී)
වෘත්තියටත් නිගාවක්.(නදී)
පොලිස් ස්ථානාධිපති තුමාට අපගේ ප්‍රණාමය.(නදී)
"විදුහල්පති පොලීසියට කියා ඇත්තේ පාසලේ විනය රැකීම සඳහා ගුරුවරිය එම පියවර ගෙන ඇති බවයි." අරුම පුදුම විනයක් තියෙන ඉස්කෝලයක්. (නදී)
මේ ගුරුවරිය අනිත් ළමයින්ට ආදර්ශයක් වෙන්න මේහෙම කරන්න ඇති. ඒත් මේ දරුවගේ මානසිකත්වය ගැන හිතන්න තිබුණා. (ස)
මේක ෆොටෝ ගහල පත්තරේ දාන්නේ නැතුව හිටියානම් හොඳයි (ස)
වන සිවුපාවුන් මැද දෙවි දෙවතාවුන් වැනි පොලිස් නිලධාරින් ඇත. (ස)
අහිංසක දරුවන්ගේ සිත් තලා පෙලන එක මොන තරම් පවක්ද? (දී)
විනට රැකීමට දී ඇති දඬුවම නොම්බර එකයි (දී)
විනය රැකීමට මෙවන් දඬුවම් දීම කිසිසේත් අනුමත කල නොහැකියි........ (දී)
විදුහල්පතිත් ගුරුවරියත් පන්දමට ආපු දෙන්නෙක් වෙන්න ඇති. තව දුරටත් එම දියණියට පාසල් යන්න ඕනේ නිසා වෙන්න ඇති ක්‍රියා මාර්ග ගත්තේ නැත්තේ. සමහර විට ගුරු(හොරි)ය මානසික ලෙඩෙක් වෙන්න ඇති. විනය එයට බාර දෙන විදුහල්පතිට පිස්සුද? (දී)
මේ වගේ ගුරුවරියන්ගේ සේවය අත්හිටවිය යුතුයි (දී)
ගුරුවරිය අනිවාර්යයෙන් මාරු කල යුතුයි . නැතිනම් පුද්ගලිකව පලිගන්න පුළුවන්. ළමයාගේ අනාගතය අඳුරේ. (දී)
ඔබට මගේ හදපිරි උත්තමාචාරය. (දී)
සෙරෙප්පුදෙක ගැටගහන්න ඕනේ රටකරවන අයගේ බෙල්ලෙ,මොකද කම්කරුවෙක් දවසට උපයන මුදල පව්ලක දවසේ කෑම වියදමටවත් ප්‍රමාණවත් නොවනනිසා. (දී)
ගුරුවරු හිතන් ඉන්නවා ඇති හැමෝම සල්ලි කාරයෝ කියල' (දී)
ඇත්තටම මේ මිනිස්සු හරිම අහින්සක මිනිස්සු. පොලිසියේ නිලධාරිනි ඔබලාට පින් (දී)
මේවගේ අමානුෂීය සිතුවිලි තියෙන කෙනෙක් කොහොම ගුරුවරියක් උනාද දන්නේ නැහැ (දී)
පොලීසියට නිතර වදින්නේ ගල් මේ වගේ උතුම් නිලදරුවන් නිසා සුවදැති මලුත් වදිනවා ,ස්ථානාදී පති තුමනි ඔබ පොලිස් දෙපාර්තමේන්තුවටම ආඩම්බරයක්.අර ගුරු තුමියව නම් නැවත පාසල් අරින්න වෙනවා ළදරු මනස කියන්නේ මොකක්ද කියල ඉගනගන්න. (දී)
ගුරුවරු තේරුම්ගන්න ඕන මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්න කියල විනය රකිනවා කියල දරුවන්ගේ ජීවිතත් ඒක්ක සෙල්ලම් කරන්න හොදයිද? මම හිතන්නේ මේ ගුරුවරියට හොද චරිතයක් නැහැ (දී)
පාසැල තුල විනය වගේම මානුෂික ගුණාංගත් වැපිරිය යුතුයි (දී)
ගුරුවරියගේ මෙම ක්‍රියාව නිසා මේ දැරියගේ පෞර්ෂත්වය නැතිවෙලා තියෙන්නත් පුළුවන් . එමනිසා මෙම ගුරුවරියට විනය ක්‍රියාමාර්ග ගතයුතු අතර නැවත කිසිම පාසලකින් එවැනි දෙයක් වාර්තා නොවීමට සියලු ගුරුවරුන් දැනුවත් කල යුතුයි සපත්තු දරුවන්ගේ ඉගනීමට බාදාවක් නොවේ (දී)
ගුරුවරුළමයි ගැන ඔයිට වඩා වගකීමෙන් වැඩ කාරන්න ඕනේ (දී)
පොලිසියෙන් හොද වැඩක් කරලා තියෙනවා. ඇත්තටම දැන් ලංකාවේ පොලිසියත් හොද වැඩ කරනවා ගොඩාක් සතුටුයි
මේ වගේ ගුරුවරුන් සමස්ත ගුරු පරපුරටම නිගාවක්.. දූෂිත නිලධරින් සිටින පොලිසියේ මනුස්සකම දන්න නිලධාරිනුත් ඉන්නවා (දී)
ලංකාදීප/ එසැණ පුවත්, කරුණාකර මේ පුවතේ මෙම පිටුව ඇමතිට සහ ලේකම්ටත් යොමු කරන්න මේ සම්බන්ධයෙන් සුදුසු කටයුතු කරන්න කියල. එවිට ඔවුන්ට ඔවුන්ගේ වගකීම් සහ වගවීම් වලින් ගැලවෙන්න බැරි වෙනවා. (දී)
මනුස්ස කම දන්නා නැති ගුරුවරියක් විනය ක්‍රියා මාර්ගයක් ගන්නම ඕනි (දී)
මම කුඩා කාලේ සෙරෙප්පු දෙක කැඩිලා හැට්ට කටු ගහගෙන හැතැම්ම 4ක් 5ක් දුර පයින් යනවා ඉස්කෝලෙට ..පහුවදාට හැට්ටකටු ගහල දමාගෙන යන්නත් බැරි තරන්මට කැඩිලා, සෙරෙප්පු වත් නැතිව පාසලට යනවා සුදු ගව්ම ඇදන් හවසට ගිනි අව්වේ ගෙදර යන විට පාරේ වැලි රත්වෙලා තණකොළ තියන තැන්වලට අඩිය තිය තියා දුවනවා ගෙදරට යනකම් ..?එත් එදා ඒ අපේ ආදරණීය ගුරුවරු කිසිවෙක් අපිට තහංචි දැම්මෙවත් ළමයින් ගුරුන්ගේ වචනෙට උඩින් වැඩ කලේ වත් නැහැ.. ?එදා ඒ දුප්පත් අසරණ කෙල්ල අද මහා බ්‍රිතානයේ උසස් රැකියාවක ..දෙවියන් ,සවභාව ධර්මය දුප්පතාට හැමදාම ඔරවන්නේ නැහැ ....! මේ දියණියට අධ්‍යාපනයේ හිනි පෙත්තටම පියමනින්න ශක්තිය ලැබේවා ...!!! (දී)
නියම උත්තරයක් පොලිසියෙන් දීලා තියෙනවා (දී)
මේ වයස දරුවෝ ගැන නිවසෙදි දෙමව්පියො ඒ වගේම පාසැලේදි ගුරුවරු දැඞි අවධානයකින් කටයුතු කරන්න ඹ්නා ඒ මොකඳ මේ දරුවෝ තමන්ට සිද්ද වෙන මේ වගේ ක්‍රියා නිසා ලැජ්ජාව ඉවස ගන්න බැරුව ඡිවීත පවා නැති කර ගන්න උත්සාහා කරනවා මුළු පාසැලක් ඉදරියේ මේ සිද්ද වූ දෙය දරා ගන්න බැරුව මේ දරුවා ඒ වගෙ දෙයක් කර ගත්තානම් අර අනුවන ගුරුවරිට මොන දඞුවම දුන්නත් ඈති වැඞක් තියනවද? ඹය වගේ අය හොද ගුරුවරුන්ට නින්දාවක් අපහාසයක් කෙසේ නමුත් පොළිස් නිළදාරී තුමාගේ සත් ක්‍රියාව අගය කොට සලකමි (දී)
මෙයාල ගුරුවරු නොවේ ගුරු හොරු (දී)
ඔබට බොහෝ පින් (දී)
දියණියනි ඔයාට ඉදිරියට යන්න නිසැකවම ශක්තිය ධෛර්ය ලැබේවා ,පොලිසියේ මහත්වරුන්ට මගෙනුත් මල් මිටක් (දී)
මොලෙ නැති කාන්තාවක් කොහොම ගුරු කම ලබා ගත්තාද දන්නේ නැහැ (දී)
මේවට වග කියන ඕනේ රටේ ප්‍රදාන පුටු වල ඉන්න අය පේනවනේ රට ආර්ටික වේගවත් බව (දී)
පොලිසියට ස්තුතියි සත් ක්‍රියාවට දෙවිපිහිටයි (දී)
සෙරෙප්පු දෙක එල්ලන්න තිබුනේ අසරණ දුවගේ බෙල්ලේ නොව ටීචගේ බෙල්ලේ මගෙන් පොලිසියට මල් මිටක්. ටීචට රට තනකොල ගෝනියක්. තව තවත් හිතට අරන් හොඳින් ඉගෙන ගන්න දුවේ. (දී)
පොලිසියේ ඒ උතුම් ක්‍රියාව අගය කරනවා (දී)
කෝ අර මහා ලොකු ගුරු සංගමේ ? කතාකරන්නකෝ මේකටත්. මේ වගේ ගුරුවරු තමා දනගස්වන්න ඕනේ. (දී)
මම දකින්නේ මේ සිදුවීම වෙනස් විදිහට අද වෙනකොට අම්මලා දරුවො මරනවා,තාත්තලා දරුවන්ව ගඟට දනවා,ගුරුවරු දරැවො දූෂණය කරනවා,තව තව විදිහේ වගකීම් සම්පන්න විය යුතු අය අමානුෂික වෙලා.ඒ විතරක් නොවේ පොලිසිය පිළිබදවත් නානාවිද විනය විරොධි ක්‍රියා අපට දැනගන්න ලැබෙනවා. මේ එකකවත් වැරදි කාරයො එයට අදාල පුද්ගලයා නොවේ 'මේ සමාජක්‍රමය" මේ ක්‍රමය අප ලග තිබෙන සංවේදි තාවයන් උදුරගෙන තනි තනි මිනිහට වෙන් වෙන්ව ජීවත් වෙන්න පුරුදු කරලා, බල කරලා. ඉතින් සමාජය ගැන සංවේදි නැහැ.ඔය ගුරුවරියට තමන්ගේ දරුවා විතරයි දරුවා. එහෙම හිතන්න පුරුදු කරලා ඕක අහම්බයක් නොවුනත් අර පොලිස් නිළධාරියා අහම්බයක් තවමත් මේ ක්‍රමයට ගොදුරු වෙමින් සිටින පුද්ගලයෙක්. මේ තත්වය වෙනස් කල යුතුයි. එක ඇත්ත. ඒකට මේ ක්‍රමය වෙනස් කල යුතුමයි. '' සමාජවාදි ජීවිතයක් සමාජවාදි සමාජයක්" වෙනුවෙන් වෙහෙසෙමු.... (දී)
ගුරු සේවයට නිගා කරන කෙනෙක් අපේ සල්ලි වලින් නිදහස් අධ්‍යාපනයෙන් රස්සාව අරගෙන කරනවැඩ (දී)
පාසල් වල විනය හදන එක නම් හොඳයි නමුත් මල් වගෙ ලමුන්ගෙ මානසික තත්ත්වය. අසරණ කම ගැන හිතන්න..නුවර වැඩබලන පොලිස් ස්ථානාධිපති එම් බී වීරරත්න මහතා අගය කරුණුය (දී)
ඒ කාන්තාව සාමාජ කෙරෙහි වෛරයක් තියෙන කෙනෙක් (දී)
ඔය ගුරුවරිය මලෙන් බැහැල ආපු සුරන්ගනාවියක්ද?එහෙම නැත්නම් වෙන යම් ලෙස ලැබූ පත්වීමක්ද? දුප්පත් කම ගැන රචනාවක් ලියන්න පුලුවන්ද? . එකමත් එක රටක දුප්පත් පවුලක් සිටියේය. පියාද මවද දරුවෝද දුප්පත්ය.එපමණක් නොව රියදුරාද දැසි දැස්සෝදැ දුප්පතුන් විය.කොළඹ 7 දැරියක් දුප්පත්කම ගැන ලියු සැටි.!!!! චන්ද්‍ර (දී)
හතර හිනා මේවට !! ලෝකේ බලවත් රටවල ළමයි නිකන් කකුලෙන් හරි තමන්ට තියෙන දෙයක් දාගෙන් පාසල් ගිහිල්ලා ලෝකෙම ජය ගන්නවා . හැදිමිටේ නුවන විසිකර රැකියා අවස්ථා පිරිමින්ට දීමට බලදරයන්ට දෙනත් ඇරේවා ...? (දී)
පොලිසිය කියන්නේ අපේ රටේ තියන වටිනා දෙපාර්තමේන්තුවක් ....එකේ ඉන්න නිලධාරීන්ට අද මුණ දෙන්නවෙලා තියන්නේ ගොඩක් ප්‍රශ්නවලට .............ඉහත සදහන් සිද්දියට වග කිවයුත්හෝ ගුරුවරිය නෙවෙයි මේ පාලක පන්තිය................. (දී)
ඔය වාගේ ජරා වැඩ කරන අය තමයි දණ ගස්සන්න ඔන. පොලිසියේ හොද වැඩක් අගය කරනවා හොද වැඩ කරන්න තව තවත් ශක්තිය ලැබෙිවා. (දී)
දරුවන්ගේ පවුල් වල ආර්ථික තත්ත්වයත් බලන්න (නි)
හොද පොලිස් නිලදාරියෙක්. මමත් කැමතියි මෙයාට උදව්වක් කරන්න. පුලුවන් නම් විස්තර එවන්න.(නදී)
මේකට පොලිස් පති ගන්න ක්‍රියා මාර්ගය මොකද කියලා බලමු.(නදී)
ගුරුවරියට දරුවන් සිටියට මොලය නැත්නම් මොනවා කරන්නද. මේ වගේ අයව මොලය පෑදෙනකල් දැනගස්සල තමයි තියන්නේ. ළමයින්ගේ අවාසනාවට මෙයාල වගේ අයගෙන් ඉගෙන ගන්න වෙලා තියෙන්නේ. ඒ ළමයින් ලොකුවෙන කොට මෙයාල වගේ වෙයි මේවා දැකලා. (නදී)
මෙවැනි ගුරුවරුන් දණගැස්සවීමේ ඇති වරද කුමක්ද? (විදුහල්පතිද ඇතුලුව) (නදී)
ළමයා පාසැල් ගොස් අවසාන වනතුරු සපත්තු ලබාදීම ගුරුවරියට බාර කරන්න ඕනා. මොකද පාසැල් යන්න සපත්තු දෙකක් ඕනෑම කියන නිසානේ අර අහිංසක ළමයට කරදර කලේ.(නදී)
සේරු නුවර කියන්නේ දුෂ්කරම පළාතක් නේද? මේ දියණියගේ විස්තර දුන්නොත් මම කැමතියි මාස්පතා උදව් කරන්න. පොලිස් ස්ථානාධිපති තුමනි, ඔබතුමාට පින්. මේ දියණිගේ මව සම්බන්ධ කරන්න පුළුවන් නම් දුරකථන අංකය ලබා දෙන්න 965-90097162. (නදී)
විනය රැකිය යුතුයි. නමුත් මානව දයාව ගුරුවරු පෙර දැරි කර ගෙන කටයුතු කල යුතුයි.(නදී)
පොලිසියේ හොඳ නිලධාරීන් ඉන්නවා. ඔවුන් ගැන නෙවෙයි නිතර අහන්න ලැබෙන්නේ නරක වැඩ කරන අය ගැනයි. මෙම නිලධාරියා හොඳ කෙනෙක්. ඔහුට ස්තුතිවන්ත වෙමු.ස්තුතියි.(නදී)
මේ ගුරුවරියෝද? (නි)
ඉගැනුමට සපත්තු ඕනද ? (නදී)
මෙවන් පළාත්වල ගුරුවරු ළමයින්ට දඩුවම් කරන්න කලින් මේ වගේ දේවල් වලට කල්පනා කරන්න ඕනේ. නැතිබැරි කම් වලට දඩුවම් කරාන්නේ නැතිව පොලිසිය මේ කරපු දේ පාසැලෙන් එකතුවෙලා කලානම් ළමයට කොච්චර සන්තෝස හිතෙයිද? (නදී)
මගේ අම්මත් ගුරුවරියක්. කවදාවත් මෙහෙම වෙලා නැහැ. දුප්පත් ඉස්කෝලවල තමයි වැඩියෙන්ම හිටියේ. ළමයි ඉස්කෝලේ ආවේ නිකන් සෙරෙප්පුත් නැතුව. තාමත් එහෙම ඉස්කෝල තියෙනවා ලංකාවේ.(නදී)
මර්වින් සිල්වා ඇමතිතුමනි, මෙන්න දන ගස්සන්න පුලුවන් ඔබ තුමාට අවස්ථාවක්.(නදී)
මේ ප්‍රතිචාර දක්වපු අපි හැමෝම එකතුවෙලා ඇයට උදව් කරමු මේ ළමයාගේ තොරතුරු සොයා බලන්න.(නදී)
මේ ගුරුවරියට දඩුවමක් දියයුතුමයි. මොකද තමන්ගේ පන්තියේ ඉන්න දරුවෙකුගේ ගෙදෙර තත්වය දන්නේ නැතිව දඩුවම් කල නිසා. මම අද විදේශීය විශ්ව විද්යාලයක ආචාර්යවරයෙක්, නමුත් 10 වසරට එනකන් සෙරප්පුවත් නැතිව පාසල් ගියේ. අපේ ගුරු මවුපියවරුන් කවදාවත් අපට අපහාස කලේ නෑ. මේ රටවල ගුරුවරු අවුරුද්දකට 3 පාරක් ගෙදර ඇවිල්ලා විස්තර අහගෙන යනවා. රස්නේ කාලෙට කවුරුත් දාන්නේ සෙරප්පු විතරයි. (නදී)
ව්නය වැදගත්. පාසැලේ විනය තියෙන්නෙ සපත්තු දෙකේද? පාසැලක මූලික හරයවත් දන්නෙ නැති විදුහල්පතිවරයෙකු සිටින පාසැලට දෙයියන්ගෙම පිහිටයි.(නදී)
මෙම ගුරුවරිය සපත්තු දෙකක් දා ගෙනද ඇවිල්ලා තියෙන්නේ? (නදී)
මමත් කෑගල්ලේ ප්‍රසිද්ද පාසැලක තමා ඉගන ගත්තේ.11 වසරේ අන්තිම මාස 5 ම මම දැම්මේ සෙරප්පු. ඒ සපත්තුදෙක කැඩිලා අලුත් දෙකක් ගන්න සල්ලි නැති කමට. කිසිකෙනෙක් මට මොකුත් කීවේ නැහැ මගේ ආර්ථික තත්වය දන්නා නිසා. ඒත් අද මම ගොඩක් දෙනෙක්ට සපත්තු අරන් දීල තියෙනවා. එදා ඒ ගුරුවරුත් මාව මේ විදිහට හිර කලා නම් අද මම මේ තත්වේ නැහැ.(නදී)
අද දේශපාලනය කරන්නේ මෙවන් ගුරුවරුන්ගෙන් ඉගෙන ගත් අය වෙන්න ඇති.(නදී)
ඔබ තුමා කළේ ගොඩක් හොඳ දෙයක්. තෙරුවන් සරණයි.(නදී)
තව ටික කාලයක් යනකොට මොනවා වෙයිද දන්නේ නැහැ.(නදී)
වරදකට දරුවෙකුට දඩුවම් කලාට කමක් නැහැ. හැබැයි ඔය වගේ පහත් වැඩක් මගේ දරුවෙකුට කළා නම්.(නදී)
එම අපහාසය වින්ද දුවණියට විදේශ ගත වී ඇති අප සැමගේ සහාය හා ආදරය.!! (ස)
ගුරුවරිය ළමයාගේ විනය හදන්න සෙරෙප්පු කරේ එල්ලුවා නම් , ඒ ගුරුවරියගේ විනය කොච්චර පිරිහිලාද? (නි)
අපේ ගුරවරු අපිට මොනතරම් ආදරෙන් සැළකුවද? කාරුණික ආදරණීය ගුරුවරුන්ගෙන් අපි ඉගෙනගත් නිසා අද අපේ හදවත් මේ වගේ සිද්ධි දකිනකොට දුක්බර වීම වළක්වා ගන්න අමාරුයි (නි)
මෙම පාසලේ විනය රකින්නේ සපත්තු දම්මලද? (නි)
මෙහෙමත් ගුරුවරු? (නි)
පොලිස් නිලධාරීන් හට ජාතියේ ප්‍රණාමය! ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්ට කරුණාකර මෙම පැමිණිල්ල යොමුකරන්න.මෙම දියණිය මානසික හිංසනයකට ලක්කර ඇත (නි)
මනුස්සකම නැත්නම් මිනිස්කමෙන් වැඩක් නැ. (ස)
ගුරුවරිය දණ ගස්සවලා මදි, අහිංසක ළමයින්ට දඩුවම් කරනවට. (නි)
මනුස්සකම නැත්නම් මිනිස්කමෙන් වැඩක් නැ.
විදුහල්පතිතුමා හා අදාළ ගුරුවරියට වහාම විනය පරීක්ෂණයක් තියන්න. පොලීසියේ මහත්වරුන් හට අපගේ ශීර්ෂ ප්‍රණාමය. (ස)
ඇත්තමයි.....අද ලංකාවේ ගුරුවරුන්ට ගුණ ධර්ම සදාචාරේ උගන්වලා ඉන්න වෙනවා ස්කෝල වලට දාන්න කලින්.. (ස)
දරුවෙක් වැරැද්දක් කරනවා නම් දඩුවම් දී නිවැරදි මාර්ගයට ගැනීම දෙමාපියන්ගේ වගේම ගුරුවන්ගෙත් වගකීමක්. එහෙත් මෙවැනි දඩුවම් අනුමත කරන්න බැහැ. (ස)
අපේ අම්මලා ඒ කාලේ අපිට කිව්වේ අපේ දෙවැනි දෙමාපියන් ගුරුවරු කියලා. ඒත් දැන් අපිට අපේ දරුවන්ට එහෙම කියල දෙන්න පුළුවන්ද? (ස)
පාසලේ විනය රැකෙන්න කියලා දරුවනගේ මනස නසන මනසට වදදෙන නොගැලපෙන දඩුවම් දුන්නම හරියනවද????? ගුරුවරු ඔය විදියට නොගැලපෙන දඩුවම් දෙන්න ගියොත්, ඒකෙන් වෙනනේ පාසලේ විනය පිරිහීම පමණයි. (ස)
පාසලේ විනය තියෙන්නේ සපත්තුවේද? (නි)
ගුරුවරියක් වුණාට අම්මා කෙනෙක් වෙන්න බැහැ. මේක සංවර්ධිත රටක් නෙමෙයි. දුප්පත් මිනිස්සු ඉන්න රටක් කියලා මේ නෝනට කියලා දෙන්ඩ ඕනෑ. ඒත් අපේ රටේ මිනිස්සු මෙහෙම වුණේ ඇයි කියලා හිතාගන්න බැහැ (නි)
අනේ ගමා ගොන් කතා කියවන්න එපා. එතකොට සෙරෙප්පු දෙක බෙල්ලේ එල්ලලා තියෙන්නෙත් රජයේ නීති වලට අනුකූලවද? (ස)
පොලිසියට තුති පුදමි. මෙම ගුරුවරියව දණ ගස්සන්න වටිනවා. (ස)
මේ වගේ ගුරුහොරු දන ගැස්සුවට කමක් නැත. (අ)
මෙවැනි අයට දිය යුතු දඬුවම් සඳහන් කළොත් මෙහි පළ වෙයිද
ලැබී ඇති ප්‍රතිචාර අනුව පෙනෙනවා ඕනෑම යහපත් කාර්යක් ජනතාව අගය කරනවා වගේම අයහපත් ක්‍රියාවන් ප්‍රතික්ෂේප කරන බව. පොලිසිය කළ මෙම සත් ක්‍රියාව ඉතා වටිනවා. (ස)
මේ වගේ වැඩකරන ගුරුවරියන් තමන්ගේ සුදුසුකම් වලට ගුරු පත්වීම ගත්තාද කියන එකත් දැන් ප්‍රශ්නයක් (නි)
හැමෝම කරන්නේ පොලිසියට බනින එක.එහෙත් මේ වගේ උතුම් හදවතක් ඇති නිලධාරීන් තමයි වැඩිපුර පොලිසියේ ඉන්නේ (නි)
වන සිව්පාවන් වැනි මිනිසුන් මැද. දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. ඒ දේවතාවන් දිව්‍යන්ගනාවන් මනු ලෝ තලයේ වාසනා. (ස)
විනය නීති තියෙන්න ඕනෑ හැමෝටම ප්‍රායෝගික වන විදිහට. තුන් වේල නොකා ඉගෙනගන්න ළමයි මේ රටේ කොයිතරම් ඉන්නවද? ඒ අය ගැන තමයි පළමුව බලන්න ඕනෑ, විනය නීති හදන්න කලින්. පවු අසරණ දුප්පත් ළමයි... (නි)
මට හිතෙන විදිහට, මෙහි දමා ඇති ජනතා ප්‍රතිචාර ටික ගුරුවරියට පෙන්වීමට සැලැස්වූවා නම්, එය තමයි එයාට දෙන්න තිබෙන හොඳම දඬුවම. (නි)
මෙ ගුරුවරිය පාසල් ගිය කෙනෙක්ද මන්දා? පොලිසියට මේ වගේ නිළධාරීන් තව තව බිහිවේවා! (නි)
කොයි ළමයත් මගේ ළමයි වගේම තමා කියල හිතන්න .(ත)
සමාජය සැම තැනම හැම අතින්ම පිරිහිලා.නමුත් රජයේ සේවකයාට,වෛද්‍ය වරයාට හා ගුරුවරයාට ඔය කථාව කියන්න බෑ.පත්වීමි ලිපියකින් ගිවිසුමකින් ඇතිකෙරෙන බැදීමට වැඩි මානුෂික බැදීමක් විශ්වාසනීයත්වයක් මෙම තනතුරු වල තිබිය යුතුමයි. අවාසනාවකට ඇතැම් ගුරුවරු අද දේශපාලකයකුට වඩා පිරිහිලා.තම බඩගෝස්තරය රැකගන්න ඔිනෑම ජඩ වැඩක් කරන්න සූදානමි.අහිංසක ළමයෙකුගේ දුකක් කරදරයක් තේරෙන්නේ නෑ? (දිල්)
මනුස්සකම තියෙන හොද පොලිස් නිලධාරියෙක්..... ඔබට බොහෝ පින් (ත)
මේ වගේ ගුරුවරුන් සමාජයට පිළිලයක්. (ත)
ඔබතුමාගේ වැඩේ නම් ඇත්තටම ආදර්ශයක්.ඔබතුමා නම් හදවතක් ඇති අවංක උත්තමයෙක්. ඔබගේ ප්‍රදේශයේ මෙවන් දේ සිදුවෙන්න දෙන්න එපා කවදාකවත්.ගුරුවරියට එරෙහිව ක්‍රියා මාර්ගයක් ගන්න.අධ්‍යාපන ඉහල නිලධාරීන් හදවතක් ඇත්නම් මේ ගැන සොයා බලන්න. (ස)
පොලිස් නිලධාරීතුමනි, ඔබට පින්! ඔබතුමා කළ මේ උතුම් ක්‍රියාව මෙවැනි ගුරුවරියන්ට ආදර්ශයක් වේවා! ගුරුවරියට විරුද්ධව පියවර ගත යුතුමයි. (නි)
විනය සහ දුප්පත්කම කියන්නෙ දෙකක්. මේ ගුරුවරිය ඔය දෙකේ වෙනස දන්නේ නැත්තේ මොකද දන්නෙ නැහැ. ළමයගෙන් ඇහුවා නම් හේතුව පැත්තකට කතා කරලා, ඒ ළමයා ඇත්ත හේතුව කියනවානේ. ලංකාවේ කොහේ ගියත් කටු කන බල්ලා මස් කන බල්ලාට වඩා නපුරු බව හැමෝම දන්නවා.විනය පරීක්ෂණයක් තියන්න වටිනවා ගුරුවරියට.ගිය අවුරුද්දේ ළමයෙක් සිවි දිවි හානි කරගත්තා මේ වගේම සපත්තු නැතුව ගිහින් විදුහල්පති සද්දේ දාලා....... (නි)
පොලිසිය මෙහෙම තමා ඉන්න ඕනෑ. හිතට සතුටකුත් නෙතට කඳුළකුත් ඇති වුණා. මේ සත්ක්‍රියාවට සේරු නුවර වැඩ බලන පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට තුති! හැමෝම මෙය ආදර්ශයට ගනිත්වා! (නි)
ඔබගේ සේවාව අගයමි. අපිට පුළුවන් ඔය වගේ දුප්පත් ඉගෙනගන්න ළමයෙකුට උදව් කරන්න. අපි ඉන්නේ ඇමෙරිකාවේ. මට ඕනෑ මගේ ශ්‍රී ලංකාවේ මිනිස්සු හොඳට ඉන්නවා දකින්න. පුළුවන් නම් ඔය දරුවට උදව් කරන්න පුළුවන් විදියක් ගැන හොයලා මට කියන්න. ඒක ලොකු පින් අතේ වැඩක් (නි)
පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඔය වගේ යහපත් ක්‍රියා කරන උතුම් මිනිස්සු ඉන්න එක ගැන හරිම සතුටු වෙනවා. ඒ වගේම ඔය වගේ අධ්‍යාපන මට්ටම අඩු ගුරුවරුන්ට පොඩි අධ්‍යාපනයක් දෙන්න කටයුතු කරනවා නම් එය රටට යහපතක් වේවි කියලා මට හිතෙනවා. (නි)
ගුරුවරුන්ගේ සුදුසුකම් උපාධියකින් විතරක් මැනලා පත්වීම් ලබා දීම පිළිබඳව වගකිවයුතු අයගේ අවධානය යොමු කරන්න හොඳම කාලයයි මේ (නි)
මේ විදියට කළ ගුරුවරයා ගුරුවරයෙක් හෝ අම්මා කෙනෙක් හෝ ගැහැණියෙක් නම් වෙන්න බැහැ. පාසලේ විනය රකින්න ඕනෑ. නමුත් ඒක සානුකම්පිත විදියට බලලා කරන්න ඕනෑ. පොලිසියේ ක්‍රියාව නම් ප්‍රශංසා කළ යුතු දෙයක්. (නි)
ඇත්තටම හොඳ ක්‍රියාවක්
කතන්දර අවශ්‍ය නැහැ,මම ඉන්නේ සෞදියේ,මගේ පුත්තු දෙන්නට කිසි අඩු පාඩුවක් නැතිව මම උගන්වනවා,මම කැමති හොද අවංක ගුරුතුමෙක් හෝ ගුරුතුමියකගේ අවදානය මත අහිංසක පිහිටක් අවශ්‍ය දියණියකට වාර්ෂිකව පාසල් නිල ඇදුමේ සිට ඉගෙනුමට අවශ්‍ය සියලු දේ පරිත්‍යාග කරන්න,කරුණාකර මට මගේ විද්‍යුත් තැපැල් ලිපිනය මගින් හෝ මගේ දුරකථන අංකයට(00966536504996) දැනුම් දීමකින් මාව සම්බන්ද කරගන්න.ස්තුති.. (දී)
මේක එක සිද්දියක් විතරයි. ගොඩක් පාසල් වල ඔයවගේ ගුරුවරියෝ ඉන්නවා. තමන්ගේ ටුෂන් පන්තියට එන ළමයට දුව , පුතා, නොයන ළමය තමුසේ, හරක බූරුව... ඔය විදියට තමයි කතාව. පන්ති නායක , තරග ඔක්කොටම ගන්නේ තමන්ගේ ටුෂන් ළමය විතරයි (දී)
ජෝසොප් ස්ටලින්ලට මේවා පේන්නේ නැතුව ඇති , මේ වගේ ගුරුවරු ජාතියටම අවාසනාවක් (ස)
පාසැෙල් විනය රැකීම හොඳයි. ඒ්ත් මේ අහිංසක දැරියගේ පවුල් පසුබිම විමසා දඩුවමක් දුන්නනම් හොඳයි නේද?? පාසැල් වල විනය රැකීමට ගොස් දැන් පාසැල් සිසුන් කී දෙනෙක් ජීවිතයෙන් වන්දි ගෙව්වද? (ස)
අපේ රටේ කොච්චරනම් අසරණ ළමයි ඇද්ද . මිලියන ගණන් රටේ සංවර්දනයට යොදවන එකේ අඩුම තරමේ මේවා ගැන හොයල බලල අඩුපාඩු සපුරා දෙනවනම් හෙමොටම පින්.. (දී)
පාසලේ විනය සමග සපත්තු සම්බන්ද වෙන්නේ කොහොමද? දුප්පත් දරුවෙකුට දැන් වසර 150 ක් පැරණි නිදහස් අධ්‍යාපනය අහිමිද? 1969 දී අපි අධ්‍යාපන සියවස සැමරුවා මතකයි . (දී)
ගුරුවරුන්ට පොලිස් බලතල දීල නැහැ .විනය කියන්නේ සපත්තුදෙකක් දාන එකටද .ලංකාවේ පාසල්වල උගන්වන්නෙත් නැහැ විනය හදන්නෙත් නැහැ .මට ගුරුතරුව වේදිකා නාට්‍ය මතක් උනා .මේ තත්වයට අපි පාසල් යනකලෙත් මුණ දුන්න එත් සපත්තු නැතිනම් රබර් සෙරෙප්පු දාන්න දුන්න .ජාතියේ අනාගතයට මොකද වෙන්නේ . (දී)
තර්ක එපා. ගුරුවරිය ගැන නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න. දැනට නීති නැත්නම් නීති ප්‍රතිපාදනය කරන්න. මැය බේරා ගන්නා විදුහල්පති දී කිරට සාක්කි දෙන අයෙකි . අධ්‍යාපන බලධාරීන් කරුණාකර මේ ගැන ඇස යොමන්න. (දී)
ළමා මානසික විද්‍යාව මෙම ගුරුවරුන්ට උගන්වන්නේ නැද්ද? (ස)
හෂාන් - කිසිම රටක පා නිරාවරණය කරගන පැමිණියාට දඬුවම් දෙන්නේ නැහැ. විශේෂයෙන් ආර්ථික හේතු මත නම් කෙසේවත් එය සිදු වෙන්නේ නැහැ .මන්ත්‍රී ගේ ලියුමකින් ගුරු පදවිය ලැබූවන්ගේ දැනුම් සම්භාරය නිර්ණය කිරීමට මෙය හොඳ සාධකයක්. (දී)
ඔය මිස්ව ගස් බදින්න ඕන .................... (දී)
ගුරුවරියක් වුණාට පාසල් ගිහින් නැති පාටයි (නි).
මේ සිදුවීම තරයේ හෙලා දකිනවා. (නි)
පාසලේ විනය හදන්න කියලා මෙවැනි අමානුෂික ක්‍රියාවක් සිදුකිරීම තරයේ හෙළා දකිනවා. (නි)
මේ රටේ අහිංසක දරුවන් ලක්ෂ ගණනක් ඉන්නවා.විනය රකින්නේ සපත්තු දෙකෙන් නෙමෙයි (නි)
අර ආනමඩුවේ එක්කෙනාව හරි ගස් බඳින එක්කෙනාව හරි යවමු දණ ගස්සන්න හරි ගස් බදින්න පුළුවන්නේ (ස)
අපිට පෙන්වන්නකො මේ අරුම පුදුම ගුරුතුමියගේ මුහුණ. ලස්සන ඇති (නි)
හොඳ වැඩේ (නි)
පොලිෂ් කාරයෙක් හොද වැඩක් කළාමද මන්දා .(නදී)
මම මේ සම්බන්ධව සොයල බැලුවා මේ දරුවාගේ අම්ම පන්සල ගාව මල් විකුණලා මේ දරුවාව ජීවත් කරවන්නේ. පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න .0779406729-මේ දුරකථන අංකය සේරුවිල පොලිස් ස්ථානාධිපති තුමාගේ. ඔහු කැමතියි මේ සම්බන්ධව ක්‍රියා කරන්න. .මේ අංකයත් දෙන්නේ ඔහුගේ අනු දැනුම ඇතිවයි.(නදී)
මානසික ලෙඩ්ඩුන්ට ගුරු පත්වීම් විදුහල්පතිකම් ලබා දෙන එකේ විපාක තමයි.(නදී)
අනේ ඇත්තට කෙහේවත් ඉන්න ගුරුවරයෙක් නිසා මේ මිනිස්සු විදවන හැටි.(නදී)
මම ගිය ඉස්කෝලේ කවටයාමුණ ආනන්ද විද්‍යාලය. මමත් හරිම දුප්පත්. මට අපේ ඉස්කෝලෙ ප්‍රින්සිපල් සුදු ගවුම මහ ගන්න කියල රෙදි දුන්න. ප්‍රින්සිපල්ගෙ නම විජේකෝන්. පුදුම හොඳ ගුරු මන්ඩලයක් හිටියා. අදටත් ආඩම්බරයි. (ස)
කරුණාකරලා මේ දුවගේ ලිපිනයක් ලබන්න සලස්වන්න මමත් උදව්කරන්නම් (ස)